1 කොටස
ඔයාගේ දුරකථන ඇමතුම නිසාම ලොග් වුනේ අයියේ.
ලොකු අයියේ මගේ තත්වේ මම ඔයාට කිව්වනේ. මට වඩා බුද්ධිමත් ඔයා මාව තේරුම් ගනී කියලා හිතනවා. මම මේකෙන් සම්පූර්ණයෙන් අයින් වුනා නෙවෙයි. පැත්තකට වෙලා ඉන්න තීරණය කරා විතරයි. මම නිසා ඔයාලා මේකෙන් යන්න එපා.
එලකිරියෙන් මම ඈත් වීම අවෝඩ් සිද්ධිය පදනම් කරගෙන උනා කියලා හිතන්න එපා. ඒක අවසන් සිද්ධිය විතරයි. විවිධ හේතු නිසා ඈත් වෙන්න උවමනාවක් කාලෙක ඉදලා තිබුනා. මට සමාජයේ හැම තත්වෙකටම මුහුන දෙන්න අමාරුයි. ඒක ඇත්ත. මොකද මම අව්රුදු 11 ක් විතර තිස්සේ ආස්‍රය කරන්නේ එකම සමාජ තතත්වයක අය. ඒ අයත් එක්ක මගේ හිතේ කෝපයක්, ලේ පිච්චීමක් ඇති වෙන්නෙ නෑ. එතන මට ද්වේශ කරන මිනිස්සු හෝ සමච්චලයට මට හෝ අනුන්ට හිනා වෙන මිනිස්සු නෑ අයියේ. ඒ ජීවිතේ මට හරි සැහැල්ලුයි, හරි නිදහස්. එලකිරිය නිසා මට ඔයා ඇතුලු ඉතාම හොද මිනිස්සු කීප දෙනෙක් ආශ්‍රට කරන්න ලැබුනා. මට දැනුමක් මේක හරහා ලැබුනා. මගෙනුත් සුලු හෝ සේවයක් මේ සයිට් එකට වුනා කියලා හිතනවා. ඇති කරගත්තු යාලුකම් තියාගෙන දැන් පැත්තකට වෙලා ඉන්න කාලේ හරි.
වීඑම් එක දිග බැවින් කොටස් දෙදකකට එවා ඇත.