මට මතකයි ( මහර කේස් එකෙත් ?) කලින් STF ඇතුළට ගිහින් ගැටුමක් ඇති කරලා, එවුන්ව අවුස්සලා එළියට ඇවිත්, පස්සේ ගිහින් වෙඩි තැබූ සිද්ධියක් තිබුණා කියලා.
මීගමුවෙත් දෙවැනි දවසේ සිද්ධිය ඒ වගේ එකක් වෙන්න පුළුවන්. මොකද මැරුණ prison officers මීගමුවේ අය නෙමෙයි, එදා උදේ වැලිකඩින් ගෙනාපු prison officer සෙට් එකක් කියලා කතාවක් දැක්කා. එහෙම නම් ඒ අය ගියේ කලින් දවසේ අවුලුණු පිරිසට ප්‍රතිචාරයක් දෙන්න වෙන්නත් පුළුවන්. ඒ ගියපු සෙට් එකම මැරුණ inmate අයව මරලා, ඊට පස්සේ ඇතුළේ හිටපු අයට ඒකේ වගකීම පැටවූවා වෙන්නත් පුළුවන්. හැබැයි මේවා ඔප්පු වූ කරුණු නෙමෙයි, මතුවෙලා තියෙන සැක සහ කතා විතරයි.
මම දැකපු මළ සිරුරු ගොඩක්ම ජම්පර් ඇඳපු අය නෙමෙයි. ඒ කියන්නේ රිමාන්ඩ් භාරයේ හිටපු සැකකරුවන් වෙන්න පුළුවන්. රිමාන්ඩ් භාරයේ ඉන්න අය නීතියෙන් තවම වැරදිකරුවන් ලෙස තීන්දු කරපු අය නෙමෙයි. ඒ වගේම, කෙනෙක් වැරදිකරුවෙක් වුණත්, නීතියෙන් පිටත ඔහුගේ ජීවිතය අහිමි කරන්න කාටවත් අයිතියක් නැහැ.
මේකේම කියලා තිබුණා වගේ, උඹ හරි මම හරි කිසිම වරදක් නොකර තිබුණත්, බොරු චෝදනාවකට හෝ වෙනත් හේතුවකට රිමාන්ඩ් වෙන්න පුළුවන්. අතේ කුඩු දාන වගේ සිද්ධි ගැනත් කලින් ඉඳන් කතා වෙලා තියෙනවා.
දැන් දකිනවා සමහරු පෝස්ට් දාලා, ස්ථාන මාරු කරපු inmates ලගෙ අත්පය කඩන එක වර්ණනා කරනවා. ඒ වගේ දේවල් සාමාන්‍යකරණය කරන එක හෝ ප්‍රශංසා කරන එක නීතියේ ආධිපත්‍යයට හොඳ දෙයක් නෙමෙයි.