ඇතුලට එන්න එපා බුදු පුතේ….!!, ගෑනු ලමයි විතරයි

Oct 10, 2011
179
31
0
Matara
ඇතුලට එන්න එපා බුදු පුතේ….!!, ගෑනු ලමයි විතරයි

ඇතුලට එන්න එපා බුදු පුතේ….!!, ගෑනු ලමයි විතරයි ඉන්නේ..!! කරදර කරන්න එපා පුතේ..!! "
-----------------------------------------------------------------------

පොලු මුගුරු අමෝරාගෙන NDT අය Girls hostel එකේ ටකරන් තාප්පෙ කඩාගෙන ඇතුලට ආව. අපි වැඩිදෙනා හිටියෙ රෑ අඳුම් පිටින් , දුවාගන්න තැනක්වත් කකුල් වල පනක් වත් තිබ්බෙ නෑ. එත් අපි හමෝම corridor දිගේ දුවල ගිහින් කාමර ඇතුලට පැනල දොරවල් වහ ගත්ත. Architecture, QS, TCP නන්ගිලා අපේ දුවාගෙන හැන්ගෙන්න බැරි උන අයව තමන්ගෙ කමර වලට අරගෙන දොරවල් වහ ගත්ත. ඒ අපි කවුරුත් අහින්සක ගෑනු ලමයි කියල එයාලට මතක් උන නිසා…

එහෙම දුවපු අපි හැමෝම 10-12 දෙනා එක එක කාමර වලට ගිහින් ඉස්සරහ සහ පිටිපස්සෙ දොරවල් වහ ගත්තා. ඊට පස්සේ ඇඳන් යටටයි මෙස යටටයි රින්ගලා බයට ගල් වෙලා හිටියා. අපි light off කරල කරුවලේ ඇඳන් මේස අස්සේ හිරවෙලා හිටියා…

අපේ හිත්වල තිබුනෙ මරන බය විතරක් නෙවෙයි. දෙමව්පියෝ දහ දුක් විඳල අපිට උගන්නල campus එවුවේ කොන්ද කෙලින් තියාගෙන සමාජේ ජීවත් වෙන්න පුලුවන් මිනිස්සු කරන්න. අපි බය උනේ ඒ අහින්සක දෙමාපියන්ට දරන්න බැරි ගින්දරක් විඳින්න වෙයි කියලා.

අපි බයටම සද්දෙට හුස්ම ගත්තෙ නෑ.. අස් වලින් කඳුලු ගලාගෙන ගියත් අපි ඉකිගැහුවෙ නෑ… මොකද අපි එක්කෙනෙක් හරි පොඩි සද්දයක් කලොත් කාමරේ ඉඳපු හමෝම එකට අහුවෙන නිසා..

අපි මරණ බයෙන් වෙවුලද්දි NDT අය ඇතුලට එන සද්දේ අහුනා. Hostel එකේ security officers දෙන්නා
“ඇතුලට එන්න එපා බුදු පුතේ….!!, ගෑනු ලමයි විතරයි ඉන්නේ පුතේ…!! කරදර කරන්න එපා පුතේ !! කියල කෑ ගහද්දිත් ඒ මිනිස්සු corridor දිගේ ඇවිදගෙන කෑ ගහ ගහා නොසරුප් වචන කියා කියා එනව අපිට ඇහුනා… තමන්ගෙ අම්මල වගෙ ඒ security අයගෙ වචන වලට වත් එ අමුනුස්සයෝ අවනත උනෙ නෑ.

අපි කගෙවත් මූනු දැක්කේ නෑ.. ඒ අමුනුස්සයෝ අතේ තිබුනු පොලු මුගුරු වලින් දොරවල් වලට තට්ටු කර කර ඇවිදගෙන එන ගමන් corridor වල lights on කරා. මට තව දුරටත් හුස්ම ගන්න බරි උනා. මගෙ උකුලේ ඔලුව තියාගෙන හිටපු යාලුවගෙ කඳුලු වලින් මගෙ ඇඳුම තෙත් වෙනව මට දනුනා.. එයා බයෙන් වෙවුලනවා මට දනුනා.. මම මගේ ජීවිතේ ආසාව අත හැරියා. නොකා නොබී දුක් විඳලා මාව campus එවපු අම්මවයි තත්තවයි මට මතක් උනා.

