යුදෙව් the origin of ඉස්ලාම් & ක්‍රිස්තියානි

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    My text
    යුදෙව් , ඉස්ලාම්, ක්‍රිස්තියානි ඔක්කොම ආගම් එකම මූලයකින් ඇවිල්ල වෙනස් වුනු ඇදහිලි කියන කතාව සින්හලෙන් පැහැදිල කරන විස්තරයක් හම්බුනා
    මේකට අනුව ජෙසුස් කියන්නෙ ඒ වෙනකොටත් තිබුනු ආගමක දේශකයෙක්
    එහෙම කෙනෙක් එහෙ ප්‍රචලිතව තිබුනු ආගමක් ප්‍රචාරය කලා නම් කුරුසියේ මැරුම් කන්න තරම් දරුනු තත්වයක් වෙන්නෙ නැහැ
    ජේසු ගෙ අවුරුදු 17, එයා වෙනත් ආගමක් දේශනා කලා සහ කුරුසෙ ගැහුවට පස්සෙ එයා පැනල ඇවිත් වෙනත් රටක ජීවත් වුනා අන්තිමට එයාගෙ චරිතයත් එයාව ඝාතනය කරපු අයම එයාලගෙ ආගම ප්‍රචාරය කරන්න මංකොල්ල කෑව කියල කියවෙන කතා ඔක්කොම මීට සම්බන්ධ වෙනවා කියල පේනවා

    copied text from නුවන් සුබසිංහ

    යුදෙව් ආගමේ ආරම්භය

    යුදෙව් ආගමික මූලාශ්‍ර වලට අනුව දෙවියන් වහන්සේ හොරෙබ් කන්ද මතදී ගිනිගෙන දැවෙන පඳුරක වෙසින් මෝසස් වෙත පෙනී සිටීම යුදෙව් ආගමේ ආරම්භය ලෙස සලකන්න පුළුවන්. මීට කලින් අවස්ථා වලදී දෙවියන් වහන්සේ නෝවා සහ ඒබ්‍රහම් ඇතුළු වෙනත් දිවැසි වරු ගණනාවක් සමඟ සන්නිවේදය කළත්, යුදෙව් ආගමේ නිශ්චිත ආරම්භය කියලා සලකන්න පුළුවන් වෙන්නේ ඉහත අවස්ථාව.

    නමුත් මේ සිද්ධිය ඓහික ඉතිහාසඥයන් පිළිගන්නේ නෑ. ඒ නිසා ඓහික කෝණයකින් බලන විට යුදෙව් ආගමේ ආරම්භය අවිනිශ්චිතයි.

    කෙසේ වෙතත්, ක්‍රි.පූ. 1000 පමණ වන විට වර්තමාන ඊශ්‍රායලය සහ පලස්තීනයට අයත් භූමියේ (කනානයේ) ඊශ්‍රායල් සහ යුදා නම් රාජධාණි දෙකක් පැවතුනු බවත්, මේ රාජධාණි දෙකේ ජනතාව එකම භාෂාවක් (හීබෲ) කතා කළ, එකම ආගමක් ඇදහූ, එකම සංස්කෘතියකට අයත් වූ බව ඓතිහාසික සත්‍යයක් වශයෙන් පිළිගන්න පුළුවන්.

    මේ ජනතාව "ඊශ්‍රායල්" නමින් හැඳින්වුන එකම ජනවර්ගයකට අයත් වුනා. මේ ජන වර්ගය ගෝත්‍ර දොළහකින් සමන්විත වුනා. මේ ගෝත්‍ර දොළහෙන් යුදා සහ බෙන්ජමින් ගෝත්‍ර දෙක ජෙරුසෙලම අගනුවර කරගත් යුදා රාජධානියේ වාසය කළ අතර, අනෙක් ගෝත්‍ර දහය සමාරියා නගරය අගනුවර කරගත් ඊශ්‍රායල් රාජධානියේ වාසය කළා.

    මේ ජනතාවගේ ආගම වර්තමාන යුදෙව් ආගමේ මූලාරම්භක අවස්ථාව වශයෙන් සලකන්න පුළුවන්.

    මේ ආගම "යාහ්වේහ්" නමින් හැඳින්වුනු එක දෙවියෙක් කෙරෙහි විශ්වාසය තැබූ අතර, එහි ප්‍රධාන විශ්වාසයන් වුනේ:
    1. යාහ්වේහ් ලෝකය නිර්මාණය කළ සර්වබලධාරී දෙවියන් බව
    2. ඊශ්‍රායල් ජනතාව දෙවියන් ගේ තෝරාගත් ජනතාව බව
    3. ඊශ්‍රායල් ජනතාව දෙවියන් විසින් දිවැසි වරු හරහා ලබා දුන් දැණුම් සහ නීති පද්ධතියකට අනුව ජීවත් විය යුතු බව
    4. කනානය ඊශ්‍රායල් ජනතාවගේ භූමිය ලෙස ඔවුන්ට ලබා දෙන බවට දෙවියන් ඔවුන්ට පොරොන්දු වූ බව

    මේ දෙවියන්ගේ ප්‍රධාන දේවස්ථානය ජෙරුසෙලම් නගරයේ පිහිටා තිබුණු අතර, ආගම කේන්ද්‍රගත වුනේ මේ දේවස්ථානය වටා. මේ දේවස්ථානයේ සේවය කළ පූජකයන් ආගමේ ප්‍රධාන බලධාරීන් වුනා.

    මේ ආගම ආගමික වතාවත්, සිරිත් විරිත් සහ ආගමේ සංවිධානය අතින් වර්තමාන යුදෙව් ආගමට වඩා සෑහෙන වෙනස් ස්වරූපයක් ගත්තා.

    =================================

    විදෙස් ආක්‍රමන සහ බැබිලෝනියානු පිටුවහල් කිරීම​

    ක්‍රි.පූ. 732-720 කාලයේදී ඇසිරියානු අධිරාජ්‍යය ඊශ්‍රායල් රාජධානිය ආක්‍රමනය කළ අතර, එය සම්පූර්ණයෙන් විනාශයට පත් කර දැමුනා. එහි ජනතාවගෙන් කොටසක් අසල්වැසි යුදා රාජධානියට පළා ගියා. ඉතිරිවුනු අයෙගෙන් බහුතරය ඇසිරියානු අධිරාජ්‍යයේ ඈත ප්‍රදේශ වලට පිටුවහල් කෙරුණා.

    ක්‍රි.පූ. 589 දී බැබිලෝනියානු අධිරාජ්‍යය විසින් යුදා රාජධානිය ආක්‍රමනය කළ අතර එයටත් අත් වුනේ ඊශ්‍රායල් රාජධානියට අත්වුනු ඉරණම මයි. ජෙරුසෙලමේ දේවස්ථානය විනාශ කෙරුණු අතර නගරය සම්පූර්ණයෙන්ම ජන ශුන්‍ය කෙරුනා. යුදාවේ වංශවතුන්ගෙන් බහුතරයක් බැබිලෝනියාවට වහලුන් ලෙස පිටුවහල් කෙරුණු අතර සාමාන්‍යය වැසියන් බහුතරයක් අසල්වැසි ප්‍රදේශ වලට පලා ගියා.

    යුදා රාජධානියේ ආගමික විද්වතුන් බොහෝ දෙනා බැබිලෝනියාවට පිටුවහල් කෙරුණු අතර, බැබිලෝනියාවේදී ඔවුන්ගේ ආගම විශාල පරිවර්තනයකට ලක් වුනා.

    ප්‍රධාන වෙනස වුනේ එතෙක් කල් දේවස්ථානය, එහි සිදු කෙරුණු ආගමික වතාවත් සහ ඒ ආගමික වතාවත් කළ පූජකයන් වටා කේන්ද්‍රගත වුනු ආගමට දේවස්ථානයේ විනාශයත් සමඟම ඒ කේන්ද්‍රය අහිමි වීම. ඒ නිසා බැබිලෝනියාවේදී ආගමේ කේන්ද්‍රය ආගමික ලියැවිලි සහ ඒ ලියැවිලි පවත්වාගෙන ගිය, ඒවා ගැන හැදෑරීම් කළ ආගමික විද්වතුන් වෙත මාරු වුනා.

    ක්‍රි.පූ. 550 දී බැබිලෝනියාව පර්සියානු අධිරාජ්‍යයට යටත් වුනා. පර්සියානු අධිරාජ්‍යයා වුනු මහා සයිරස් ක්‍රි.පූ. 539 දී ඔවුන්ට නැවතත් මව්බිම කරා පැමිණීමට අවසර දුන්නා. එතැන් සිට ඔවුන් පැවතුනේ පර්සියානු අධිරාජ්‍යයේ ප්‍රාන්තයක් විදිහට. පර්සියානුවන්මේ ප්‍රාන්තය හැඳින්වූයේ "යෙහූද්" (යුදා කියන වචනය පර්සියානු භාෂාවට පැමිණීමේදී විකෘති වුනු ආකාරය) නමින්. යෙහූද් හි වැසියන් "යුදෙව්වන්" ලෙසත්, ඔවුන්ගේ ආගම "යුදෙව් ආගම" ලෙසත් හැඳින්වුනා.

    මේ කාලයේදී පර්සියානු ආගමේ බලපෑමට යුදෙව් ආගම ලක් වුනු අතර, ප්‍රධානම බලපෑම වුනේ මරණින් මතු ජීවිතයක් පිළිබඳ විශ්වාසයන් යුදෙව් ආගමට ඇතුළු වීම. පසුව මේ ප්‍රාන්තය මහා ඇලෙක්සැන්ඩර් රජු යටතේ ග්‍රීක පාලනයටත් ඉන්පසු රෝම පාලනයටත් නතු වූ අතර, ඒ හරහා ග්‍රීක ආගමේ බලපෑමටත් ලක් වුනා.

    ඊට අමතරව ලෝකය නිර්මාණය, ප්‍රථම මිනිසා වූ ආදම් නිර්මාණය සහ ජල ගැල්ම පිළිබඳ කතා පැරණි සුමේරියානු ආගමික කතා වලට විශාල වශයෙන් සමාන නිසා ඒ කතා බැබිලෝනියානු පිටුවහල් සමයේදී බැබිලෝනියානු ආගමෙන් යුදෙව් ආගමට එකතු වුනු බව සමහර ඉතිහාසඥයන් අදහස් කරනවා. ඒත් ඒක හරියටම නිශ්චිත නෑ. වසර 50 ක් වගේ කෙටි කාලයක් තුළදී ඒ තරම් විශාල බලපෑමක් වුනා කියල හිතන්න අමාරුයි.

    =================================

    දෙවන දේවස්ථාන යුදෙව් ආගම (SECOND TEMPLE JUDAISM)​

    ක්‍රි.පූ. 516 දී ජෙරුසෙලමේ දේවස්ථානය නැවත ඉඳි කෙරුණු අතර, පැරණි ආගමික වතාවත් නැවතත් ආරම්භ කෙරුණා. යුදෙව් ආගමේ මෙතැනින් ආරම්භ වන කාල සීමාව හැඳින්වෙන්නේ "දෙවන දේවස්ථාන යුදෙව් ආගම" ලෙස.

    දේවස්ථානය නැවත ඉඳිකෙරුණු පසු යුදෙව් ආගමේ පැරණි ස්වරූපයේ පූජකයන් සහ වතාවත් නැවත ආරම්භ වුනු නමුත්, බැබිලෝනියානු පිටුවහල් සමයේදී ආගමික ලියැවිලි සහ ආගමික විද්වතුන්ට ලැබුණු තැන නැතිවුනේ නෑ. මේ නිසා දෙවන දේවස්ථාන යුදෙව් ආගම දේවස්ථානය හා බැඳුණු ධාරාවක් සහ ලියැවිලි හා බැඳුණු ධාරාවක් වශයෙන් ප්‍රධාන ධාරාවන් දෙකකින් සමන්විත වුනා.

    පූජකවරු ජෙරුසෙලම ප්‍රධාන කොටගෙන සිටි අතර, සියළුම ප්‍රධාන ආගමික වතාවත් කෙරුණේ ඔවුන් අතින්. මේ නිසා ඔවුන් සැලකිය යුතු ආගමික සහ දේශපාලන බලයක් අත් කරගෙන හිටියා.

    යුදෙව් ආගමේ ආගමික ලියැවිලි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදුනා. ඒ ප්‍රධාන ආගමික ලියැවිලි සහ ඒවායේ අර්ථ දැක්වීම් වශයෙන්.

    මින් පළමුවැනි කොටස "ටෝරා" (ඉගැන්වීම්), "නෙවීම්" (දිවැසිවරු) සහ "කෙටුවිම්" (ලියැවිලි) නමින් හැඳින්වෙන පොත් තුනකින් සමන්විත වෙනවා. මේ පොත් තුන එකට ගත් කළ "තනාක්" නමින් හැඳින්වෙනවා. එය සාමාන්‍යය ව්‍යවහාරයේදී "යුදෙව් බයිබලය" හෙවත් "පැරණි තෙස්තමේන්තුව" නමින් හැඳින්වෙනවා. මේවා බැබිලෝනියානු පිටුවහල් කිරීමට පෙර සමයේ සහ ඒ ආසන්නයේ ග්‍රන්ථාරූඪ කෙරුණු ලියැවිලි.

    දෙවැනි කොටස ප්‍රධාන වශයෙන් මුඛ පරම්පරාගතව ඇවිත්, පසු කාලීනව ග්‍රන්ථාරූඪ කෙරුණු ලියැවිලි. මේවා යුදෙව් ආගමික නීති, ඒවායේ අර්ථ දැක්වීම්, වැඩිදුර විභාග කිරීම් සහ අර්ථ දැක්වීම් පිළිබඳ අර්ථ දැක්වීම් වලින් සමන්විතයි. මේ ලියැවිලි හැඳීන්වෙන්නේ "තල්මුද්" නමින්.

    මේ ආගමික ලියැවිලි පවත්වාගෙන ගිය සහ ඒවා හැදෑරීම් කළ උගතුන් හැඳින්වුනේ "රැබි" නමින්.

    =================================
    දෙවන දේවස්ථාන යුදෙව් ආගමේ නිකායන්

    දෙවන දේවස්ථාන සමයේ යුදෙව් ආගමේ ප්‍රධාන සම්ප්‍රදායන් (sects) තුනක් තිබුණා.
    1. සෙඩුසි (Sadducees)
    2. ෆාරිසි (Pharisees)
    3. එසින්ස් (Essenes)

    මේ ප්‍රධාන සම්ප්‍රදායන් තුනට අමතරව මේ සමයේදී යුදෙව් ආගමෙන් අපගමන (offshoots) දෙකකුත් ඇති වුනා.
    1. සමාරිටන් ආගම
    2. ක්‍රිස්තියානිය

    =================================

    සෙඩුසි​

    දේවස්ථානය හා බැඳුනු ධාරාව නියෝජනය කළේ සෙඩුසි සම්ප්‍රදාය විසින්. "සෙඩුසි" කියන නමේ මූලය වුනේ පැරණි දේවස්ථානයේ පළමුවන ප්‍රධාන පූජක ධූරය දැරූ "සෙඩොක්" ගේ නම.

    ඔවුන් පූජකයන්, ධනවතුන් සහ දේශපාලන ප්‍රධානීන් අතර ප්‍රධාන වශයෙන් පැතිරී තිබුණා. මේ සම්ප්‍රදාය වතාවත් සහ සැකැස්ම අතින් බැබිලෝනියානු පිටුවහල් කිරීමට පෙර ආගමට වඩාත් සමීප වුනා. සෙඩුසි සම්‍ප්‍රදාය මුල්තැන දුන්නේ දේවස්ථානය මුල් කරගෙන කෙරුණු වතාවත් සහ පුද පූජා ආදියට. මේ සම්ප්‍රදායේ ආගමික අධිකාරීත්වය තිබුණේ පූජකයන් අත. සෙඩුසි සම්ප්‍රදාය හෙලනීය සංස්කෘතීය (ග්‍රීක සහ රෝම) සමඟ මුහුවීම ගැන ලිහිල් ස්ථාවරයක් දැරුවා.

    සෙඩුසි සම්ප්‍රදායේ මූලික විශ්වාසයන් වුනේ:
    1. මරණින් මතු ජීවිතයක් විශ්වාස නොකිරීම
    2. මිනිසාට සම්පූර්ණ නිදහස් ස්වකැමැත්තක් (free will) ඇති බව
    3. තනාක් පමණක් විශ්වාස කිරීම සහ තල්මුද් ලියැවිලි විශ්වාස නොකිරීම
    4. ආගමික ලියැවිලි වල වචනාර්ථ අර්ථ දැක්වීම (literal interpretation) පිළිගැනීම

    =================================

    ෆාරිසි​

    ෆාරිසි සම්ප්‍රදාය නියෝජනය කළේ ආගමික ලියැවිලි සහ ආගමික විද්වතුන් හා බැඳුනු ධාරාව. ෆාරිසි කියන නමේ මූලය වුනේ "ෆාරුස්" කියන හීබෲ වචනය. ඒකෙ තේරුම "වෙන් වුනු". ෆාරිසි සම්ප්‍රදාය සෙඩුසි දේශපාලන බල අධිකාරියෙන් වෙන්වීම සහ යුදෙව්වන් නොවන ජනතාව සමඟ ගනුදෙනු කිරීමේදී දැක්වූ දුරස්ථ බව මේ නමට මුල් වෙන්න ඇති කියල හිතන්න පුළුවන්. තවත් මතයකට අනුව ෆාරිසි නමේ මූලය පර්සියානු ජාතිකයන් හැඳින්වූ "පාර්සි" කියන වචනය.

    ෆාරිසි සම්ප්‍රදාය ජනප්‍රිය වුනේ සාමාජ්‍යය ජනතාව අතර. බැබිලෝනියානු පිටුවහල් කිරීම සමයේ ඇතිවුනු දේවධාර්මික වෙනස්කම් නියෝජනය වුනේ මේ සම්ප්‍රදායෙන්. මේ සම්ප්‍රදායේ ආගමික අධිකාරීත්වය තිබුණේ රැබි වරුන් අත. ෆාර්සි සම්ප්‍රදාය හෙලනීය සංස්කෘතිය සමඟ මුහුවීම ගැන තරමක් දැඩි ස්ථාවරයක් දැරුවත් එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේ නෑ.

    ෆාරිසි සම්ප්‍රදායේ මූලික විශ්වාසයන් වුනේ:
    1. මරණින් මතු ජීවිතයක් විශ්වාස කිරීම
    2. නැවත උට්ඨානය (resurrection) සහ අවසාන විනිශ්චය විශ්වාස කිරීම
    3. සමහර අවස්ථා වලදී පමණක් මිනිසාට නිදහස් ස්වකැමැත්තක් ඇති බව
    4. තනාක් සහ තල්මුද් දෙකම විශ්වාස කිරීම
    5. ආගමික ලියැවිලි වල විද්වතුන් විසින් කරන විශ්ලේෂනාත්මක අර්ථ දැක්වීම් පිළිගැනීම

    =================================

    එසින්ස්​

    මේ ධාරාවන් දෙකටම බැහැර වුනු පිරිසක් එසෙන්සි සම්ප්‍රදාය නියෝජනය කළා. එසෙන්සි කියන නමේ මූලය ගැන නිශ්චිත අදහසක් වර්තමාන ඉතිහාසඥයන්ට නෑ. බොහෝ විට එය ග්‍රීක මූලයක් සහිත නමක් විය හැකි අතර, එසෙන්සි වරු තමාව හඳුන්වාගැනීමට ඒ නම භාවිතා නොකළ බව හිතන්න පුළුවන්.

    එසෙන්සි සම්ප්‍රදාය අනුගමනය කළ යුදෙව්වන් ප්‍රධාන සමාජයෙන් බැහැර වුනු සමූහයන් විදිහට ජීවත් වුනු අතර, අල්පේච්ඡ සහ සාමූහික ජීවන රටාවක් අනුගමනය කළා. මේ සම්ප්‍රදායේ ආගමික අධිකාරීත්වය තිබුණේ ඔවුන්ගේ සමූහයන්ගේ ප්‍රධානීන් අත. එසෙන්සි සම්ප්‍රදාය හෙලනීය සංස්කෘතිය සමඟ මුහුවීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළා.

    එසෙන්සි සම්ප්‍රදායේ මූලික විශ්වාසයන් වුනේ:
    1. මරණින් මතු ජීවිතයක් විශ්වාස කිරීම
    2. මරණින් මතු ආත්මය අභෞතික පැවැත්මක් ලබා ගන්නා බව
    3. මිනිසාට කිසිම නිදහස් ස්වකැමැත්තක් නොමැති බව සහ සියල්ල දෙවියන් ගේ කැමැත්තට සිදුවන බව
    4. තනාක් සහ තල්මුද් දෙකම විශ්වාස කිරීම
    5. ආගමික ලියැවිලි වල දෙවියන් විසින් කෙලින්ම ලබා දෙන (inspired) අර්ථ දැක්වීම් පිළිගැනීම
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    =================================

    සමාරිටන් ආගම​

    සමාරිටන් ආගමේ ආරම්භය වෙන්නේ බැබිලෝනියානු පිටුවහල් කිරීම අවසන් වී යුදෙව්වන් නැවත ඊශ්‍රායලයට පැමිණ දෙවන දේවස්ථානය ඉඳිකිරීම. මෙහිදී දෙවන දේවස්ථානයේ අධිකාරීත්වය නොපිළිගත් උතුරුදිග වාසය කළ පිරිසක් ගෙරිසිම් කන්දේ වෙනත් දේවස්ථානයක් ඉඳි කර යුදෙව් ආගමෙන් වෙන් වී ගියා. සමාරියා නගරය අගනුවර කර ගත් නිසා ඔවුන් හැඳින්වුනේ සමාරිටන් වරු වශයෙන්

    සමාරිටන් වරු යුදෙව්න්න මෙන්ම හීබෲ සහ ඇරමැයික් භාෂා කතා කළ අතර, ඔවුන්ගේ ආගම සහ සංස්කෘ තිය යුදෙව්වන්ට විශාල වශයෙන් සමාන වුනා. ඔවුන්ගේ මූලය, යුදෙව්වන්ට ඇති සම්බන්ධය සහ යුදෙව් ආගමෙන් වෙන් වීමට හේතුව පැහැදිලි නෑ. ඒ ගැන යුදෙව්වන් දරන අදහස් සහ සමාරිටන් වරු දරන අදහස් එකිනෙක් පරස්පරයි.

    සමාරිටන් වරුන්ට අනුව ඔවුන් පැවත එන්නේ ඇසිරියානුවන් විසින් ඊශ්‍රායල රාජධානිය යටත් කරගෙන එහි වාසය කළ ඊශ්‍රායල ගෝත්‍ර දහයේ ජනගහණයෙන් වැඩි පිරිසක් පිටුවහල් කළ පසු එහි ඉතිරි වූ අයගෙන්. ඒ අනුව ඔවුන් පැරණි ඊශ්‍රායල් රාජධානියේ උරුමකරුවන් වෙනවා.

    නමුත් යුදෙව්වන්ට අනුව සමාරිටන් වරු පැවත එන්නේ ඇසිරියානුවන් විසින් සමාරියාවේ පදිංචි කළ විදේශික ජනයා සහ මුශ්‍ර වුනු යුදෙව්වන් ගෙන්.

    සමාරිටන් ආගම යුදෙව් ආගමට බොහෝ දුරට සමානයි. ඔවුන්ගේ මූලික විශ්වාසයන් වුනේ:
    1. ලෝකය නිර්මාණය කළ සර්වබලධාරී යාහ්වේහ් නම් දෙවියෙක් සිටින බව
    2. මෝසස් සහ ජෝශප් දෙවියන් ගේ දිවැසිවරු බව
    3. ටෝරා (තනාක් ලියැවිලි වල මුල් කොටස) ලියැවිලි වල දෙවියන් විසින් මෝසස් ට ලබා දුන් දැණුම අඩංගු බව
    4. දෙවියන් ගේ ප්‍රධාන දේවස්ථානය ගෙරිසිම් කන්දේ පිහිටා ඇති බව

    ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා ගේ ආක්‍රමනයෙන් පර්සියානු අධිරාජ්‍යය බිඳවැටුණු පසු මේ ප්‍රදේශය ග්‍රීක සෙලුසිඩ් අධිරාජ්‍යයට යටත් වුනා. සමාරියාව සහ ජුදියාව සෙලුසිඩ් අධිරාජ්‍යය යටතේ අර්ධ ස්වාධීන රාජ්‍යය දෙකක් ලෙස වෙන වෙනම පැවතුනා. මේ දෙකෙන් ජනගහණයෙන් වැඩි සහ වඩා ධනවත් වුනේ සමාරියාව.

    නමුත් ක්‍රි.පූ. 100 දී පමණ ජුදියාව සමාරියාව ආක්‍රමණය කළ අතර එය සම්පූර්නයෙන්ම වගේ විනාශ කර දැම්මා. එයින් සමාරියාවේ සමෘදිය පිරිහී ගියා. පසුව මහා හෙරෝද් රජු ගේ කාලයේදී සමාරියාව ජුදියාවට සම්පූර්ණයෙන්ම යටත් වුනා. සමාරිටන් වරු ජුදියාවේ වැසියන් ලෙස යුදෙව් පාලනයක් යටතේ වාසය කළා.

    රෝම අධිරාජ්‍යයට එරෙහිව ඇතිවුනු යුදෙව් කැරලි වලදී ජුදියාව සම්පූර්ණයෙන්ම විනාශ කර යුදෙව්වන්ගෙන් වැඩි පිරිසක් යුරෝපයට වහලුන් ලෙස විකුණා දැමුණු පසු නැවතත් ප්‍රදේශයේ බහුතර ජනගහණය වුනේ සමාරිටන් වරු. නමුත් ක්‍රි.ව. 480-570 සමයේදී සමාරිටන්වරු අතර රෝම අධිරාජ්‍යයට එරෙහිව කැරලි තුනක් ඇතිවුන අතර මේ කැරලි අතිශය කෲර අන්දමට මර්ධනය කෙරුනා. සමාරිටන් වරු ලක්ෂ තුනක් පමණ මරා දැමුණු අතර, තවත් ලක්ෂ පහකට අධික පිරිසක් ප්‍රදේශයෙන් පලා ගියා. සමාරිටන් වරුන්ගේ ජනගහණය සම්පූර්ණයෙන්ම වගේ විනාශ වී ගියා.

    වර්තමානයේ ලෝකයේ සමාරිටන් වරු ඉන්නේ 1000 පමණ පිරිසක්. ඔවුන් වර්තමාන ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ වාසය කරනවා.

