සිවිලිමේ උඩ

Colours

Well-known member
  • Feb 2, 2012
    7,151
    2,397
    113
    ගෙදර bedroom එකේ සිවිලිමේ උඩ ඉදන් මොකෙක් හරි සතෙක් චු කරනවා හරි වාතයක් වෙලා තියෙන්නේ සතියට දෙපාරක් විතර සෙට් වෙනවා , තව මීයොත් ඉන්නවා හරියට මේකට හොද විසදුමක් දියන්කෝ දන්නා එකෙක්.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,434
    12,330
    113
    35
    Spain
    උගුඩුවෙක් ඇති බන්. වැහි දවසට ඕකුන් චූ කරනවා. කොස්සෙන් සීලිමට තට්ටු දාන්න. පුළුවන් නම් සිදුරු අවහිර කරලා දාන්න
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,018
    7,574
    113
    Galaha
    images
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,397
    113
    උගුඩුවෙක් ඇති බන්. වැහි දවසට ඕකුන් චූ කරනවා. කොස්සෙන් සීලිමට තට්ටු දාන්න. පුළුවන් නම් සිදුරු අවහිර කරලා දාන්න
    පායන කාලෙත් ඉන්නවා බන් , තට්ටුවක් දාල බලන්න ඕන...
     
    • Like
    Reactions: Inigo Montoya

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,593
    8,725
    113
    kandy
    ඉස්සර වෙලා හොයලා බලපන් ඉන්නේ මීයෝද , උගුඩුවෝද කියලා .
    මීයෝ නම් සරල විසදුම පූසෙක් හදලා රැට සිවිලිම උඩට දාන එක .
    උගුඩුවො නම් ප්‍රශ්නේ බරපතලයි .. සිවිලිමට උගුඩුවෙක් රිංගන්න තරම් ලොකු හිදැස් තියෙන්න ඕනේ . ඒවා හොයලා වහලා දාපන් .ගොඩක් වෙලාවට වහලෙට ලගින් තියන ගස් වලින් තමයි ඕකුන් එන්නේ .. ඔය වහලවල් ගහන උන් ලග තියනවා දැලක් . එක හොයලා ගහගන්න .
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,434
    12,330
    113
    35
    Spain
    පායන කාලෙත් ඉන්නවා බන් , තට්ටුවක් දාල බලන්න ඕන...
    ඔවු තට්ටු දැම්මම උන් බය වෙලා යනවා. පායන කාලෙට චූ දානවා අඩුයි. ඔය චූ එක ටිකක් ගස් ගඳයි, ඇලෙන සුළුයි, රෙදිවලට වැටුනොත් කහට පැල්ලමක් වගේ හිටිනවා. ඉස්සර අපේ සීලිම සම්පූර්ණ කරලා තිබ්බේ නැති කාලේ මහා වාතයක් වෙලා තිබ්බේ මුන්. මන් වැඩකර කර ඉන්නකොට ඔකුන්ගේ චූ නාලා තියෙනවා.
     
    dillido

    Active member
  • Sep 17, 2025
    96
    138
    33
    පොඩි බල්බ් එකක් දාලා එළිය කරලා තියන්න.. සිවිලිමට ලොකු සතෙක් නම් එන්නේ නෑ සිවිලිමට.. මියන්ට ඉතින් පූසෙක් ගෙදර ඉන්නවන් හරි..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,880
    1
    15,600
    113
    දවල්ට චු දානවා නම් - තලගොයි
    රෑට චු දානවා නම් - උගුඩුවො

    :angry: :angry:
    වහලෙ එන තැන් සීල් කරන එක තමයි හොදම ඔප්ශන් එක.
     
    yasiruC

    Member
    Mar 16, 2026
    21
    14
    3
    කුකුල් දැල් ගහපන් වහලයි පරාලයි අතරෙන් සිවිලිමට රින්ගන්න තියෙන ඉඩවල් ඔක්කොම කවර් කරල ඔනෙ තරම් ගෙවල් වල ඒක කරනව . අතුලෙ මොකෙක්වත් නැ කියල ශුවර් කරගන්න සිවිලිමට රතිඤ්ඤයක් දාපන් හයිය ශීට් නම් විතරක්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,434
    12,330
    113
    35
    Spain
    දවල්ට චු දානවා නම් - තලගොයි
    රෑට චු දානවා නම් - උගුඩුවො

    :angry: :angry:
    වහලෙ එන තැන් සීල් කරන එක තමයි හොදම ඔප්ශන් එක.
    තලගොයි මුත්‍රා කරන්නේ නෑ බන්, උන් කුරුල්ලෝ වගේ යුරියා සුදුපාට ගණ බෙට්ටක් වගේ බෙට්ටත් එක්ක දාන්නේ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,880
    1
    15,600
    113
    තලගොයි මුත්‍රා කරන්නේ නෑ බන්, උන් කුරුල්ලෝ වගේ යුරියා සුදුපාට ගණ බෙට්ටක් වගේ බෙට්ටත් එක්ක දාන්නේ.
    :sorry: :sorry:ලූස් මොසන් වගෙද දාන්නෙ... දෙපාරක් වගෙ දාලා තියෙ, දවල්ට හැබැයි
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,563
    30,690
    113
    අපායෙ දොරකඩ
    සිවිලිම අස්සට සාම්බ්‍රානි දුම් අල්ලන්න රැයකට 3න් පාරක් (6pm - 10pm - 2am) සතියක් වගෙ එක දිගටම.

    අපි ඕක කරල කාලයක්ම උගුඩුවො නැතුව හිටිය හබැයි දැන් ආයෙ උන් ඒකටත් පුරුදුවෙලාද කොහෙද.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,397
    113
    සිවිලිම ඇතුලට Hydrogen පුරවලා ගිණි කූරක් ගහන්න.
    හොදට තියේ :P

    පොඩි බල්බ් එකක් දාලා එළිය කරලා තියන්න.. සිවිලිමට ලොකු සතෙක් නම් එන්නේ නෑ සිවිලිමට.. මියන්ට ඉතින් පූසෙක් ගෙදර ඉන්නවන් හරි..
    bulb එක ට්‍රය් කරන්න ඕන
    ------ Post added on Jun 29, 2026 at 8:11 PM

    කුකුල් දැල් ගහපන් වහලයි පරාලයි අතරෙන් සිවිලිමට රින්ගන්න තියෙන ඉඩවල් ඔක්කොම කවර් කරල ඔනෙ තරම් ගෙවල් වල ඒක කරනව . අතුලෙ මොකෙක්වත් නැ කියල ශුවර් කරගන්න සිවිලිමට රතිඤ්ඤයක් දාපන් හයිය ශීට් නම් විතරක්
    good idea
    ------ Post added on Jun 29, 2026 at 8:11 PM

    ඔවු තට්ටු දැම්මම උන් බය වෙලා යනවා. පායන කාලෙට චූ දානවා අඩුයි. ඔය චූ එක ටිකක් ගස් ගඳයි, ඇලෙන සුළුයි, රෙදිවලට වැටුනොත් කහට පැල්ලමක් වගේ හිටිනවා. ඉස්සර අපේ සීලිම සම්පූර්ණ කරලා තිබ්බේ නැති කාලේ මහා වාතයක් වෙලා තිබ්බේ මුන්. මන් වැඩකර කර ඉන්නකොට ඔකුන්ගේ චූ නාලා තියෙනවා.
    නාන්න ගිහින් බේරුනේ අගල් ගානකින් :D
    ------ Post added on Jun 29, 2026 at 8:12 PM

    සිවිලිම අස්සට සාම්බ්‍රානි දුම් අල්ලන්න රැයකට 3න් පාරක් (6pm - 10pm - 2am) සතියක් වගෙ එක දිගටම.

    අපි ඕක කරල කාලයක්ම උගුඩුවො නැතුව හිටිය හබැයි දැන් ආයෙ උන් ඒකටත් පුරුදුවෙලාද කොහෙද.
    මේකත් බලන්න ඕන
    ------ Post added on Jun 29, 2026 at 8:13 PM