බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවාද

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවා කියන පෝස්ට් එකට මාව ටැග් කරලා තිබ්බා Akash Thilanka Jayawardena විසින්..

    ඒකට ඌණ පූර්ණයක් විදියට මේ කාරණා එකතු කරනවා...

    මෙහෙමයි,

    බුද්ධ ධර්මය අහපු ගමන් හිටපු මිනිස්සු සෝවාන් වුණා කියන කතාව අසම්පූර්ණ කතාවක්.
    ඒක භාශාව කියන කාරණය මත ලඝු කරන්නට බැහැ.
    ඒකට මේ වගේ කාරණා කිහිපයකම බලපෑම තියනවා.

    🔅 කර්ම යාන්ත්‍රණයේ සැකැස්ම

    සෝවාන් වෙන්න තරම් පාරමිතා පූරණයක් කරලා තිබ්බ අය තමයි සෝවාන් වුණේ.
    ඒ කියන්නෙ කර්ම ඵල අනුව ඒ ඒ පුද්ගලයාගෙ සන්තානයන් සෝවාන් ඵලය අවබෝධ කරගන්න සමත්වෙලා තිබුණා...
    අනෙක් අතට බුදු කෙනෙක් පහලවන තුරු සංසාරයේ කුසල් රැස් කරමින් ඇවිද යන අය කර්මයේ බලපෑමෙන් බුද්ධෝත්පාද කාලයේම පහලවෙනවා...

    🔅 බුද්ධකාලීන සමාජයේ පැවති ආධ්‍යාත්මික දියුණුව

    සිද්ධාර්ථ කුමාරයා ඉපදෙන්න කලින් බලන පස්මහ බැලුම් වල කාලය, දීපය , දේශය කියන කරුණු තුන මෙතනදි වැදගත් වෙනවා...
    ඒ වන විටත් ලෝකයේ තිබුණ පෙරදිග විද්‍යාවන්ගේ උපරිම තලයට දඹදිව ලඟාවෙලා තිබුණා..
    අපි භවාග්‍රය කියලා සලකන , නේවසංඥානාසංඥායතනය කියන හතර වෙනි අසංඥ තලය වෙනකල් විමුක්තිය ලැබිය හැකි භාවනා ක්‍රම ඒ වෙද්දි දියුණු වෙලා තිබුණා...

    උද්දක රාම පුත්‍රගේ ඉගැන්වීම් වලින් සිදුහත් තවුසා නේවසංඥානාසංඥායතනය තෙක් විමුක්තිය ඉගෙනගෙන, එතනට එහා යන විමුක්තියක් සොයමින් සිටියා...
    ඔය අන්තිම අසංඥ තලයේ සුවය නිවනට ආසන්නයි කියලා සඳහන් වෙන්නෙ.
    නමුත් එතන සංඥාවක පැවතීම අතිශය සියුම් නිසා බොහෝ දෙනා ඒක පරම විමුක්තිය ලෙස විශ්වාස කලා...
    බුදුන් වහන්සේ තමයි ඒ තලයෙන් පසුවත් නැවත සංසාර චක්‍රයට වැටිය හැකි බව දැක්ක ශාස්තෲන්වහන්සේ.
    ඒ නිසා බුදුන්වහන්සේ බුදු බව ලැබූ පළමුව ධර්මය දේශනා කරන්න හෙවුවෙ මේ ආළාරකාලාම සහ උද්දක රාම පුත්‍ර කියන ගුරුවරුන්ව...
    ඒ ඇයි?
    ඔවුන්ට එය අවබෝධ කිරීම පුහුදුන් පෘතග්ජනයාට වඩා ළඟ නිසා...
    මේ වෙද්දි පැවතුන පෙරදිග විද්‍යාවන් විසින් මනස සම්බන්ධ ගණුදෙනුව ඉතාමත්ම ඉහළින් ප්‍රගුණ කරලා තිබුණා.

    දෘශ්ඨිවාද ලෙස සෙසු දෘශ්ඨින් 62 ක් පැවතුන බව බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් වෙනවා...
    නමුත් මතක තියාගන්න මේ දෘශ්ඨිවාදයන් සහ ඔවුන් ලබා සිටි යථාර්ථයන්ගේ ප්‍රත්‍යක්ශ දැනීම් අද ලෝකයට වඩා විශාල වශයෙන් පුලුල්..

    ඒ වගේම අවුරුදු දහස් ගණනක් පැරණි වෛදික දැනුම් සම්භාරයම ඔවුන් සතුව තිබුණා...
    ඒ නිසාම නිර්වාණය , මෝක්ශය පිළිබඳ අදහස ග්‍රහණය කරගැනීමේ ශක්‍යතාව ඒ වනවිට භාරතීය සමාජයේ විශාල වශයෙන් පැවතුණා...
    මීට අමතරව තවත් මූලික කාරණා තියනවා බුද්ධ කාලීන සමාජයේ සෝවාන් බවට පත්වුණ ශ්‍රාවකයන් වැඩි වීමට.

    🔅බුදුන්ගේ දේශනා ප්‍රාතිහාර්ය

    බුද්ධ දේශනා ප්‍රාතිහාර්ය ගැන විශාල විස්තරයක් කරන්න පුලුවන්. නමුත් මේ ලිපිය දිග වැඩිවෙන නිසා රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් විසින් රචිත සූවිසි මහා ගුණයේ බුදු ගුණ පරිච්චේදයන්හි මෙම බුදුන්වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය කොටස වැඩි දුර කියවන්න කියලා ඉල්ලා සිටිනවා...

    🔅 බුද්ධකාලීන භාරතීය ආර්ථික සමාජීය ජීවන රටාව

    ඒ වෙද්දි භාරතීය සමාජය විසින් භෞතික දියුණුවට වඩා ආධ්‍යාත්මික දියුණුවක් අත්පත්කරගෙන තිබුණා...
    ආධ්‍යාත්මික දියුණුව නැත්නම් සුවය භෞතික සුවය ඉක්මවා සිටිනවා.
    මේක විශ්වාස නැත්නම් භෞතික සියලුම සුවයන් අත් හැරලා මානසික සුවයක් පමණක් ලබන්න මත් ද්‍රව්‍ය භාවිතා කරන කෙනෙක් ගැන සිතා බලන්න...
    ඔහුට මත්වීමෙන් ලබන මානසික සුඛාස්වාදය හැරුණහම වෙනත් මිල මුදල්, යාන වාහන, ස්ත්‍රීන් , සුවපහසු සයනයන්, රාජ භෝජන කිසිවක් අදාල වෙන්නෙ නෑ..
    නමුත් මත්ද්‍රව්‍ය හරහා ලබන අවිඥානික සුවයට වඩා විතක්ක, විචාර, ප්‍රීති, සුඛ ලෙස භාවනාමය වශයෙන් සවිඥානිකව ලබන සුවයේ ස්වභාවය බලවත්.
    ඒ නිසාම ඒ සමාජය මූලික අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසුව මානසිකව ලබන සුවයන් කෙරෙහි කේන්ද්‍රගතව පවතින සමාජයක් බිහිව තිබුණා...
    ඔවුන්ගේ ජීවන ක්‍රමයේ වන ප්‍රශස්ථ ලෙස හඳුන්වන අවුරුදු 40 න් පසුව වනගතව ජීවත්වන කාලයක් තිබුණා...
    බ්‍රාහ්මණ සමාජය සමාජ ස්ථරයේ ඉහලින් පැවතීම සහ ආගමික සංස්ථාව විසින් ආචාරධර්මයන්ගේ සීමා නිර්ණය කිරීම නිසා සමස්ථ සමාජයම භෞතික දියුණුවට වඩා මෙම ආධ්‍යාත්මය මූලික කරගත් ජීවන රටාවකට හුරුවී තිබුණා..
    ඒ කාරණා අනුවත් සෝවාන් වීම දුලබ නොවීමට ඒ කාලයේ සමාජයේ ආර්ථික , සමාජීය සහ සංස්කෘතික බලපෑම සකස් වී තිබුණා...

    🔅භාශාවේ බලපෑම

    භාශාව කියන කාරණය ගත්තොත්, ඔව් භාශාව කෙතරම් සමීපද කියන කාරණය ඕනෑම කාරණයක් ග්‍රහණය කරගන්න බලපානවා.

    ඒ වගේම ලෝකෙ සමහර භාශාවන් තියනවා ඒ භාශාවේ වාග් විද්‍යාව (Linguistics) හරහා භෞතිකවාදී කරුණු තේරුම් ගන්න පහසුයි.

    සමහර භාශාවන්ගෙන් භෞතිකය තුල නොපවත්නා මනෝභාවික ප්‍රපංචයන් ර්හේරුම් ගැනීම පහසුයි...

    සාරාංශයක් විදියට කියනවා නම් බුද්ධ කාලීන සමයේ සෝවාන් වීමට දේශනාව සිදු කල භාශාව කියන්නෙ එක් කාරණයක් පමණයි.

    කර්ම යාන්ත්‍රණයේ සැකැස්ම ,බුදුන්ගේ දේශනා ප්‍රාතිහාර්ය , සමාජ ආර්ථික පසුබිම, දේශපාලනික සංස්කෘතික කාරණා, සමකාලීන දැනුම් පද්ධති , ජීවන රටාවන් ආදිය සෝවාන් වූවන්ගේ ප්‍රමාණය වැඩිවීමට බලපානවා...

    - තුෂිත් දිසානායක -
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    1,975
    1,673
    113
    අන්තිම අසංඥ තලයේ සුවය නිවනට ආසන්නයි කියලා සඳහන් වෙන්නෙ.

    නැහැ. ඒක නිකන් "සසරයි නිවනයි එක වගේ" කියලා කියනවා වගේ.

    නිරෝධ සමාපත්තියයි, අනුපාදිශේෂ නිවන යි තමයි නිවන.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    1,975
    1,673
    113
    සෝවාන් කියලා එකක් නැද්ද , නැත්නම් ඔය හිතින් හදාගෙන ඉන්න එක ම නෙවෙයි ද කියල කොහොම ද දන්නේ ?

    සෝවාන් කියලා එකක් හම්බෙන්නැහැ කාටවත්. ධර්මය හම්බෙන්නේ. ධර්මය කියන එකටම ඕනෙනම් ත්‍රිලක්ෂණය කියන්න පුලුවන්. නැත්තම් පටිච්ච සමුප්පාදය කියන්න පුලුවන්. චතුරාර්ය සත්‍ය කියන්නත් පුලුවන්.

    නැති වෙන සංයෝජන ධර්ම පිළිවෙලට තමයි සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරිහත් කියලා බෙදලා තියෙන්නේ.

    සෝවාන් වෙන කෙනෙක්ට සක්කාය දිට්ටිය නැති වෙනවා. සත්ත්ව, පුද්ගල දෘෂ්ටිය නැති වෙනවා. ඉතින් එහෙම කෙනෙක් මොනවා, කොහේ හොයන්නද? හම්බෙන්න බැරි දෙයක් හොයන එකම මෝඩකම කියලා, "මෝඩකම* ප්‍රඤා ගෝචර වෙන්නේ එහෙම කෙනෙක්ට. ඔය මෝඩකම සම්පූර්ණෙන් නැති වුනහම රහත් වෙනවා.

    දැන් ඉන්න උන් කරන්නේ හිතින් මවාගෙන ඉන්න එක්ක ලැබෙනකන් බලන් ඉන්නව

    ඕක බුදුන්ම දේශනා කරලා තියෙනවා *මඤ්ඤණාව* කියලා. අසෘතවත් පෘථග්ජන ස්වභාවය එහෙම තමයි.

    ඒකත් හරියට නිස්චිතව මේ වගේ දෙයක් කියලා කාටවත් කියන්න බා . එක එකා එක එක විදියට ඕක හිතන් ඉන්නේ පැහැදිලි කරන්නේ . ලබාගත්ත එකෙකුත් නෑ අන්තිමේ . ලබාගත්ත අය ඉන්නෙත් කතා වල විතරයි

    තමන් තුලින් අවබෝධ කර ගන්න ඕනේ දෙයක් උබ එලියේ ලෞකික අත්දැකීමකින් හොයන එක උබේ මෝඩකම. හම්බෙන්නැහැ නෙමෙයි, හම්බෙන්න බැහැ කොහොමත්.

    අනිත් අයගෙන් වැඩක් නැ සත්‍යක් තමන් හොයනවනම්, සත්‍ය හොයන කෙනාට ආර්යපර්යේශනට නිසි ගුණාංග ඌ තුලම වැඩෙනවා. ඌම සීලය, ගුණධර්ම හදාගෙන හික්මෙනවා. එහෙම එකෙක්ට තමයි එලියෙන් බලලා හොයන්න බැරි පරප්‍රත්‍ය හම්බුනාම ගන්න පුලුවන් වෙන්නේ.

    එහෙමත් බැරි අසෘතවත් පෘථග්ජනයෙක්ට ආදිබ්‍රහ්මචරියාව, බෝධිපාක්ෂික ධර්ම, සීලයේ ඉදන් දේශනා කරේ මහා කරුණාව නිසාම තමයි.

    උබ "ඉදමේව සච්චං මෝඝ මඤ්ඤං" වල ඉදන් තර්ක කරන්නේ ධර්මය ගැන. ඒකත් දහම් පාසල් පොත් ටිකකින් පාඩම් කරපු තියරි ටිකක් අල්ලන්. ඉතින් රහතන් වහන්සේ කෙනෙක් කිව්වත් උබට ධර්මය අවබෝධ වෙන්නැහැ. දන්නැති දෙයක් අහගන්නේ/ හෙයන්නේ කියන තැන නෙමෙයි උබ ඉන්නේ. බුදු හාමුදුරුවෝවත් හිටියනම් මහා කරුණාව නිසා ඔය ඔලුව බස්සලා ධර්මය අවබෝධ වෙන විදිහට ධර්මය දේශනා කරයි. දැන් ඉතින් බුදු කෙනෙක් ජීවමාන නැහැ. තමන් හික්මිලා, තමන්ගේ qualities හදගත්තේ නැත්තම් මේ කපේට හම්බෙන ධර්මයක් නැ.

    බුදුන් වහන්සේ වැඩසිටි සමයේ සෝවාන් වූ පුද්ගලයන් වැඩි වීමට භාශාව බලපෑවා කියන පෝස්ට් එකට මාව ටැග් කරලා තිබ්බා Akash Thilanka Jayawardena විසින්..

    ඒකාලේ වැඩියි දැන් අඩුයි කියන්නේ "කතන්දර"

    සතර මහා ධාතුවෙන් පනවන්න බැහැ කියලා දේශනා කරලා තියෙද්දී කාලයක්, අවකාශයකින් පැනවෙනවා කියලා පේන්නේ මාරයා කියලා තේරුම් අරන් යන පාත් එක වැරදියි කියලා තේරුම් ගන්න ඕනේ.
    ------ Post added on Mar 12, 2026 at 1:20 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,879
    163,848
    113
    එකමත් එක රටක
    සෝවාන් කියලා එකක් හම්බෙන්නැහැ කාටවත්. ධර්මය හම්බෙන්නේ. ධර්මය කියන එකටම ඕනෙනම් ත්‍රිලක්ෂණය කියන්න පුලුවන්. නැත්තම් පටිච්ච සමුප්පාදය කියන්න පුලුවන්. චතුරාර්ය සත්‍ය කියන්නත් පුලුවන්.

    නැති වෙන සංයෝජන ධර්ම පිළිවෙලට තමයි සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරිහත් කියලා බෙදලා තියෙන්නේ.

    සෝවාන් වෙන කෙනෙක්ට සක්කාය දිට්ටිය නැති වෙනවා. සත්ත්ව, පුද්ගල දෘෂ්ටිය නැති වෙනවා. ඉතින් එහෙම කෙනෙක් මොනවා, කොහේ හොයන්නද? හම්බෙන්න බැරි දෙයක් හොයන එකම මෝඩකම කියලා, "මෝඩකම* ප්‍රඤා ගෝචර වෙන්නේ එහෙම කෙනෙක්ට. ඔය මෝඩකම සම්පූර්ණෙන් නැති වුනහම රහත් වෙනවා.

    ඕක බුදුන්ම දේශනා කරලා තියෙනවා *මඤ්ඤණාව* කියලා. අසෘතවත් පෘථග්ජන ස්වභාවය එහෙම තමයි.

    තමන් තුලින් අවබෝධ කර ගන්න ඕනේ දෙයක් උබ එලියේ ලෞකික අත්දැකීමකින් හොයන එක උබේ මෝඩකම. හම්බෙන්නැහැ නෙමෙයි, හම්බෙන්න බැහැ කොහොමත්.

    අනිත් අයගෙන් වැඩක් නැ සත්‍යක් තමන් හොයනවනම්, සත්‍ය හොයන කෙනාට ආර්යපර්යේශනට නිසි ගුණාංග ඌ තුලම වැඩෙනවා. ඌම සීලය, ගුණධර්ම හදාගෙන හික්මෙනවා. එහෙම එකෙක්ට තමයි එලියෙන් බලලා හොයන්න බැරි පරප්‍රත්‍ය හම්බුනාම ගන්න පුලුවන් වෙන්නේ.

    එහෙමත් බැරි අසෘතවත් පෘථග්ජනයෙක්ට ආදිබ්‍රහ්මචරියාව, බෝධිපාක්ෂික ධර්ම, සීලයේ ඉදන් දේශනා කරේ මහා කරුණාව නිසාම තමයි.

    උබ "ඉදමේව සච්චං මෝඝ මඤ්ඤං" වල ඉදන් තර්ක කරන්නේ ධර්මය ගැන. ඒකත් දහම් පාසල් පොත් ටිකකින් පාඩම් කරපු තියරි ටිකක් අල්ලන්. ඉතින් රහතන් වහන්සේ කෙනෙක් කිව්වත් උබට ධර්මය අවබෝධ වෙන්නැහැ. දන්නැති දෙයක් අහගන්නේ/ හෙයන්නේ කියන තැන නෙමෙයි උබ ඉන්නේ. බුදු හාමුදුරුවෝවත් හිටියනම් මහා කරුණාව නිසා ඔය ඔලුව බස්සලා ධර්මය අවබෝධ වෙන විදිහට ධර්මය දේශනා කරයි. දැන් ඉතින් බුදු කෙනෙක් ජීවමාන නැහැ. තමන් හික්මිලා, තමන්ගේ qualities හදගත්තේ නැත්තම් මේ කපේට හම්බෙන ධර්මයක් නැ.

    ඒකාලේ වැඩියි දැන් අඩුයි කියන්නේ "කතන්දර"

    සතර මහා ධාතුවෙන් පනවන්න බැහැ කියලා දේශනා කරලා තියෙද්දී කාලයක්, අවකාශයකින් පැනවෙනවා කියලා පේන්නේ මාරයා කියලා තේරුම් අරන් යන පාත් එක වැරදියි කියලා තේරුම් ගන්න ඕනේ.
    ------ Post added on Mar 12, 2026 at 1:20 PM
    පුලුවන් නම් සෝවාන් වෙලා හරි සෝවාන් වෙලා ඉන්න කෙනෙක් පෙන්නපන් .
    එතකන් ඕවා නිකන්ම ආගමික ෆැන්ටසි විතරයි
     
    මට මේක කියපං.

    දැනුම හැදෙන හැටි ගැන තියෙන සූත්‍රයක් මොකක් හරි දෙයක් ත්‍රිපිටකය ඇතුලේ තියෙනවද ධර්මකීර්ති හමුදුරුවෝ වගේ අය පස්සේ කාලේ ඉදිරිපත් කර්පු මත වලට අමතරව
     
    • Like
    Reactions: NRTG

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    1,975
    1,673
    113
    මට මේක කියපං.

    දැනුම හැදෙන හැටි ගැන තියෙන සූත්‍රයක් මොකක් හරි දෙයක් ත්‍රිපිටකය ඇතුලේ තියෙනවද ධර්මකීර්ති හමුදුරුවෝ වගේ අය පස්සේ කාලේ ඉදිරිපත් කර්පු මත වලට අමතරව

    හැම සූත්‍රෙකම සකස් වීම තමයි පෙන්වන්නේ. සකස් වීම හරියට දකින එක තමයි ත්‍රිලක්ෂණය/ චතුරාර්ය සත්‍යය/ පටිච්ච සමුප්පාදය දැක්කා වෙන්නේ.

    දැනුම හැදෙන්නේ දිට්ටිය උඩ. දිට්ටිය තියෙනකන්, සංකල්ප වෙනස් කර ගන්න එක තමයි පෘථග්ජන කෙනෙන් සූත්‍රයක් තනියෙන් කියවද්දි වෙන්නේ ගොඩක් වෙලාවට. ඒ නිසා බන අහපන් පුලුවන් තරම්. බන අහද්දි තියෙන්න ඕනේ qualities නැතුව බන අහලත් වැඩක් නැහැ.

    පර ප්‍රත්‍ය කියන එක අනිත් කෙනාට දෙන්න පුලුවන් වෙන්නත් ඕනේ, තමන්ට ගන්න පුලුවන් වෙන්නත් ඕනේ. අපි ගන්න පුලුවන්කම හදාගද්දි, දෙන්න පුලුවන් අය කොහොමත් හම්බෙනවා.

    දැනුම හැදෙන හැටි ගැන තියෙන සූත්‍රයක්

    උදා. මේක ගන්න. සෝවාන් ඉදන් රහත් වෙනකන්ම යන්න පුලුවන් මේ සූත්‍රය හරියට විසදගත්තොත්.

