අද වගේ නෙමෙයි ඒ දවස්වල අපට අලුත් ඇඳුමක්, සපත්තු දෙකක් ලැබුණේ කලාතුරකින්. ඒකත් ගොඩාක් වෙලාවට අලුත් අවුරැද්ද දවසට. මේ කියන අවුරැද්දේ මට අලුත් ඇඳුමක් ලැබුණේ නැහැ. එදා මම අපේ අම්මට කරදර කළේ අලුක් කමිසයක් ඉල්ලලා. මට ඒ වෙනකොට තිබුණු හොඳම කමිසේ ලැබුණු දවසත් මට හොඳට මතක තිබුණා. මම අම්මට නෝක්කාඩු කීවේ ඒ...