    =================================

    ක්‍රිස්තියානිය​

    ලෝකාවසානය සහ මෙසායා වරයෙක් පිළිබද විශ්වාස කළ යුදෙව් ආගමික දේශකයෙක් වුනු යෙහොෂුවා (යේසුස්) වටා ගොඩ නැංවුනු ක්‍රිස්තියානිය මුල් කාලයේදී යුදෙව් ආගමේ නිකායක් ලෙස පැවතුනු නමුත්, පසුව එය යුදෙව්වන් නොවන ජනයා ඉලක්ක කරගැනීමත් සමඟ යුදෙව් ආගමෙන් දේව ධාර්මිකව දැඩි ලෙස වෙනස් වුනු වෙනම ආගමක් බවට පත් වුනා.

    =================================

    දෙවන දේවස්ථාන යුදෙව් ආගමේ අවසානය​

    ක්‍රි.ව. 60-140 සමයේදී යුදෙව්වන් රෝම අධිරාජ්‍යයට එරෙහිව කැරැලි කීපයක් ඇති කළ අතර මේ කැරලි මර්ධනය කෙරුණේ ඉතාමත් කෲර අන්දමින්. යුදෙව්වන් මිලියනයකට අධික ප්‍රමානයක් මිය ගිය අතර ඉතිරි වූවන්ගෙන් වැඩි දෙනෙක් වහලුන් ලෙස යුරෝපයට විකුණා දැමුණා. ජෙරුසෙලමේ දේවස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමුණා. ඉතිරි වූ යුදෙව්වන්ට ජෙරුසෙලමට ඇතුළු වීම තහනම් කෙරුණා. මෙතැන් සිට යුදෙව්වන් පැවතුනේ ලෝකය පුරා විසිරී ගිය ජනගහණයක් හෙවත් ඩයස්පෝරාවක් ලෙස.

    මේ විනාශය හමුවේ යුදෙව් ආගමේ ප්‍රධාන සම්ප්‍රදායන් තුනෙන් ඉතුරු වුනේ ෆාරිසි සම්ප්‍රදාය පමණයි. දේවස්ථානයේ විනාශයත් සමඟ සෙඩූසි සම්ප්‍රදාය නැති වී ගිය අතර, සුළුතරයක් වූ එසෙන්සි සම්ප්‍රදායට සමූලඝාතනය හමුවේ විනාශයෙන් ගැලවීමට හැකි වුනේ නෑ.

    නමුත් ඩයස්පෝරාවේ සිටි රැබි වරු ෆාරිසි සම්ප්‍රදාය දිගටම පවත්වාගෙන ගියා. මේ නිසා මෙතැන් සිට යුදෙව් ආගම ඉදිරියට වර්ධන වුනේ ෆාරිසි සම්ප්‍රදාය විදිහට.

    මෙතැන් සිට යුදෙව් ආගම හැඳින්වෙන්නේ "රැබානික් යුදෙව් ආගම" (Rabbinic Judaism) ලෙස.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    Orginal English sources දාපන්කො බං
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    narada.jpg
     
    එකෙක් සිංහලෙන් ලියපු එකක් මට කියො ගන්න පුලුවන් උනු නිසා මේකට paste කලෙ
    ඉන්ග්‍රීසියෙන් කියවන්නම ඕනි නම් ඉතින් google එකේ search එකක් දාපුවම විස්තර එයි

    ඕනි එකෙක්ට තමන්ට හිතෙන ඕනි එකක් ලියල දාන්ට පුලුවන්නෙ සිංහලෙන් වගේම ඉන්ග්‍රිසියෙනුත් ඔය කියන කතා දැකපු එකෙක්වත් ජීවතුන් අතර නෑනෙ අපිත් ඉතින් එක එකා කියන කතා කියෝල ව්ස්වාස කරනවා මිසක්කා ඕව ඇහින් දැකපුව / ගවෙසන කොරල හොයාගත්තුව නෙමෙයි ඕන්

    මේවයෙ විස්තර සින්හලට වඩා ඉන්ග්‍රිස් වලින් ගොඩක් ලියවිලා තියෙන නිස සහ google එකෙන් ඕනි තරම් search කොරන්න පුලුවන් නිසා searchකලාම ලෙසියෙන් source හොයගන්ට ඇහැකි
     
    • Like
    Reactions: NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගෙදර ස්වාමියා + බිරිඳ > ලමයා > ක්‍රිස්තියානි
    ගෙදර ස්වාමියා + වැඩකාරි > ලමයා > මුස්ලිම්

    ආගම් දෙකේ බෙදීම සහ මුල ඔහොම කියලයි මම අහල තියෙන්නෙ, මේකෙ හිටිය පරණ ක්‍රිස්තියානි මෙම්බර් කෙනෙක් දාල තිබ්බෙ..එකම දෙවියෙක් ආගම් දෙකේ නම් විතරයි වෙනස්.
     
    • Like
    Reactions: NRTG and banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    හ්ම් මේක තමයි මටත් මතක් උනේ

    මේ පොතෙත් කියන්නෙ අලුත් ආගමක් දෙසන්න ගියපු ජෙසුස් ව කුරුසියෙ ගැහුව කියල කියනව
    කුරුසියෙ ගැහුවට දවස් 7 ක් විතර ගියත් මැරෙන්නෙ නැති කතාවක් මම අහල තියෙනව
    කුරුසියෙන් බේරගත්තු යෙසුස්ව බේරගෙන ගියපු විදිය තැන වගේම
    මැරුනු විසේස කෙනෙක් යලි ඉපදුනාම එය උපන් ස්තානය තරු ඇසුරින් හොයාගෙන යන ටිබෙට් සම්ප්‍රදායක් ගැනත් කියනවා

    අන්තිමට ඉතින් යෙසුස්ව මරන්න කොරපු උන්ම උන්වහන්සෙගෙ චරිතයක් හොරකම් කොරල උන්ගෙ ආගමට දාගත්ත කියල තමයි කියවෙන්නෙ
     
    Last edited:

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    එකෙක් සිංහලෙන් ලියපු එකක් මට කියො ගන්න පුලුවන් උනු නිසා මේකට paste කලෙ
    ඉන්ග්‍රීසියෙන් කියවන්නම ඕනි නම් ඉතින් google එකේ search එකක් දාපුවම විස්තර එයි

    ඕනි එකෙක්ට තමන්ට හිතෙන ඕනි එකක් ලියල දාන්ට පුලුවන්නෙ සිංහලෙන් වගේම ඉන්ග්‍රිසියෙනුත් ඔය කියන කතා දැකපු එකෙක්වත් ජීවතුන් අතර නෑනෙ අපිත් ඉතින් එක එකා කියන කතා කියෝල ව්ස්වාස කරනවා මිසක්කා ඕව ඇහින් දැකපුව / ගවෙසන කොරල හොයාගත්තුව නෙමෙයි ඕන්

    මේවයෙ විස්තර සින්හලට වඩා ඉන්ග්‍රිස් වලින් ගොඩක් ලියවිලා තියෙන නිස සහ google එකෙන් ඕනි තරම් search කොරන්න පුලුවන් නිසා searchකලාම ලෙසියෙන් source හොයගන්ට ඇහැකි
    ඕක ලියන්න use කරපු orginal sources ටික උබ ගාව තියන නිසා ඉල්ලුවේ. නැතුව වෙන එකක් නිසා නෙමෙයි.
     
    • Like
    Reactions: NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    එකෙක් සිංහලෙන් ලියපු එකක් මට කියො ගන්න පුලුවන් උනු නිසා මේකට paste කලෙ
    ඉන්ග්‍රීසියෙන් කියවන්නම ඕනි නම් ඉතින් google එකේ search එකක් දාපුවම විස්තර එයි

    ඕනි එකෙක්ට තමන්ට හිතෙන ඕනි එකක් ලියල දාන්ට පුලුවන්නෙ සිංහලෙන් වගේම ඉන්ග්‍රිසියෙනුත් ඔය කියන කතා දැකපු එකෙක්වත් ජීවතුන් අතර නෑනෙ අපිත් ඉතින් එක එකා කියන කතා කියෝල ව්ස්වාස කරනවා මිසක්කා ඕව ඇහින් දැකපුව / ගවෙසන කොරල හොයාගත්තුව නෙමෙයි ඕන්

    මේවයෙ විස්තර සින්හලට වඩා ඉන්ග්‍රිස් වලින් ගොඩක් ලියවිලා තියෙන නිස සහ google එකෙන් ඕනි තරම් search කොරන්න පුලුවන් නිසා searchකලාම ලෙසියෙන් source හොයගන්ට ඇහැක
    මිත්‍යා මත පතුරවන්න එපා. දන්නෙ නැත්තම් ඉගෙන ගන්න.

    ජේසුස් වහන්සේ කිසිදිනක ඉන්දියාවටවත් ටිබෙටයටවත් පැමිණ නැත. උන් වහන්සේ කිසිවකුගේ ශ්‍රාවකයෙකුද නොවේ.
     
    • Like
    Reactions: NRTG

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මිත්‍යා මත පතුරවන්න එපා. දන්නෙ නැත්තම් ඉගෙන ගන්න.

    ජේසුස් වහන්සේ කිසිදිනක ඉන්දියාවටවත් ටිබෙටයටවත් පැමිණ නැත. උන් වහන්සේ කිසිවකුගේ ශ්‍රාවකයෙකුද නොවේ.
    source please

    හොරාට කලින් කෙහෙල්කැන වැට පනිනවනෙ බ්‍රො
    අපි මම ජෙසු ඉන්දියාවට ආව කියලවත් කාගෙවත් ස්‍රාවකයෙක් කියලවත් කීවෙ නෑනෙ

    The "17 missing years" in Jesus' life refer to a period in the life of Jesus Christ for which there are no specific accounts or details provided in the canonical Christian scriptures, namely the New Testament of the Bible. The Bible provides limited information about Jesus' life from his birth until around the age of 30 when he began his public ministry.

    The canonical Gospels, which include the books of Matthew, Mark, Luke, and John, primarily focus on Jesus' birth, early childhood, and his ministry, teachings, crucifixion, and resurrection. There is a significant gap in the biblical narrative between Jesus' childhood and the beginning of his public ministry.
    යෙසුස් ගෙ missing අවුරුදු 17 ගැන උයා මොකො කියන්නෙ ?
    යෙසුස් අලුතෙන්ම දෙසුව කියන දහමෙ යුදෙව් ආගමෙ ඉගැන්නීම් / කතාවන් එහෙම කොහොමද ආවෙ ?