    පුලුවන් නම් සෝවාන් වෙලා හරි සෝවාන් වෙලා ඉන්න කෙනෙක් පෙන්නපන් .
    එතකන් ඕවා නිකන්ම ආගමික ෆැන්ටසි විතරයි

    උබගේ සිගිති ආතල් මන් entertain කරන්නෙත් නැහැ, ආර්යයන් වහන්සේ කෙනෙක් කරන්නෙත් නැහැ. කලින් දාපු හෑල්ල හරියට කියවලා ගත යුතු දේ ගත්තනම්, උබ ඔය ප්‍රශ්නේ අහන්නෙත් නැහැ.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,879
    163,848
    113
    එකමත් එක රටක
    උබගේ සිගිති ආතල් මන් entertain කරන්නෙත් නැහැ, ආර්යයන් වහන්සේ කෙනෙක් කරන්නෙක් නැහැ. කලින් දාපු හෑල්ල හරියට කියවලා ගන්න ඕනේ ගත්තනම් උබ ඔය ප්‍රශ්නේ අහන්නෙත් නැහැ.
    උබල තමයි ඔය සිගිති ආගමික ෆැන්ටසි ආතල් එකක් ගන්නේ කිසිම ප්‍රයෝගික කමක් නැති . .
    නිකන්ම මානසික කතාවක් විතරයි .
    පුලුවන් නම් ලෝකේ බිලියන 8න් එකෙක් පෙන්නපන් ඕක ලබාගෙන ඉන්න
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    1,975
    1,673
    113
    උබල තමයි ඔය සිගිති ආගමික ෆැන්ටසි ආතල් එකක් ගන්නේ කිසිම ප්‍රයෝගික කමක් නැති . .
    නිකන්ම මානසික කතාවක් විතරයි .
    පුලුවන් නම් ලෝකේ බිලියන 8න් එකෙක් පෙන්නපන් ඕක ලබාගෙන ඉන්න

    උබ ඇත්ත කියලා හිතන එක (විද්‍යාව, philosophy, ඕන දෙයක්) factualize කරලා පෙන්නපන්කෝ මුලින්. එදාට සෝවාන් වෙච්ච කෙනෙක් පෙන්නන්නම්.

    එතකන් උබ කියන ඒවත් මානසික කතා තමයි. මානසික කතා ටිකක් ඇත්ත කරන්, ඒවට සාපේක්ෂව අනිත් උන්ගේ මානසික කතා වල වැරදි හොයන්න යන එක ඔක්කොටම වැඩිය මානසික අවුලක්.

    කතන්දර ඔක්කොම කතන්දරනම් conflicts එන්න විදිහක් නැ.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,879
    163,848
    113
    එකමත් එක රටක
    උබ ඇත්ත කියලා හිතන එක (විද්‍යාව, philosophy, ඕන දෙයක්) factualize කරලා පෙන්නපන්කෝ මුලින්. එදාට සෝවාන් වෙච්ච කෙනෙක් පෙන්නන්නම්.

    එතකන් උබ කියන ඒවත් මානසික කතා තමයි. මානසික කතා ටිකක් ඇත්ත කරන්, ඒවට සාපේක්ෂව අනිත් උන්ගේ මානසික කතා වල වැරදි හොයන්න යන එක ඔක්කොටම වැඩිය මානසික අවුලක්.

    කතන්දර ඔක්කොම කතන්දරනම් conflicts එන්න විදිහක් නැ.
    ඒවා කතා උනාට ප්‍රායෝගිකයි යකෝ .
    මේවා එහෙම ද ?
    කිසි එකෙක්ට ප්‍රයෝගික ප්‍රතිපල නැති එක එක ආගමික හිතළු . . !!
    විද්යාවේ කතා පාවිච්චි කරල වෙන්න තියන දේවල predict කරන්න පුලුවන් වෙන්නේ ඒවා ප්‍රක්ටික්ල් නිසා .. ආගම් කතා එහෙම නෙවෙයි . හැමෝටම පොදු ත් නැ .
    එක එකා ගේ විශ්වාස විතරමයි .
    ඔච්චර බයිලා එපා . .. බිලියන 8 ඇතුලේ උබල ඔය හරියටම කරන විදිය දන්නා දේ කරල සෝවාන් වෙලා ඉන්න එකෙක් පෙන්නපන් .
     
