ගත්තා හොඳවැයින් අල ගෙඩි කිහිපයක්.. ඒක තම්බලා ටිකක් විතර නිවෙන්න අරිනවා.. අල ටික තැම්බෙනකල් හොඳ වෑයින් ලොකු ලූණු ගෙඩියක් අරං හීනියට ලියලා ඒකටම කරපිංචා කොල ටිකකුත් ලියලා දාලා ලුණු ටිකකුයි යන්තමට වගේ මිරිස් කුඩු ටිකකුයි දාලා තේම්පරාදු කරගන්නවා...
ඒක තෙම්පරාදු වෙලා ඉවර වෙද්දී අල ටික තැම්බිලා නිවීගෙන යනවා නෙව.. ආන්න එතකොට අල ටික පොතු ඇරලා අරං අර ලූණු තෙම්පරාදුවටම දාලා ඒකටම තව බටර් හරි මාගරින් හරි හැදි දෙහෙකුත් දාලා තව ලුනු ටිකකුත් එකතු කරලා හොඳට පොඩි කරගන්නවා...