හලෝ බඩී,
මම මේ දැන් ලොක්කාගේ කාර් එක අරං ටවුමේ රවුමක් ගහලා ආවේ. එන ගමන් බත් එකකුත් අරං ආවා. තව පොඩ්ඩකින් බත් ඩිංගක් කාලා ගොලිප් එකකුත් බොන්න සුජානම.
ඒක නෙමේ බඩී, ඊයේ නිවාඩු දවසේ මොකෝ කරේ? මම නං ඊයේ ගියා ජයේ අයියගේ පොට් එකට. ඊයේ නං බිව්වා අදටත් එක්ක. ඒ හින්දා අද දවල් කෑමට කලින් වැඩිය ගන්නේ නෑ. හීනියට පොඩ්ඩක් අනුමත වෙන්න හිතං ඉන්නේ. මම කලින් ගෙනාපු කොටයක් හංගලා තියෙන්නේ ලොක්කා වාහනේ දාන ගරාජ් එකේ.
ඉතිං මම ඊයේ ජයේ අයියගේ පොට් එකට ගිහිං අනුමත වෙලා,බත් ඩිංගකුත් කාලා,ගොලිප් එකකුත් පත්තු කරන් ගියානේ ඇහැලේපොල කුමාරි හාමිනේ ෆිල්ම් එක බලන්න. එකේ රජතුමාත් හොදට අනුමත වෙන කෙනෙක් වගේ. රජතුමා අඩි ගහනකොට මට නං අපේ බඩීවත් මතක් උනා.
අපේ වලතරයනම් නං අලුත් පොස්ට් දාලා තිබුනා දැක්කා. ඒත් හරියට කියවන්න උනේ නෑ තාම. අරුණයනම් නං අර පහුගිය දවස් වල දාපු ගමනේ කතා හරි හිනා. මට බඩ පැලෙන්න හිනා ගියා එව්වා දැකලා.
මං එහෙනං දැන් ගිහිං බත් ඩිංගක් කාලා,ගොලිප් එකකුත් බිලා එන්නං කෝ....