    • Like
    Reactions: jennt

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    1,975
    1,673
    113
    විද්යාවේ කතා පාවිච්චි කරල වෙන්න තියන දේවල predict කරන්න පුලුවන් වෙන්නේ ඒවා ප්‍රක්ටික්ල් නිසා ..

    අද ගල් කැටයක් මගෙ වහලෙට වැටෙනවා. හෙටත් වැටෙනවා. මාසයක් එක දිගට වැටෙනවා. අවුරුද්දක් වැටෙනවා. හැමදාම එකම වෙලාවට වැටෙන්නේ. ඕක දිහා මන් බලන් කියනවා හෙටත් ගලක් වැටෙයි කියලා ඒ වෙලාවටම. ඕක තමයි උබ කියන මහලොකු විද්‍යාව.
    වෙන දේ නිරීක්ෂණය වෙන මටට්මට සාපේක්ෂව බලන් "මෙහෙම වෙනවා ඇති" කියන එක. *නිරීක්ෂණය* කියන තැනම limited කියන එක අමතක කරලා තමයි පේන දේ අර්ථකතනය කරන්න හදන්නේ.
    සාපේක්ෂව බලලා කවදාවත් ගල ගැනවත්, ගල වැටෙන්නේ ඇයි කියලවත් හොයලා ඉවර කරන්න වෙන්නැහැ. එන්න එන්න නිරීක්ෂණ මට්ටම පුළුල් වෙද්දි පේන දේවල් වැඩි වෙනවා. කලින් පෙනුන කතාව, අලුතෙන් හම්බුන දේවලුත් දාලා ලියනවා. ඔය සිමාව ඉවරයක් වෙන්නැහැ. කදන්දරේ ලියලා ඉවර කරන්න බැහැ.

    වෙන්නේ මොකක්ද කියලා හරියට දකින එක තමයි ධහම. ඒ දකින්න උඩ *ගල වැටෙනවා* කියලා දැක්ක ඉන්ද්‍රිය මට්ටමෙන් නෙමෙයි. ප්‍රඤාවෙන්. ඉන්ද්‍රිය මට්ටමෙන් කවදාවත් වෙන්නේ මොකක්ද කියලා බලන්න බැහැ.

    එක එකා ගේ විශ්වාස විතරමයි .

    පේනවා, ඇහෙනවා, දැනෙනවා, හිතෙනවා කියන්නෙත් විශ්වාස තමයි :lol:

    බිලියන 8 ඇතුලේ උබල ඔය හරියටම කරන විදිය දන්නා දේ කරල සෝවාන් වෙලා ඉන්න එකෙක් පෙන්නපන් .
    ⬇️
    උබ ඇත්ත කියලා හිතන එක (විද්‍යාව, philosophy, ඕන දෙයක්) factualize කරලා පෙන්නපන්කෝ මුලින්. එදාට සෝවාන් වෙච්ච කෙනෙක් පෙන්නන්නම්.

    ඔච්චර බයිලා එපා . ..

    බයිලා උබ තමයි ගහන්නේ. මන් කිව්වේ උබ කියන එක factualize කරපන්, සෝවාන් කෙනෙක් පෙන්නන්නම් කියලා.

    "ප්‍රයෝගිකයි" කියන්නෙත් ආයේම,
    විශ්වාස විතරමයි .
    ------ Post added on Mar 12, 2026 at 5:00 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,879
    163,848
    113
    එකමත් එක රටක
    අද ගල් කැටයක් මගෙ වහලෙට වැටෙනවා. හෙටත් වැටෙනවා. මාසයක් එක දිගට වැටෙනවා. අවුරුද්දක් වැටෙනවා. හැමදාම එකම වෙලාවට වැටෙන්නේ. ඕක දිහා මන් බලන් කියනවා හෙටත් ගලක් වැටෙයි කියලා ඒ වෙලාවටම. ඕක තමයි උබ කියන මහලොකු විද්‍යාව.
    ලබ්බක් කියන්නේ නැතුව ඉදපන් බන් .
    නිරීක්ෂණයක් වෙච්ච පලියට ඒ නිරික්ශනේ හැමතිස්සෙම එනව කියලා අනුමාන කරගෙන ඉන්න එක නෙවෙයි විද්‍යාව .
    නිරීක්ෂණයට එහෙම වෙන්නේ ඇයි කියලා පැහැදිලි කරන එක .
    උබේ ගල් කැටේ වගේ නෙවෙයි ඒක වැඩ කරන්නේ . :lol:
    ගල් කැටේ කොහොමද එහෙම වැටෙන්නේ , කියලා හොයාගෙන ගිහින් තමයි තහවුරු කර ගන්නේ . එහෙම නැතුව ව්ටිච්ච පලියට හෙටත් වැටෙයි කියන්නේ නෑ .
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    1,975
    1,673
    113
    ලබ්බක් කියන්නේ නැතුව ඉදපන් බන් .
    නිරීක්ෂණයක් වෙච්ච පලියට ඒ නිරික්ශනේ හැමතිස්සෙම එනව කියලා අනුමාන කරගෙන ඉන්න එක නෙවෙයි විද්‍යාව .
    නිරීක්ෂණයට එහෙම වෙන්නේ ඇයි කියලා පැහැදිලි කරන එක .
    උබේ ගල් කැටේ වගේ නෙවෙයි ඒක වැඩ කරන්නේ . :lol:
    ගල් කැටේ කොහොමද එහෙම වැටෙන්නේ , කියලා හොයාගෙන ගිහින් තමයි තහවුරු කර ගන්නේ . එහෙම නැතුව ව්ටිච්ච පලියට හෙටත් වැටෙයි කියන්නේ නෑ .

    නිරීක්ෂණය කියන්නෙම අනුමානයක් තමයි. නිරීක්ෂණය ඇත්ත කරන් තමයි ඉතුරු ටික කන්ටිනූ වෙන්නේ.

    ගල් කැටේ ගත්තේ උදාහරණයකට.

    Science rests on foundational, often unproven, assumptions: reality exists, nature is orderly, and phenomena have natural, consistent causes
    ------ Post added on Mar 12, 2026 at 6:28 PM
     
    • Like
    Reactions: elektro and nipund

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,879
    163,848
    113
    එකමත් එක රටක
    නිරීක්ෂණය කියන්නෙම අනුමානයක් තමයි. නිරීක්ෂණය ඇත්ත කරන් තමයි ඉතුරු ටික කන්ටිනූ වෙන්නේ.

    ගල් කැටේ ගත්තේ උදාහරණයකට.

    Science rests on foundational, often unproven, assumptions: reality exists, nature is orderly, and phenomena have natural, consistent causes
    ------ Post added on Mar 12, 2026 at 6:28 PM
    ඕව ප්‍රායෝගිකයි , ප්‍රයෝජනවත් යකෝ . . එච්චරයි .
    ඔය ආගමික ෆැන්ටසි කතා ඒවා අහද්දී විතරක් උබල මනෝ පාරක් ගහන්න හොදයි . එතනින් එහාට කිසි එකෙක්ට වැඩක් නෑ .
    ආයිත් ඒ කතන්දරේ අහන එක නවත්තුවම සාමාන්‍ය ලෝකෙට එනව . . ආයිත් කොහේ හරි තියන ෆැන්ටසි කතා වක් අහද්දී ආයිත් මනෝ පාරක් ගහනව .
    :lol: 🤌
    ඕක නෙවෙයි ද උබ කරන්නේ කියලා පොඩ්ඩක් හිතල බලපං .
     
    • Like
    Reactions: jennt

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    1,975
    1,673
    113
    ඕව ප්‍රායෝගිකයි , ප්‍රයෝජනවත් යකෝ . . එච්චරයි .
    ඔය ආගමික ෆැන්ටසි කතා ඒවා අහද්දී විතරක් උබල මනෝ පාරක් ගහන්න හොදයි . එතනින් එහාට කිසි එකෙක්ට වැඩක් නෑ .
    ආයිත් ඒ කතන්දරේ අහන එක නවත්තුවම සාමාන්‍ය ලෝකෙට එනව . . ආයිත් කොහේ හරි තියන ෆැන්ටසි කතා වක් අහද්දී ආයිත් මනෝ පාරක් ගහනව .
    :lol: 🤌
    ඕක නෙවෙයි ද උබ කරන්නේ කියලා පොඩ්ඩක් හිතල බලපං .

    මනෝ ගහන අයට එහෙම වෙන්නැති. මනෝ ගහන්න මාර්ගයක් පෙන්නලා නැහැ. මාර්ගයේ යන අයට ඵල ලැබෙයි. ඔය උබ දහම් පාසල් පොත් ටිකක් කියවලා කරන එකටනම් කියන්නේ මනෝ ගහනවා කියලා තමයි.
     
    • Haha
    • Like
    Reactions: Tz4400 and dilann