මැලේසියා Tour guide

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,089
    13,735
    113
    පෘථිවිය
    මම ඉන්නේ මැලේසියාවේ කේඑල් වල, සප් එකක් ඕන වෙන අය අහන්න
    දන්න කියන අය හරහා ෆුල් ට්‍ර්ප් එක සෙට් කරලා දෙන්න පුළුවන් වෙයි ඕන අය ඉන්නවනම්.
     

    Investor

    Active member
  • Aug 8, 2017
    142
    54
    28
    කියන තරම්ම බඩු ලාභ නෑ බං....හැබැයි MyDin එකේ සපත්තු නම් ලාභයි...මට නම් අඩුවට බඩු හම්බ උනෙ එකේ KWC තමයි...අනික Berjaya Times Square....Hanifaත් හොඳයි....මොකේ උනත් උඩම තට්ටු වල තියෙන වල බඩු ගණන් අඩුයි පහල තියෙන වලට වඩා....Genting Cable car නම් වැඩ...Theme Parks නම් වහල....උඩ කෑම නම් පට්ට ගණන්...මම ගිය 10වෙනිදා එහෙ ඉඳන් ආවෙ.....පට්ටම Theme park එකක් තියෙනව Times Square එක ඇතුලේ...එකේ Roller Coaster එක Singa - Universal Studio එකට වඩා පට්ට....
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    :) {edited for you :)}


    ඔන්න කොල්ලනේ කෙල්ලනේ මැලේසියානු සවාරිය පිලිබඳ විස්තරයක් ගෙන්න තමා මේ හදන්නේ .. ආසියාවේ පිහිටි සුන්දර විශාල රටක් මේක.මෙහි ජීවත්වන්නේ Malay ජාතීන්ය ,මුස්ලිම් ඉන්දියානු දෙමල පිරිස්ද ඇතුලත්ය. ඉංග්‍රීසි භාෂාව ඔවුන්ට යන්තම් ගලපා ගැනීමට හා තේරුම් ගැනීමට හැකිය . ඉතාම සුහදශීලි ජන කොට්ටාශයක් වේ . මම මේ විස්තරය අමාරුවෙන් කෙටුවේ, මම යන්න කලින් මේ වගේ article එකක් හෙවුවත් හම්බවුනේ නැති නිසා . දන්නා අයගෙන් ඇහුවත් වැඩි විස්තරයක් හරියට කිවුවේ නෑ, ඒ අපි කොහේ හරි ගිහින් එනවට උන් අකමැති නිසා වෙන් ඇති, ඒ නිසා නොදන්න කෙනෙක්ට ගොඩක් මේ විස්තරය වැදගත් වෙයි කියල මම හිතනවා. යන්න කලින් තමන්ගේ smart phone එකට google map එක එහෙම දාලා මැලේසියා offline map එකත් download කරගන්න.. trip advisor app එකත් download කරගන්න.. පසුවට වැදගත් වෙනවා අනිවා ..
    අවශ්‍ය documents පිලිබඳ කෙටියෙන් .
    මම නම් private sector වැඩ කරන කෙනෙක්.
    1 : Passport එක
    2 : Visa For Malaysia .. මෙය ලබාගැනීමට නම් සේවා ස්ථානයේ නිවාඩු අනුමත කරපු ලිපිය අනිවාර්යයි , සහ ඔබගේ ගිණුමේ ආසන්න වශයෙන් අවම මුදල ලෙස රු 100000, (ලක්ෂයක) මුදලක් වත් තිබිය යුතුය . මේ මුදල වැඩි වෙන තරමට හොදය. කලින් වෙනත් රටකට ගොස් Visa වැදී ඇත්නම් එයත් සුදුසුකමක් වේ.
    3 : Flight Ticket (Boarding Pass).
    4 : හොටෙල් ඕන තරම් ඇත .. booking .com එකේ online බූක් කලොත් වාසී.. ගිහින් හොයා හොයා ඉන්න ඕනා නැත. ගොඩක් හොටෙල් උදැසන ආහාරය පිරිනමයි. (buffet නිසා හොදට උදේට කෑවොත් දවල්ට නොකා හිටිය හැක) .
    5 : ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක මුදලක් රැගෙන යන්න හොටෙල් කෑම බීම සහ අනෙකුත් වියදම් සඳහා.. ලක්ෂයක මුදලක් ප්‍රමාණවත් වේවි..

    හ‍රි ඔන්න එහෙනම් පටාන් ගත්ත ගමන ....
    ශ්‍රී ලංකාවේයි මැලේසියාවෙයි වෙලාවේ වෙනස පැය 2.30ක් පමණ වේ . උදා : 1:08 PM Sunday, in Sri Lanka is
    3:38 PM Sunday, in Malaysia.

    29291876873_84aa81b642_z.jpg


    29798812802_eb177670e7_c.jpg



    මම ගියේ දවස් 4ක සවාරියක් 3nights , 4days .. ඔන්න ඉතින් 20 Sep 2016 ශ්‍රී ලංකාවේ වේලාවෙන් පාන්දර 01.22am ට කොල්ලා ලංකාවෙන් පිටත් වුනා..
    මම ගියේ malindo airlines , මේක budget taxi ගණයට අයිති වෙන්නේ. මට return air tickets සදහා ගියේ රැ 21000 පමණ මුදලක් විසා ඇතුළුව. මෙම ticket පතට 30Kg බරක් රැගෙන යා හැකි අතර meal එකත් අන්තර්ගතය.. මම මැලේසියාවට ගොඩ බැස්ස පාන්දර 6 ට විතර. ගමනට ගත වුනේ පැය 3 විනාඩි 55.
    ගොඩ බහිද්දී දොඹ හැලෙන්න වහිනවා.. මතක තියාගන්න මැලේසියාව නිරන්තරයෙන් කාලගුණය වෙනස් වෙනවා .. ඒ නිසා කුඩයක් ගෙනියන්න අමතක කරන් එපා. අනික අවුව පායනවා කුඩු වෙන්නම ..
    හරී ඔන්න දැන් airport එකේ ඉන්නේ,, මේ තමා කොල්ල ඉතින් හැන්ඩිය නේ ..

    29828965991_6fed394217_c.jpg

    මම දැන් මේ ඉන්නේ KLIA2 airport terminal එකේ. මැලේසියාවේ airport එක ශ්‍රිලංකාවේ airport එක වගේ ඉස්පිරිතාලයක් නෙමෙයි.. විශාල airport එකක්.. KLIA2 ඉඳන් KLIA1 airport එකට train (aero train) එකේ යන්න ඕනා.. හිතාගනිල්ලකෝ මේකේ තරම ඉතින් ..

    29291179934_b65d681012_c.jpg


    හැමතැනම directions ගහල තියෙන්නේ බයවෙන්න කිසිම දෙයක් නෑ ඒ අනුව යන්න තියෙන්නේ ඉදිරියට..
    වැදගත් : මැලේසියාව මුස්ලිම් රටක් නිසා උන්ට මල පයින දේවල් කරන්න එපා සින්හලුනේ හොදේ..
    මැලේසියාවේ මුදල් ඒකකය රිංගිට් (Malaysian ringgit).. රිංගිට් 1ක් රුපියල් 38-40 අතර වෙනවා වැඩි වෙන්නත් පුළුවන්.. රිංගිට් 100k කියන්නේ රුපියල් 4000 හොදේ ..ඒ නිසා මුදල් භාවිතයේදී සැලකිලිමත් වෙන්න. airport එකේදී ඔබ ගෙන US$ dollar මාරු කරන්න පුළුවන් ,, එත් විශාල dollar ප්‍රමානයක් රිංගිට් වලට මාරු කරන් එපා, මොකද මැලේසියාව රට ඇතුලත ඕනා තරම් money exchange points තියෙනවා ඒවායේ rate එකත් සුපිරි. airport එකේ rate එක අඩුයි ගොඩක්.. ඉතාම සැලකිලිමත් වෙන්න ඒ මුදල් මාරු කිරීමේදී , ඔබට අවශ්‍ය සුළු මුදල් ප්‍රමාණය (for Bus train Ticket , taxi fare ) සඳහා පමණක් airport එකේදී money exchange කරගන්න..
    මීළඟ ගැටලුව නම් දුරකථන ඇමතුම් ලබා ගැනීම .. මම dialog තමා use කරන්නේ. මම roaming active කරන් ආවේ. එත් විනාඩියකට රුපියල් 70+ tax හෙන ගහන්න එපැයි. හිතේ හැටියට මලක් වත් කඩා ගන්න බෑ ඉතින් .. මොන මගුලක්ද කියල airport එකෙන්ම 4G සිම් එකක් ගත්ත. මම ගත්තේ සිම් එක රිංගිට් 40 කට එකියන්නේ රුපියල් 1500 විතර.. එවුනට පාඩුවක් නෑ මටනම් ..4 GB Data තිබ්බ මම ලංකාවට එනකම්ම viber ,whatsapp , facebook , use කලා ඇති පදම්.. airport එකෙන් ගන්න සිම් එවලේම active කරනවා.. අනික ඕනා සිම් type එකක් තියෙනවා.

