මචන්ලා උබලට මතක ඇති අවුරුදු ගානකට කලින් මම හෙන ඩිප්‍රෙස් වෙලා නින්ද යන්නෙත් නැතුව නන්නත්තාර වෙලා ඉදලා මේකේ පෝස්ට් සෙට් එකක් දැම්මා.
මට ජොබ් එකකුත් හම්බුන කතන්දරේ මේකේ දැම්මා. ත්‍රෙඩ් ඇති අවශ්‍ය අය බලන්න,
එතකොට මම මගේ ප්‍රෝගෙස් එකෙ අප්ඩේට් කරන්නයි මේ ත්‍රෙඩ් එක දාන්නේ කාට හරි අවශ්‍ය නම් මෝටිවේශන් එකක් ගන්න. මම කියන්න හදන්නේ ඕනෑම දුක කාලයක් , අනාත නන්නත්තාර කාලයක් ටික කාලයයි හොදට මොලේ කල්පනා කරලා අදිශ්ඨානයෙන් ඉදියොත් සාර්තක වෙන එක නතර කරන්න බෑ.
එතකොට මම මේ අවුරුද්දට,
01. මට රෙන්ට් එකට හම්බුන වැඩ පලක් සියලු.මැශින් සමග සල්ලි වලට ගත්තා. ( මුදලින් භාගයක් දුන්නා තව භාගයක් වාරික විදිහට ගෙවාගෙන යනවා. සම්පූර්ණ අයිතිය මට දීලා තියෙන්නේ. මිලියන 40ක වටිනාකමක් ඒකේ තියෙනවා)
2.ගෙයක් ගත්තා මිලියන 25ක් ඒකට ගියා.
(දැනට මට පරන වාහනයක් තියෙනවා.වාහනයක් ගන්න දැනට කිසිම අදහසක් නෑ මේ දේවල් දුවන්න මට සල්ලි තියා ගන්න ඕනා. මොන වගේ තත්ව ඉස්සරහට එයිද කියලා දන්නේ නැති නිසා)
3. පොඩි ස්ටාර්ටප් එකක් පටන් ගත්තා. තනියෙන් කරන්නේ. මාස එක හමාරට මිලියන 2ක සේල් එකක් කරලා තියෙනවා. (ලාබය නෙවේ ආදායම). මේක මම ගොඩක් හිතලා හිතලා ෆේස්බුක් පේජ් එකක් හදලා දුවනවද කියලා බලලා කරපු වැඩක්. වැඩේ දුවනවා. ඒකේ ලොක්කත් මම , සේවකයත් මම, පෝන් කෝල් ඕඩර් බාර ගන්න පැක් කරන එකත් මම.
මට මේ දේවල් තනියම නම් කර ගන්න බෑ ගෙදර අම්මා , තාත්තා , සහෝදරයන් උදව් කරනවා හරි හරියට ඒ අයත් මහන්සි වෙනවා.
මේකෙන් ගන්න පුලුවන් දෙයක් තියෙනවා නම් ගන්න. නවතින්නේ නැතුව වැඩ කරන්න. ප්‍රශ්න විතරක්ම බලන්න එපා නිතරම ප්‍රශ්නෙට උත්තරයක් කොහෙන් හරි හොයා ගන්න.ඒක යාලුවෙක්ගෙන් , උගතෙක්ගෙන් , ඉන්ටර්නෙට් එකෙන් කිරියෙන් කොහෙන් හරි කමක් නෑ. ගැටලුව බේරන් ඉස්සරහට යන්නයි ඕනා.
මේක දාන්න හිතුනේ රටෙ තත්වෙත් එක්ක ගොඩක් කොල්ලෝ , කෙල්ලෝ තමන් කරන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව ඉන්නවා. රටට බැන බැන ඉන්නවා. නමුත් අපිට ලැබෙන දෙයක් නෑ. කාලයක් මමත් රජයට, ගෙදර අයට දොස් කිය කිය ඉදියා මට තිබ්බ ස්ට්‍රෙස් එකට. මට කිසිම දෙයක් ලැබුනේ නෑ මචන්ලා. මම දැක්කෙම හැම දේකම අසුබ දෙය විතරයි.
හිතපන් රටේ බදු ගැන, ඩීසල් පෙට්‍රල් වැඩි කරන නිව්ස් එකක් දැක්කත් මම ගෙදර අය එක්ක වාද කරනවා. මේක කාලකන්නි රටක් මෙහෙ ඉන්න බෑ. රට ගියොත් ඔක්කොම හරි කියලා.(එහෙම යන්නත් සල්ලි තිබ්බේ නෑ). හිතපන් තාත්තා මොන වගේ උපදෙසක් දුන්නත් මම ඒකට මොකක් හරි නෙගිටිව් දෙයක් කියනවා.මේ රටේ මොන ලබ්බක්වත් කරන්න බෑ කියලා. මම ඒ මිනිස්සුන්ගේ හිත් ඒ දවස් වල ගොඩක් රිද්දන්නත් ඇති. ඒකට මම දැන් වචනයක් කියන්නෑ. ඒ මම දැන් වෙනස් වෙලා මට පේන්නෙම ඕනම ගැටලුවක ඒකට පිලියම් හොයන්නයි. පොසිටිව් වෙලා.
උබලට ජය.

Last edited: