කල් පිරුනත් නැතත් සල්ලි ගන්න පුලුවන්
වෙන එකවුන්ට් එකකට පොලිය යන විදියට හදලා තිබිලා කල් පිරෙන්න කලින් සල්ලි ගන්නවා නං සාමාන්‍ය පොලිය ගෙවන්නෙ හැම බැංකුවම, එතකොට කලින් ගෙවල තියන වැඩිපුර පොලිය සල්ලි වලින් අඩු කරලා සාමාන්‍ය පොලිය එන විදියට සල්ලි වලින් ගාන අඩුකරලා දෙන්නෙ, කල් පිරිලා නං මේ ප්‍රශ්නෙ නැහැ
FD එකෙ ස්ලිප්/කාඩ් එක ඕන, ඒක අනෙක් පැත්තෙ ගිණුම වසා සල්ලි xxx එකවුන්ට් එකට depoist කරන්න කියලා ලියලා දෙපාරක් සයින් කරලා දිනේ දාල කොලේ බැංකුවට දුන්නම හරි
බැංකුවෙන් අහන්නෙ නැහැ මොකටද FD එක වහන්නෙ අරවා මේවා. එහෙම ඇහුවත් සල්ලි නොදී අරින්නෙ නැහැ
හැබැයි FD එකේ ස්ලිප් එක නැත්තං දිවුරුම් ප්‍රකාශ එහෙම දීලා අමර කට්ටක් කන්න වෙනවා. ඒක ඉතිං බැංකුවෙ වැරැද්දක් නෙමෙයි කොලේ නැති කරගත්තානං
හැම බැංකුවෙම මේක තමයි ප්‍රොසෙස් එක.