    ඔය කාලෙ ම ටිබෙට් වලට ඇවිල්ල ඉගෙන ගෙන ගිය කෙනෙක් ගැන තියෙනව record වල
    එයාම ආපහු ඇවිල්ල තියෙනවා ටිබෙට් වලට තුවාල එක්ක එයා ඒකෙන් සුව වෙලා ගොඩක් කාලයක් ටිබෙට් වලම ජීවත් වෙලා ටිබෙට් වලදිම මැරිල තියෙනවා - කුරුසෙන් නැගිටපු කෙනෙක් ආපහු ටිබෙට් වලටම පැනල ඇවිල්ල

    තමන්ගෙ පුත්‍රයා කුරුසෙ එල්ලල දවස් 7 ගියාට පස්සෙ පණ දීල දෙවිය ලෝකෙට ගෙන්න ගත්ත කියන script එකට වඩා
    කුරුසෙන් පණපිටින් ආපහු ගලෝගෙන තමන්ගෙ ආරක්ෂිත දේශය ට පැනල ගිහින් මැරෙනකන්ම ආපහු ඒ පැත්ත පලාතෙ පය ගැහුවෙ නෑ කියන එක තාත්වික නැද්ද අප්පා
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    source please

    හොරාට කලින් කෙහෙල්කැන වැට පනිනවනෙ බ්‍රො
    අපි මම ජෙසු ඉන්දියාවට ආව කියලවත් කාගෙවත් ස්‍රාවකයෙක් කියලවත් කීවෙ නෑනෙ

    The "17 missing years" in Jesus' life refer to a period in the life of Jesus Christ for which there are no specific accounts or details provided in the canonical Christian scriptures, namely the New Testament of the Bible. The Bible provides limited information about Jesus' life from his birth until around the age of 30 when he began his public ministry.

    The canonical Gospels, which include the books of Matthew, Mark, Luke, and John, primarily focus on Jesus' birth, early childhood, and his ministry, teachings, crucifixion, and resurrection. There is a significant gap in the biblical narrative between Jesus' childhood and the beginning of his public ministry.
    යෙසුස් ගෙ missing අවුරුදු 17 ගැන උයා මොකො කියන්නෙ ?

    යෙසුස් අලුතෙන්ම දෙසුව කියන දහමෙ යුදෙව් ආගමෙ ඉගැන්නීම් / කතාවන් එහෙම කොහොමද ආවෙ ?
    හපෝයි... මන් කලිනුත් කිව්වනෙ ඕවා මචන් සියවස් ගානක් තිස්සෙ අහල අහල පච වෙච්චි ප්‍රශ්නනෙ. ඕවට උත්තර දීල තියෙන්නෙ. ඔයා දන්නෙ නැති උනාට අපි මොනා කරන්නද
    අලුත් මුකුත් නැද්ද?
     
    • Like
    Reactions: NRTG

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    හපෝයි... මන් කලිනුත් කිව්වනෙ ඕවා මචන් සියවස් ගානක් තිස්සෙ අහල අහල පච වෙච්චි ප්‍රශ්නනෙ. ඕවට උත්තර දීල තියෙන්නෙ. ඔයා දන්නෙ නැති උනාට අපි මොනා කරන්නද
    අලුත් මුකුත් නැද්ද?
    අපෝ උයා මග හරිනවනෙ ඉපදුනු දවසෙ බබාව බලන්න ආපු අය ගැනයි තැන ගැනයිත්, එල්ලන්න කලින් දවසෙ කොරපුව , එල්ලපු විදිය එල්ලල දවස් 7 කින් ගලෝ ගත්තු විදිය කියන පොතෙ එයාගෙ අවුරුදු 17 ක් කාලයක් ගැන .silent
    තමන්ගෙ කැමැත්තට ඔක්කොම කොරන දේව තාත්තට තමන්ගෙ පුතා කුරුසියෙන් ගලෝල පණ දෙන්ටත් දවස් 7 ක් ගියානෙ

    සත වර්ස ගාණක් තිස්සෙ යි අද උදෙයි උත්තර දුන්න කියන්නෙ නැතිව මගෙ ප්‍රස්නෙට උත්තර දෙන්ටකො . ප්‍රස්න් ගොඩක් තියෙනවා උයාගෙන් අහල ඉගෙන ගන්ට එක ගානෙ අහන්නම් නැත්නම් උයා මග අරිනවනෙ
    මම මිථ්‍යා මත පතුරනවලු , මම අහල තියෙන දේවල මම කීවෙ. මම දන්න දේවල් මිථ්‍යා ව ක් නම් සත්‍ය ගැන උයාගෙන් ඉගෙන ගන්ට ආසයි. ඉතින් මම ප්‍රස්න අහුවත් උයා මග අරිනවනෙ වෙන බයිල කියල. මට තියෙන ප්‍රස්න මම අහන්නම් උයා මට කියල දෙන්ට . නැත්නම් මම කියන ඒව බොරු කියල පැනල දුවන්ට එපා, මම කියන ඒව බොරුනම් මට ඇත්ත කියල දෙන්ට . එක්කො කට වහගෙන පැත්තකට වෙලා මගෙන් මගෙන් ඉගෙන ගන්ට

    Missing අවුරුදු 17 දි යෙසුස් මොකො කලේ? ඒ ගැන උපන්දා සිට එල්ලල ආපහු පණ දෙන තැන වෙනකනුත් කියන බයිබලෙ මොකො silent? වෙන unreliable sources ගැන කියවන්ට එපා බයිබලෙන් ම කියන්ටකො

    මේ ප්‍රස්නෙට උත්තර දුන්නම ඊලගට මම මැරිල පණ දුන්නු දේව පුත්‍රයා ආපහු මේ ලෝකෙ තියන්නෙ නැතුව ඒ ලෝකෙට ගෙන්න ගත්තෙ කියල අහන්නම්කො දැනට වෙන බයිලයි උදෙ උත්තර දුන්න කතා නොකියා Bible එකෙන් missing 17 years ගැන උත්තර දෙන්ටකො
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: Dr.Amdan and NRTG