මම bus වල නොයා පොඩි දුරටත් uber එකක් හරි pick me එකක් දාගන්නේ comfortability නිසා. සිංදුවක් අහගෙන chill එකේ කාගෙවත් අනවශ්‍ය අවධානයක් නොලැබී පාඩුවේ වැඩක් කරගෙන යන්න පුළුවන් නිසා. හැබැයි පහුගිය දවස් වල ගොඩක් දෙනෙක් එයාලගෙ metro bus අත්දැකීම socials වල share කරගෙන තිබුන නිසා මටත් එක පාරක් හරි try කරලා බලන්න ආසාවක් තිබුනා. මොකද හැමෝම වගේ mention කරලා තිබුන දෙයක් තමයි තමන්ගේ පාඩුවේ වාඩිවෙලා නිදහසේ යන්න පුළුවන් කියන point එක.
මම ඊයෙ රෑ ගත කරේ කඩවත. අද හවස මට නුගේගොඩ show up එකට එන්න ඕන කමක් තිබුන නිසා cab එකක් දාන්නත් හදලා, පස්සේ metro bus app එක දාගත්තේ කඩවත ඉදලා මාකුඹුරට metro bus එකක් තියනවා කියලා මම දැනන් හිටපු නිසා. ඒකෙ ආවාම මට නුගේගොඩින් බැහැගන්නත් පුළුවන්. ඉතිං මම wallet එකත් top-up කරගෙන seat එකක් book කරන්න try කරේ seat book කරන්න පුළුවන් facility එක මේ app එකේ තියනවා කියලා තැන් කීපයකම දැකපු නිසා.
Try කරලා කරලා බැරිම තැන මම hotline එකට කතා කරාම මට කිව්වා seat booking system එකක් නෑ, ඒත් කඩවතින් නගින නිසා කොහොමත් seat තියනවා බය නැතුව යන්න කියලා. ඒක විශ්වාස කරලා මම කඩවතට ගිහින් නවත්තලා තිබුන bus එකට නැග්ගා. බස් එක පිටත් වෙන්න විනාඩි දහයක් විතර තියන නිසා engine එක start එකේ තිබ්බේ නෑ. හැබැයි හරියට වෙලාවටම bus එක start කරා. Bag දැම්මාම damage වෙනවා type එකේ A/C එකක් නෙවෙයි තියෙන්නේ. Full chill vibes!
මට කියන්න අමතක උනා. මේකේ දොරවල් දෙකක් තියනවා. මොන දොරෙන් ඇතුලට ආවත් ඔයාට පොඩි pos system එකක් වගේ එකක් බලාගන්න තියනවා. ඒක ticket vending machine type එකේ gadget එකක්. ඒකෙන් වෙන්නේ ඔයා බස් එකට ගොඩවෙද්දි scan කරලා, බස් එකෙන් බහිද්දි ආයෙ scan කරාම trip එකට ආදාල ගාන අපේ wallet එකෙන් අඩුවෙනවා. මේ වගේ සරල systems මැරෙන්න කලින් ලංකාව ඇතුලේ experience කරන්න ලැබුන එක නම් සෑහෙන්න වටිනවා.
ඉතිං මම වැඩ කර කර orion city එක හරියට එනකං ආවා. Orion city එකෙන් off වෙච්ච ලස්සන ගෑණු ළමයි ගොඩක් පෝලිමට app එක scan කර කර bus එකට log උනා. මම lap එක වහලා තියලා වටපිට බල බල යන්න පටන්ගත්තේ ටික ටික සෙනඟ වැඩි උනු නිසා. සෙනඟ වැඩි උනාට නුගේගොඩට එනකං uncomfortable ප්‍රමාණයකට සෙනඟ හිටියේ නෑ. මම නුගේගොඩින් බහිද්දි ගුවන් පාලමට කලින් දොර ගාවට ආවා. බස් එක නැවැත්තුවේ ගුවන් පාලම උඩින් ගිහින්, පාලම පහු කරලා.
බහිද්දි scan කරලා pay කරා. App එකේ තියන personalized qr එක scan කරාම trip එක end වෙනවා. System එක නම් ආතල්. කඩවතට හරි මාකුඹුරට හරි ගිහින් එක පාරක් මේක try කරලා බලන්න. මිනිස්සු සැපේ ඉන්න ඕන. ඒකට ගැලපෙන විදියට දේවල් වෙනස් වෙද්දි ඒවට හුරු වෙන්න ඕන!