සිද්දිය මේකයි. ඊයේ හවස 7.30ට සිදුවීමක් උනා. මේ පහරදීමට සම්බන්ද කෙනා බීමතින් හිටියේ.(කුඩු ගහනවා වෙන්නත් පුළුවන්). කතා බහ දුරදිග ගිය.මට ගහන්න හැදුවට බැරි උනා. අවසානයේ මම එතනින් යන්න එනකොට ගලකින් පහරදීමක් උනා වයිෆ්ට. මට නිකන් පොඩි සිරුම විතරයි. සිද්දියේ ප්‍රධාන සැකකරු ගලකින් ගහපු නිසා වයිෆ්ගේ නළල පැලිලා මැහුම් දැම්ම. පොඩ්ඩක් නෙවේ මැහුම් 10ක් විතර නළල. මම වයිෆ්ව හොස්පිටල් ඇඩ්මිට් කළා. එක්ස්රේ,CT අරව මේවා ඔක්කම කරලා වෝඩ් එකට දාල එලියට එනකොට රෑ 10.30 ත් පැනල. එත් එහෙමම ගිහින් පොලිසියේ අන්ට්‍රියක් දැම්ම. මිනිහ ඉන්න ඇඩ්රස් එක කිව්වා, first නේම් එක කිව්වා, ෆෝන් නම්බර් එක පවා අන්ට්‍රියට දැම්ම. අද 1pm වෙනකලුත් ඇරෙස්ට් කරලා නැහැ. මන් ගිහිල්ල ඇහුවම මොකක්ද මගේ පැමිණිල්ල ගැන අප්ඩේට් එක කියල උන් අමුතු රෙස්පොන්ස් එකක් දුන්නේ. එවෙලේ තමා පැමිණිල්ල විභාග කරන්න හදන්නේ කියල මට තේරුනා. කොහොම හරි කට්ට කාගෙන 4 වෙනකල් එතන, අරුව ඇරෙස්ට් කරන්න කෙනෙක් යැව්වා. උ හිස් අතින් ආවේ. හෙට 10ට එන්න කිව්වා. අරුට පොලිසියට එන්න කියන්න කියල අල්ලපු ගෙදර උන්ට පණිවිඩේ දුන්න කිව්වා. හවසට/ රෑ වෙලා උන් ආයේ ගිහින් බලනවා කිව්වා. මන් හරි බලමුකෝ මොකද වෙන්නේ කියල ආව හොස්පිටල් එකට. ඒ එනකොට වයිෆ්ගේ ටිකට් කපල. JMO කෙනෙක් ගාවට දාල රිපෝර්ට් එක ලියල. ටිකට් එකේ රිෆරන්ස් නම්බර් එක දාල. වයිෆ් කියපු විදියට JMO ට දුන්න විස්තරේ හොදටම එයා කියල තියෙනවා. හවස 6ට විතර පොලිසියෙන් ආපහු කතා කළා. මිනිහ හොයාන්න විදියක් නැහැ ගේ ලෝක කරලා කිසි සද්දයක් බද්දයක් නැහැ මිනිහගේ ත්රිව්ල් එකත් නැහැ කිව්වා. අහල පහල හොයල බැලුවම මිනිහගේ කොලබ රාජගිරියේ තැනක් තියෙනවා එහෙ හැංගිලා ඉන්නවද දන්නේ නැහැ වගේ එකක් කියනවා හැබැයි ඒ තැන ගැන කිසි විස්තරයක් නැහැලු. මම කිව්වා හරි මම හෙට එන්නම් පොලිසියට කියල.
මචන්ලා මේ වගේ සිද්දියකට පැටලුන පළමු වතාව.
කොහොමද මේක හරියට කරන්නේ?
මට පොලිසියේ ක්‍රියාව නම් අල්ලන්න්නේ නැහැ. අරුගෙන් ජරාව කාල වෙන්න පුළුවන්.
මේකට උබල අහයි මේ වගේ එකක් නිකන් වෙන්න විදියක් නැනේ මේකට හේතුව මොකක්ද කියල. හේතුව තමා මචන් මගේ ගේ මට දෙන්න කියල මාසයක් ඇතුලත ගේ හිස් කරන්න කියපු එක. දැන් උබල අහයි උගේ ID එකවත් නැද්ද කියල. ඔව් බන් එක මන් කරපු මෝඩ වැඩක්. මේ ගේ ගත්තේ ඉක්මනට වගේම ඉන්න එවුන්ට කිසිම නීතිමය අයිතියක් නැහැ. ඔප්පු නිරවුල්. ටිකක් හදිසි වෙලා කරපු මෝඩ වැඩ දෙකක් තියෙනවා, එකක් ඉන්න එවුන් අයින් කලාට පස්සේ ගේ ලිව්වේ නැහැ. අනික උගේ විස්තර ගත්තේ නැහැ. කුලියට ඉන්න මිනිහ හොදින් කතා කරලා මාසයක් ඇතුලත ඉවත් වෙන්නම් කිව්වා නිසා මන් මාසයක් දෙන්නම් කියල කට වචනෙන් වෙච්ච පොරොන්දුව උඩ ඉන්න දුන්නේ. ලයිට් බිල් වතුර බිල් ඔක්කම ගෙව්වේ උ ගිය සතියේ. ඊයේ මු ගේම ඉල්ලලා කිව්වේ පුළුවන් නම් නඩු දාපන් කියල.
මට ඕන මේකයි.
ගහපු සිද්දියට කොහොමද මුව බෙල්ලටම හිර කරන්නේ?
පොලිසිය අරුගෙන් ජරාව කාල නම් කොහොමද මේ වැඩේ කරන්නේ?
පොලිසියට යනකොට ලෝය කෙනෙක් අරන් යන්න ඕනද?
මහේස්ත්‍රාත් අදිකරණයෙන් නේද අරුව ඇතුලට දාන්න ඕන සහ පොලිසියෙන් නේද නඩුව කරන්නේ? ඒ නිසා මන් ලෝය කෙනෙක් අරන් යන එක වැඩක් නැද්ද?
හෙට වයිෆුත් අරන් ගිහින් එයාගේ කට උත්තරයක් දෙන්න ඕන කියල අනට්‍රි කොපියක් ගන්නද? සහ JMO රිපෝර්ට් එක මේකට සම්බන්ද කරන්නේ කොහොමද?
එහෙම කරලා මේක පොලිසියේ ඉහලට අරන් යන්න සහ නඩු කියනවා නම් එකටත් මන් යනවා. අරුව ඇතුලට දාන්නම ඕන මට. උට දෙකක් අනින්න බැරි උනා ගමේ උන් මැද්දට පැනල බේරපු නිසා.
මේක ගම්පහ අවට උනේ. මට සමහර උන් කියනවා පෑලියගොඩට ගිහින් කම්ප්ලේන් කරන්න කියල. එක කරන්න පුලුවන්ද හරි යනවද?
මම පොලිස් කෙස් එකකට පැටලිලා නැහැ කවදාවත්. ඒ නිසා උබල මට උදව් කරපල්ලා මේකට මොකක්ද කරන්න ඕන සහ කොහොමද හරියටම ගේම ගහන්නේ කියල.

Last edited: