මෙන්න දත් මුල දියවෙනෝ.....!!!!
අපේ රෝගින් බොහෝ දෙනෙකු නොදැණුවත් දන්ත රෝගයක් ගැනයි මේ ත්‍රෙඩ් එක......!!දත් මුල් දියවීම...!! මේ වචනෙට නම් මම විරුද්ධයි... හේතුව මේ වචනේ නියම රෝගී තත්ත්වය සගවන වචනයක් නිසා.....!! දත් මුල දියවෙන්නේ නැහැ. දියවෙන්නේ පරිදන්ත පටකය. මේ මෙම රෝගය ගැන සාමාන්‍යයෙන් ඔබට අවබෝධ කරගත හැකි සියළු දේ.....!!!
පරිදන්ත රෝගය ගැන දැන ගන්නට කළින් මොකක් ද මේ පරිදන්ත පටකය කියලා දැන ගනිමු. පරිදන්ත පටකය (periodontium) කියන්නේ දත ඔබේ ශරීරයට සවිකර තබන පටකයට. පහත රූපයෙන් ඔබට මේ බව හොදින් පෙනේවි.
මෙම පටකය කොටස් කිපයකින් යුක්තයි.
1. විදුරුමස (Gingivae)
2. දන්ත මූල සිමෙන්තිය (Root Cementum)
3. පරිදන්ත කණ්ඩරා තන්තු (Periodontal Ligaments)
4. දන්තධර අස්ථිය (Alveolar Bone)
මේ කොටස් විනාහයට පත්වීම තමයි මේ රෝගයෙන් සිද්ධ වෙන්නේ......තේරෙනව නේද විනාශ වුණොත් වන දේ....!!!! දත ශරීරයෙන් වෙන් වෙනවා....ඒ කියන්නේ දත හැළෙනවා...!!!!
ඇයි පරිදන්ත රෝගය වැළදෙන්නේ.......????
පරිදන්ත රෝගය වැළදීමට 95% හේතුවන කාරනය නියමිත ආකාරයෙන්, නියමිත් තාක්ෂණයට අනුව හොදින් දත් පිරිසිදු නොවීමයි. ඉතාමත් කලාතුරකින් අවස්ථාවකදි තමයි වෙනත් රෝග, සමහර ඖෂධ, හෝමෝන වර්ග, විකිරණ වලට ලක්විම වැනි හේතු නිසා මේ තත්ත්වය ඇතිවීම දකින්ට ලැබෙන්නේ.......
ප්‍රාථමික අවස්ථාව - විදුරුමස ඉදිමීම (Gingivitis)
විදුරුමස ඉදිමී ඇති අවස්ථාවල දී එය මෙසේ දිස් වේ.
හොදින් දත් පිරිසිදු නොවන අවස්ථාවලදී ඉවත් නොවන මෘදු මැළියම් -(Soft Dental Plaque) දත සහ විදුරුමස අතර පවතින අතර, මෙම මැළියම් වල පවතින බැක්ටීරියා මගින් විදුරු මස ආසාදනයට ලක්වේ. විදුරුමස මදක් ඉදිවෙන අතර, විදුරුමසේ උඩු දාරය රතු පැහැ ගැන්වීම සිදුවේ. මෙය එතරම් නොපෙනෙන නිසාද, බොහෝ අවස්ථා වලදි වේදනාවක් රහිත වන නිසාද එතරම් අවධානයක් යොමු නොවේ.
ප්‍රතිකාර - මෙම අවස්ථාවේ දී ඇත්ත වශයෙන්ම වෛද්‍ය ප්‍රතිකාරයක් අවශ්‍ය නොවේ. හොදින් දත් මැදීමෙන් පමණක් මේ තත්ත්වය නැවත යහපත් තත්ත්වයකට පත් කළ හැකි වේ.
ද්විතීයික අවස්ථාව - මූලික පරිදන්ත රෝග අවස්ථාව (Early Periodontitis)
මෙම අවස්ථාව මෙසේ දිස්වේ.....
බොහෝ කාලයක් දත් පිරිසිදුව පවත්වා නොගැනීම එනම් ප්‍රාථමික අවස්ථාව නොතකා හැරීමෙන් මෙම තත්ත්වය ඇති වේ. විදුරුමස ඉදිමිම නිසා දත සහ විදුරුමස අතර සාක්කුවක් ඇතිවන අතර මෙය තත්ත්වය තවත් වර්ධනයට හේතුවන්නේ එම ස්ථාන මැදීමට අපහසුවීමෙනි. මද වේදනාවක් පවතින අතර, රෝගී තත්ත්වය වෙත අවධානය යොමු වන අයුරින් දත් මදින විටදි රුධිර වහනය වීම සිදුවේ. මැලියම් වල පැහැය දුඹුරු පැහැයකට හැරේ. මුඛයෙන් දුගද හැමීම ඇරඹෙන අතර, දත මද වශයෙන් සෙළවීම ද ඇරඹේ.
ප්‍රතිකාර - වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතුය. දත් ශුද්ධ කිරීම සහ පසුව නියමිත ප්‍රතිජිවක ඖෂධ සහ මුණ ශෝධක (Mouth Washes) භාවිතය මගින් මෙම තත්ත්වය පූර්ණ ලෙස සුවපත් කළ හැකිය.
තෘතීයික අවස්ථාව - අතරමැදි පරිදන්ත රෝග අවස්ථාව (Moderate Periodontitis)
මෙම අවස්ථාව මදක් බැලීමට අපහසු වනු ඇත......
විදුරුමස දියවි යාම ඇරඹේ. දතෙහි මුල පිටතට නිරාවරණය වීම නිසා ශීත සහ උෂ්ණ සංවේදන සදහා "හිරි වැටීම " ඇරඹේ. දත මුලින් සැරව ගැලීම ඇරඹෙන අතර, මුඛයෙන් අප්‍රිය ජනක දුර්ගන්ධයක් හමයි. දත සෙළවීම උග්රවීම, විටින් විට ඇතිවන දරුණු වේදනාව, විදුරුමස දැඩිලෙස ඉදීමීම මෙහිදි දැකිය හැකිය.
ප්‍රතිකාර - වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතුය. මුලික පරිදන්ත රෝග අවස්ථාව සේම දත් ශුද්ධ කිරීම සහ පසුව නියමිත ප්‍රතිජිවක ඖෂධ සහ මුණ ශෝධක (*) භාවිතය මගින් මෙම තත්ත්වය පූර්ණ ලෙස සුවපත් කළ හැකිය. නමුත් මෙහිදි ඇතිවී තිබෙන හානිය, එනම් විනාශ වූ විදුරුමස නැවත වැඩීම සිදුවන්නේ නැත.
අවසන්, බොහෝවිට ප්‍රතිකාර කළ නොහැකි අවස්ථාව - අධි පරිදන්ත රෝග අවස්ථාව (Advanced Periodontitis)
මෙම අවස්ථාව බැලිමට අතිශය අප්‍රියජනක අවස්ථාවකි.....
දත් ඉතා දැඩි ලෙස සෙළවේ. මුඛයෙන් දරුණු ලෙස දුගද හැමීම, අප්‍රසන්න ලෙස දත් නෙරා ඒම, දත් ඇදීමට ලක්වීම සහ දත් වැටියාම සිදුවේ. බොහෝවිට ප්‍රතිකාර කළ නොහැකි අවස්ථාවකි. පුතිකාර කලද හාණිය නැවත තිබූ තත්ත්වයට පත් කළ නොහැක. අවසාන ප්‍රතිඵලය වනනේ දත වැටීයාමයි........!!!!!!!!!
තව කරුණු කීපයක්......
1. පරිදන්ත රෝගය වැඩි වර්ධනය කරන සාධක කීපයක් පවතී.
අ. ආතතිය (Stress)
ආ. අධික ධූම පානය.
ඇ. අධික මත්පැන් පානය
ඈ. දියවැඩියාව
ඉ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ කරන ඖෂධ සහ රෝගී තත්ත්වයන්
2. පරිදන්ත රෝගයේ අවසන් අවස්ථා සදහා සාර්ථක ප්‍රතිකාර නොමැත.
3. පරිදන්ත රෝගය නිසා දත් අහිමි වූ අවස්ථාවලදී දන්තධර අස්ථිය දියැවීම නිසා කෘතිම දන්ත උපාංග පැළදීම ද අපහසු වේ.
4. රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහල යාම සහ පරිදන්ත රෝගය අතර ඉතා දැඩි සබැදියාවක් පවතී. කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහලයාම නිසා ඇතිවන සියළු රෝගී තත්ත්වයන් ට මේ නිසා පරිදන්ත රෝගය හේතු කාරක වේ.
ඉතින් මොකද කරන්නේ.........දැන්මම වැඩේ ගොඩදාගමු නේද....???????
ඔබේ පුතිචාර මෙවැනි තවත් යහපත් දේ සදහා මට වෙර සපයාවි....!!!!
අපේ රෝගින් බොහෝ දෙනෙකු නොදැණුවත් දන්ත රෝගයක් ගැනයි මේ ත්‍රෙඩ් එක......!!දත් මුල් දියවීම...!! මේ වචනෙට නම් මම විරුද්ධයි... හේතුව මේ වචනේ නියම රෝගී තත්ත්වය සගවන වචනයක් නිසා.....!! දත් මුල දියවෙන්නේ නැහැ. දියවෙන්නේ පරිදන්ත පටකය. මේ මෙම රෝගය ගැන සාමාන්‍යයෙන් ඔබට අවබෝධ කරගත හැකි සියළු දේ.....!!!
විදුරුමස් දියවීම හෙවත් පරිදන්ත රෝගය
පරිදන්ත රෝගය ගැන දැන ගන්නට කළින් මොකක් ද මේ පරිදන්ත පටකය කියලා දැන ගනිමු. පරිදන්ත පටකය (periodontium) කියන්නේ දත ඔබේ ශරීරයට සවිකර තබන පටකයට. පහත රූපයෙන් ඔබට මේ බව හොදින් පෙනේවි.
මෙම පටකය කොටස් කිපයකින් යුක්තයි.
1. විදුරුමස (Gingivae)
2. දන්ත මූල සිමෙන්තිය (Root Cementum)
3. පරිදන්ත කණ්ඩරා තන්තු (Periodontal Ligaments)
4. දන්තධර අස්ථිය (Alveolar Bone)
මේ කොටස් විනාහයට පත්වීම තමයි මේ රෝගයෙන් සිද්ධ වෙන්නේ......තේරෙනව නේද විනාශ වුණොත් වන දේ....!!!! දත ශරීරයෙන් වෙන් වෙනවා....ඒ කියන්නේ දත හැළෙනවා...!!!!
ඇයි පරිදන්ත රෝගය වැළදෙන්නේ.......????
පරිදන්ත රෝගය වැළදීමට 95% හේතුවන කාරනය නියමිත ආකාරයෙන්, නියමිත් තාක්ෂණයට අනුව හොදින් දත් පිරිසිදු නොවීමයි. ඉතාමත් කලාතුරකින් අවස්ථාවකදි තමයි වෙනත් රෝග, සමහර ඖෂධ, හෝමෝන වර්ග, විකිරණ වලට ලක්විම වැනි හේතු නිසා මේ තත්ත්වය ඇතිවීම දකින්ට ලැබෙන්නේ.......
නියමික ආකාරයට දත් නොමැදීම මගින් පරිදන්ත රෝගය වැළදෙන ආකාරය සහ ප්‍රතිකාර.....
පහසුව තකා මම මෙය අවස්ථා 4කට බෙදා දක්වන්නම්.......ප්‍රාථමික අවස්ථාව - විදුරුමස ඉදිමීම (Gingivitis)
විදුරුමස ඉදිමී ඇති අවස්ථාවල දී එය මෙසේ දිස් වේ.
හොදින් දත් පිරිසිදු නොවන අවස්ථාවලදී ඉවත් නොවන මෘදු මැළියම් -(Soft Dental Plaque) දත සහ විදුරුමස අතර පවතින අතර, මෙම මැළියම් වල පවතින බැක්ටීරියා මගින් විදුරු මස ආසාදනයට ලක්වේ. විදුරුමස මදක් ඉදිවෙන අතර, විදුරුමසේ උඩු දාරය රතු පැහැ ගැන්වීම සිදුවේ. මෙය එතරම් නොපෙනෙන නිසාද, බොහෝ අවස්ථා වලදි වේදනාවක් රහිත වන නිසාද එතරම් අවධානයක් යොමු නොවේ.
ප්‍රතිකාර - මෙම අවස්ථාවේ දී ඇත්ත වශයෙන්ම වෛද්‍ය ප්‍රතිකාරයක් අවශ්‍ය නොවේ. හොදින් දත් මැදීමෙන් පමණක් මේ තත්ත්වය නැවත යහපත් තත්ත්වයකට පත් කළ හැකි වේ.
ද්විතීයික අවස්ථාව - මූලික පරිදන්ත රෝග අවස්ථාව (Early Periodontitis)
මෙම අවස්ථාව මෙසේ දිස්වේ.....
බොහෝ කාලයක් දත් පිරිසිදුව පවත්වා නොගැනීම එනම් ප්‍රාථමික අවස්ථාව නොතකා හැරීමෙන් මෙම තත්ත්වය ඇති වේ. විදුරුමස ඉදිමිම නිසා දත සහ විදුරුමස අතර සාක්කුවක් ඇතිවන අතර මෙය තත්ත්වය තවත් වර්ධනයට හේතුවන්නේ එම ස්ථාන මැදීමට අපහසුවීමෙනි. මද වේදනාවක් පවතින අතර, රෝගී තත්ත්වය වෙත අවධානය යොමු වන අයුරින් දත් මදින විටදි රුධිර වහනය වීම සිදුවේ. මැලියම් වල පැහැය දුඹුරු පැහැයකට හැරේ. මුඛයෙන් දුගද හැමීම ඇරඹෙන අතර, දත මද වශයෙන් සෙළවීම ද ඇරඹේ.
ප්‍රතිකාර - වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතුය. දත් ශුද්ධ කිරීම සහ පසුව නියමිත ප්‍රතිජිවක ඖෂධ සහ මුණ ශෝධක (Mouth Washes) භාවිතය මගින් මෙම තත්ත්වය පූර්ණ ලෙස සුවපත් කළ හැකිය.
තෘතීයික අවස්ථාව - අතරමැදි පරිදන්ත රෝග අවස්ථාව (Moderate Periodontitis)
මෙම අවස්ථාව මදක් බැලීමට අපහසු වනු ඇත......
විදුරුමස දියවි යාම ඇරඹේ. දතෙහි මුල පිටතට නිරාවරණය වීම නිසා ශීත සහ උෂ්ණ සංවේදන සදහා "හිරි වැටීම " ඇරඹේ. දත මුලින් සැරව ගැලීම ඇරඹෙන අතර, මුඛයෙන් අප්‍රිය ජනක දුර්ගන්ධයක් හමයි. දත සෙළවීම උග්රවීම, විටින් විට ඇතිවන දරුණු වේදනාව, විදුරුමස දැඩිලෙස ඉදීමීම මෙහිදි දැකිය හැකිය.
ප්‍රතිකාර - වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතුය. මුලික පරිදන්ත රෝග අවස්ථාව සේම දත් ශුද්ධ කිරීම සහ පසුව නියමිත ප්‍රතිජිවක ඖෂධ සහ මුණ ශෝධක (*) භාවිතය මගින් මෙම තත්ත්වය පූර්ණ ලෙස සුවපත් කළ හැකිය. නමුත් මෙහිදි ඇතිවී තිබෙන හානිය, එනම් විනාශ වූ විදුරුමස නැවත වැඩීම සිදුවන්නේ නැත.
අවසන්, බොහෝවිට ප්‍රතිකාර කළ නොහැකි අවස්ථාව - අධි පරිදන්ත රෝග අවස්ථාව (Advanced Periodontitis)
මෙම අවස්ථාව බැලිමට අතිශය අප්‍රියජනක අවස්ථාවකි.....
දත් ඉතා දැඩි ලෙස සෙළවේ. මුඛයෙන් දරුණු ලෙස දුගද හැමීම, අප්‍රසන්න ලෙස දත් නෙරා ඒම, දත් ඇදීමට ලක්වීම සහ දත් වැටියාම සිදුවේ. බොහෝවිට ප්‍රතිකාර කළ නොහැකි අවස්ථාවකි. පුතිකාර කලද හාණිය නැවත තිබූ තත්ත්වයට පත් කළ නොහැක. අවසාන ප්‍රතිඵලය වනනේ දත වැටීයාමයි........!!!!!!!!!
තව කරුණු කීපයක්......
1. පරිදන්ත රෝගය වැඩි වර්ධනය කරන සාධක කීපයක් පවතී.
අ. ආතතිය (Stress)
ආ. අධික ධූම පානය.
ඇ. අධික මත්පැන් පානය
ඈ. දියවැඩියාව
ඉ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ කරන ඖෂධ සහ රෝගී තත්ත්වයන්
2. පරිදන්ත රෝගයේ අවසන් අවස්ථා සදහා සාර්ථක ප්‍රතිකාර නොමැත.
3. පරිදන්ත රෝගය නිසා දත් අහිමි වූ අවස්ථාවලදී දන්තධර අස්ථිය දියැවීම නිසා කෘතිම දන්ත උපාංග පැළදීම ද අපහසු වේ.
4. රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහල යාම සහ පරිදන්ත රෝගය අතර ඉතා දැඩි සබැදියාවක් පවතී. කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහලයාම නිසා ඇතිවන සියළු රෝගී තත්ත්වයන් ට මේ නිසා පරිදන්ත රෝගය හේතු කාරක වේ.
ඉතින් මොකද කරන්නේ.........දැන්මම වැඩේ ගොඩදාගමු නේද....???????
ඔබේ පුතිචාර මෙවැනි තවත් යහපත් දේ සදහා මට වෙර සපයාවි....!!!!
දත් පිළිබද තවත් තොරතුරු මේ ත්‍රෙඩ්වලින්
ඇයි අනේ මගේ දත් නරක් වෙන්නේ...??
දත ගලවගන්න ද හදන්නේ...???
දතක් දිරායාමේ විවිධ අවස්ථා සහ ප්‍රතිකාර...
Last edited: