ලක්ශ 110 ට අඩු වාහනයක් හොයන ඔයාට පොඩි ගයිඩ් එකක්..

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,074
    8,077
    113
    M-Town
    ලක්ශ 110 ට අඩු වාහනයක් හොයන ඔයාට පොඩි ගයිඩ් එකක්..
    ලක්ශ 110 ට අඩුවෙන් වාහනයක් ගන්න කල්පනා කර කර ඉන්න අයට උදව්වක් වෙන්න මේක දාන්නේ.

    මමත් පහුගිය මාස 3-4 අන්තර්ජාලයේ, youtube චැනල් ගොඩක (විවිධ රටවල) , ෆේස්බුක් user ගෲප්ස් වල (ඉන්දියන් හා අනෙක් රටවල), ලංකාවේ භාවිතා කරන අයගෙන් experience හා test drive කරලා ගත්ත experience එක්ක තමයි මේක ලියන්නේ. මම මෝටරේ රථ කාර්මිකයෙක්වත්, සේල් කරන කෙනෙක් වත් නෙවෙයි. මගේ ගාව දැනට Nissan Tiida AT 1.5 l එකක් තියෙනවා . එතකොට මම මගේ user experience එක ඒකත් එක්කත් compare කලා.. 🙂

    1. බජට් එක ලක්ශ 80 ට අඩුයි නම්

    ආයේ බල බල ඉන්න දෙයක් නෑ. පරණ වාහන ගන්නේ නැතිව Nissan Magnite Accenta එක තමයි. පෙනුම , අවුරුදු 3/ 100,000 KMs වොරන්ටි එකත් එක්ක මේක තමයි හොඳම ඔප්ශන් එක මේ කැටගරි එකේ.

    2. බජට් එක ලක්ශ 80 - 90 අතර නම්

    Perouda Bezza එකයි , Nissan Magnite Tekna + එකයි තියෙනවා.

    Bezza එකේ තෙල් හොඳට කරනවා , කාලයක් මාර්කට් එකේ තිබ්බ නිසා reliable , spare parts තියෙනවා හා AT ගියර් බොක්ස් එක AMT එකට සාපේක්ශව smooth.

    හැබැයි Nissan Magnite Tekna plus එකත් එක්ක ගත්තම මට නම් Bezza එක ලේසියෙන්ම ලිස්ට් එකෙන් හලන්න පුලුවන්. (මම තෙල් ගැන වැඩිය හිතන්නේ නැති නිසා)

    Tekna plus එකේ තියෙන SUV presence එකට අමතරව rear ac vents, modern dashboard , ground clearance , interior space, key less entry with other tons of security features , seating comfort and interior look, 360 camera, boot size, 6 Air bags and safety features එකත් එක්ක අනිවා tekna plus ඉස්සරහින් ඉන්නේ.

    මම නම් කියන්නේ ලක්ශ 80 ක් තියෙනව නම් පුලුවන් නම් තව 10 ක් දාලා Tekna plus එකටම යන්න. ලක්ශ 11 ට ඔය උඩ කියන ඒවා ඔක්කොම after market ගන්න බෑ. උදාහරණයක් විදිහට rear ac හා key less එකත් එක එන අනෙකුත් features එහෙම.

    3. බජට් එක ලක්ශ 90 න් උඩ. (110 ට අඩු 🤗)

    මේ කැටගරි එකේ තියෙනවා Nissan Magnite Nconnecta (95), Tekna plus CVT turbo (99) , Suzuki Fronx (102.5)

    Nconnecta එකට යනවට වඩා හොඳම දේ 4 ක් දාලා Tekna plus එකට යන එක ඒ වැසිපුර ලැබෙන features ටික ලක්ශ 4 ට වඩා ගොඩක් වටිනවා.

    දැන් තියෙන්නේ Tekna plus CVT එකයි, Fronx එකයි. ඒ දෙකෙන් මොකක්ද ?

    Suzuki Fronx එක තමයි.

    ප්‍රධානම දේ වාහන දෙකේ build quality එක.

    ඒකේ ලොකු වෙනසක් තියෙනවා. ඒක වාහන දෙක හොඳට ඉන්ස්පෙක්ට් කලොත් තේරෙනවා. (ඕනනම් බොනට් එක ඇරලා බලන්න, වාහන දෙක ස්ටාට් කරලා බලන්න, පුලුවන් නම් යාලුවෙක්ගේ මැග්නයිට් එකකුයි, Car sale වල තියෙන Toyota Traisor - Fronx Rebadge version එකකුයි පැදලා බලන්න)

    අනික Fronx එකේ AT 6 gears Gear Box + Booster Jet engine එක vs Nissan CVT + HRAO engine

    Paddle shift ,HUD වගේ ෆීචර්ස් ටිකක් වැඩිපුර Fronx එකේ තියෙනවා , ඒ වගේම මැග්නයිට් එකේ ambient lights, remote AC start වගේ features ටිකක් වැඩිපුර තියෙනවා. ඒක බලන්න මොනාද ප්‍රැක්ටිකලි ඕන වෙන්නේ කියලා. Magnite එකේ boot capacity එක ටිකක් වැඩියි හා rear head room සාපේක්ශව වැඩියි. Fronx එකේ 3rd passenger head rest වගේ ඒවා තියෙනවා.

    Magnite එකේ බ්‍රේක් responsiveness එක අඩුයි හා pulling power එක මදි.

    Resale value එක , user experience එක හා reliablity එකත් එක්ක මොකක්ද ගන්නේ කියන ඔයගොල්ලන්ගේ තේරීම. මගෙ නම් Fronx.

