Starlink ලංකාවේ ඇත්තම තත්ත්වය
කෝප් කමිටුවේ කතාවක් යනවා ලංකාවේ Starlink users ලා ඉන්නේ 4,000 (4328 - 2026/06/19) කට ආසන්න සීමිත පිරිසක් විතරයි කියලා. Dialog (මිලියන 20) සහ SLT (මිලියන 10) එක්ක බලද්දී මේක සෑහෙන්න අඩු අගයක්.
මේකට ප්‍රධානම හේතුව දැනට තියෙන monthly subscription packages වල මිල ගණන් සහ initial hardware price එක අපේ රටේ හැටියට ගොඩක් වැඩි වීම. හැමෝටම මාසෙකට ඔය වගේ ලොකු ගාණක් internet වෙනුවෙන් විතරක් වෙන් කරන්න අමාරුයි.
ලංකාවට මීට වඩා අඩු මිලකට (affordable) packages සහ budget options ඕනෙ කියලා මේ group එකේ අය මීට කලින් කතා වෙද්දී, සමහරු ඒකට විවේචනය කරලා තිබුණා "Starlink ගන්න සල්ලි නැත්නම් Dialog/SLT ගනින්" වගේ කතා කියමින්.
හැබැයි අපි තේරුම් ගන්න ඕන දේ තමයි, ලංකාව වගේ රටක Dialog, SLT fiber වල තියෙන ඒකාධිකාරය (monopoly) බිඳලා, නියම market competition එකක් දෙන්න නම් අනිවාර්යයෙන්ම Starlink package prices මීට වඩා අඩු වෙන්නම ඕනේ. එහෙම වුණොත් විතරයි සාමාන්‍ය user කෙනෙක්ට වුණත් මේ quality internet experience එක ගන්න පුළුවන් වෙන්නේ සහ අනිත් local providers ලත් සේවා ගුණාත්මකභාවය වැඩි කරන්න පෙළඹෙන්නේ.



