My text
යුදෙව් , ඉස්ලාම්, ක්‍රිස්තියානි ඔක්කොම ආගම් එකම මූලයකින් ඇවිල්ල වෙනස් වුනු ඇදහිලි කියන කතාව සින්හලෙන් පැහැදිල කරන විස්තරයක් හම්බුනා
මේකට අනුව ජෙසුස් කියන්නෙ ඒ වෙනකොටත් තිබුනු ආගමක දේශකයෙක්
එහෙම කෙනෙක් එහෙ ප්‍රචලිතව තිබුනු ආගමක් ප්‍රචාරය කලා නම් කුරුසියේ මැරුම් කන්න තරම් දරුනු තත්වයක් වෙන්නෙ නැහැ
ජේසු ගෙ අවුරුදු 17, එයා වෙනත් ආගමක් දේශනා කලා සහ කුරුසෙ ගැහුවට පස්සෙ එයා පැනල ඇවිත් වෙනත් රටක ජීවත් වුනා අන්තිමට එයාගෙ චරිතයත් එයාව ඝාතනය කරපු අයම එයාලගෙ ආගම ප්‍රචාරය කරන්න මංකොල්ල කෑව කියල කියවෙන කතා ඔක්කොම මීට සම්බන්ධ වෙනවා කියල පේනවා
copied text from නුවන් සුබසිංහ
යුදෙව් ආගමේ ආරම්භය
යුදෙව් ආගමික මූලාශ්‍ර වලට අනුව දෙවියන් වහන්සේ හොරෙබ් කන්ද මතදී ගිනිගෙන දැවෙන පඳුරක වෙසින් මෝසස් වෙත පෙනී සිටීම යුදෙව් ආගමේ ආරම්භය ලෙස සලකන්න පුළුවන්. මීට කලින් අවස්ථා වලදී දෙවියන් වහන්සේ නෝවා සහ ඒබ්‍රහම් ඇතුළු වෙනත් දිවැසි වරු ගණනාවක් සමඟ සන්නිවේදය කළත්, යුදෙව් ආගමේ නිශ්චිත ආරම්භය කියලා සලකන්න පුළුවන් වෙන්නේ ඉහත අවස්ථාව.
නමුත් මේ සිද්ධිය ඓහික ඉතිහාසඥයන් පිළිගන්නේ නෑ. ඒ නිසා ඓහික කෝණයකින් බලන විට යුදෙව් ආගමේ ආරම්භය අවිනිශ්චිතයි.
කෙසේ වෙතත්, ක්‍රි.පූ. 1000 පමණ වන විට වර්තමාන ඊශ්‍රායලය සහ පලස්තීනයට අයත් භූමියේ (කනානයේ) ඊශ්‍රායල් සහ යුදා නම් රාජධාණි දෙකක් පැවතුනු බවත්, මේ රාජධාණි දෙකේ ජනතාව එකම භාෂාවක් (හීබෲ) කතා කළ, එකම ආගමක් ඇදහූ, එකම සංස්කෘතියකට අයත් වූ බව ඓතිහාසික සත්‍යයක් වශයෙන් පිළිගන්න පුළුවන්.
මේ ජනතාව "ඊශ්‍රායල්" නමින් හැඳින්වුන එකම ජනවර්ගයකට අයත් වුනා. මේ ජන වර්ගය ගෝත්‍ර දොළහකින් සමන්විත වුනා. මේ ගෝත්‍ර දොළහෙන් යුදා සහ බෙන්ජමින් ගෝත්‍ර දෙක ජෙරුසෙලම අගනුවර කරගත් යුදා රාජධානියේ වාසය කළ අතර, අනෙක් ගෝත්‍ර දහය සමාරියා නගරය අගනුවර කරගත් ඊශ්‍රායල් රාජධානියේ වාසය කළා.
මේ ජනතාවගේ ආගම වර්තමාන යුදෙව් ආගමේ මූලාරම්භක අවස්ථාව වශයෙන් සලකන්න පුළුවන්.
මේ ආගම "යාහ්වේහ්" නමින් හැඳින්වුනු එක දෙවියෙක් කෙරෙහි විශ්වාසය තැබූ අතර, එහි ප්‍රධාන විශ්වාසයන් වුනේ:
1. යාහ්වේහ් ලෝකය නිර්මාණය කළ සර්වබලධාරී දෙවියන් බව
2. ඊශ්‍රායල් ජනතාව දෙවියන් ගේ තෝරාගත් ජනතාව බව
3. ඊශ්‍රායල් ජනතාව දෙවියන් විසින් දිවැසි වරු හරහා ලබා දුන් දැණුම් සහ නීති පද්ධතියකට අනුව ජීවත් විය යුතු බව
4. කනානය ඊශ්‍රායල් ජනතාවගේ භූමිය ලෙස ඔවුන්ට ලබා දෙන බවට දෙවියන් ඔවුන්ට පොරොන්දු වූ බව
මේ දෙවියන්ගේ ප්‍රධාන දේවස්ථානය ජෙරුසෙලම් නගරයේ පිහිටා තිබුණු අතර, ආගම කේන්ද්‍රගත වුනේ මේ දේවස්ථානය වටා. මේ දේවස්ථානයේ සේවය කළ පූජකයන් ආගමේ ප්‍රධාන බලධාරීන් වුනා.
මේ ආගම ආගමික වතාවත්, සිරිත් විරිත් සහ ආගමේ සංවිධානය අතින් වර්තමාන යුදෙව් ආගමට වඩා සෑහෙන වෙනස් ස්වරූපයක් ගත්තා.
=================================
ක්‍රි.පූ. 589 දී බැබිලෝනියානු අධිරාජ්‍යය විසින් යුදා රාජධානිය ආක්‍රමනය කළ අතර එයටත් අත් වුනේ ඊශ්‍රායල් රාජධානියට අත්වුනු ඉරණම මයි. ජෙරුසෙලමේ දේවස්ථානය විනාශ කෙරුණු අතර නගරය සම්පූර්ණයෙන්ම ජන ශුන්‍ය කෙරුනා. යුදාවේ වංශවතුන්ගෙන් බහුතරයක් බැබිලෝනියාවට වහලුන් ලෙස පිටුවහල් කෙරුණු අතර සාමාන්‍යය වැසියන් බහුතරයක් අසල්වැසි ප්‍රදේශ වලට පලා ගියා.
යුදා රාජධානියේ ආගමික විද්වතුන් බොහෝ දෙනා බැබිලෝනියාවට පිටුවහල් කෙරුණු අතර, බැබිලෝනියාවේදී ඔවුන්ගේ ආගම විශාල පරිවර්තනයකට ලක් වුනා.
ප්‍රධාන වෙනස වුනේ එතෙක් කල් දේවස්ථානය, එහි සිදු කෙරුණු ආගමික වතාවත් සහ ඒ ආගමික වතාවත් කළ පූජකයන් වටා කේන්ද්‍රගත වුනු ආගමට දේවස්ථානයේ විනාශයත් සමඟම ඒ කේන්ද්‍රය අහිමි වීම. ඒ නිසා බැබිලෝනියාවේදී ආගමේ කේන්ද්‍රය ආගමික ලියැවිලි සහ ඒ ලියැවිලි පවත්වාගෙන ගිය, ඒවා ගැන හැදෑරීම් කළ ආගමික විද්වතුන් වෙත මාරු වුනා.
ක්‍රි.පූ. 550 දී බැබිලෝනියාව පර්සියානු අධිරාජ්‍යයට යටත් වුනා. පර්සියානු අධිරාජ්‍යයා වුනු මහා සයිරස් ක්‍රි.පූ. 539 දී ඔවුන්ට නැවතත් මව්බිම කරා පැමිණීමට අවසර දුන්නා. එතැන් සිට ඔවුන් පැවතුනේ පර්සියානු අධිරාජ්‍යයේ ප්‍රාන්තයක් විදිහට. පර්සියානුවන්මේ ප්‍රාන්තය හැඳින්වූයේ "යෙහූද්" (යුදා කියන වචනය පර්සියානු භාෂාවට පැමිණීමේදී විකෘති වුනු ආකාරය) නමින්. යෙහූද් හි වැසියන් "යුදෙව්වන්" ලෙසත්, ඔවුන්ගේ ආගම "යුදෙව් ආගම" ලෙසත් හැඳින්වුනා.
මේ කාලයේදී පර්සියානු ආගමේ බලපෑමට යුදෙව් ආගම ලක් වුනු අතර, ප්‍රධානම බලපෑම වුනේ මරණින් මතු ජීවිතයක් පිළිබඳ විශ්වාසයන් යුදෙව් ආගමට ඇතුළු වීම. පසුව මේ ප්‍රාන්තය මහා ඇලෙක්සැන්ඩර් රජු යටතේ ග්‍රීක පාලනයටත් ඉන්පසු රෝම පාලනයටත් නතු වූ අතර, ඒ හරහා ග්‍රීක ආගමේ බලපෑමටත් ලක් වුනා.
ඊට අමතරව ලෝකය නිර්මාණය, ප්‍රථම මිනිසා වූ ආදම් නිර්මාණය සහ ජල ගැල්ම පිළිබඳ කතා පැරණි සුමේරියානු ආගමික කතා වලට විශාල වශයෙන් සමාන නිසා ඒ කතා බැබිලෝනියානු පිටුවහල් සමයේදී බැබිලෝනියානු ආගමෙන් යුදෙව් ආගමට එකතු වුනු බව සමහර ඉතිහාසඥයන් අදහස් කරනවා. ඒත් ඒක හරියටම නිශ්චිත නෑ. වසර 50 ක් වගේ කෙටි කාලයක් තුළදී ඒ තරම් විශාල බලපෑමක් වුනා කියල හිතන්න අමාරුයි.