    බජට් එක තියෙනවා නම් පුලුවන් නම් Magnite AMT එකට නොයා ඉන්න එක. Indian Magnite Owner Group එකේ පෝස්ට් බලන්න. ඒ ගොල්ලන්ගෙන් ඇහුවම ඒ අය user experience share කරනවා. Lowe Gear shift වෙන කොට එන පොඩි Jerk එක ඇරුනම 4-5 දෙනෙක් දාගෙන hill climb කරන කොට හා up hill reverse කරන කොට ගියර් බොක්ස් over heating warning එකක් එනව කියලා ගෲප්ස් වල තියෙනවා. දිගටම පැද්දොත් engine over hazard එනවා සහ ගියර් බොක්ස් රෙපෙයාර් කරන්න වෙනවා. ඒක නිසා ඒ ගෲපස් බලලා වාහනේ එලවන්න කලින් පොඩි අයිඩියා එකක් ගන්න.

    CVT (100 bhp) එකට සාපෙක්ශව AMT එකේ තියෙන්නේ 72 bhp. ඒක නිසා ජපන් sedan එකක් පැදපු කෙනෙක්ට AMT එකේ පවර් ලොස් එක තේරෙනවා.

    KIA Sonet , BYD Dolphin, Toyota Lanka Raize බැලුවා.

    Sonet එකේ 112 ට විතර තියෙන lowest package එක (iMT) වර්ශන් එක නම් වැඩක් නෑ. Sun roof අමතක කලාම options අඩුයි හා ගියර් බොක්ස් එක වදයක්.. DCT එකේ ප්‍රශ්ණ ඇහුවම KIA එකේ අයට තරහ යනවා. 🙆

    BYD Dolphin එකේ lowest grade (107) එකේ මෝටර් එකේ power එක අඩුයි.

    TL Raize (119) එකේ හොඳ SUV presense එකක් තියෙනවා. වාහනේ ලොකුයි. හැබැයි ඇතුලේ ඉඩ මදි. Option මෙලෝ දෙයක් නෑ. 360 කැම් ගහන්න වයරින් කලොත් warrenty එකට බලපානවා කිව්වා. 😁

    ඕක තමයි මම හොයාගත්ත , experience කරපු කරුණු කාරානා. මම අන්තිමේදි Fronx එකකට ඇඩ්වාන්ස් කරලා දැන් එනකම් නැව් ගණන් කර කර ඉන්නවා. 😅

    මැග්නයිට් ගන්න ඉන්න ගත්ත ඔයගොල්ලෝ ඔක්කොටම සුබ පැතුම්.. මොනාකිව්වත් අවුරුදු ගාණක් පරණ වාහනයක් ලක්ශ 70 -80 දීලා අරන් දුක් විඳිනවට වඩා Magnite එකක් ගන්න එක හොඳටම හොඳයි. හොඳ SUV look එකක් තියෙන ලස්සනම වාහනයක් ❤️

    ජය වේවා.
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,066
    1,504
    113
    මචන් ඔය රේන්ජ් වලටම ගන්නවා නම් second hand vehicle ටිකත් දාගන යමන්කෝ.
     
    • Like
    Reactions: Naughty_kiththa

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    Toyota lanka එකෙන් ටොයොටා taisor ගෙන්නන්න ගත්තොත්නම් Fronx එකට වඩා ඒකට යන එක හොදයි වගේ නෙහ්? ඒකෙ ලුක් එක මරු
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Toyota lanka එකෙන් ටොයොටා taisor ගෙන්නන්න ගත්තොත්නම් Fronx එකට වඩා ඒකට යන එක හොදයි වගේ නෙහ්? ඒකෙ ලුක් එක මරු

    TL taisor genawada?
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    Toyota lanka එකෙන් ටොයොටා taisor ගෙන්නන්න ගත්තොත්නම් Fronx එකට වඩා ඒකට යන එක හොදයි වගේ නෙහ්? ඒකෙ ලුක් එක මරු
    TL eken gennana ekak na neda
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    Genawanam me weddi genna onine

    Fronx එකට හෙනම මාකට එකක් හැදෙනවා දැන් කොහොමත් ඒ ගනන් වලට තියන අනිත් චොර ඒවා එක්ක බැලුවම. එතකොට ඒකට කම්පිටිශන් එකක් දෙනවනම් දෙන්න පුලුවන් එකම වාහනේ Toyota Taisor එක තමා. ටොයොටා එකේ නමයි අනික ලුක් එකයි එක්ක බැලුවම ටොයොටා ලංකා එකෙන් ඒක ගෙනාවොත් අනිවා ඒකට හොද ඩිමාන්ඩ් එකක් තියනවා. ඒ නිසා ගෙන්නන්නෙ නැති වෙන්න හේතුවක් නම් මට පේන්නෙ නෑ
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    Fronx එකට හෙනම මාකට එකක් හැදෙනවා දැන් කොහොමත් ඒ ගනන් වලට තියන අනිත් චොර ඒවා එක්ක බැලුවම. එතකොට ඒකට කම්පිටිශන් එකක් දෙනවනම් දෙන්න පුලුවන් එකම වාහනේ Toyota Taisor එක තමා. ටොයොටා එකේ නමයි අනික ලුක් එකයි එක්ක බැලුවම ටොයොටා ලංකා එකෙන් ඒක ගෙනාවොත් අනිවා ඒකට හොද ඩිමාන්ඩ් එකක් තියනවා. ඒ නිසා ගෙන්නන්නෙ නැති වෙන්න හේතුවක් නම් මට පේන්නෙ නෑ
    Genawoth nam maru ithin