කොන්ඩදෙනියේ හාමුදුරුවන්ටත් වඩා වැඩ්ඩේක් නේ බලන් ගියාම උඹ.දැනට අවුරුදු 15කට විතර කලින් වෙච්චි සිද්ධියක්. දවසක් මට මගේ ගුරු හාමුදුරුවන්ගෙන් හදිසි පණිවුඩයක් ලැබුණා වහාම ඇවිත් උන් වහන්සේව බැහැදකින්න කියලා. ඒ වෙනකොට උන්වහන්සේ අවුරුදු 96ක වගේ බෝම වයෝවෘධ වයසක හිටියේ. මම උන්වහන්සේව බැහැදකින්න ගියාම මගේ අතට පුස්කොළ කේන්ද්‍ර පතක් දීලා කිවුවා දරුවෝ මේ මගේ ගෝල නමකගේ ජන්ම පත්‍රය. උන්දෑ බෝම අසනීප වෙලා දිඹුලාගල පැත්තේ කැලේ පන්සලක ඉන්නේ හෙටම ගිහින් පිළියමක් කරන්න කියලා. මමත් එහෙයි ගුරු හාමුදුරුවනේ කියලා එහෙමම ඉඳගෙන ඒ කේන්දරේ විස්තර බැලුවම දැක්කා ඉතාම දුර්ලභ වගේම අන්තිම දරුණු එරාෂ්ටක අපලයක් ලබලා කියලා. ඒ වෙලාවේ මගේ දැනුමට අනුව තේරුණා මේ ජන්මියාගේ ජීවිතය බේරගන්න බැරි බව. මම ඒ බව ගුරු හාමුදුරුවන්ට කිවුවාම උන්වහන්සේ මට කිවුවා
"උන්දැව මහණ කොලෙත් මම කේන්දර බලලා. අඩු වයසෙන් නැහෙන්නේ නෑ. උඹල ගෙහුං මම කිවුව දේ කොරමු" කියල. මම එහෙයි ගුරු හාමුදුරුවනේ කියලා පිළිඅරගෙන පහුවදා පාන්දරින් දිඹුලාගල යන්න පිටත් වුනා. දිඹුලාගලටත් එහා සිරිපුර පැත්තට වෙන්න කැලේට ගිය පන්සලක්. අමු කට්ටක් කාලා පාර හොයාගෙන ගියේ. පට්ට මුකලාන. ඉර බහිනකොටම මහ එකාලා රංචු පිටින් එළිබහිනවා
පන්සලක් කිවුවට පොඩි ගල් ගුහාවක් ඇතුලේ කුටියක්. දර මැස්සක් වගේ එකක් උඩ හාමුදුරු නමක් උඩුබැලි අතට සිවුරක් පෙරවගෙන නිදාගෙන ඉන්නවා. තලතුනා දායකයෝ (ගං වැද්දෝ වගේ) තුන් දෙනෙකුයි තව කුදු ගැහුණ නාකි උන්දැ කෙනෙකුයි ඒ ළඟ ඉන්නවා. මාව දැක්කම ඒ අය සෑහෙන කලබල වුනා. මම එයාලට ගුරු හාමුදුරුවෝ ගැන කියල මාව හඳුන්වල දුන්නම අර නාකි මනුස්සය මගේ ලගට ඇවිත් කරේ දාගෙන හිටිය ලේන්සුවත් අතට අරගෙන "මහත්තය මම වේදරාල කෙනෙක්. මම තමයි මුන්වහන්සේට දැන් වෙදකම් කරන්නේ. ආණ්ඩුවේ ඉස්පිරිතාලේ හොඳ කරන්න බෑ කියල හරෝල එවල තියෙන්නේ. මම දන්න සාත්තරේට ත් මේක හොඳ කරන්න බෑ. ගෙනාපු කරුම අනුව නොවැ ගෙවන්න තියෙන්නේ. මොනව කොරන්න ද හිත හදාගම්මු" කියල. එතකොට මම කිවුවා මගෙත් මතය ඒකම තමයි හැබැයි අපේ ගුරු හාමුදුරුවෝ කියන්නේ වෙන කතාවක්. මට උන්වහන්සේගේ අනුශාසනාවට පිටින් යන්න බෑ. ඒ නිසා මට උදවු කරන්න කියල. ඒක ඇහුවම උන්දැගේ මුනේ පොඩි එළියක් වැටුනා.
"අනේ මහත්තය එහෙමනම් කියන්න ඕනම දෙයක් මම කරන්නම්. ජීවිතයක් ගොඩ දාගන්න නේ"
හිටපු අයට කියල අවශ්‍ය පොඩි දේවල් ටිකක් කැලෙන්ම හොයාගෙන මල් යහන තියාගෙන මම වැඩේ පටන් ගත්තා. ඒ අතර වේදරාල හිඳපු කසාය අනිත් බේත් හේත් සේරම ආශිර්වාද කරලා උන්දැට කිවුවා වෙදකම පටන් ගන්න කියල. අනිත් අයත් කුටිය ඉස්සරහ ලොකු ගිණි මැලයක් ගහල එළිය ආරක්ෂාව දුන්නා. වෙදරාළ හාමුදුරුවන්ගේ සිවුර ඉවත් කරද්දී මම දැක්කේ තනිකරම මළමිනියක් වගේ. ශරීර කුඩුව ඇට සැකිල්ලක් වගේ දිරාපත් වෙලා. මම ගුරු හාමුදුරුවන්ගේ අනුශාසනාව විශ්වාස කරගෙන හිත දිරිමත් කරගෙන වැඩේ කරගෙන ගියා. වෙදරාළ ත් ලෙඩාට සාත්තු කරනවා. පාන්දර ජාමේ වගේ වෙද්දී මම ලෙඩාට නුල් ගැටගහල තෙල් ගාලා සෙත් ශාන්තිය කරලා ඉවර වෙලා අපි එළිවෙනකල් ලෙඩා ළඟ බලාගෙන හිටියා. උදේ ඉර පැයුවම මම වේදරාලට කිවුව ලෙඩාව ටිකක් බලන්න කියලා. උන්දැ ලෙඩාගේ නාඩි අල්ලලා බලල මහා පුදුමයකින් වගේ මගේ දිහා බැලුවා. ඒ මුණේ පුදුම සතුටක් තිබුණේ. උන්දැ මගේ ලඟට ඇවිත්
"බුදු මහත්තයෝ මම හිතාගෙන උන්නේ අද පාන්දර ඇටිකුබ්බ අඩද්දී මුන්නාන්සේ අහවරයි කියල. හත් බුදුවරු බුදුවෙන පාන්දරක් නොවැ මේ!!"
වෙදරාළ එහෙම කියල අර හාමුදුරුවෝ ළඟ දණ ගහගෙන තුන්පාරක් නැමී නැමී වැන්දා. ආයෙම මගේ ළඟට ඇවිත් මගේ අත් දෙක අල්ලගෙන
"දැන් ඉතින් කරන්න ඕන ඉතුරු වෙදකම මම දන්නවා මහත්තයෝ. මුන්නාන්සේ නැගිටිනවා සත්තයි!" කියල මාරම සතුටකින් කිවුවේ.
දවස් දෙක යද්දී ලෙඩා නැගිට්ටා. ඒ කරපු උපකාරේට තෑග්ගක් විදියට තමයි ඒ හාමුදුරුවෝ මට අර තෙල් කරඬුව දුන්නේ.
ලෙඩා සනීප වුන බව ඇහුවම අපේ ගුරු හාමුදුරුවෝ බෝම පැහැදුණා.
"උඹහැ තමා මගේ අතිජාත ගෝලයා" කියල උන්නාන්සේ මට කෙනෙක් මැරෙන දවස හරියටම ගණන් ගන්න ගුරු මුෂ්ටිය ඉගැන්නුවා![]()
නවකතා පොත් ලිව්වොත් හොදට විකුණා ගන්න පුළුවන් වේවි.

නිකන් දෙන ලක්ෂ 20 එපා කිව්ව එකනම් මෝඩ කමක්..