=================================
දේවස්ථානය නැවත ඉඳිකෙරුණු පසු යුදෙව් ආගමේ පැරණි ස්වරූපයේ පූජකයන් සහ වතාවත් නැවත ආරම්භ වුනු නමුත්, බැබිලෝනියානු පිටුවහල් සමයේදී ආගමික ලියැවිලි සහ ආගමික විද්වතුන්ට ලැබුණු තැන නැතිවුනේ නෑ. මේ නිසා දෙවන දේවස්ථාන යුදෙව් ආගම දේවස්ථානය හා බැඳුණු ධාරාවක් සහ ලියැවිලි හා බැඳුණු ධාරාවක් වශයෙන් ප්‍රධාන ධාරාවන් දෙකකින් සමන්විත වුනා.
පූජකවරු ජෙරුසෙලම ප්‍රධාන කොටගෙන සිටි අතර, සියළුම ප්‍රධාන ආගමික වතාවත් කෙරුණේ ඔවුන් අතින්. මේ නිසා ඔවුන් සැලකිය යුතු ආගමික සහ දේශපාලන බලයක් අත් කරගෙන හිටියා.
යුදෙව් ආගමේ ආගමික ලියැවිලි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදුනා. ඒ ප්‍රධාන ආගමික ලියැවිලි සහ ඒවායේ අර්ථ දැක්වීම් වශයෙන්.
මින් පළමුවැනි කොටස "ටෝරා" (ඉගැන්වීම්), "නෙවීම්" (දිවැසිවරු) සහ "කෙටුවිම්" (ලියැවිලි) නමින් හැඳින්වෙන පොත් තුනකින් සමන්විත වෙනවා. මේ පොත් තුන එකට ගත් කළ "තනාක්" නමින් හැඳින්වෙනවා. එය සාමාන්‍යය ව්‍යවහාරයේදී "යුදෙව් බයිබලය" හෙවත් "පැරණි තෙස්තමේන්තුව" නමින් හැඳින්වෙනවා. මේවා බැබිලෝනියානු පිටුවහල් කිරීමට පෙර සමයේ සහ ඒ ආසන්නයේ ග්‍රන්ථාරූඪ කෙරුණු ලියැවිලි.
දෙවැනි කොටස ප්‍රධාන වශයෙන් මුඛ පරම්පරාගතව ඇවිත්, පසු කාලීනව ග්‍රන්ථාරූඪ කෙරුණු ලියැවිලි. මේවා යුදෙව් ආගමික නීති, ඒවායේ අර්ථ දැක්වීම්, වැඩිදුර විභාග කිරීම් සහ අර්ථ දැක්වීම් පිළිබඳ අර්ථ දැක්වීම් වලින් සමන්විතයි. මේ ලියැවිලි හැඳීන්වෙන්නේ "තල්මුද්" නමින්.
මේ ආගමික ලියැවිලි පවත්වාගෙන ගිය සහ ඒවා හැදෑරීම් කළ උගතුන් හැඳින්වුනේ "රැබි" නමින්.
=================================
දෙවන දේවස්ථාන යුදෙව් ආගමේ නිකායන්
දෙවන දේවස්ථාන සමයේ යුදෙව් ආගමේ ප්‍රධාන සම්ප්‍රදායන් (sects) තුනක් තිබුණා.
1. සෙඩුසි (Sadducees)
2. ෆාරිසි (Pharisees)
3. එසින්ස් (Essenes)
මේ ප්‍රධාන සම්ප්‍රදායන් තුනට අමතරව මේ සමයේදී යුදෙව් ආගමෙන් අපගමන (offshoots) දෙකකුත් ඇති වුනා.
1. සමාරිටන් ආගම
2. ක්‍රිස්තියානිය
=================================
දේවස්ථානය හා බැඳුනු ධාරාව නියෝජනය කළේ සෙඩුසි සම්ප්‍රදාය විසින්. "සෙඩුසි" කියන නමේ මූලය වුනේ පැරණි දේවස්ථානයේ පළමුවන ප්‍රධාන පූජක ධූරය දැරූ "සෙඩොක්" ගේ නම.
ඔවුන් පූජකයන්, ධනවතුන් සහ දේශපාලන ප්‍රධානීන් අතර ප්‍රධාන වශයෙන් පැතිරී තිබුණා. මේ සම්ප්‍රදාය වතාවත් සහ සැකැස්ම අතින් බැබිලෝනියානු පිටුවහල් කිරීමට පෙර ආගමට වඩාත් සමීප වුනා. සෙඩුසි සම්‍ප්‍රදාය මුල්තැන දුන්නේ දේවස්ථානය මුල් කරගෙන කෙරුණු වතාවත් සහ පුද පූජා ආදියට. මේ සම්ප්‍රදායේ ආගමික අධිකාරීත්වය තිබුණේ පූජකයන් අත. සෙඩුසි සම්ප්‍රදාය හෙලනීය සංස්කෘතීය (ග්‍රීක සහ රෝම) සමඟ මුහුවීම ගැන ලිහිල් ස්ථාවරයක් දැරුවා.
සෙඩුසි සම්ප්‍රදායේ මූලික විශ්වාසයන් වුනේ:
1. මරණින් මතු ජීවිතයක් විශ්වාස නොකිරීම
2. මිනිසාට සම්පූර්ණ නිදහස් ස්වකැමැත්තක් (free will) ඇති බව
3. තනාක් පමණක් විශ්වාස කිරීම සහ තල්මුද් ලියැවිලි විශ්වාස නොකිරීම
4. ආගමික ලියැවිලි වල වචනාර්ථ අර්ථ දැක්වීම (literal interpretation) පිළිගැනීම
=================================
ෆාරිසි සම්ප්‍රදාය ජනප්‍රිය වුනේ සාමාජ්‍යය ජනතාව අතර. බැබිලෝනියානු පිටුවහල් කිරීම සමයේ ඇතිවුනු දේවධාර්මික වෙනස්කම් නියෝජනය වුනේ මේ සම්ප්‍රදායෙන්. මේ සම්ප්‍රදායේ ආගමික අධිකාරීත්වය තිබුණේ රැබි වරුන් අත. ෆාර්සි සම්ප්‍රදාය හෙලනීය සංස්කෘතිය සමඟ මුහුවීම ගැන තරමක් දැඩි ස්ථාවරයක් දැරුවත් එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේ නෑ.
ෆාරිසි සම්ප්‍රදායේ මූලික විශ්වාසයන් වුනේ:
1. මරණින් මතු ජීවිතයක් විශ්වාස කිරීම
2. නැවත උට්ඨානය (resurrection) සහ අවසාන විනිශ්චය විශ්වාස කිරීම
3. සමහර අවස්ථා වලදී පමණක් මිනිසාට නිදහස් ස්වකැමැත්තක් ඇති බව
4. තනාක් සහ තල්මුද් දෙකම විශ්වාස කිරීම
5. ආගමික ලියැවිලි වල විද්වතුන් විසින් කරන විශ්ලේෂනාත්මක අර්ථ දැක්වීම් පිළිගැනීම
=================================
මේ ධාරාවන් දෙකටම බැහැර වුනු පිරිසක් එසෙන්සි සම්ප්‍රදාය නියෝජනය කළා. එසෙන්සි කියන නමේ මූලය ගැන නිශ්චිත අදහසක් වර්තමාන ඉතිහාසඥයන්ට නෑ. බොහෝ විට එය ග්‍රීක මූලයක් සහිත නමක් විය හැකි අතර, එසෙන්සි වරු තමාව හඳුන්වාගැනීමට ඒ නම භාවිතා නොකළ බව හිතන්න පුළුවන්.
එසෙන්සි සම්ප්‍රදාය අනුගමනය කළ යුදෙව්වන් ප්‍රධාන සමාජයෙන් බැහැර වුනු සමූහයන් විදිහට ජීවත් වුනු අතර, අල්පේච්ඡ සහ සාමූහික ජීවන රටාවක් අනුගමනය කළා. මේ සම්ප්‍රදායේ ආගමික අධිකාරීත්වය තිබුණේ ඔවුන්ගේ සමූහයන්ගේ ප්‍රධානීන් අත. එසෙන්සි සම්ප්‍රදාය හෙලනීය සංස්කෘතිය සමඟ මුහුවීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළා.