ඒ එක්කම එක අමානුශිකයෙක් “ එක කෙල්ලෙක්වත් නෑ බන් උන් ඔක්කොම දුවලද කොහෙද “ කියල කියනව අපිට ඇහුනා…. ඒ මොහොතේ දෙවියෝ අපිව අරක්ශා කලා…. කාමරෙ ඇඳන් යට දූවිලි මකුලු දැල් ගොඩේ වැටිලා හිටපු අපිට කිවිසුමක් වත් නොගියෙ ඒ නිසයි.. මොකද බැරි වෙලාවත් එහෙම උනා නම් මේ අවුරුද්දේ pass out වෙන්න ඉන්න Engineering ගෑනු ලමයින්ගෙන් 10-15 දෙනෙකුට මරනය හරි ඊටත් වැඩිය තිරිසන් ඉරනමකට හරි මුහුනදෙන්න වෙනවා ඒ තිබුන තත්වයේ හැටියට
අන්තිමට අපිට කියන්න තියෙන්නෙ එක දෙයයි…

Hostel එකේ BSc ගෑනු ලමයි ඉන්නේ කොහෙද කියල ඒ ආපු තිරිසන්නු වගේ මිනිස්සු දෑනගත්තේ කොහොමද කියල අපි දන්නේ නෑ..

ගෑනු ලමයිගේ කාමර වලට ගල් ගහද්දි BSc කාමර වලට විතරක් ගල් ගැහුවේ කොහමද කියන්න අපි දන්නේ නෑ..

හොඳටම රෑ වෙලත් අපි රෑ ඇඳුම් පිටින් ඉඳිද්දි NDT ගෑනු ලමයි Lectures යන්න වගේ ඇඳගෙන හිටියෙ ඇයි කියන්න අපි දන්නෙ නෑ..

ඇපි කරුවලේ මරණ බයේ ඇඳන් යට ගැහෙද්දි corridor වල නිවල තිබුනු lights දාගෙන wash room යන්න කියල ඇවිදපු ගෑනු ලමයි කව්ද කියන්න අපි දන්නෑ..

ඒ උනාට අපි එක දෙයක් දන්නවා.. එද උනු කම්පනය , බයවීම අමතක කරන්න බෑ..
දොරවල් කඩපු සද්ද.. වීදුරු කුඩු කරපු සද්ද.. කියපු අසභ්‍ය දෙවල් ,ටකරන් වැටට ගහපු සද්ද කවදාවත් අමතක කරන්න බෑ..

එදා තමන්ගෙ ජීවිත ගැන නොහිතා අපේ ජීව්ත වෙනුවෙන් ඉදිරිපත් උනු security එකේ අම්මලාට අපි ජීවිතෙන් ණය ගැතියි. අනුන්ගේ දරුවෝ වෙනුවෙන් ඒ කල කැපවීම ජීවිතෙට අමතක වෙන්නෙ නෑ..

ඇන්තිමට NDT නංගිලාට කියන්න දෙයක් තියනව … නංගිලා අපිට ලැජ්ජයි ඔයාලා ගැන ඒ අපිත් ගෑනු ලමයි නිසා..
ඔයාලා ඒ අමානුශිකත්වයට උදවු කල නිසා

~ නේවාසිකාගාර සිසුවියකගේ අත්දැකීමක්..
 
Last edited:
Oct 10, 2011
179
31
0
Matara
hari machan font size eka haduwa.................

hithata duka A/L kaale bath eka beda gena kaapu ewun ma neda NDT awith thela kaala kunu wenne kiyala.........
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කොටි එනකොට මරණ බයේ කැලෑ වැදිලා පන බේර ගත්ත මායිම් ගම්මාන වැසියො මතක් වුණා.
    මේ තරම් පාදඩයො වුණේ කොහොමද කැම්පස් ආපු උන්.
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    කොටි එනකොට මරණ බයේ කැලෑ වැදිලා පන බේර ගත්ත මායිම් ගම්මාන වැසියො මතක් වුණා.
    මේ තරම් පාදඩයො වුණේ කොහොමද කැම්පස් ආපු උන්.

    campus newe ayye NDT apu aya!!
     
