වේයෝ රෑ කෑවෙ නෝනාගෙ පතිවත
දහවල කෑවෙ මා සන්තක පතිනි වත
සිරියහනට ම සිදු විය දරුණු පිරිපත
එනමුත් රැකුණි රස්සාවෙන් බඩ වියත
හැමනුණ හින්ද රස්සාවල් එක්ක අප
මස් පාපය කළෙත් රස්සාවට වගෙ ය
සුබ මාළිගේ කැස්බෑවේ තිබුණාය
ඒ ඉන්නා කලේ ඉඩමක් ගත්තාය
ගෙවන පදනමට දෙන්නම ගෙව්වාය
ගෙයක් හදන හීනය දැක බැලුවාය
එදවස වේයො ආවේ අඟකුත් එක්ක
අන්තිම සටන සඳහා සන්නද්ධවය
නොයෙකුත් හේතු එක් රැස් වී තිබුණා ය
කසාද සහතිකේ වේයෝ කෑවා ය
මනරම් මාළිගේ නොම ඉදි වෙලා ම
පර්චස් දහය ඇත වල් වැද පුරා ම
ළමයින් නොමැත එය අපගේ වෙලා ව
අවුරුදු දහය ඉවරයි වේයන් කෑ ව
නෝනත් මමත් දැන් හතළිහ මුව විට ය
වේ උවදුරින් හොඳටම අප අබලන් ය