එසෙන්සි සම්ප්‍රදායේ මූලික විශ්වාසයන් වුනේ:
1. මරණින් මතු ජීවිතයක් විශ්වාස කිරීම
2. මරණින් මතු ආත්මය අභෞතික පැවැත්මක් ලබා ගන්නා බව
3. මිනිසාට කිසිම නිදහස් ස්වකැමැත්තක් නොමැති බව සහ සියල්ල දෙවියන් ගේ කැමැත්තට සිදුවන බව
4. තනාක් සහ තල්මුද් දෙකම විශ්වාස කිරීම
5. ආගමික ලියැවිලි වල දෙවියන් විසින් කෙලින්ම ලබා දෙන (inspired) අර්ථ දැක්වීම් පිළිගැනීම
යුදෙව් , ඉස්ලාම්, ක්‍රිස්තියානි ඔක්කොම ආගම් එකම මූලයකින් ඇවිල්ල වෙනස් වුනු ඇදහිලි කියන කතාව සින්හලෙන් පැහැදිල කරන විස්තරයක් හම්බුනා
මේකට අනුව ජෙසුස් කියන්නෙ ඒ වෙනකොටත් තිබුනු ආගමක දේශකයෙක්
එහෙම කෙනෙක් එහෙ ප්‍රචලිතව තිබුනු ආගමක් ප්‍රචාරය කලා නම් කුරුසියේ මැරුම් කන්න තරම් දරුනු තත්වයක් වෙන්නෙ නැහැ
ජේසු ගෙ අවුරුදු 17, එයා වෙනත් ආගමක් දේශනා කලා සහ කුරුසෙ ගැහුවට පස්සෙ එයා පැනල ඇවිත් වෙනත් රටක ජීවත් වුනා අන්තිමට එයාගෙ චරිතයත් එයාව ඝාතනය කරපු අයම එයාලගෙ ආගම ප්‍රචාරය කරන්න මංකොල්ල කෑව කියල කියවෙන කතා ඔක්කොම මීට සම්බන්ධ වෙනවා කියල පේනවා
copied text from නුවන් සුබසිංහ
යුදෙව් ආගමේ ආරම්භය
යුදෙව් ආගමික මූලාශ්‍ර වලට අනුව දෙවියන් වහන්සේ හොරෙබ් කන්ද මතදී ගිනිගෙන දැවෙන පඳුරක වෙසින් මෝසස් වෙත පෙනී සිටීම යුදෙව් ආගමේ ආරම්භය ලෙස සලකන්න පුළුවන්. මීට කලින් අවස්ථා වලදී දෙවියන් වහන්සේ නෝවා සහ ඒබ්‍රහම් ඇතුළු වෙනත් දිවැසි වරු ගණනාවක් සමඟ සන්නිවේදය කළත්, යුදෙව් ආගමේ නිශ්චිත ආරම්භය කියලා සලකන්න පුළුවන් වෙන්නේ ඉහත අවස්ථාව.
නමුත් මේ සිද්ධිය ඓහික ඉතිහාසඥයන් පිළිගන්නේ නෑ. ඒ නිසා ඓහික කෝණයකින් බලන විට යුදෙව් ආගමේ ආරම්භය අවිනිශ්චිතයි.
කෙසේ වෙතත්, ක්‍රි.පූ. 1000 පමණ වන විට වර්තමාන ඊශ්‍රායලය සහ පලස්තීනයට අයත් භූමියේ (කනානයේ) ඊශ්‍රායල් සහ යුදා නම් රාජධාණි දෙකක් පැවතුනු බවත්, මේ රාජධාණි දෙකේ ජනතාව එකම භාෂාවක් (හීබෲ) කතා කළ, එකම ආගමක් ඇදහූ, එකම සංස්කෘතියකට අයත් වූ බව ඓතිහාසික සත්‍යයක් වශයෙන් පිළිගන්න පුළුවන්.
මේ ජනතාව "ඊශ්‍රායල්" නමින් හැඳින්වුන එකම ජනවර්ගයකට අයත් වුනා. මේ ජන වර්ගය ගෝත්‍ර දොළහකින් සමන්විත වුනා. මේ ගෝත්‍ර දොළහෙන් යුදා සහ බෙන්ජමින් ගෝත්‍ර දෙක ජෙරුසෙලම අගනුවර කරගත් යුදා රාජධානියේ වාසය කළ අතර, අනෙක් ගෝත්‍ර දහය සමාරියා නගරය අගනුවර කරගත් ඊශ්‍රායල් රාජධානියේ වාසය කළා.
මේ ජනතාවගේ ආගම වර්තමාන යුදෙව් ආගමේ මූලාරම්භක අවස්ථාව වශයෙන් සලකන්න පුළුවන්.
මේ ආගම "යාහ්වේහ්" නමින් හැඳින්වුනු එක දෙවියෙක් කෙරෙහි විශ්වාසය තැබූ අතර, එහි ප්‍රධාන විශ්වාසයන් වුනේ:
1. යාහ්වේහ් ලෝකය නිර්මාණය කළ සර්වබලධාරී දෙවියන් බව
2. ඊශ්‍රායල් ජනතාව දෙවියන් ගේ තෝරාගත් ජනතාව බව
3. ඊශ්‍රායල් ජනතාව දෙවියන් විසින් දිවැසි වරු හරහා ලබා දුන් දැණුම් සහ නීති පද්ධතියකට අනුව ජීවත් විය යුතු බව
4. කනානය ඊශ්‍රායල් ජනතාවගේ භූමිය ලෙස ඔවුන්ට ලබා දෙන බවට දෙවියන් ඔවුන්ට පොරොන්දු වූ බව
මේ දෙවියන්ගේ ප්‍රධාන දේවස්ථානය ජෙරුසෙලම් නගරයේ පිහිටා තිබුණු අතර, ආගම කේන්ද්‍රගත වුනේ මේ දේවස්ථානය වටා. මේ දේවස්ථානයේ සේවය කළ පූජකයන් ආගමේ ප්‍රධාන බලධාරීන් වුනා.
මේ ආගම ආගමික වතාවත්, සිරිත් විරිත් සහ ආගමේ සංවිධානය අතින් වර්තමාන යුදෙව් ආගමට වඩා සෑහෙන වෙනස් ස්වරූපයක් ගත්තා.
=================================
විදෙස් ආක්‍රමන සහ බැබිලෝනියානු පිටුවහල් කිරීම
ක්‍රි.පූ. 732-720 කාලයේදී ඇසිරියානු අධිරාජ්‍යය ඊශ්‍රායල් රාජධානිය ආක්‍රමනය කළ අතර, එය සම්පූර්ණයෙන් විනාශයට පත් කර දැමුනා. එහි ජනතාවගෙන් කොටසක් අසල්වැසි යුදා රාජධානියට පළා ගියා. ඉතිරිවුනු අයෙගෙන් බහුතරය ඇසිරියානු අධිරාජ්‍යයේ ඈත ප්‍රදේශ වලට පිටුවහල් කෙරුණා.ක්‍රි.පූ. 589 දී බැබිලෝනියානු අධිරාජ්‍යය විසින් යුදා රාජධානිය ආක්‍රමනය කළ අතර එයටත් අත් වුනේ ඊශ්‍රායල් රාජධානියට අත්වුනු ඉරණම මයි. ජෙරුසෙලමේ දේවස්ථානය විනාශ කෙරුණු අතර නගරය සම්පූර්ණයෙන්ම ජන ශුන්‍ය කෙරුනා. යුදාවේ වංශවතුන්ගෙන් බහුතරයක් බැබිලෝනියාවට වහලුන් ලෙස පිටුවහල් කෙරුණු අතර සාමාන්‍යය වැසියන් බහුතරයක් අසල්වැසි ප්‍රදේශ වලට පලා ගියා.
යුදා රාජධානියේ ආගමික විද්වතුන් බොහෝ දෙනා බැබිලෝනියාවට පිටුවහල් කෙරුණු අතර, බැබිලෝනියාවේදී ඔවුන්ගේ ආගම විශාල පරිවර්තනයකට ලක් වුනා.
ප්‍රධාන වෙනස වුනේ එතෙක් කල් දේවස්ථානය, එහි සිදු කෙරුණු ආගමික වතාවත් සහ ඒ ආගමික වතාවත් කළ පූජකයන් වටා කේන්ද්‍රගත වුනු ආගමට දේවස්ථානයේ විනාශයත් සමඟම ඒ කේන්ද්‍රය අහිමි වීම. ඒ නිසා බැබිලෝනියාවේදී ආගමේ කේන්ද්‍රය ආගමික ලියැවිලි සහ ඒ ලියැවිලි පවත්වාගෙන ගිය, ඒවා ගැන හැදෑරීම් කළ ආගමික විද්වතුන් වෙත මාරු වුනා.
ක්‍රි.පූ. 550 දී බැබිලෝනියාව පර්සියානු අධිරාජ්‍යයට යටත් වුනා. පර්සියානු අධිරාජ්‍යයා වුනු මහා සයිරස් ක්‍රි.පූ. 539 දී ඔවුන්ට නැවතත් මව්බිම කරා පැමිණීමට අවසර දුන්නා. එතැන් සිට ඔවුන් පැවතුනේ පර්සියානු අධිරාජ්‍යයේ ප්‍රාන්තයක් විදිහට. පර්සියානුවන්මේ ප්‍රාන්තය හැඳින්වූයේ "යෙහූද්" (යුදා කියන වචනය පර්සියානු භාෂාවට පැමිණීමේදී විකෘති වුනු ආකාරය) නමින්. යෙහූද් හි වැසියන් "යුදෙව්වන්" ලෙසත්, ඔවුන්ගේ ආගම "යුදෙව් ආගම" ලෙසත් හැඳින්වුනා.
මේ කාලයේදී පර්සියානු ආගමේ බලපෑමට යුදෙව් ආගම ලක් වුනු අතර, ප්‍රධානම බලපෑම වුනේ මරණින් මතු ජීවිතයක් පිළිබඳ විශ්වාසයන් යුදෙව් ආගමට ඇතුළු වීම. පසුව මේ ප්‍රාන්තය මහා ඇලෙක්සැන්ඩර් රජු යටතේ ග්‍රීක පාලනයටත් ඉන්පසු රෝම පාලනයටත් නතු වූ අතර, ඒ හරහා ග්‍රීක ආගමේ බලපෑමටත් ලක් වුනා.
