- එයාර් බස් මිලදී ගැනීමේදී ගුවන් සමාගම් සිදු කළ වංචාව ලොවට හෙළිදරව් කළේ බ්‍රතාන්‍යයේ Serious Fraud Office විමර්ශකයන් විසිනි.
- ලෝකයේ රටවල් 20 ක් වංචාවට හවුල් වී තිබුණි. ශ්‍රී ලංකාවද ඒ අතර විය.
- ලංකාව වෙනුවෙන් එම වංචාව කළේ එවක මෙරට ගුවන් සේවයේ ප්‍රධානියා වූ කපිල චන්ද්‍රසේනය.
- 2015බලයට පත් වූ යහපාලන රජය මේ සම්බන්ධයෙන් විමර්ශන කළද පොලිස් නිලධාරීන් සැකකරුවන්ගේ මුදලට යට විය.
- මාලිමා රජය බලයට බලයට පත්වීමෙන් පසු විමර්ශන යළි ඇරඹුණි.
- ඒ අනුව 2026 මාර්තු 12 දින කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසම හමුවට පැමිණවූ අතර එදින ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.
- එයා බස් සමාගමින් අල්ලස් වශයෙන් ගත් මුදලින් මිලියන 60 අවස්ථා තුනකදී මහින්ද රාජපක්ෂ වෙත ලබා දුන් බවට එහිදී ඔහු කටඋත්තර දී තිබුණි.
- මාලිමා රජය අධිකරණය තුළ නඩු විසඳනවාට වඩා සමාජ ජාලා තුළ නඩු විසඳීමට උනන්දුය. ඒ අනුව, මිලියන 60ක් මහින්දට දුන් පුවත මාධ්‍ය හරහා ප්‍රචාරය කළේය.
- රංග දිසානායක සහ මාලිමා ආණ්ඩුව සූක්ෂම විමර්ශකයකු වූයේ නැත.
- කපිල චන්ද්‍රසේන රජයේ සාක්කිකරුවකු කරගැනීමට කැප වූයේ නැත.
- ඒ වෙනුවට ඔවුන් කලේ ගැලරිය පිනවීමය. එම තත්වය විත්තිකරුවන්ට වාසි විය.
- 2026 මාර්තු 18 සමන්ති කුමාරී නම් නීතිඥවරිය බන්ධනාගාර ගතව සිටි කපිල චන්ද්‍රසේන හමුවිය.
- නීතිඥවරිය කපිල චන්ද්‍රසේන හමුවූයේ මහින්ද රාජපක්ෂ පාර්ශවය වෙනුවෙනි.
- තවද 2026 මාර්තු 12 කපිල චන්ද්‍රසේනගෙන් ලබාගත් කටඋත්තර ප්‍රකාශය බියගන්වා ලබාගත් එකක් බවට දිවුරුම් පෙත්සමකට ඇය අත්සන් ගත්තේය.
- අද මහින්දගේ ආධාරකරුවන් පතුරු ගහන "එල්ලි මැරෙන කතාව" සඳහන් වූයේ එම දිවුරුම් ප්‍රකාශයේය.
- එනම් බන්ධනාගාර ගතව සිටි කපිල චන්ද්‍රසේනට එල්ලී මැරෙන කතාව දිවුරුම් පෙත්සමක ටයිප් කර එවූයේ මහින්ද විසින් යයි කීවද එය වැරදි නැත.
- මහින්ද රාජපක්ෂට අවස්ථා තුනකදී මිලියන 60ක් දුන් ප්‍රකාශය බොරු බවත් එහි සඳහන් විය.
- කපිල චන්ද්‍රසේනට ඇප ලැබුණු විට ඇපකරුවන් දෙදෙනෙකු සොයා ගැනීමට නොහැකි විය..
- එවන් පුද්ගලයෙකු, දින හයක් ඇතුළත දිවුරුම් පෙත්සමක් සකසා ඊට විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලබා දීමට සමත් වෙයිද?
- ඉන් පැහැදිලි වන්නේ කපිල චන්ද්‍රසේන පිටුපස මහින්ද රාජපක්ෂ ක්‍රියාත්මක වූ බවය.
- තවද මැයි 12 මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණි.එහිදී මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට සූදානම්ව සිටි බව වාර්තා වෙයි.
- කෙසේ වුවද මේ වන විට කපිල චන්ද්‍රසේන සියදිවි හානි කරගෙන ඇත.
- මහින්දට එරෙහිව ප්‍රධානම සාක්ෂිය දුන් පුද්ගලයා දැන් ජීවතුන් අතර නැත.
- තවද ඔහු මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් මීට පෙර ලබාදුන් කට උත්තරය බිය ගැන්වීම හරහා ලබාගත් එකක් බවට දිවුරුම් පෙත්සමක් ලබා දී ඇත.
- දැන් එයා බස් වංචාවට රාජපක්ෂ පවුල සම්බන්ධ කිරීමට හැකියාවක් නැත
Ubata terenne nadda.. me anduwata ona oka ada ada inna witarai

