SLT Fiber New Connection Help

ruvi777cute

Well-known member
  • Sep 25, 2014
    2,085
    875
    113
    33
    Srilanka
    Hi

    Mang 4G router witharai Use karala tiyane (dialog & SLT).. day time ekin 20mbps ekta ediyen experiance ekk ne

    lagadi rent ekata move una, ethanin dilaog 4g nam signal neththama ne, slt 4g router tikak weda karanawa ,eeth speed adui

    SLT Fiber ekata yanne adahasakin inne.. Rs.5900/ unlimited ekata

    aluth connection ekka gannakota monawda balanne one. ?

    100 Mbps/50 Mbps kiyala tamai SLT website ekin kiyaane (50 Mbps ekta aduwen awoth monwd karanne?) , eth samara EK post wala tiyanwa 5G router ekata 300Mbps enawa kiyala

    SLT connection gannakota 5G router denna kiyala request karanna onida ?

    mata masakata 500GB+ anivaren use wenawa

    Connection gannakota kiyakda gevanna one ?

    PLS GUYS HELP ME
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    මගේ තියෙන්නේ SLT ෆයිබර් එකක්.

    දැන් අවුරුදු ගානක් වෙනවා.

    මම නං දැන් Trio Shine කියන පැකේජ් එක යූස් කරන්නේ.

    වයිෆයි වලින් තමයි PC, ෆෝන් කනෙක්ට් වෙන්නේ ඉන්ටනෙට් යන්න.

    ස්පීඩ් එක නං ඔය කියන තරං එන්නේ නැහැ.

    සමහර විට රවුටර් එක 5G නොවන නිසා වෙන්න ඇති.

    අවුරුදු කාලේ වගේ ප්‍රොමෝෂන් දෙයි. එතකොට අඩුවට දෙයි කනෙක්ෂන් එක.

    මම ගත්තු කාලේ නං නිකන්ම දුන්නේ ෆයිබර් එක
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,627
    11,618
    113
    Fiber aran computer ekata ethernet wire gahala use karapan. Bari nam wenama 5Ghz or up wifi router ekak gaha ganin..
    Rs 5000 tath ona tharam 5Ghz wifi router thiyanawa, slt ekama ganna ona na..
     
    • Like
    Reactions: ruvi777cute

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    I am using 100/50 fiber unlimited for a while now. It is very good, very stable connection always getting 95+/45+ speed
    no any limitation, no data cap, torrents works

    very happy with the connection
     
    • Like
    Reactions: ruvi777cute

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,082
    1,146
    113
    mama giya sathiye wage gatte... speed nam oya kiyana tharam naha.. phone 3i,, laptop thunaii.... general line ekayii.. tab ekayiii use karanawa.. awulak nha.. danata 80GB use kara... thawa matath 500GB ynawa maseta....
     
    • Like
    Reactions: ruvi777cute

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,720
    1,512
    113
    Aulak na ganna , most time 80mbps ta wada wadiyen download speed enwa, upload speed ekath enwa stable, oyage rent ekata inna gedara aithikarayagen ahanna kamak nadda kiyala order eka danna kalin, samahara aya kamathi na , eya aulak naththam aulak na , call ekak deela kiyanna ,
     
    • Like
    Reactions: ruvi777cute

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    SLT Fiber ekata yanne adahasakin inne.. Rs.5900/ unlimited ekata

    aluth connection ekka gannakota monawda balanne one. ?
    වයර්ලස් නෙවෙයි නිසා එච්චර බලන්න, වදවෙන්න දෙයක් නැහැ.

    Connection gannakota kiyakda gevanna one ?

    Fibre (FTTx) - රු.12,500
    Fibre (XGS-PON) - රු. 20,000
    (1 Gbps)

    වෙනත් අමතර ගෙවීම් නැහැ. ස්ථාවර දුරකථනයක් අවශ්‍ය නම් වෙනම ශාඛාවෙන් හෝ SLT ලයිෆ් ස්ටෝර් එකෙන් ගන්න ඕන. ඒක ONT පෝට් එකට ඒ එක්ක හම්බවෙන කේබල් එකෙන් සම්බන්ධ කරගන්න පුළුවන්.

    https://lifestore.lk/categories/telephones
    https://lifestore.lk/categories/telephones/cordless

    SLT connection gannakota 5G router denna kiyala request karanna onida ?

    ෆයිබර් වලට රවුටර් එකක් දෙන්නේ නැහැ. ඉස්සර ONT සහ රවුටර් කියලා උපාංග දෙකක් දුන්න ද දන්නේ නැහැ.

    එයාලා දෙන ONT උපාංගයේ වයිෆයි 2.4 GHz සහ 5 GHz දෙකම තියනවා. ගන්නකොට නිකමට ONT එකේ 5 GHz වයිෆයි බෑන්ඩ් එක තියනවා ද කියලා අහලා බලන්න.

    ඔයාට ඊතර්නෙට් කේබල් එකක් ONT එකට ගහලා පාවිචිචි කරන්නත් පුළුවන්. ඒක වඩාත් හොඳයි වගේම ගෙදර අයගේ සෞඛ්‍යටත් හොඳයි. ☺️

    100 Mbps/50 Mbps kiyala tamai SLT website ekin kiyaane (50 Mbps ekta aduwen awoth monwd karanne?) , eth samara EK post wala tiyanwa 5G router ekata 300Mbps enawa kiyala
    පැකේජ් එක අනුව ලැබෙන දෙයක්. https://slt.lk/en/broadband/packages

    වේගය ගොඩක් අඩු ප්‍රශ්න තියෙන්නේ පරණ SLT උපාංග, පරණ පරිගණක, ලැප්ටොප්, ජංගම දුරකථන පාවිචිචි කරන අයට තමයි.

    කලාතුරකින් SLT එකේ අය දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ ප්‍රදේශයකට දෙන ධාරිතාවට වඩා වැඩියෙන් ගෙවල් සම්බන්ධ කළාම හෝ දැනට ඉන්න අය වැඩි වේගයක් දෙන පැකේජ් වලට මාරු වුනාම ඔය ගැටලුව එන්න පුළුවන්. තමන්ගේ පරිගණක, දුරකථනත් මෑත කාලයේ අළුත් ඒවා නම් එකපාරක් දෙපාරක් කිව්වම අහන්නේ නැතිනම් පිනට නෙමෙයි අපි ෆයිබර් ගන්නේ කියලා හදාගන්න ඕන. මොකද වයර්ලස් (3G/4G/5G) වලට වගේ සමාගමට අවුරුදු ගාණකට විසඳන්න අමාරු ලෝක ප්‍රස්න නැහැ.

    100 Mbps/50 Mbps kiyala tamai SLT website ekin kiyaane (50 Mbps ekta aduwen awoth monwd karanne?
    50 Mbps? ඔයාට අප්ලෝඩ් වේගය ද වැදගත්?

    ළඟම තියන නඩත්තු කාර්යාලයට ගිහින් GPS පෙන්නලා ඇහුවොත් ඔයාට ෆයිබර් ගන්න බලාපොරොත්තු වෙන ගෙදරට දෙන්න ඉඩ තියනවද? පිරිලා වගේ නම් දැනට සාමාන්‍යයෙන් දෙන්න පුළුවන් වේගය කොහොමද හෝ ඔයාට ඕන වේගය සති හෝ මාස කීයකින් හදලා දෙන්න පුළුවන් ද කියලා හරියටම ඒ වෙලාවෙම දැනගන්න පුළුවන්. ඒ ගැන කියන්න පුළුවන් අය ඉන්න ශාඛා සමහර විට ඇති. SLT කේබල් නඩත්තු කාර්යාල වලට තමයි ඔයාට විස්තරාත්මක උත්තරයක් දෙන්න පුළුවන්.

    ඔයා ඉන්න පැත්තේ ෆයිබර් පාවිච්චි කරන අය අඩු නම් ලොකු වියදමක් යනවා තව කට්ටිය හිටිය නම් හොඳයි කියලා ටිකක් පස්ස ගහන්න බලනවා. ඔයා කුලියට ඉන්න කෙනෙක් නිසා මඟහරින්න ඉඩ තියනවා. මොකද ඔයා ගිය දාට SLT එකට පාඩුයි.

    කේබල් නඩත්තු කාර්යාල වලට කටින් ගේ තියන තැන කිව්වම එයාලා ලැප්ටොප් එකකින් බල බලා හෝ අනිත් අයගෙන් අහ අහා සෑහෙන වෙලාවක් දඟලනවා. ඒ නිසා අහනවා නම් නිවැරදිව ගෙදර තියන තැන GPS පෙන්නන්න. අහලා ගත්තම කිසි කරදරයකුත් නැහැ.

    Mang 4G router witharai Use karala tiyane (dialog & SLT).. day time ekin 20mbps ekta ediyen experiance ekk ne
    මම ඩයලොග් 4G වලින් ෆයිබර් වලට මාරු වුනේ 90-100 Mbps වේගයක් තියෙද්දි.

    (2024 මැයි එලකිරියේම නූලක පළකරන්න ඩයලොග් 4G වේගය බැලුව වතාවක තිරසේයා)

    1773336122107.png

    1773336140693.png
     
    Last edited:
    • Like
    Reactions: ruvi777cute

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,085
    875
    113
    33
    Srilanka
    වයර්ලස් නෙවෙයි නිසා එච්චර බලන්න, වදවෙන්න දෙයක් නැහැ.

    Fibre (FTTx) - රු.12,500
    Fibre (XGS-PON) - රු. 20,000
    (1 Gbps)

    වෙනත් අමතර ගෙවීම් නැහැ. ස්ථාවර දුරකථනයක් අවශ්‍ය නම් වෙනම ශාඛාවෙන් හෝ SLT ලයිෆ් ස්ටෝර් එකෙන් ගන්න ඕන. ඒක ONT port එකට ඒ එක්ක හම්බවෙන කේබල් එකෙන් සම්බන්ධ කරගන්න පුළුවන්.

    https://lifestore.lk/categories/telephones
    https://lifestore.lk/categories/telephones/cordless

    ෆයිබර් වලට රවුටර් එකක් දෙන්නේ නැහැ. ඉස්සර ONT සහ රවුටර් කියලා උපාංග දෙකක් දුන්නද දන්නේ නැහැ.

    එයාලා දෙන ONT උපාංගයේ වයිෆයි 2.4 GHz සහ 5 GHz දෙකම තියනවා. ගන්නකොට නිකමට ONT එකේ 5 GHz වයිෆයි බෑන්ඩ් එක තියනවා ද කියලා අහලා බලන්න.

    ඔයාට ඊතර්නෙට් කේබල් එකක් ONT එකට ගහලා පාවිචිචි කරන්නත් පුළුවන්. ඒක වඩාත් හොඳයි වගේම ගෙදර අයගේ සෞඛ්‍යටත් හොඳයි. ☺️

    පැකේජ් එක අනුව ලැබෙන දෙයක්. https://slt.lk/en/broadband/packages

    වේගය අඩු ප්‍රශ්න තියෙන්නේ පරණ SLT උපාංග, පරණ පරිගණක, ලැප්ටොප්, ජංගම දුරකථන පාවිචිචි කරන අයට තමයි.

    කලාතුරකින් SLT එකේ අය දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ ප්‍රදේශයකට දෙන ධාරිතාවට වඩා වැඩියෙන් ගෙවල් සම්බන්ධ කළාම හෝ දැනට ඉන්න අය වැඩි වේගයක් දෙන පැකේජ් වලට මාරු වුනාම ඔය ගැටලුව එන්න පුළුවන්. තමන්ගේ පරිගණ, දුරකථනත් මෑත කාලයේ අළුත් ඒවා නම් එකපාරක් දෙපාරක් කිව්වම අහන්නේ නැතිනම් පිනට නෙමෙයි අපි ෆයිබර් ගන්නේ කියලා හදාගන්න ඕන. මොකද වයර්ලස් (3G/4G/5G) වලට වගේ සමාගමට අවුරුදු ගාණකට විසඳන්න අමාරු ලෝක ප්‍රස්න නැහැ.

    50 Mbps? ඔයාට අප්ලෝඩ් වේගය ද වැදගත්?

    ළඟම තියන නඩත්තු කාර්යාලයට ගිහින් GPS පෙන්නලා ඇහුවොත් ඔයාට ෆයිබර් ගන්න බලාපොරොත්තු වෙන ගෙදරට දෙන්න ඉඩ තියනවද? පිරිලා වගේ නම් දැනට සාමාන්‍යයෙන් දෙන්න පුළුවන් වේගය කොහොමද හෝ ඔයාට ඕන වේගය සති හෝ මාස කීයකින් හදලා දෙන්න පුළුවන් ද කියලා හරියටම ඒ වෙලාවෙම දැනගන්න පුළුවන්. ඒ ගැන කියන්න පුළුවන් අය ඉන්න ශාඛා සමහර විට ඇති. SLT කේබල් නඩත්තු කාර්යාල වලට තමයි ඔයාට විස්තරාත්මක උත්තරයක් දෙන්න පුළුවන්.

    ඔයා ඉන්න පැත්තේ ෆයිබර් පාවිච්චි කරන අය අඩු නම් ලොකු වියදමක් යනවා තව කට්ටිය හිටිය නම් හොඳයි කියලා ටිකක් පස්ස ගහන්න බලනවා. ඔයා කුලියට ඉන්න කෙනෙක් නිසා මඟහරින්න ඉඩ තියනවා. මොකද ඔයා ගිය දාට SLT එකට පාඩුයි.

    කේබල් නඩත්තු කාර්යාල වලට කටින් ගේ තියන තැන කිව්වම එයාලා ලැප්ටොප් එකකින් බල බලා හෝ අනිත් අයගෙන් අහ අහා සෑහෙන වෙලාවක් දඟලනවා. ඒ නිසා අහනවා නම් නිවැරදිව ගෙදර තියන තැන GPS පෙන්නන්න. අහලා ගත්තම කිසි කරදරයකුත් නැහැ.

    මම ඩයලොග් 4G වලින් ෆයිබර් වලට මාරු වුනේ 90-100 Mbps වේගයක් තියෙද්දි.

    (2024 මැයි එලකිරියේම නූලක පළකරන්න ඩයලොග් 4G වේගය බැලුව වතාවක තිරසේයා)

    View attachment 263612
    View attachment 263613
    godak isthithi machan reply ekata

    Rent ekata inna nisha fiber line eka mage namata ganna amaruda ? owner gen permission ganna oneda ? nettam ownerge namata da ganna one ?
    ------ Post added on Mar 12, 2026 at 11:29 PM
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    Rent ekata inna nisha fiber line eka mage namata ganna amaruda ? owner gen permission ganna oneda ? nettam ownerge namata da ganna one ?
    ඒක SLT එකට ප්‍රශ්නයක් නෙවෙයි. එයාලට කාගෙන්වත් බාධාවක් නැතිව ගෙදරට කේබල් අදින්න පුළුවන් නම් සහ කවුරුහරි හරියට මාසික බිල ගෙවනවා නම් එච්චරයි.

    ගෙදර අයිතිකාරයා කචල් පුද්ගලයෙක් නෙවෙයි නම් පැහැදිලිව කතා කරලා අවසර ගන්න. පස්සේ ලෙඩ දාගන්න ඉඩ තියාගන්න එපා. SLT එකට වයර් එක දැනට තියන කණුවකින් ගෙදරට ගන්න අමාරු නම් එයාලා ගේ ඉස්සරහා පාරේ හෝ ඉඩම ඇතුලේ කණුවක් හිටවන්න ඉඩ තියනවා. ඊළඟට බිත්තිය දිගට චූටි ඇණ ගහලා ඔයාට ONT එක තියාගන්න අවශ්‍ය තැනට වයර් එක අරන් එනවා. සාමාන්‍යයෙන් ONT එකත් බිත්තියට හයි කරනවා (wall mount). එහෙම තියන එක ගොඩක් හොඳයි, නැත්නම් විටින් විට පෙරලිලා අන්තිමට කෙළවෙන්න ඉඩ තියනවා. ONT කියන්නේ රවුටරයක ප්‍රමාණයේ උපාංගයක්.