ඊට අමතරව ලෝකය නිර්මාණය, ප්‍රථම මිනිසා වූ ආදම් නිර්මාණය සහ ජල ගැල්ම පිළිබඳ කතා පැරණි සුමේරියානු ආගමික කතා වලට විශාල වශයෙන් සමාන නිසා ඒ කතා බැබිලෝනියානු පිටුවහල් සමයේදී බැබිලෝනියානු ආගමෙන් යුදෙව් ආගමට එකතු වුනු බව සමහර ඉතිහාසඥයන් අදහස් කරනවා. ඒත් ඒක හරියටම නිශ්චිත නෑ. වසර 50 ක් වගේ කෙටි කාලයක් තුළදී ඒ තරම් විශාල බලපෑමක් වුනා කියල හිතන්න අමාරුයි.
=================================
දෙවන දේවස්ථාන යුදෙව් ආගම (SECOND TEMPLE JUDAISM)
ක්‍රි.පූ. 516 දී ජෙරුසෙලමේ දේවස්ථානය නැවත ඉඳි කෙරුණු අතර, පැරණි ආගමික වතාවත් නැවතත් ආරම්භ කෙරුණා. යුදෙව් ආගමේ මෙතැනින් ආරම්භ වන කාල සීමාව හැඳින්වෙන්නේ "දෙවන දේවස්ථාන යුදෙව් ආගම" ලෙස.දේවස්ථානය නැවත ඉඳිකෙරුණු පසු යුදෙව් ආගමේ පැරණි ස්වරූපයේ පූජකයන් සහ වතාවත් නැවත ආරම්භ වුනු නමුත්, බැබිලෝනියානු පිටුවහල් සමයේදී ආගමික ලියැවිලි සහ ආගමික විද්වතුන්ට ලැබුණු තැන නැතිවුනේ නෑ. මේ නිසා දෙවන දේවස්ථාන යුදෙව් ආගම දේවස්ථානය හා බැඳුණු ධාරාවක් සහ ලියැවිලි හා බැඳුණු ධාරාවක් වශයෙන් ප්‍රධාන ධාරාවන් දෙකකින් සමන්විත වුනා.
පූජකවරු ජෙරුසෙලම ප්‍රධාන කොටගෙන සිටි අතර, සියළුම ප්‍රධාන ආගමික වතාවත් කෙරුණේ ඔවුන් අතින්. මේ නිසා ඔවුන් සැලකිය යුතු ආගමික සහ දේශපාලන බලයක් අත් කරගෙන හිටියා.
යුදෙව් ආගමේ ආගමික ලියැවිලි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදුනා. ඒ ප්‍රධාන ආගමික ලියැවිලි සහ ඒවායේ අර්ථ දැක්වීම් වශයෙන්.
මින් පළමුවැනි කොටස "ටෝරා" (ඉගැන්වීම්), "නෙවීම්" (දිවැසිවරු) සහ "කෙටුවිම්" (ලියැවිලි) නමින් හැඳින්වෙන පොත් තුනකින් සමන්විත වෙනවා. මේ පොත් තුන එකට ගත් කළ "තනාක්" නමින් හැඳින්වෙනවා. එය සාමාන්‍යය ව්‍යවහාරයේදී "යුදෙව් බයිබලය" හෙවත් "පැරණි තෙස්තමේන්තුව" නමින් හැඳින්වෙනවා. මේවා බැබිලෝනියානු පිටුවහල් කිරීමට පෙර සමයේ සහ ඒ ආසන්නයේ ග්‍රන්ථාරූඪ කෙරුණු ලියැවිලි.
දෙවැනි කොටස ප්‍රධාන වශයෙන් මුඛ පරම්පරාගතව ඇවිත්, පසු කාලීනව ග්‍රන්ථාරූඪ කෙරුණු ලියැවිලි. මේවා යුදෙව් ආගමික නීති, ඒවායේ අර්ථ දැක්වීම්, වැඩිදුර විභාග කිරීම් සහ අර්ථ දැක්වීම් පිළිබඳ අර්ථ දැක්වීම් වලින් සමන්විතයි. මේ ලියැවිලි හැඳීන්වෙන්නේ "තල්මුද්" නමින්.
මේ ආගමික ලියැවිලි පවත්වාගෙන ගිය සහ ඒවා හැදෑරීම් කළ උගතුන් හැඳින්වුනේ "රැබි" නමින්.
=================================
දෙවන දේවස්ථාන යුදෙව් ආගමේ නිකායන්
දෙවන දේවස්ථාන සමයේ යුදෙව් ආගමේ ප්‍රධාන සම්ප්‍රදායන් (sects) තුනක් තිබුණා.
