එක එකා හිතන හැටි වෙනස්නෙ බං. ඒකයි සිද්ධිය. ඌ එක්ක අවුලක් උනාම ත්‍රෙඩ් දාන එක නෙවෙ කරන්න ඕනෙ ජීටීයාට කියලා වෙනසක් කරගන්න බලන එක. මොකද කට්ටිය ත්‍රෙඩ් දාලා ඉල්ලීම් කරාම හරි උනත් වැරදි උනත් ජීටීයාට දෙයක් කරන්න බෑ මෙම්බර්ස්ලා වෙනුවෙන් තව ඇඩ්මින් කෙනෙක්ව පහතට දාලා. ෂේප් එකේ පීඑම් යැව්වාම සම්භාවිතාවයක් තියෙනවා කාගේවත් අභිමානයට කැලලක් කරගන්නේ නැතිව ප්‍රශ්ණය අහවර කරගන්න. ඕක තේරුම් ගන්නෙ නෑනෙ බං. නිකන් බෑන් වෙලා හිත සවුත්තු කරගන්න ත්‍රෙඩ් දාන්නෙ.