1.ක්‍රීඩකයින්ට සහ පුහුණු කාර්යමණඩලයේ සාමාජිකයින්ට අසභ්‍ය වචන තහනම්.එය උල්ලංඝනය කලහොත් ඊට එරෙහිව දඩ මුදල් පැනවේ...
2.ක්‍රීඩකයින් සමාජ මාධ්‍යය භාවිතයේදී කණ්ඩායම් ආචාර ධර්මවලට පටහැනිව හෝ කණ්ඩායමේ සහජීවනය අඩපණ කරන ආකාරයෙන් කටයුතු කිරීම තහනම්...
3.සමාජ මාධ්‍යය යොදා ගෙන ගෙවීම් සිදු කරමින් සිය ප්‍රතිරූපය ඉහළ දැමීම හෝ ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීම තහනම්...
4.තරඟ,පුහුණුවීම් හෝ සංචාර අතරවාරයේදී ස්ටඩ් හෝ වෙනත් ආකාරයේ කරාබු පැළඳීම තහනම්...
5.ක්‍රීඩකයින් සහ පුහුණු කාර්යමණඩලයේ සාමාජිකයින් ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණීමේදි කොට කලිසම් සහ සෙරෙප්පු පැළඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හමුවීමට අවසර නැත...
6.වෘත්තීය වගකීම්වලට බාධාවක් නොවන පරිදි තම සහකාරිය සමඟ පමණක් සබඳතා පැවැත්වීමට අවසර...
රහස් තොරතුරු ලබාගැනීම හෝ වංචා සහ තරඟ පාවාදීම සඳහා පොලඹවා හැනීම අරමුණු කරගනිමින් සිදුකරන ලිංගික පෙළඹවීම් ආදිය වැලැක්වීම සඳහා ක්‍රීඩකයින්ට,පුහුණු කාර්යමණඩලයට වාරණ පැනවීමටද කටයුතු කර ඇත...

