මෙන්ෂන් කරන්න ගියේ බලද්දී කමෙන්ට් එකක් දාලා. මම ඉලගට බහින්න ඉන්නේ පාමසියක්. හැබැයි දාන එක හොදම තැනක දාන්න ඕනා. ලොකු හදිස්සියක් නෑ දාන්න. නමුත් එකක් දාන්නම ඕනා කියලා හිතිලා තියෙන්නේ වයිපරේ නිසා .ලයිසන් එකක් 20-30 අතර යනව. ක්ලීන් ශ්‍රී ලන්කා එක නිසා ගොඩක් අය බය වෙලා ලයිසන් ඩීමාන්ඩ් උනා. මේ දවස් වල ලයිසන් හොයා ගන්න පට්ට අමාරුයි. ඊලග බැච් එක රිලීස් උන ගමන් ලයිසන් ආපහු මාකට් එකට එන නිසා මාස කීපෙකින් හරියනව. NMRA රෙජිස්ට්‍රේශන් නම් පට්ටම හෙඩෙක් එකක්. රෙජිස්ට්‍රේශන් එක ගන්න අඩුම අවුරුද්දක්වත් යනව. ඊට පස්සෙ තමා ෆාමසි එක open කරන්න පුලුවන්. ඊට පස්සෙ BR එක ගන්න තවත් මාස 3ක් වගේ යනව. එපා වෙනව ඉතින්. ඒ කාලෙ ඇතුලත බෙහෙත් ගන්න බෑ කම්පැනි වලින්. BR නැතුව දෙන්නෙ නෑ. සබ් කම්පැනිවලින් ගන්න පුලුවන්. ෆාමසි කියන්නෙ කොටි වලිගෙ වගේ, අල්ල ගත්තට පස්සෙ අතඇරගන්න බෑ. හැබයි පට්ටම ප්‍රොෆිටබල් බිස්නස් එකක්.
චැනලින් සෙන්ටර් එකක් එක්ක ෆාමසියක් පටන් ගන්න එක ගැන මොකද හිතන්නේ ?? චන්ලින්ග් සෙන්ටර එකක් පටන් ගන්නවා නම් මොනවා ගැනද බලන්න ඕනා.ෆාමසි වල කැමති ගනන් ගහල බෙහෙත් දෙන්න බෑ. ඒව හොර වැඩ. බිලක් ඉල්ලන් කම්ප්ලෙන් කලොත් හරියටම එක කම්ප්ලේන් එකෙන් නඩුවක් වැටෙනව.
පටන් ගනින් බන්. හොදට ප්‍රොෆිට් තියෙන බිස්නස් එකක්.
-------------------------------------------------------------------------------------------------------
ලක්ශ 10ක් ඇති Drugs වලට විතරක්.. Grocery සහ Cosmetics කරනව නම් තම අමතර ලක්ශ 5ක් ඇති. (Grocery සයිඩ් එක කිරිපිටි, බිස්කට් සහ චොකලට් වලට විතරක් සීමා කරල) ඩිවයිස් කරනව නම් තවත් ලක්ශයක් ඇති පටන් ගන්න. වෙන මුදල් ඕනෙ වෙන්නෙ Mandatory: AC and Fridge (single door එකක් ඇති), Bottle cooler අත්‍යාවශ්‍ය නෑ. බිස්නක් එක දියුනු උනාම සප්ලයර් කෙනෙක් ගෙන් ෆ්‍රී ගන්න පුලුවන්. ඉතුරුව පාටිශන් එකටයි, (ලක්ශ 5ක් වගේ යයි. සාමාන්‍ය තරමකට වීදුරු වලින් කරගන්න.) බෝඩ් එකටයි (Board එකත් බිස්නස් එක හැදුනාම හෝ හැදෙන බවක් පේනව නම් ස්පොන්සර් ගන්න පුලුවන්න් පැනඩෝල්, කිරිපිටි, කොන්ඩම්, හෝ කොස්මැටික් සප්ලයර් කෙන්ක්ගෙන්. ඒ නිසා අඩු වියදම් ෆ්ලෙක්ස් බෝඩ් එකක් ඇති)
මාජින් එක ඔය කියනවට වඩා පට්ටම වැඩී 65% තියෙන බෙහෙත් තියෙනව. ~= 1:3ක්
බජ්ට් කියල එකක් නෑ. විසි කරන්න සල්ලි නැත්නම් invest as you go තමා. මොකද කලින් හිතාගන්න බෑ ඔය පැත්තෙ මොන බෙහෙත් යයිද කියල. ඒත් පටන් ගද්දි ඒව ගේන්න ඕනෙ. සමහර තුන්ඩු වල බෙහෙත් 8+ තියෙනව. එකක් හරි නැති උනොත් ඔක්කොම එපා කියල යනව. අනික කලින් කිව්ව වගේ එහෙම බෙහෙත් ගන්න බෑ BR නැතුව. sub ලගෙන් අරන් එයාල රිටන් ගන්නෙ නෑ. ඉතින් කොහොමත් ෆාමසිය හැදිල එන්න අවුරුද්දක් දෙකක් යනව. ෆීල්ඩ් එක්ස්පීරියන්ස් නැත්නම් සුපර්මාකට් වගේ ඔක්කොම බඩු ගෙනත් ෆ්‍රීසර් දාල ස්කේල් දාල පාකින් හදල ලොකුවටම පටන් ගන්නව වගේ පටන් ගන්න බෑ. එක්ස්පයර් වෙනව ලක්ශ ගනනින්. බෙහෙත් සුලබ නෑ ඉල්ලුව ගමන් ගෙනත් දෙන්න. ලොකුවට ඉල්ලුවට දෙන්නෙ නෑ. prazosin box 5යි දුන්නෙ. Augmentin අඩල ඉල්ල ගත්තෙ. glucophage xr, 850mg box 10 දුන්නෙ. ඉල්ලුව කියල ලක්ශ ගනන් වලින් බෙහෙත් බාල යන්නෙ නෑ. අලුත් නම් බොක්ස් 10-20 උපරිම දෙන්නෙ. හිඟ ඒව නම් දෙන්නෙම නෑ
බෙහෙත් කියන්නෙ අදුරෙ අතපත ගානව වගේ. කස්ටමර්ට තුන්ඩු කියවන්න බෑ. ෆාමසියෙන් හරි බෙහෙත දුන්නද නැද්ද කියන්න කස්ටමර් දන්නෙ නෑ. හොයාගන්නත් බෑ. හිතේ සැකෙන් බොන්න බෑ. ෆාමසියෙන් වැරදුනොත් මරණයක් වෙන්න පුලුවන්. බෙහෙත් ගන්න එන්නෙ බෙහෙතක් වරද්දල නොදෙයි කියන විස්වාසය එක්ක. ඒක හැදෙන්න ගොඩක් කල් යනව
------ Post added on Feb 18, 2025 at 12:32 AM
Last edited: