Reaction score
3,019

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඉලෙක්ට්‍රොනික් අයිටම් ඇසෙම්බල් කරන ජොබ් එකක් කරන්නෙ.. වැඩි විස්තර කියන්නත් බයයි බං ප්‍රසිද්ධියෙ.. ඔව් එයා මොකේට හරි අතගැහුවොත් මං ගොඩ බං.. :D

    අනිවා මචං.. දිනූෂයා බලන්නත් යන්න ඕන.. හෙන සෙට් එකක් ඉන්නවා මුණගැහෙන්න.. කිඹුලා, මැක්ස් බෝයි එහෙමත් බලන්න යන්න ඕනි.. :D
    ඒක තමා බං අවුල.. මේකිව දාලා යන්න බැහැනේ.. නැත්තං මට ණය ටිකත් ගෙවලා හිත හදාගෙන අයින් වෙන්න පුළුවන්.. එතකොට පොඩි පඩියක් ලැබුණත් ඇතිනේ බං.. ඒත් මේ වගේ හොද කොල්ලො සෙට් එකකුයි බොසෙකුයි නම් ලොවෙත් හොයනවා බොරු.. හැම කොම්පැණියකම කැපිලිකාරයො ඉන්නෙ බං..

    බොසා මොකක් හරි ගේමක් ගැහුවොත් මං ගොඩ.. එතකොට එයා එක්කම වැඩ කරන්න බැරියෑ බං.. අපි මේ දවස්වල වේස චීනව එපා කරවන්න බොස්ට අනං මනං කියනවා.. බොස්ට කොහොමත් එපා වෙලා ඉන්නෙ ඌව.. කැරි පොන්නයෙක් බං..

    අනිවා බං නිවාඩුවක් ලැබුණොත් ලොවෙත් එනවා.. උඹලගෙ නම්බර් ටික කොලේක ලියන් ඉන්නෙ.. එකපාරක් හෙන සෙට් එකකගෙ නම්බර් ලියන් හිටියා බං.. කෙල්ල කාමරේ අස් කරනකොට ඔක්කෝම මේසෙ යට තිබිච්ච කොල ටික විසික් කරලා.. :(

    කොළඹ ඇවිදින්න නම් දන්නෑ ඈ.. තුන්පාරද කොහෙද බං කොළඹ ඇවිත් තියෙන්නෙ.. :lol:
    ඔව් බං.. මෙතන නීති වැඩියි.. මට එපා වෙලා ඉන්නෙ.. බොස් කිව්වා වෙනම බිස්නස් එකක් පටන්ගන්නවා කියලා මේ හුට්ටෙන් අයින් වෙලා.. එයාටත් හිසරදයක් මේක.. එයාටත් නිදහස අඩුයි බං..

    පඩි හොඳ නිසා තමයි අල්ලගෙන ඉන්නෙ.. අනික බං කෙල්ලව දාලා යන්නත් බෑනෙ.. හිසරදේ හැදෙනවා වෙලාවකට මේ හුට්ටවල් මතක් වෙනකොට.. ණය ටික ගෙවලා ඉවරයක් කරලා මොකක් හරි පියවරක් ගන්න වෙනවා බං.. මගේ ඉස්කෝලෙ යාලුවො ඔක්කොම හිත හොඳ නෑ මං එක්ක.. මට උන්ව අමතක වෙලා කියලා.. ෆෝන් වැඩත් නෑ, ගෙදරත් නෑනෙ මං.. :(

    අනික අම්මයි තාත්තයි නිතරම බනිනවා.. ඔහොම රස්සා කරන එකෙක් මං දැක්කමයි කියලා.. එයාලට කිව්වත් තේරෙන්නෙ නෑ බං.. අපේ තාත්තා මට බනින්නෙ බැරි වැඩ කරපු නිසානේ.. එයා කියපුවා හරි.. ඔය ලොකු වැඩ කරන්න කලින් කිව්වා පුතේ ඔයා පස්ස බිම ඇණගන්නවා කියලා ඕක කලොත්.. ඇහුවෙ නෑනෙ බං.. :(
    මට උදේට හවසට වැඩිය එළියට යැවෙන්නෙ නැහැ බං.. :(
    එපා වෙලා ඕයි ඉන්නෙ.. තුන් වේලම කඩෙන් කන්නෙ.. සමහර දවස් වලට කෙල්ලගෙ ගෙදරින් කාලා එනවා.. ඒත් අම්මා හදන තරම් රස නැහැ බං කවුරු ඉව්වත්.. අප්‍රියයි බං කෑමත් දැන්..

    "බත්පත දුටුවම ඇඩුනා අම්මේ සිහිවී මට ගෙදර
    කඩෙනුයි කන්නේ තුන්වේලම මම නැතිව ඔබේ සුවද
    මහ මග තෙමුනම රිදුනා අම්මේ මගෙ මේ තුන් හිතම
    සුදු පිරියම් කල මාලිග වල නෑ අම්මෙ ඔබේ සුවද"

    කාලා බොන්න බෑ බං මට.. එහෙම නම් බෝතල් එකහමාරක්වත් ඕන.. වදින්නෙ නෑ ඕයි කාලා ඉවර වෙලා කොච්චර බිව්වත්.. :(
    ඔව් බං ගොඩක් දවස් වලට ඩ්‍රින්ක් එක දාලා එහෙම්මම නිදාගන්නවා.. පැයක් දෙකක් ගියාම කෑම සීතල වෙනවා.. ඒපාර කන්න අප්‍රියයිනේ.. හැබැයි ඉතිං උදේට තැඹිලි ගෙඩි දෙකක් ගහනවම තමා.. ඒත් හැදුනනේ බං වේස ගෑස්ටික් එක.. :( දැන් නම් අඩුයි.. බොන්නෙ නැහැනේ.. :D
    යකෝ වෙලාවට කාපං.. නැත්තං ටහිකිලා යයි ගෑස්ටික් හැදිලා.. බොට රස්සාවත් හරියට කරගන්න බැරිවෙයි අන්තිමේ.. මාර දුකක් වින්දෙ මං වෙලාවට නොකා, අරක්කු බීලා ගෑස්ටික් හැදිලා..
    ආ.. එල එල මචං.. ත්‍රේඩ් එකක් දැම්මා බං කාලා ඇවිත්.. උඹ කෑවද දවල්ට..?
    වර්තමාන ජනාධිපතිවරයා ට තෙවන වරටත් ජනාධිපතිවරණයට තරග කිරීමේ ඇති නීතිමය හැකියාව පිළිබදව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින විධිවිධානමය තත්ත්වය පිළිබදව ඔබෙන් විග්‍රහත්මය විචාරයක් ඉතාමත් ගෞරව පූර්වකව බලාපොරොත්තු වෙමි.
  • Loading…
  • Loading…
  • Loading…