Random කතා - රෑ කෑම ගන්න ගියාම දකින දේවල් 🫥🫥

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,860
    73,590
    113
    අඩෝ මම ඉඳලා හිටලා පිටින් කන්න ඕන නිසා වාහනෙත් අරන් යනවා රවුමක් දාන්න. එහෙම යන්නෙ 8ට විතර, ඔය වෙලාවට වැඩ ඇරිලා නට්ටන් වෙලා ගෙදර යන මිනිස්සු දකිනවා, ගොඩක් උන් දුර ඉන්නෙ, ඉතින් උන් ඒ හරියෙන් බැහැලා තව අස්සෙ කොට කොට යන බස් එකක් අල්ලන්න දුවනවා.

    ගොඩක් උන්ගෙ ඇඳුම් එහෙම දැක්කාම පේනවා කොච්චර හැක් වෙලාද කියලා. වෙලාවකට දුක හිතෙනවා ඒවා දැකලා. අපි පොඩි කාලෙත් අම්මලා තාත්තලා ඔය විදියටම කටු කෑවා නේද කියල මතක් වෙනවා.

    ඔය අතරේ අද දැක්කා අවුරුදු 50ක විතර ඩවුන් සින්ඩ්‍රොම් තියෙන ඩයල් එකක් රස්සාවට ගිහින් ගෙදර එනවා, කොට බුවෙක් කලිසමත් ලොකුයි. පරන ශර්ට් එකක් ඇඳන් හිටියෙ. අතේ පරන අරලිය බෑග් එකක මොකක්හරි එකක් ගුලි කරන් අරන් යනවා. ආතල්ම දේ තමා අපි පොඩි කාලේ school ගිහින් එනකොට වගෙ මිනිහා ගලක් පයින් ගගහා ඌත් එක්කම අරන් යනවා. අඩෝ ඒක දැකලා මට මොකක්දෝ දුකක් ආව හිතට. :(
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,721
    2,572
    113
    43
    Wakanda
    මුරකුටියටවෙලා පොල්රොටී ගිලින පොන්නයා
    පල ගිහින් අම්ම දිහා බලන් අතේ ගහල බුදියගනින් මේකෙ බොරු කියන්නෙ නැතිව.

    එක්කො නිදාගන්ඩ එපා
    තෝ නිදාගත්තම කවුද කාසේල් එක මුරකරන්නෙ
    ------ Post added on Jul 13, 2026 at 9:02 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,019
    6,212
    113
    අඩෝ ලංකාවෙ තමයි down syndrome තියන එවුන් ලෙඩ්ඩු ගානට දාල තියෙන්නෙ
    මම වෙන රටවල දැකලා තියනවා පොඩි පොඩි ජොබ් කරන එවුන්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,170
    25,553
    113
    Fantasy
    ඔය අතරේ අද දැක්කා අවුරුදු 50ක විතර ඩවුන් සින්ඩ්‍රොම් තියෙන ඩයල් එකක් රස්සාවට ගිහින් ගෙදර එනවා, කොට බුවෙක් කලිසමත් ලොකුයි. පරන ශර්ට් එකක් ඇඳන් හිටියෙ. අතේ පරන අරලිය බෑග් එකක මොකක්හරි එකක් ගුලි කරන් අරන් යනවා. ආතල්ම දේ තමා අපි පොඩි කාලේ school ගිහින් එනකොට වගෙ මිනිහා ගලක් පයින් ගගහා ඌත් එක්කම අරන් යනවා. අඩෝ ඒක දැකලා මට මොකක්දෝ දුකක් ආව හිතට. :(
    ඒක ඒ මනුස්සයගෙ සතුට. සමහරවිට එ මනුස්සයා මට / ඔබට වඩා සතුටෙන් ඉන්න කෙනෙක් වෙන්න පුලුවන්.

    දවසක් මහාචාර්‍ය වරයෙක් ගියපු වාහනේ මුහුද අයිනෙ තැනක කැඩෙනවා. කරගන්න කිසි දෙයක් නැතුව ඔහේ බලන් ඉන්නවා. එතකොට දකිනවා වැල්ලෙ නවත්තලා තියෙන ධිවර බෝට්ටුවක් ලග ධීවරයෙක් කසිය බොනවා.
    මහාචර්‍යවරයා හිමින් හිමින් එ මනුස්සයා ගාවට ගිහින් කතාවට වැටෙනවා.

    කතා බහෙන් තෙරුම් යනවා මෙ මනුස්සයා හැමදාම රස්සාව කරලා එ සල්ලි වලින් හවසට කසියා බොනවා කියලා.

    මහාචාර්යවරයා : බලනව අයිසෙ තමුසෙ හැමදාම දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි මේ ජහ ජරාව බොන්න වියදම් කරනවානේ. එවා ඉතුරු කරගන්නවා කියලා.

