ගොකරැල්ලේ මවකට පහර දෙන පුතුන් ගැන වීඩියෝ වක් සමාජ ගත වුනා පහුගිය දවස්වල.

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,097
    2,320
    113
    ගොකරැල්ලේ මවකට පහර දෙන පුතුන් ගැන වීඩියෝ වක් සමාජ ගත වුනා පහුගිය දවස්වල.

    ඒකෙ කතාව සැකවින් මේකයි. පැටලිලි සහගත බැවින් පරිස්සමෙන් කියවන්න.

    පහර කෑ කාන්තාව ට ඇගේ පළමු සැමියාගෙන් දරුවකු සිටී. (පළමු දරුවා)

    පහර කෑ කාන්තාව ඊට පසු මැදපෙරදිග ගෘහ සේවයට යන අතර ඇගේ සැමියා සහ ඇගේ නැගණිය අතර සම්බන්ධයකින් නැගණියට දරුවකු උපදී (දෙවන දරුවා). පහර කෑ කාන්තාව මේ ගැන දැන ගන්නේ ලංකාවට ආ විටයි.

    ඉන්පසු ඇගේ පළමු සැමියා පහර කෑ කාන්තාව මෙන්ම ඇගේ නැගණියද අත හැර යයි. පහර කෑ කාන්තාව නැවත මැදපෙරදිග ගෘහ සේවයට යයි.

    අවුරුදු 8 කට පසු පහර කෑ කාන්තාව නැවත ලංකාවට පැමිණ දෙවන විවාහයක් කර ගන්නා අතර ඉන් ඇයට එම විවාහයෙබ් තවත් දරුවකු ලැබේ. (තුන්වන දරුවා). පසුව දෙවන සැමියාද ඇය අතහැර යයි. පහර කෑ කාන්තාව නැවත මැදපෙරදිග ගෘහ සේවයට යයි.

    අවුරුදු 8 කට පසු නැවත පැමිණෙන පහර කෑ කාන්තාව තුන්වන විවාහය කරගන්නා අතර ඉන් ඇයට දරුවකු උපදී (දැන් ඇය අවුරුදු 8ක දියණියක්)

    මේ අතර පහර කෑ කාන්තාවගේ පළමු සැමියා නැගණිය අත හැර ගිය පසු ඇය තවත් විවාහ තුනක් කරගනී. නැගණිය දැන් සිටින්නේ ඇගේ සතර වන සැමියා සමඟයි. නැගණියට ඔහුගෙන් අවුරුදු 8ක දියණියක් සිටී.

    මෙහි සඳහන් කරන දරුවන් තිදෙනාම (පහර කෑ කාන්තාවගේ පළමු සහ දෙවන විවාහයේ දරුවන් දෙදෙනා සහ ඇගේ නැගණියට ඇගේ පළමු සැමියාගෙන් ලැබුණු දරුවා) හැදී වැඩෙන්නේ පහර කෑ කාන්තාවගේ දෙමාපියන් සමඟයි. දෙවන සහ තුන්වන දරුවන් පාසල් යාමක් සිදු කර නැත. තිදෙනාම රැකියා කරන්නේ නැත. තිදෙනාම මත්ද්‍රව්‍ය ආදියට ඇබ්බැහි වී ඇති අතර සුළු සොරකම් සම්බන්ධ නඩු ඇත.

    පළමු දරුවා ට දැන් වයස 23කි. ඔහු අවුරුදු 18 න් විවාහයක් කර ගන්නා අතර ඉන් දරුවකු සිටී. ඒ විවාහය බිඳ වැටෙන අතර ඔහු තවත් විවාහයක් කර ගනී. ඒ විවාහය පවතින අතරම ඔහු මඟින් තවත් තුන්වන කාන්තාවක් (ලාබාල වයසේ) ගැබ් ගන්නා අතර ඇය සිටින්නේ සියළු දෙනා සමඟ පවුලේ මහගෙදරයි.

    මේ අතර තරුණ පිරිමි දරුවන් තිදෙනාද සිටින මේ පහර කෑ කාන්තාවගේ මවගේ නිවසට සම්භාහන සේවයක නිරත කාන්තාවකද පදිංචියට එන අතර ඊට පහර කෑ කාන්තාව කැමැත්තක් දක්වා නැත. ආරවුලට මුල ලෙස පෙනෙන්නේ එයයි.

    කාන්තාවට පහර දෙන්නේ ඇගේ මව, පියා,ඇගේ පළමු සහ දෙවන විවාහයේ දරුවන් දෙදෙනා, පළමු සැමියාගෙන් නැගණියට ලැබුණු දරුවා, නැගණිය, නැගණියගේ සතර වන සැමියා, පළමු දරුවාගේ ගැබ්බර වූ තුන්වන බිරිඳ සහ සම්බාහන සේවයේ නිරත කාන්තාවයි.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,135
    6,577
    113
    තේරෙන්නෙ නැහැ
    මේ හුටපටේ තේරෙන්න මගේ intelect කැපෑසිටි එක මදි කියලා තේරෙන්නෙ (හැබැයි Attention is all you need පේපර් එක දෙපාරක් වගේ කියවනකොට මට තේරුනා මොකද්ද සීන් එක කියලා, මේක තේරුනේ නැහැ)
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,244
    2,860
    113
    munge pawulema ewun winodanshayak widiyata karanne kasada bandina ekada koheda :confused: