Random කතා - පොඩි ඉඩම් ගන්නකොට අපි හිතන්න ඕන දේවල්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    34,929
    71,157
    113
    පහුගිය ටිකේ ගෙවල් හදන ප්‍රශ්නම අහපු නිසා හිතුනා මම ඉගෙන ගත්ත දේවල් ටිකක් share කරන්න.

    ගම්වල, නගරෙට ටිකක් දුරින් ඉන්නකොට අපි ගොඩක් වෙලාවට perch 10+ ඉඩම්වල නේ ඉන්නෙ. ඉතින් බයක් නැතුව අත පය දිග ඇරලා ඉන්න පුලුවන් විදියට අපිට ගෙවල් හදන්න පුලුවන්. ඒත් අපි නගරෙට කිට්ටු කරන්න යනකොට ගොඩක් වෙලාවට ඉඩම් පොඩි වෙනවා. අද කාලේ යන්නෙ perch 6 7 වගේ කට්ටි. මම perch 5ත් යනවා දැකලා තියෙනවා.

    ඉතින් ඔහොම ඉඩමකට බහිනකොට අපි ඉඩමේ size එක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනා. මොකද අපිට ඔය මුලු ඉඩමෙම ගෙයක් හදන්න බෑ. හදන්න පුලුවන් ඉඩ සීමාවක් තියෙනවා. මොනාවලින්ද මේ සීමාව සෙට් වෙන්නෙ.

    එකක් තමා වීදි රේඛා කියන එකෙන්. ඒ කියන්නෙ ප්‍රධාන පාරකට මූනලා ගේ හදනවානම් අනිවා පාර මැද ඉඳන් අඩි ගානක් තියලා තමා ගේ හදන්න ඕනා. ඕක ගොඩක් වෙලාවට අඩි 25 හෝ ඊට වැඩි වෙනවා.

    ඊලඟ දේ තමා අතු පාරවල් තියෙනවානම් ඒ පාරවල් වල මායිමේ ඉඳන් අඩුම අඩි 3 හෝ 5 තියෙන්න ඕනා. අඩි 3 තිබ්බොත් අපිට ඒ පැත්තේ fan light එකක් තමා දාන්න වෙන්නෙ. අඩි 5 තිබ්බොත් අරින්න බැරි ජනේලයක් (ඕනම් ශෙප් එකේ sliding window එකක් දාන්න පූලුවන්) දාන්න පුලුවන්. වාතාස්‍රය ගන්න ජනේලයක් දානවානම් මායිමේ ඉඳන් අඩි 7.5ක් තියෙන්න ඕනා.

    එහා පැත්තේ තියෙන්නේ වෙන ගෙයක් නම් option 2 ක් තියෙනවා. එක්කො තාප්පෙටම අල්ලලා blind wall එකක් ගහන්න පුලුවන්, ඕක අමු වාත සීන් එකක්, එහා පැත්තේ කාලකන්නියෙක් සෙට් උනොත් උඹලගෙ ජීවිතේම මූසල වෙනවා ඔය බිත්තියට ඌ හානි කලොත්. අනිත් දේ තමා අඩි 3ක් තියලා ගේ ගහන එක. එහෙම කලාම ඒ පැත්තට මුකුත් ජනේල දාන්න බැරි උනත් (fanlight පුලුවන් වෙයි) හිතේ නිදහසේ ඉන්න පූලුවන්.

    අන්තිම එක තමා ගෙදර පිටිපස්ස. මට තේරුන විදියට පිටිපස්ස කියන්නෙ ප්‍රදාන පාරට ප්‍රතිරුද්ද පැත්තේ තියෙන මූනත කියලා. එතන මායිමේ ඉඳන් තනි තට්ටුව, තට්ටු 2 නම් අඩි 7.5ක් නැත්තන් තට්ටු තුනක් නම් අඩි 10ක් තියන්න ඕනා ගෙදර හදන්න කලින්.

    ඉතින් ඔහොම අඩු කරලා කරලා බැලුවාම ගෙදර හදන්න වෙන පොඩි කොටුව අපිට හොයාගන්න පුලුවන්. අන්න ඒ කොටුවෙ sqft ගාන තමා ඉතින් අපිට පාවිච්චි කරන්න පුලුවන්. මේ තියෙන්නෙ උදාහරනයක්

    මේ කියපු දේවල් අපිට වැදගත් වෙන්නෙ ගෙදර plan එක නගරසබා හෝ ප්‍රාදේශීයසබාවකින් අනුමත කරන්න ගියාම, නැත්තන් ඕක අනුමත වෙන්නෙ නෑ. ඒ කියන්නෙ ගෙදර හදන්න වෙන්නෙ නෑ.

    සමහර අය අනුමත කරලා ඊටපස්සෙ කැමැති කැමති විදියට ඉඩ වැඩි කරගන්නවා, ජනේල දානව etc. එතනදි එන ප්‍රශ්නේ තමා ඕක හදලා ඉවර කලාට පස්සෙ නියමිත විදියට හැදුවා කියන certification එක නැත්තන් CoC - Certificate of Conformity කියන එක ගන්න ඕනා. ඒක හම්බෙන්නෙ නෑ. අදවෙනකන් ඕක ගත්තේ නැත්තන් වෙච්ච එකමදේ තමා අර bank loan වල අන්තිම කෑල්ල release වෙන්නෙ නැති එක විතරයි. ඒත් නීතිය හැටියට එහෙම ගෙදරක ඉන්න තහනම්, ඉන්නවානම් දවසට Rs20 ගානෙද කොහෙද ගෙවන්න ඕනා. මේ දවස්වල ආණ්ඩුව අලුතින් බදු හොයන නිසා ඕක අදට ගැලපෙන්න වැඩි කරලා අය කරන්න හිතුවොත් ඉතින් ඇඬෙනවා.

    ගෙයක් තියෙන ඉඩමක් ගන්නවානම් CoC එක ආයි වැදගත් වෙනවා bank loan එකක් ගන්න, නැත්තන් ඒක හම්බෙනෙ ඉඩමට විතරයි.

    අන්තිමදේ, අර අතාරින ඉඩෙන් වැඩක් ගන්න බැරිද? ගන්න පුලුවන්, අපිට ඒක අපේ garden එක, නැත්තන් septic tank වලලන ඉඩ විදියට ගන්න පුලුවන්.

    ඉතින් උඹලත් අනාගතේ දවසක ඉඩමක් ගන්නකොට මේක ගැන හොඳට බලා ගනින්.

    අන්තිම ලාස්ට් දේ, blind wall ගහන්න එපා කියන්නෙ ඇයි කියන එක තේරුම් ගන්න මේ විඩියෝ එකයි, කමෙන්ට් ටිකයි බලන්න.

    Last edited:

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,121
    2,592
    113
    මේ ගොඩක් දේවල් දන්නේ දැන් තමා, හැදුව ගෙයක් ගන්න එක හොදයි වගේ , TFS
     
    • Love
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,929
    71,157
    113
    මේ ගොඩක් දේවල් දන්නේ දැන් තමා, හැදුව ගෙයක් ගන්න එක හොදයි වගේ , TFS
    ගෙයක් තියෙන ඉඩමක් ගන්නවානම් CoC එක ආයි වැදගත් වෙනවා bank loan එකක් ගන්න, නැත්තන් ඒක හම්බෙනෙ ඉඩමට විතරයි.
     
    • Love
    Reactions: StealthySeeker

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    අනිත් දේ තමයි පොඩ්ඩක් ඇතුලෙ පැතිවල ලෑන්ඩ් සේල් වල ඉඩම් ගන්නව නම් , ඒ පැතිවල ගිහින් පොඩ්ඩ්ක ගමේ එවුන්ගෙන් හොයල බලන්න.
    දැන් මාස එකහමාරකට කලින් බුකියෙ, ටික්ටොක් බූස්ට් ගහල ඉඩම් වගයක් විකුනන්න දාල තිබ්බ.
    ඊයේ එ පැතෙන් ගියා බලද්දි ඔක්කොම Sold Out

    අවුල තියෙන්නෙ ඔය ඉඩමට එන්න තියෙන පාරව්ල් සෙට් එකම යට වෙනවා.
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,929
    71,157
    113
    අනිත් දේ තමයි පොඩ්ඩක් ඇතුලෙ පැතිවල ලෑන්ඩ් සේල් වල ඉඩම් ගන්නව නම් , ඒ පැතිවල ගිහින් පොඩ්ඩ්ක ගමේ එවුන්ගෙන් හොයල බලන්න.
    දැන් මාස එකහමාරකට කලින් බුකියෙ, ටික්ටොක් බූස්ට් ගහල ඉඩම් වගයක් විකුනන්න දාල තිබ්බ.
    ඊයේ එ පැතෙන් ගියා බලද්දි ඔක්කොම Sold Out

    අවුල තියෙන්නෙ ඔය ඉඩමට එන්න තියෙන පාරව්ල් සෙට් එකම යට වෙනවා.
    ඉඩමක් ගනිද්දි ඒ පැත්ත ගැන හොයලා බලන එක අනිවා කරන්න ඕන දෙයක්නෙ මචන්. මම මේ කිව්වෙ ගොඩක් උන් දන්නෙ/බලන්නෙ නැති එකක් ගැන. අපි ගොඩක් අයට ගෙයක් අඳින එක ගැන දැනුමක් නෑනේ, ඉතින් හදිස්සියේ ඉඩමක් සෙට් වෙලා කලබලෙට ගන්න කලින් මේටික අපිටම බලාගන්න පුලුවන්නම් වටිනවා.
     
    • Like
    Reactions: SK29 and dmtx

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    පහුගිය ටිකේ ගෙවල් හදන ප්‍රශ්නම අහපු නිසා හිතුනා මම ඉගෙන ගත්ත දේවල් ටිකක් share කරන්න.

    ගම්වල, නගරෙට ටිකක් දුරින් ඉන්නකොට අපි ගොඩක් වෙලාවට perch 10+ ඉඩම්වල නේ ඉන්නෙ. ඉතින් බයක් නැතුව අත පය දිග ඇරලා ඉන්න පුලුවන් විදියට අපිට ගෙවල් හදන්න පුලුවන්. ඒත් අපි නගරෙට කිට්ටු කරන්න යනකොට ගොඩක් වෙලාවට ඉඩම් පොඩි වෙනවා. අද කාලේ යන්නෙ perch 6 7 වගේ කට්ටි. මම perch 5ත් යනවා දැකලා තියෙනවා.

    ඉතින් ඔහොම ඉඩමකට බහිනකොට අපි ඉඩමේ size එක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනා. මොකද අපිට ඔය මුලු ඉඩමෙම ගෙයක් හදන්න බෑ. හදන්න පුලුවන් ඉඩ සීමාවක් තියෙනවා. මොනාවලින්ද මේ සීමාව සෙට් වෙන්නෙ.

    එකක් තමා වීදි රේඛා කියන එකෙන්. ඒ කියන්නෙ ප්‍රධාන පාරකට මූනලා ගේ හදනවානම් අනිවා පාර මැද ඉඳන් අඩි ගානක් තියලා තමා ගේ හදන්න ඕනා. ඕක ගොඩක් වෙලාවට අඩි 25 හෝ ඊට වැඩි වෙනවා.

    ඊලඟ දේ තමා අතු පාරවල් තියෙනවානම් ඒ පාරවල් වල මායිමේ ඉඳන් අඩුම අඩි 3 හෝ 5 තියෙන්න ඕනා. අඩි 3 තිබ්බොත් අපිට ඒ පැත්තේ fan light එකක් තමා දාන්න වෙන්නෙ. අඩි 5 තිබ්බොත් අරින්න බැරි ජනේලයක් (ඕනම් ශෙප් එකේ sliding window එකක් දාන්න පූලුවන්) දාන්න පුලුවන්. වාතාස්‍රය ගන්න ජනේලයක් දානවානම් මායිමේ ඉඳන් අඩි 7.5ක් තියෙන්න ඕනා.

    එහා පැත්තේ තියෙන්නේ වෙන ගෙයක් නම් option 2 ක් තියෙනවා. එක්කො තාප්පෙටම අල්ලලා blind wall එකක් ගහන්න පුලුවන්, ඕක අමු වාත සීන් එකක්, එහා පැත්තේ කාලකන්නියෙක් සෙට් උනොත් උඹලගෙ ජීවිතේම මූසල වෙනවා ඔය බිත්තියට ඌ හානි කලොත්. අනිත් දේ තමා අඩි 3ක් තියලා ගේ ගහන එක. එහෙම කලාම ඒ පැත්තට මුකුත් ජනේල දාන්න බැරි උනත් (fanlight පුලුවන් වෙයි) හිතේ නිදහසේ ඉන්න පූලුවන්.

    අන්තිම එක තමා ගෙදර පිටිපස්ස. මට තේරුන විදියට පිටිපස්ස කියන්නෙ ප්‍රදාන පාරට ප්‍රතිරුද්ද පැත්තේ තියෙන මූනත කියලා. එතන මායිමේ ඉඳන් තනි තට්ටුව, තට්ටු 2 නම් අඩි 7.5ක් නැත්තන් තට්ටු තුනක් නම් අඩි 10ක් තියන්න ඕනා ගෙදර හදන්න කලින්.

    ඉතින් ඔහොම අඩු කරලා කරලා බැලුවාම ගෙදර හදන්න වෙන පොඩි කොටුව අපිට හොයාගන්න පුලුවන්. අන්න ඒ කොටුවෙ sqft ගාන තමා ඉතින් අපිට පාවිච්චි කරන්න පුලුවන්. මේ තියෙන්නෙ උදාහරනයක්

    මේ කියපු දේවල් අපිට වැදගත් වෙන්නෙ ගෙදර plan එක නගරසබා හෝ ප්‍රාදේශීයසබාවකින් අනුමත කරන්න ගියාම, නැත්තන් ඕක අනුමත වෙන්නෙ නෑ. ඒ කියන්නෙ ගෙදර හදන්න වෙන්නෙ නෑ.

    සමහර අය අනුමත කරලා ඊටපස්සෙ කැමැති කැමති විදියට ඉඩ වැඩි කරගන්නවා, ජනේල දානව etc. එතනදි එන ප්‍රශ්නේ තමා ඕක හදලා ඉවර කලාට පස්සෙ නියමිත විදියට හැදුවා කියන certification එක නැත්තන් CoC - Certificate of Conformity කියන එක ගන්න ඕනා. ඒක හම්බෙන්නෙ නෑ. අදවෙනකන් ඕක ගත්තේ නැත්තන් වෙච්ච එකමදේ තමා අර bank loan වල අන්තිම කෑල්ල release වෙන්නෙ නැති එක විතරයි. ඒත් නීතිය හැටියට එහෙම ගෙදරක ඉන්න තහනම්, ඉන්නවානම් දවසට Rs20 ගානෙද කොහෙද ගෙවන්න ඕනා. මේ දවස්වල ආණ්ඩුව අලුතින් බදු හොයන නිසා ඕක අදට ගැලපෙන්න වැඩි කරලා අය කරන්න හිතුවොත් ඉතින් ඇඬෙනවා.

    ගෙයක් තියෙන ඉඩමක් ගන්නවානම් CoC එක ආයි වැදගත් වෙනවා bank loan එකක් ගන්න, නැත්තන් ඒක හම්බෙනෙ ඉඩමට විතරයි.

    අන්තිමදේ, අර අතාරින ඉඩෙන් වැඩක් ගන්න බැරිද? ගන්න පුලුවන්, අපිට ඒක අපේ garden එක, නැත්තන් septic tank වලලන ඉඩ විදියට ගන්න පුලුවන්.

    ඉතින් උඹලත් අනාගතේ දවසක ඉඩමක් ගන්නකොට මේක ගැන හොඳට බලා ගනින්.

    අන්තිම ලාස්ට් දේ, blind wall ගහන්න එපා කියන්නෙ ඇයි කියන එක තේරුම් ගන්න මේ විඩියෝ එකයි, කමෙන්ට් ටිකයි බලන්න.

    සුපිරි නූල..

    මමත් ගත්තනෙ ඉඩමක්. ඒකෙ එක මායිමකින් පොඩි ඇළක් යනව, මගේ ප්ලෑන් එකේ ඇළ රක්ශිතයක් වෙන් කරල තියෙනව...
    දැන් රජයෙන් අලුත් ඔප්පු දෙන්න මනින එවුන් ඒක ලකුණු කරගෙන නෑ. දැන් උන්ට කියල ආයෙ මන්නගන්න වෙනව. ඔප්පුව එන්න කල්පාන්තරයක් යයි වගේ...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,353
    13,954
    113
    අහන්න කලින් උත්තර දන්නම්, එක පාර බිසි උනා, ඊට පස්සේ දවස් ගානක් මේකට එන්න ටයිම් නැති උනා. එකත් එක්කම තේරුනා EK එකත් මෙලෝ රහක් නැති වෙලාව කන ප්ලේස් එකක් කියලා. ඉන්න දෙතුන් දෙනෙක් ඇරෙන්න වැඩි හරිය ලොස් පොන්නයෝ ටිකක් ඉන්නෙ. හැබැයි පහු ගිය ටිකේ "අද කොහොමහරි යන්න ඕනා ඒ පැත්තේ" ගගා හිතුවට හැමදාම මිස් උනා. ඒත් අද හිතුවා පොඩ්ඩක් ඔලුව දාල යන්න.

    මගේ ෆේක් මුකුත් නෑ 🤭 🤭 . කලින් කිව්ව වගේ ආවොත් එන්නේ මේකෙන්, නැත්තන් නෑ 😎😎

    මොකො වෙන්නේ ඉතින්? ෆේල් පොන්නයෝ කීයක් විතර respawn උනාද?

    කොමෙන්ට් ටිකක් දාපල්ලා, වෙලාවක් තිබ්බොත් බලන්නම්.

    ආ පොන්ස් දැන් එලකිරිය කාලේ කන තැනක් කියල හිතෙන්නේ නැද්ද? :rofl:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,929
    71,157
    113
    තව බලන්න ඕනෙ දෙයක් තමයි ඇල මාර්ගයක් යනව නම් රෙසවේශන් තියන්න ඕනෙ.
    ඇල මාර්ග කියන්නෙ ස්වබාවික ඒවද නැත්ත අර වතුර බහින්න කපන ලොකු කානුද?

    සුපිරි නූල..

    මමත් ගත්තනෙ ඉඩමක්. ඒකෙ එක මායිමකින් පොඩි ඇළක් යනව, මගේ ප්ලෑන් එකේ ඇළ රක්ශිතයක් වෙන් කරල තියෙනව...
    දැන් රජයෙන් අලුත් ඔප්පු දෙන්න මනින එවුන් ඒක ලකුණු කරගෙන නෑ. දැන් උන්ට කියල ආයෙ මන්නගන්න වෙනව. ඔප්පුව එන්න කල්පාන්තරයක් යයි වගේ...
    අනිත් ආතල් එක තමා RDA එක අනුව A B කියලා පාරවල් තියෙනවා. A කියන්නෙ ගාලු පාර වගේ ප්‍රදාන පාරවල්. ඔය දෙක අයින්ගෙ ගෙයක් ගහනවානම් මැද ඉඳන් අඩි 50ක් තියෙන්න ඕනා බිල්ඩිම පටන් ගන්න තැනට.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    ඔය කියල තියෙන විදිහට මචන් පර්චස් 6ක් ගත්තොත් තට්ටු තුනක් හදනව නම් එක තට්ටුවකට උපරිම යන්න පුළුවන් වර්ග අඩි 550ක් වගෙ නේ. (2:3 සයිස් එකේ ඉඩමක් නම්)

    මචන් මේකට අදාලව ගැසට් කරපු ෆයිල් එකක් හරි වගේ දෙයක් තියෙනව නම් එවන්න පුළුවන්ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,929
    71,157
    113
    ඔය කියල තියෙන විදිහට මචන් පර්චස් 6ක් ගත්තොත් තට්ටු තුනක් හදනව නම් එක තට්ටුවකට උපරිම යන්න පුළුවන් වර්ග අඩි 550ක් වගෙ නේ. (2:3 සයිස් එකේ ඉඩමක් නම්)

    මචන් මේකට අදාලව ගැසට් කරපු ෆයිල් එකක් හරි වගේ දෙයක් තියෙනව නම් එවන්න පුළුවන්ද?
    එච්චර අයින් වෙනවද? නෑනේද? ඉඩමේ හැඩේ අනුව තමා ඉතින්. මම ඉඩමක් බැලුවා 61 x 28. පලල අඩු පැත්ත තමා ලොකු පාරට මූනලා තියෙන්නෙ. එකේ එක පැත්තක තවා පොඩි පාරක්, අනිත් පැත්ත ගෙදරක්. එතන ෆුල් බිලිඩින් ඒරියා එක වර්ග අඩි 870ක්ද කොහෙද (බ්ලයින්ඩ් වොල් කරන්නෙ නැතුව)

    ගැසට් නම් දන්නෙ නෑ මචන්, ඕනම නගර/ප්‍රාදේශීය සබාවක අනුමත apply කරන්න දෙන document එකේ මේ විස්තර තියෙනවා
     
    • Like
    Reactions: casc_rokz