    ධිවරයා : එවා ඉතුරු කරගෙන?

    මහාචාර්යවරයා : හොඳට ජීවත් වෙන්න පුලුවන්.
    හොදට ජීවත් උනොත් තමුසෙට මේ බෝටුව නෙවෙයි බහුදින ධීවර යාත්‍රවක්ම ගන්ඩ පුලුවන්

    ධීවරයා : ඊට පස්සෙ?

    මහාචාර්යවරයා : යාත්‍රා එකක් නෙවෙයි 5,6ක් අරන් තමුසෙට මුදලාලි කෙනෙක් උනෑකි. එතකොට මුහුදු යන්ඩ ඕනෙ නෑනේ.

    ධීවරයා : ඊට පස්සේ

    මහාචාර්යවරයා : ඉතින් එතකොට තමුසෙට සතුටින් හිටියැකිනේ

    ධීවරයා : ඉතින් ඕයි මන් දැනුත් මේ කසියා ගහලා සතුටෙන්නේ ඉන්නේ
    ------ Post added on Jul 13, 2026 at 10:07 PM
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,733
    1
    9,480
    113
    colombo
    අඩෝ මම ඉඳලා හිටලා පිටින් කන්න ඕන නිසා වාහනෙත් අරන් යනවා රවුමක් දාන්න. එහෙම යන්නෙ 8ට විතර, ඔය වෙලාවට වැඩ ඇරිලා නට්ටන් වෙලා ගෙදර යන මිනිස්සු දකිනවා, ගොඩක් උන් දුර ඉන්නෙ, ඉතින් උන් ඒ හරියෙන් බැහැලා තව අස්සෙ කොට කොට යන බස් එකක් අල්ලන්න දුවනවා.

    ගොඩක් උන්ගෙ ඇඳුම් එහෙම දැක්කාම පේනවා කොච්චර හැක් වෙලාද කියලා. වෙලාවකට දුක හිතෙනවා ඒවා දැකලා. අපි පොඩි කාලෙත් අම්මලා තාත්තලා ඔය විදියටම කටු කෑවා නේද කියල මතක් වෙනවා.

    ඔය අතරේ අද දැක්කා අවුරුදු 50ක විතර ඩවුන් සින්ඩ්‍රොම් තියෙන ඩයල් එකක් රස්සාවට ගිහින් ගෙදර එනවා, කොට බුවෙක් කලිසමත් ලොකුයි. පරන ශර්ට් එකක් ඇඳන් හිටියෙ. අතේ පරන අරලිය බෑග් එකක මොකක්හරි එකක් ගුලි කරන් අරන් යනවා. ආතල්ම දේ තමා අපි පොඩි කාලේ school ගිහින් එනකොට වගෙ මිනිහා ගලක් පයින් ගගහා ඌත් එක්කම අරන් යනවා. අඩෝ ඒක දැකලා මට මොකක්දෝ දුකක් ආව හිතට. :(

    ඒකාලෙ නම් ඕවාට හෑලි එක්ක FB වල එහෙම හෙනට ෆොටෝස් වැටුනා අන්‍රයියා ජනපති නිසා ඕවා දැන් වෙනස් වෙලා 🙂
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,913
    7,328
    113
    Galaha
    උදේ හවස බස් එකේ කෝච්චියේ එල්ලිලා හිරවෙලා රස්සාවට යනව කියන්නෙම කරුමයක්. ආය ඉතින් වෙන දුකක් ඕන නෑ ඒකම ඇති මටනම්. එහෙම දුක් විඳගෙන ගිහිල්ලත් ගන්න පඩිය ඉතුරු කරගන්න ඊට වඩා කට්ටක් කන්න ඕන ගනන් හදන්න ඕන. මාකට් එකට බඩු ගන්න යනකොට නිකමට අනිත් මිනිස්සු බඩු ගන්න විදිය බඩු තෝරන විදිය අවදානයෙන් බලන් ඉඳපන්කෝ. :(
     
    ඔය මාර්කට් එකේ බඩු ගන්න කතාවනම් සිරා බන්, අපි කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතුව ගන්නකොට සමහර උන් ගනන් බලලා අඩු ප්‍රමාන ගන්නෙ, නැත්තන් කිරලා ගාන වැඩිනම් තියලා යනවා. එක පාරක් දැක්කා පොඩි එකෙක් රාබු අලයක්ද කොහෙද ගන්න රුපියල් 20ක් උස්සන් ආව. කිරුවට පස්සෙ 40ක්ද 50ක්ද කොහෙද. මූගෙ මූන ඇඹුල් උනා. පස්සෙ මම ඌට ඉතුරු දීලා අරන් යන්න කිව්වා.