අවුරුදු ගානකට කලින් මරා ගෙන්නපු කොච්චි වලත් තියෙනවා අබාධිත අයට යන්න වෙන් කරපු තැන්. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ ප්ලැට්ෆෝම් ගොඩක් පහළ නිසා පොල් ගස් නගිනවා වගේ නගින්න ඕන. සමහර තැන් වල ඒවා උස්සල හදල තියෙනවා. එත් සම්පූර්ණ නැහැ. ඒවා තේරුම් ගන්න පුළුවන්, මොකද මේ රටේ ආදායම පඩි ගෙවන්න විතරක් වියදන් වෙන රටක්. ටැක්ස් වැඩි කළාට පස්සේ තමයි භාණ්ඩාගාරයේ ආදායම වැඩි වුනේ.