රෝමවරු ජෙරුසෙලමෙ ප්‍රාකාරය බින්ඳෙ මීට අවුරුදු 1956කට කලින්, අද වගේ දවසක. යුදෙව්වො පැරදුණා. යටත් උනා. මේක රෝම ඉතිහාසයේ විශේෂ ම යුද්ධයක්. ලෝකයේ ආගම්වල ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක්.
ක්‍රිස්තු වර්ෂ 70 මැයි 30 වැනිදා හිරු උදා වෙද්දි, ජෙරුසෙලම තිබුණෙ රෝම සේනාංක විසින් වට කරලා. ජෙරුසෙලම වටා තිබුණු ප්‍රාකාරයේ ගල් බිඳුණා. ප්‍රාකාරය පිපිරුවා. මැයි අහස වහගෙන දූවිලිල්ල ඉහළ නැග්ගා. අහසට නැඟපු දූවිල්ල බිමට වැටෙන්නත් කලින් රෝමන්වරු බිඳුණු ප්‍රාකාරයෙන් ඇතුළට වැදුණා.
මේ වෙද්දි රෝමයේ අධිරාජයා වුණේ “ටයිටස් ෆ්ලේවියස් වෙස්පාසියානස්“. මේ රෝම අධිරාජයාට වෙස්පේෂියන් (Vespasian) කියලා තමයි අද වෙද්දි කෙටියෙන් කියන්නෙ.
මෙන්න මේ වෙස්පේෂියන්ගෙ පුත්‍රයා තමයි, ජෙරුසෙලමට ගහන්න සේනාංක මෙහෙයෙව්වෙ. එයාගෙ නම “ජෙනරාල් ටයිටස්“. එයා මේ ප්‍රහාරය මාස ගානක් තිස්සෙ සැළසුම් කරපු එකක්. ජෙනරාල් ටයිටස් කියන්නෙ රෝම ඉතිහාසයේ හමුවන “ඔඩිසියස්“ පන්නයේ සෙන්පතියෙක්. ඒ කියන්නෙ ඇඟේ හයියට යුද්ධ කරපු කෙනෙක් නෙවෙයි. අති දක්ෂ සැළසුම් ශිල්පියෙක්. යුධ විශේෂඥයෙක්. උපාය මාර්ගිකයෙක්. මොළෙන් යුද්ධ කරපු කෙනෙක්.
මේ හින්දා ජෙනරාල් ටයිටස් කියන්නෙ බොහොම භයානක සටන්කාරයෙක්.
ජෙනරාල් ටයිටස් විසින් 50,000ක රෝම සේනාංකයක් අරගෙන “ජුඩීයා“ ප්‍රදේශයට ආවෙ පහුගිය (ක්‍රිස්තු වර්ෂ 69) සීත කාලයේදි. මේ කාලෙදි රෝම ලීජන් එකක හිටියා 13,000 ක විතර සෙබළු පිරිසක්. ඒ කියන්නෙ ජෙනරාල් ටයිටස් ආවෙ පරිපූර්ණ රෝමන් ලීජන් 4ක් අරගෙන. මේ ආපු ලීජන් අතර අශ්වාරෝහක අනුඛණ්ඩ, යුධ රථ, පාබල සේනාංක ආදී එකී මෙකී නොකී හැම වර්ගයකම සෙබළුන් හිටියා. කොටින්ම රෝමය විසින් ඒ වෙලාවෙ හැටියට උපරිම යුධ බලයක් “ජෙනරාල් ටයිටස්“ එක්ක ජෙරුසෙලමට පිටත් කෙරුවා.
ඇයි ඒ? ඒකට හේතුව තමයි, යුදෙව්වො රෝමයට එරෙහිව ගහමින් හිටපු කැරැල්ල ඉවරයක් කරන්න. රෝමයට ඕනෑ උනේ කැරැල්ල නවත්වන්න නෙවෙයි. යුදෙව්වන්වම ඉවරයක් කරලා දාන්න.
යුදෙව්වො නිකන් පහුබහින්නෑ. යුදෙව්වන්ට දැනෙන එකම දේ උනේ ජෙරුසෙලම අල්ලාගැනීම. හැබැයි ඒක ලේසි නෑ.
පුරාණ ජෙරුසෙලම ගැන අපි ලිපි ගණනාවක කතා කරලා තිබෙනවා. ඒක තිබුණු හැටි ආයෙමත් කියන්නම්.
ජෙරුසෙලම තිබුණෙ කඳු මුදුනක. මේ කඳු මුදුන වටේටම විහිඳුනේ තැනිතලාව. නොපෙනන තරම් ඈතක විසිරුණු නිම්න භූමියක් මේක. කොටින්ම ජෙරුසෙලමට තිබුණු ලොකුම ආරක්ෂාව තමයි සොබාදහම. ජෙරුසෙලම පිටස්තරයෙක් එනවානම්, ඒකා ජෙරුසෙලමට ළඟාවෙන්න දවසක් විතර කලින් ඉඳන් ඒකාව ජෙරුසෙලමට පේනවා. හැබැයි එහෙමයි කියලා යුදෙව්වො නිකන් හිටියෙ නෑ. යුදෙව්වන් වෙනම ආරක්ෂක ප්‍රාකාරයක් හැදුවා.
හරියටම ගත්තොත් එකක් නෙවෙයි. ප්‍රාකාර 3ක්. (අපි ඊයෙ ලිපියෙදිත් මෙහෙම ප්‍රාකාරයක් ගැන කතා කෙරුවා. ඒ කොන්ස්තන්තිනෝපලයෙ ප්‍රාකාරය. හැබැයි මේක ඒකට වඩා තරමක් වෙනස්)
මේ ප්‍රාකාර 3 තිබුණෙ සැළකිය යුතු පරතරයක් සහිතව. ජෙරුසෙලම වටේට වළලු 3ක් දැම්මා වගේ ප්‍රාකාර 3 ඉදිරිකරලා තිබුණෙ.
හැම ප්‍රාකාරයක්ම දැවැන්ත ගල් කුට්ටිවලින් හදාපු බිත්ති. මේ ප්‍රාකාරවලින් වට වූ ජෙරුසෙලම් නගරය මැද තමයි තිබුණෙ යුදෙව්වන්ගේ ආධ්‍යාත්මික මධ්‍යස්ථානය හෙවත් යුදෙව් පන්සල.
ජෙනරාල් ටයිටස් හොඳටම දැනගෙන හිටියා මෙතැනට යන එක ලේසි නැති බව. මේ යුදෙව් පන්සලේ ආරක්ෂාවට අති දක්ෂ රණ ශූරයින් පවා ප්‍රාකාර මත හිටියා. ප්‍රාකාරය බිඳිනවා වෙනුවට, සීත කාලයේ පටන්ම ජෙනරාල් ටයිටස් අවට කලාපය වට කිරීම පටන් ගත්තා.
හැබැයි ජෙනරාල් ටයිටස්ගෙ දින ගණන් බැලීම ටිකක් වැරදුණා. එයා ජෙරුසෙලමට ඇතුළු වෙන්න සැළසුම් කළ දවස්වලම, යුදෙව්වන්ගෙ වාර්ෂික ආගමික උත්සවය යෙදුණා. මේ හින්දා ජෙරුසෙලමෙ ආරක්ෂාව කොහොමත් තර කෙරුවා. යුදෙව්වො ලක්ෂ ගානක් ජෙරුසෙලමට ඇදිලා ආවා. ගලීලය, ජුඩීයාව ආදී දුර බැහැර ප්‍රදේශවලින් ජෙරුසෙලමෙ වන්දනාවට යුදෙව්වො ආවා.
මේ වෙද්දි යුදෙව් කැරැල්ලත් පටන් අරන් තිබුණු හින්දා, සාම්ප්‍රදායික යුදෙව් වන්දනයට ආපු ලක්ෂ ගානක් සෙනඟ කැරැල්ලටත් එකතු උනා. ඒක හරියට ජෙනරාල් ටයිටස් එනවා කියලා දැනගෙන, ලොව පුරා යුදෙව්වන් ජෙරුසෙලමට එකතු උනා වගේ වැඩක්. හැබැයි අහම්බයක්.
ප්‍රාකාරයකින් වට වූ කඳු මුදුනක් කිව්වාට, ජෙරුසෙලම කියන්නෙ අති විශාල නගරයක්. මේ නගරය ඇතුළෙත් තව ලොකු කුඩා කඳු නිම්න, නගර තිබුණා. වීදි තිබුණා. වෙළඳපල තිබුණා. ගම්මාන ගණනාවක් තිබුණා. ජෙරුසෙලමේ දේශපාලන තත්ත්වයත් මේ කාලෙ ටිකක් දුර්වල උනා. නගරයේ විවිධ කොටස්වල පාලනය සෙන්පතිවරු සහ පූජකවරු කීප දෙනෙක් අතට පත් උනා. මේ අය අතරත් කුඩා කුඩා යුද්ධ කලකෝලාහල ඇති උනා. ජෙරුසෙලම් අධිකරණ බලයත් අංශ කීපයකට බෙදිලා ගියා. නීතිය වගේම සාමයත් අනතුරේ වැටුණා.
මේ කලකෝලාහලවල උපරිමය තමයි, ජෙරුසෙලමෙ විවිධ කණ්ඩායම් විසින් අනෙක් කණ්ඩායම්වලට අයත් ධාන්‍ය ගබඩා ගිනි තැබීම. කොල්ලකෑම. ගෙවල් බිඳීම. මේ හින්දා ජෙරුසෙලමට ඇදිලා එන ලක්ෂ ගානක සෙනඟට ලොකු ආහාර අර්බුදයක් තිබුණා. ධාන්‍ය හිඟයක් තිබුණා.
මෙන්න මෙහෙම හාදයින් ටිකක් තමයි, දැන් මඟ එන ජෙනරාල් ටයිටස්ගෙ රෝම හමුදාව එක්ක සටන් වදින්න නියමිතව හිටියෙ. අකැමැත්තෙන් හරි මේ යුදෙව් කණ්ඩායම්වලට එකතු වෙලා ජෙරුසෙලම බේරාගන්න වෙනවා. ඒක කරන්න වෙන්නෙ ලොකු ආහාර අර්බුදයක් මැද.
ජෙනරාල් ටයිටස් මැයි මාසෙ මුල වෙද්දි පිටත ප්‍රාකාරයේ බලය අල්ලාගත්තා. ඒ කියන්නෙ තුන්වැනි ප්‍රාකාරය. රෝම සේනාංකවල රණහඬ ජෙරුසෙලමට ඇහන සීමාවටම ළං උනා. දවස් 15ක් විතර රෝම සේනාංක තුන්වැනි ප්‍රාකාරය බිඳලා, ජෙරුසෙලම වටා එකතු වෙලා බලාගෙන හිටියා. තවම ජෙරුසෙලම වට්ටන්න තරම් දුර්වල වෙලා නෑ. දෙවැනි ප්‍රාකාරය තමයි තීරණාත්මක සාධකය.
දෙවැනි ප්‍රාකාරය බිඳින්න ලැබුණොත්, ඒකෙ තේරුම තමයි, ජෙරුසෙලමට එරෙහි යුද්ධය රෝමයට දිග්විජය කරන්න පුළුවන් ය කියන එක. මේකට ජෙනරාල් ටයිටස් කලබල උනේ නෑ. මුලු ජෙරුසෙලම ම නිරීක්ෂණය කෙරුවා. කල්පනා කෙරුවා. කාලය ගත්තා. ජෙරුසෙලමෙ ආහාර හිඟයටත් වර්ධනය වෙන්න දීලා බලාගෙන හිටියා.
මේ කාලය පුරාම යුදෙව්‍වො තමන්ට හැකි පමණින් රෝමන් හමුදා එක්ක ගැටුණා. පළවාහරින්න උත්සාහ ගත්තා. කිසිම ඵලක් උනේ නෑ.
ඊට පස්සෙ මැයි මාසෙ 30 වැනිදා උදා උනා.
ජෙනරාල් ටයිටස් අණ දුන්නා. රෝම සේනාංක දෙවැනි ප්‍රාකාරයට ළං උනා. පහර දුන්නා. ප්‍රකාර මත හිටපු යුදෙව්වො එකා දෙන්නා ඊතල පහර කාගෙන ප්‍රාකාර පාමුල වැටුණා. රෝම සෙබළු ප්‍රාකාර බිත්තිවල නැග්ගා. පහර දුන්නා. ප්‍රාකාරයේ දුර්වල තැන් බින්ඳා. දෙවැනි ප්‍රාකාරය වැටුණා. අති දැවැන්ත ජෙරුසෙලම් නගරය වටා තිබුණු දෙවැනි ප්‍රාකාරයේ බිඳීමත් එක්ක මුළු නිම්නයම දූවිල්ලෙන් වැහුණා. රෝම සේනාංක පළමු ප්‍රාකාරය පාමුලට එනකන් ම තමන්ගෙ කඳවුරු අරගෙන ආවා. යුදෙව්වන්ගෙ බලාපොරොත්තු බිඳුණා. යුදෙව්වන්ට ඉතිරි උනේ ගෞරවය වෙනුවෙන් සටන් කිරීමේ විකල්පය විතරයි.
යුදෙව්වො තමන්ගෙ යුධ ශක්තිය දිහා බැලුවා.
උන්ට තාම පළමු ප්‍රාකාරය (දැනට ඉතිරිවෙලා තියෙන අවසාන එක) තිබුණා. ජෙරුසෙලම් නගරයේ පාලනය තිබුණා. යුදෙව් පන්සල තිබුණා. ලක්ෂ ගානක සෙනඟ හිටියා. ඉහළ ජෙරුසෙලමේ සහ පහළ ජෙරුසෙලමේ (මේ දෙක දිස්ත්‍රික්ක දෙකක් විදිහට මේ කාලයේ තිබුණෙ) එක්කහු උනා. තීරණ ගත්තා. රෝමය තමන්ව බෙල්ලෙන් අල්ලලා බිත්තියටම තද කරලා බව හැමෝම වටහාගත්තා.
හැබැයි අපේ කතා නායකයා, “ජෙනරාල් ටයිටස්“ මේ ජයග්‍රහණයෙන් උන්මාදයට පත් උනේ නෑ.
ඕනෑම යුද්ධයකදී වගේම, මේ රෝම-යුදෙව් යුද්ධයේදීත් ටයිටස් බොහොම කෘෘර සැළසුමකට ගියා. එයා ජෙරුසෙලමට බොහොම ඈතින් දැවැන්ත ප්‍රාකාරයක් ඉදි කෙරෙව්වා. මේ කාලය වෙද්දි රෝමයේ ඉංජිනේරු ශිල්පය තිබුණෙ පුරාණ ලෝකයේ අග්‍රගණ්‍යම තැනක. දහස් ගානක් මිනිස් ශ්‍රමය පාවිච්චි කරලා නගරයට බොහොම ඈතින් මේ ප්‍රාකාරය හැදුවෙ අරමුණක් ඇතිව. ඊට පස්සෙ මේ ප්‍රාකාරයත් ජෙරුසෙලම් නගරයත් අතර තිබුණු සම්පූර්ණ ස්වභාවික වන වැස්ම වැනසුවා. විනාශ කෙරුවා. එකම එක තෘණ පඳුරක්වත් ඉතිරි කෙරුවෙ නෑ. ජෙරුසෙලම වටේටම කිලෝමීටර ගානක් දිග කාන්තාර බිමක් නිර්මාණය උනා.