ඇයි මම JETOUR T2 එකක් ගන්න තිබුන අදහස අතෑරියේ
චීනේ චෙරි සමාගම එයාලගේ යටතේ තවත් සමාගමක් පටන්ගන්නවා ඒ තමයි JETOUR . ඒකෙ වාහන ඩිසයින් කරන්න ඉතාලියේ පොෂ සමාගමේ වාහන ඩිසයින් කල කෙනාව යොදාගන්නවා. එයා ඩිසයින් කල සුපිරිම ඩිසයින් එකක් තමයි JETOUR T2 SUV රථය. මම මේක මුලින්ම දැක්කේ ඩුබායි ගිය වෙලාවේ. මුලින් හිතුවේ ඈතින් දැක්කම DEFENDER එකක් කියල. ලඟට ආවම තමයි දැක්කේ ඉස්සරහ ෂෙල් එකේ ලයිට් පත්තු වෙන නොපුරුදු අකුරු ටික. ඒ වේලාවෙ තමයි මගේ ඇහේ බබා නටන්න ගත්තේ මාරු වාහනේ කියල. මම ඕස්ට්‍රේලියාවේ ඉන්න මගේ හිතවතෙකුට කෝල් කරලා ඇහුව මේ වාහනේ ඔහේ ගාන කියාද කියල. එයා කිව්වා ඕක තාම ඔසී වල නැහැ කියල. ඉතිං කැඩුන හිතත් එක්ක මම ලංකාවට ආව.
කාලේ ගෙවිලා ගියා මෝටර් ෂෝ එකක් ආව. මම ගියා ඒක බලන්න . මෙන්න මම අර එදා දැක්ක වාහනේ තියෙනවා ෂෝ එකේ. මම පෝලිමේ ඉඳලයි ඒකට නැගල බැලුවේ. මාරම ගති. හදල තියෙනවා ලෙසටම. 1.5 L එකේ ගානත් ශේප් වගේ. මම ඇහුව මේ වාහනේ ලංකාවේ පාරවල් වලට එන්නේ කොයි කාලේද කියල. එයාල කිව්වා 2026 ජනවාරි අග පෙබරවාරි මුල වෙද්දී මේවා පාරේ දුවාවි කියල. මම හිතාගත්ත 2026 දී මම මේකක් ගන්නවා කියල. මම එහෙම හිතුවේ ඒ වෙද්දී ලංකාවේ පාරවල් වල මේ වාහන දුවාවි. දන්නා හඳුනන අයත් මේක ගනීවි. එතකොට එයාලගෙන් හොඳ නරක දැනගන්න පුළුවන් වේවි. කියල දැනුන නිසයි . කොහොම උනත් අලුත් බ්‍රෑන්ඩ් එකක්. අනෙක චීන වාහනයක්. ටොයෝටා එකක් වගේ ආයේ රීසෙල් වැලියු එකක් තියේවිද නැද්ද කියන්නත් බැහැ නේ. එහෙම හිතල මම බලාගන හිටියා.
2026 ආව. දැන් මේ වාහනේ තරඟ කරන්නේ DEFENDER එකත් එක්ක. කියන්නේ මොකක්ද ? මේක DEFENDER එකේ මිලෙන් තුනෙන් එකයි. DEFENDER එකක් ගන්න බැරි අයට DEFENDER වයිබ් එක ගන්න මේක තමයි වාහනේ. මද්‍යම පාන්තිකයාගේ DEFENDER එක. දැන් මෙහෙම කියනකොට ම මේක DEFENDER එකට වඩා පහල තැනකට වැටිලා ඉවරයි හා නැද්ද ? ඔව් මට DEFENDER එකක් ගන්න සල්ලි නැහැ.තිබ්බ නම් අම්මප මම DEFENDER එකක් ගන්නවා. එහෙමයි කියල නැතිකමට ඇයි මම JETOUR එකක් ගන්නේ. එහෙම ගත්ත කියන්නෙම මම DEFENDER රථයක් හිමියෙක් ට වඩා පහලට වැටිලා කියන එක නෙවෙයි ද ? මේ වාහනේ වෙන ඒවාත් එක්ක තරඟ කරන්න ගියේ අහවල් දේකට ද ? KIA ,HUNDAI , LANDCRUSER , MONTERO කවදාවත් ගියා ද DEFENDER එක්ක තරඟ කරන්න? නැහැ මොකද ඒවා වෙන වෙනම තලවල වාහන . ඒවා ගත්තා ම ඒවායේ ප්රෙස්ටිජ් එක ඒවා මතම පවතිනවා . මරුතියක් ගත්තත් එහෙමයි නේ . නමුත් දැන් JETOUR T 2 එකේ එකෙක් යනවා දැක්ක ගමන් මට හිතෙන්නේම අනේ පව් ඌට DEFENDER එකක් ගන්න සල්ලි තිබිල නැහැ. එකනේ ඒ වගේ වෙන එකක් අරගන තියෙන්නේ. හා නැද්ද ? ඒ නිසා මම JETOUR එකක් ගන්නේ නැහැ. එකක් ගන්න පුළුවන් උනාම මම මට DEFENDER එකක්ම ගන්නවා. අපි අපි ගැන ආඩම්බරයක් තියාගන්න පුළුවන් වෙන්න ඕන . හිඟන්නෙක් උනත් කමක් නැහැ බ්‍රෑන්ඩ් එක වෙන බ්‍රෑන්ඩ් එකක් පස්සේ දුවන්නේ නැති වාහනයක් තමයි අරගන පදින්න ඕන .