    • Like
    Reactions: wpril5

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මම හිතන්නේ මේක ලියපු කෙනා අවසාන වසරේ වුනාට පරිණත බව අතින් 0 ඉන්න කෙනෙක්. මේ වගේ වෙලාවට ගෑණු පිරිමි භේදයක් කියලා නෑ. කල්ලි මානසිකත්වයෙන් ඉන්න කොට හැම තිස්සෙම තමන්ගේ කල්ලිය ගැන විතරයි බලන්නේ. එතනින් එහාට දෙයක් ගෑණු වුනත් පිරිමි වුනත් බලන්නේ නෑ. නමුත් සමහර වෙලාවට සම්බන්ධකමක් තියෙන කොට (විශේෂයෙන්ම පවුලේ කවුරු හරි ඉන්නවා නම් ආදරය කරන කෙනෙක් ඉන්නවා වගේ නම්), ගෞරවය වැඩි කෙනෙක් ඉන්න කොට (හාමුදුරු කෙනෙක් වගේ නැත්නම් ප්‍රසිද්ධ කවුරු හරි) ,බලය වැඩි කෙනෙක් ඉන්න (බය නිසා) , යම් කිසි සුළුතර කණ්ඩායමක කෙනෙක් වෙන කොට (ස්ලාම් වල වගේ කෙල්ලෙක්(හම්බියෙක්) ඉන්නවා නම් හම්බයෙක් පොඩි බුරුලක් දෙන්න පුලුවන් ඒ වගේම ඇමරිකාවේ වගේ වළියක් යන කොට සිංහල කොල්ලක් ආවොත් ඔහොම ගහන්න එහේ Hostel එකකට සිංහල කෙල්ලෙක් හිටියොත් බුරුලත් දෙන්න පුලුවන්) පොඩ්ඩක් කල්ලි මානසිකත්වයෙන් පිට යන්න පුලුවන් නමුත් අනෙක් හැම වෙලාවේම කල්ලි මානසිකත්වයේ ඇතුලේ තමයි කල්ලියේ එවුන් ඉන්නේ.

    "නංගිලා අපිට ලැජ්ජයි ඔයාලා ගැන ඒ අපිත් ගෑනු ලමයි නිසා.. ඔයාලා ඒ අමානුශිකත්වයට උදවු කල නිසා"
    මේක සම්පූර්ණයෙන්ම වැරදියි. මෙතන අමානුශිකත්වය ඇති කරේ පිරිමි විතරක් නෙවෙයි මේ NDT කෙල්ලෝ පවා ඒකට හවුල් නැත්නම් උන් මේ විදියට සැහැල්ලුවෙන් ඉන්නේ නෑ නේ. එතකොට මේ වගේ ප්‍රකාශයක් කිරිම තුළින් මේ Bsc කෙල්ලෝ හිතලා තියෙන්නේ අමානුශිකත්වයේ පිටිපස්සේ ඉන්නේ පිරිමි විතරයි කියලා. දැන් මෙහෙම කියන අය සමාජයට ගියාම ලේසියෙන්ම අමාරුවේ වැටෙනවා. මොකද අද කුඩු විකූණන තැනේ ඉදලා ,ගණිකා මඩමේ ඉදලා, සංවිධානාත්නම කල්ලි වල අපරාධ සදහා ගෑණු ඕන තරම් හවුල් වෙනවා. විශේෂයෙන්ම අපිට මතකයි මේ ළගදිත් පත්තරේ දාලා තිබ්බා එක Tuition යන කෙල්ලෙක් යාළුකරගෙන පස්සේ Blackmail කරලා ගණිකා වෘත්තිය සදහා පොළබවා ගනිපු කෙල්ලෙක් ගැන, මේ හැම දේම Plan කරලා කරෙත් කෙල්ලෙක් ඒ වගේම ඒකිම තමයි කොල්ලෝ දාලා ඒකිට අරින්න තැනට වැඩ සිද්ධ කරෙත්. සමාජ දැනුම 0. විශ්ව විද්‍යාලයක අවසාන වසරේ කෙනෙක්ට සමාජ දැනුම 0 තියෙනවා කියන්නේ ඒ විශ්ව විද්‍යාලයේ තිබෙන අධ්‍යාපන රටාවේ තිබෙන දුර්වල කමයි එතනින් පෙනෙන්නේ.
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    mee mona ponnayo tikak da ganunta gahanne...........
    ane manda monawa beda ganna bari welada kiyala ...... rate eda wela kala ahinsakawa jeevathwena minihage idan salli karayage salli waling igena ganna eka unta amathakada danne na

    awalam ballo
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මම නම් ඇත්ත නැත්ත හරි කවුද වැරදි කවුද කියන්න දන්නේ නෑ. ඒත් වැරදි කාරයොන්ට නීතියෙන් උපරිම දඩුවම් දෙන්න ඕන කියලයි මගේ අදහස. වැරදිකරුවන් ශිෂ්‍යයන් නම් එයාලගේ ශිෂ්‍යභාවය අහෝසි කරන්න ඕන. මේ රටේ ලකුණින් දෙකෙන් කැම්පස් නොතේරෙන ලමයි ගොඩක් ඉන්නවා :(:(