    ONT එක රූපවාහිනිය තියන තැනින් හයි කරගන්න. නැත්නම් ඔයාට පස්සේ දවසක peo tv හෝ ස්ථාවර දුරකථනයක් පාවිච්චි කරන්න ඕන වුනොත් අමාරුවේ වැටෙනවා. අවශ්‍ය නම් ONT එකේ ඉඳන් කාමරයට cat6 ඊතර්නෙට් කේබල් එකක් ඇදගන්න පුළුවන්. (ඒක SLT අය කරන්නේ නැහැ. ඔයාට ඕන දිගට කඩෙන් cat6 කේබල් ගන්න පුළුවන්); නැත්නම් ONT එකේ 2.4GHZ / 5 GHz වයිෆයි පාවිච්චි කරන්න.

    ගෙදරින් යන දවසක සම්බන්ධතාවය අවලංගු කරලා හෝ අයිතිකාරයා කැමති නම් දෙන්නම ශාඛාවට ගිහින් එයාගේ නමට පවරලා යන්න පුළුවන්. (ඒ ගැනත් ගෙදර අයිතිකාරයාට කියන්න).

    හැබැයි ඔයාට තවත් තැනකට ගියාම ආයෙමත් අළුතින් සම්බන්ධතාවක් ගන්න වෙනවා. SLT එක සල්ලි ආපහු දෙන්නේ හෝ ONT, peo tv යන තැනකට අරන් ගියා කියලා ගාණ අඩු කරන්නේ නැහැ; ඒ නිසා ගෙදර දීර්ඝ කාලයක් ඉන්න පුළුවන් වෙයි ද කියලා නිශ්චය කරගන්න. විශ්වාස නැත්නම් සිග්නල් වැඩිපුර තියන ඩයලොග් හෝ SLT 4G රවුටරයක් පාවිච්චි කරන්න. කුලියට ඉන්න විට පාඩු/අවාසි තියනවා තමයි.

    මේ කලින් මෙගාලයින් (ADSL) වෙනත් තැනකට අරන් යනවට අය කළ ගාස්තු. අළුත් සම්බන්ධතාවක් ගන්නවා මීට වඩා හොඳයි, අළුත් බඩුත් හම්බවෙනවා. දැන් ADSL අතහැරලා දාන්න යන දෙයක්.

    Screenshot from 2026-03-13 00-25-57.png
     
    Last edited:
    • Love
    Reactions: ruvi777cute

    Musk99

    Junior member
  • Apr 9, 2021
    45
    39
    18
    Maseta 500GB+ use karapu packages monawada kalin?

    Mamath use kare SLT 4g router ekak (Unlimited flash 10) gedra iddi.

    Dan rent ekata move una, ethanata SLT upload speed eka mn anthimai (0.1Mbps), Download nam 10 - 20Mbps athara thiyenwa

    Mama Unlock route eka gatta, eken hutch try kra, unge spend hodai (Down and Up dekama 30Mbps+ wage pennanwa) habai consistent naha, ekiyanne samahara welawata speed eka 0i, YT video ekk balannwath baha (routereka restart krama thamai hariyanne)

    dan daws 4kta kalin Dialog router sim ekk genth dagatta - eka nam stable and speed ekath shape (me dan 2:25AM)
    1773348874279.png

    Man fiber ekakat nogiye gedara giyham wada kragann wenam router ekk hari packge ekk hari use krann wena nisa - sathiyak witra gedara ghin wada krann wage yaddi amarui, fiber line eka aran yann bahane 😑, me wage case ekk nattan fiber ekakt yanna, nattam gewann starlink mini ekkgattath hari (aran yann puluwan nisa)
     
    Last edited:
    • Like
    Reactions: ruvi777cute

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,085
    875
    113
    33
    Srilanka
    Maseta 500GB+ use karapu packages monawada kalin?

    Mamath use kare SLT 4g router ekak (Unlimited flash 5) gedra iddi.

    Dan rent ekata move una, ethanata SLT upload speed eka mn anthimai (0.1Mbps), Download nam 10 - 20Mbps athara thiyenwa

    Mama Unlock route eka gatta, eken hutch try kra, unge spend hodai (Down and Up dekama 30Mbps+ wage pennanwa) habai consistent naha, ekiyanne samahara welawata speed eka 0i, YT video ekk balannwath baha (routereka restart krama thamai hariyanne)

    dan daws 4kta kalin Dialog router sim ekk genth dagatta - eka nam stable and speed ekath shape (me dan 2:25AM)View attachment 263621

    Man fiber ekakat nogiye gedara giyham wada kragann wenam router ekk hari packge ekk hari use krann wena nisa - sathiyak witra gedara ghin wada krann wage yaddi amarui, fiber line eka aran yann bahane 😑, me wage case ekk nattan fiber ekakt yanna, nattam gewann starlink mini ekkgattath hari (aran yann puluwan nisa)

    Machan oyata wage thamai matah..

    parana ge gawa dialog tamai weda kare.. aluth ge laga dialog singnel ZERO,

    mang gawa dilaog 4g Post paid ekai (monthly 10k pay karana eka) SLT pre paid ekk ku thiyanawa.
    Normally freelance + extra income widiiyata Home base tamai weda karane (eliyata yanawanam router eka arn yanawa)

    Dilaog 420GB ekin YT, ETC full free, Den 170GB ekata maru una (mekata addon dala pavichi karana eka mata labai).. Problem eka Fiber hera anith okkom kochara data dunnoth wedk ne Speed nettam...
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    SLT mobitel dekama eka nemaida ?
    සමාගම් දෙකක් නමුත් SLTMobitel තමයි. SLT යටතේ ස්ථාවර, මොබිටෙල් යටතේ ජංගම / රැහැන් රහිත සේවා. @raman2 රජයේ ව්‍යාපාර වලට ආදරේ කෙනෙක් වෙන්න ඕන. :lol::love:

    ප.ලි.: ඩයලොග්, හච් වගේ සමාගම් දෙකක් කියලා අදහසක් ඉස්සර මිනිස්සුන්ගේ ඔලුවේ තිබුණේ. මේකලා SLTMobitel කියලා නම හදලා සමාගම් දෙකම කෑවා. දැන් ආපහු සන්නාමය ඉස්සර තිබුණ විදිහට හදන්න යනවා.

    මං කැමති SLT එකෙන් ස්ථාවර සහ ජංගම සේවා දෙකම දෙනවට සහ මොබිටෙල් එකෙන් නමේ හැටියට ජංගම සේවා දිගටම දෙන්න පුළුවන්.

    කලින් SLTMobitel නම දානකොට අපි එකතු වුණා කියලා මඟුල් ගෙයක් වගේ කිරිබත් කෑවනේ. දැන් වෙන් වෙනකොට විරහ ගී රාත්‍රියක් වගේ වැඩසටහනක් සංවිධානය කරන්නේ නැද්ද කියලා අහන්න කවුරුවත් නෑනේ. 😄 අඩුම තරමේ මොබිටෙල් නැතිවුණා කියලා සුදු කොඩියක්වත් දාන්නේ නැද්ද දන්නේ නෑ. 😌
     
    Musk99

    Junior member
  • Apr 9, 2021
    45
    39
    18
    Machan oyata wage thamai matah..

    parana ge gawa dialog tamai weda kare.. aluth ge laga dialog singnel ZERO,

    mang gawa dilaog 4g Post paid ekai (monthly 10k pay karana eka) SLT pre paid ekk ku thiyanawa.
    Normally freelance + extra income widiiyata Home base tamai weda karane (eliyata yanawanam router eka arn yanawa)

    Dilaog 420GB ekin YT, ETC full free, Den 170GB ekata maru una (mekata addon dala pavichi karana eka mata labai).. Problem eka Fiber hera anith okkom kochara data dunnoth wedk ne Speed nettam...
    Dialog, SLT dekatama complain dala balanna, mokak hari kragann puluwanda kiyla

    Starlink mini ekak gann eka aulda? Speed hodaine, Unlimited and 10000t aduwen package ekak thyewane.

    Initial cost (69,000) eka thamai poddk wadi - ekath credit card thyenwa nm singer eken gewann gann puluwan

    nattam fiber ekak aran eliyta yaddi wenama packge ekk use krann wenwa

    wena solution ekk nahane
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    SLT Land line and Peo TV tiyenawa nam fiber gaddi connection fee eka kohomada? new year ekata discount ehema deida?