1. සෙඩුසි (Sadducees)
2. ෆාරිසි (Pharisees)
3. එසින්ස් (Essenes)
මේ ප්‍රධාන සම්ප්‍රදායන් තුනට අමතරව මේ සමයේදී යුදෙව් ආගමෙන් අපගමන (offshoots) දෙකකුත් ඇති වුනා.
1. සමාරිටන් ආගම
2. ක්‍රිස්තියානිය
=================================
සෙඩුසි
දේවස්ථානය හා බැඳුනු ධාරාව නියෝජනය කළේ සෙඩුසි සම්ප්‍රදාය විසින්. "සෙඩුසි" කියන නමේ මූලය වුනේ පැරණි දේවස්ථානයේ පළමුවන ප්‍රධාන පූජක ධූරය දැරූ "සෙඩොක්" ගේ නම.
ඔවුන් පූජකයන්, ධනවතුන් සහ දේශපාලන ප්‍රධානීන් අතර ප්‍රධාන වශයෙන් පැතිරී තිබුණා. මේ සම්ප්‍රදාය වතාවත් සහ සැකැස්ම අතින් බැබිලෝනියානු පිටුවහල් කිරීමට පෙර ආගමට වඩාත් සමීප වුනා. සෙඩුසි සම්‍ප්‍රදාය මුල්තැන දුන්නේ දේවස්ථානය මුල් කරගෙන කෙරුණු වතාවත් සහ පුද පූජා ආදියට. මේ සම්ප්‍රදායේ ආගමික අධිකාරීත්වය තිබුණේ පූජකයන් අත. සෙඩුසි සම්ප්‍රදාය හෙලනීය සංස්කෘතීය (ග්‍රීක සහ රෝම) සමඟ මුහුවීම ගැන ලිහිල් ස්ථාවරයක් දැරුවා.
සෙඩුසි සම්ප්‍රදායේ මූලික විශ්වාසයන් වුනේ:
1. මරණින් මතු ජීවිතයක් විශ්වාස නොකිරීම
2. මිනිසාට සම්පූර්ණ නිදහස් ස්වකැමැත්තක් (free will) ඇති බව
3. තනාක් පමණක් විශ්වාස කිරීම සහ තල්මුද් ලියැවිලි විශ්වාස නොකිරීම
4. ආගමික ලියැවිලි වල වචනාර්ථ අර්ථ දැක්වීම (literal interpretation) පිළිගැනීම
=================================
ෆාරිසි
ෆාරිසි සම්ප්‍රදාය නියෝජනය කළේ ආගමික ලියැවිලි සහ ආගමික විද්වතුන් හා බැඳුනු ධාරාව. ෆාරිසි කියන නමේ මූලය වුනේ "ෆාරුස්" කියන හීබෲ වචනය. ඒකෙ තේරුම "වෙන් වුනු". ෆාරිසි සම්ප්‍රදාය සෙඩුසි දේශපාලන බල අධිකාරියෙන් වෙන්වීම සහ යුදෙව්වන් නොවන ජනතාව සමඟ ගනුදෙනු කිරීමේදී දැක්වූ දුරස්ථ බව මේ නමට මුල් වෙන්න ඇති කියල හිතන්න පුළුවන්. තවත් මතයකට අනුව ෆාරිසි නමේ මූලය පර්සියානු ජාතිකයන් හැඳින්වූ "පාර්සි" කියන වචනය.ෆාරිසි සම්ප්‍රදාය ජනප්‍රිය වුනේ සාමාජ්‍යය ජනතාව අතර. බැබිලෝනියානු පිටුවහල් කිරීම සමයේ ඇතිවුනු දේවධාර්මික වෙනස්කම් නියෝජනය වුනේ මේ සම්ප්‍රදායෙන්. මේ සම්ප්‍රදායේ ආගමික අධිකාරීත්වය තිබුණේ රැබි වරුන් අත. ෆාර්සි සම්ප්‍රදාය හෙලනීය සංස්කෘතිය සමඟ මුහුවීම ගැන තරමක් දැඩි ස්ථාවරයක් දැරුවත් එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේ නෑ.
ෆාරිසි සම්ප්‍රදායේ මූලික විශ්වාසයන් වුනේ:
1. මරණින් මතු ජීවිතයක් විශ්වාස කිරීම
2. නැවත උට්ඨානය (resurrection) සහ අවසාන විනිශ්චය විශ්වාස කිරීම
3. සමහර අවස්ථා වලදී පමණක් මිනිසාට නිදහස් ස්වකැමැත්තක් ඇති බව
4. තනාක් සහ තල්මුද් දෙකම විශ්වාස කිරීම
5. ආගමික ලියැවිලි වල විද්වතුන් විසින් කරන විශ්ලේෂනාත්මක අර්ථ දැක්වීම් පිළිගැනීම
=================================
එසින්ස්