    29625180900_9872ae6055_n.jpg


    ඔන්න airport එකෙන් අවා එළියට.. හරි දැන් තමා කතන්දරේ පටන් ගන්නේ ..
    KLIA airport එකේ ඉඳන් 55km විතර තියෙනවා kuala lumpur city එකට.. යන්න ක්‍රම 3ක් තියෙනවා.

    1 : train එකේ
    2 : Taxi එකේ (Car or van) 3weel නැත මේ රටේ)
    3 : Bus එකේ (ticket ගන්න තියීන්නේ airport ground floor එකේ. directions follow කරන්න)

    29805403662_15fe48e56f.jpg


    29798798122_ee6a95c1a2_n.jpg



    මම නම් ගියේ bus එකේ, සුපිරි AC BUS ඉතින් එක්කනෙක්ට යන මුදල රිංගිට් 12යි (එකියන්නේ රුපියල් 450) bus එකේ. taxi එකේ නම් රිංගිට් 120 විතර.. kuala lumpur city එකට යන ගමනට ගතවෙන්නේ 45minutes .. train එකේ රිංගිට් 55යි එත් 28minutes වලින් යනවා city එකට.

    මම book කරපු හොටෙල් එක Sandpiper Hotel . triple රූම් (මමයි, dad & Sis) 3nights 4 days ,bed and breakfast වලට ගියේ රුපියල් 10000 විතර, හොයා ගන්න කිසිම අපහසුතාවයක් වුනේ නෑ මොකද airport ඉඳන් එන bus ඔක්කොම නතර කරන්නේ එතනම ළඟ තියෙන Jalan Pudu(ස්ට්‍රීට් එකේ නම) bus ස්ටෑන්ඩ් එකේ.

    29625102080_70437830af_c.jpg


    මේ මම හිටිය room එක

    29835953481_463e667b6a_c.jpg



    එනිසා හොටෙල් එකක් book කරද්දී , යන්න තියෙන දුර ළඟම බලන්න තියෙන දේවල් වලට , shopping mall වලට දුර ආදිය පිළිබඳව ඉන්ටෙර්නෙට් එකෙන් පොඩ්ඩක් හොයල බලල බූක් කරන්න.
    මේ Jalan Pudu ස්ට්‍රීට් එකේ හොටෙල් කීපයක නම් : HOTEL99 , Hotel Transit , Sandpiper Hotel ,

    +++ මැලේසියාවෙ බලන්න යන්න තියෙන තැන් කිහිපයක් ....
    * klcc petronas twin Tower (උසම buildimak තමා)
    * menara Tower (Telecommunication tower)
    * klcc aquaria (මින් මැදුර)
    * klcc park
    * kuala lumpur masjid
    * Batu Caves (හින්දු දේවස්ථානයක් )
    * Sunway Lagoon (තීම් පාර්ක් එකක්)
    * genting highland (cable cars සමග උස කඳු වැටියක අත්දැකීමක් )
    * langkawi island

    +++ මැලේසියාවෙ shopping කරන්න තියෙන තැන් කිහිපයක් ....
    * Suriya klcc
    * Mydin Shopping mall
    * berjaya times square
    * china town petaling ස්ට්‍රීට්
    * Plaza Low Yat (computer බඩු සහ phone shops )
    * තව පොඩි පොඩි joint තියෙනවා මග දිගට ඇවිදින්න මිල ගණන් සසදන්න ..

    මැලේසියාවෙ taxi වල ගියොත් එහෙම හොම්බෙන් තමා එන්න වෙන්නේ ලංකාවට .. එච්චර ගණන් කියනවා පොඩි දුරටත්, 2 පාරක් නෙමයි 3න් පාරක් හිතන්න taxi එකක යන්න කලින් .. හොදට අතේ සල්ලි තියෙනවා නම් අවුලක් නෑ හොදේ ..

    මුලින්ම අපි ගියේ klcc petronas Tower එකට මම හිටපු Sandpiper හොටෙල් එකේ ඉඳන් 2km වගේ දුරක් තමා තිබ්බේ යන්න ..

    29877739876_6e1a5dd6a0.jpg


    29828944471_08bf5cd7a5.jpg


    29624074210_05f5f0691e.jpg


    taxi එකක ගියේ රිංගිට් 10ක් ගත්ත .. අවුලක් නෑ ගියා.. petrons twin Tower බලන්න සල්ලි ගන්නේ නෑ , එත් උඩට ගිහින් sky bridge එකට යන්න රිංගිට් 80ක් ගන්නවා. මෙතන පොඩි අවුලක් කියන්නේ sky bridge එක බලන්න ගන්නේ limited ගානක්.. online බූකින්ග් වලට chance වැඩි. නැත්නම් ticket counter එකේ බලන් ඉන්න වෙනවා සැහෙන වෙලා .. එච්චරට tourist ල එනවා. ඉතින් දුක් සීන් එක කියන්නේ අපිට උඩට යන්න ලැබුනේ නැත. (online බූක් නොකිරීම නිසා වුනේ එක)

    ඊළඟට ගියේ klcc පාර්ක් එකට ..එකේ නම් මහා ලොකු බලන්න තරම් දෙයක් නෑ .. වත්ත වටේ ෆොටෝ ටිකක් ගත්ත එච්චරයි .. ඉතින් මේ ළඟම තියෙනවා ඇවිදින දුරින් klcc aquaria (මින් මැදුර) .. මේකට යද්දී klcc convention center එකත් සෙට් වෙනවා බලාගෙනම යන්න තියෙන්නේ. klcc aquaria එකේ ticket එක රිංගිට් 65ක් විතර (රුපියල් 2300ක් ) බැලුවට පාඩුවක් නෑ සුපිරි.
    මේ තියෙන්නේ ගත්ත ෆොටෝස් .

    29291846473_87ed34ed24_z.jpg


    29918578265_8028c0811d_z.jpg


    තව දෙයක් klcc aquaria එක 7pm close .. කලින් යන්න ඒ නිසා ..

    දැන් ඉතින් හවස 7.15pm එත් කළුවර වැටිලා නෑ මැලේසියාවට . ඉතින් ඔන්න අපි අවා ආයෙම හොටෙල් එක තියෙන side එකට ..
    කෑම නේ දැන් ඉතින් ඊළඟ ගැටලුව .. ඇවිදන් ගියා ස්ට්‍රීට් එකේ පහලට මේ area එකට කියන්නේ kota raya . කෑම කඩවල් තියෙනවා ඇති තරම්..

    29618093050_5a1b4a9e05_c.jpg


    29286160413_81660bf070_c.jpg


    29798781552_12b7cd652e_c.jpg


    29836046081_396bf9099e_c.jpg



    මේ menara telecommunication tower එක

    29920125615_afb264105e.jpg


    මෙහෙ කෑම ශ්‍රී ලංකාවේ කෑම වගේම තමා . හොදට මිරිස් තුන පහ දාල හදනවා , කිසිම අවුලක් අප්පිරියාවක් නැතුව කන්න පුළුවන්.
    fried rice එකක් රිංගිට් 5-7 දක්වා මුදලකට , නාසි ගුරන්ග් එකක් රිංගිට් 5.50 කට ගන්න පුළුවන් , මෙහෙම දෙයක් තියෙනවා තමන්ට අවශ්‍ය කෑම ජාතිය bargain කරලා ඉල්ලන්න පුළුවන් .. ගාන තීරණය වෙන්නේ තමන්ගේ හැකියාව මත මෙහෙ කොයි දේත්. ඉහත සදහන් කරලා තියෙන්නේ නොර්මල් rates .
    ඉතින් දැන් කොල්ලෙක් නම් ඉතින් අඩියක් එහෙම ගහල පොඩි තත්වෙක ඉන්න එපැයිනේ.. මම මෙහෙ hard liquor තියෙනවා දැක්කේ නෑ වැඩිය. මෙහෙ තැන් තැන් වල කඩවල් වලත් beer තියෙනවා. කිසි අවුලක් නෑ බොන්න පුළුවන් . beer එකක් රිංගිට් 17ක් වගේ වෙන්නේ .. අනික් සීන් එක තමා සිගරට් එත් රිංගිට් 15 -17.50 බඩු තියෙනවා ඕන තැනක.. මෙහෙ malay උන් සිගරට් ගහනවා අම්බනෙට, 10ක් ගත්තොත් 9ක් සිගරට් බොනවා . රෙස්ටුරන්ට් එකක බොනවා නම් 10% service charge add වෙනවා . හොඳම දේ තමා airport එකෙන්ම බඩු (hard liquor ) අරන් රූම් එකේ තියන් බොන එක..

    ඉතාම වැදගත් : තමන්ගේ original passport එක නැතුව කිසිම තැනක ඇවිදින්න යන්න එපා .. කොල්ලව ඇල්ලුවා පොලිසියෙන් තව 15ක් විතර කොල්ලෝ ඇල්ලුවා ම එක්ක.. මෙහෙ පොලිසිය ලංකාවේ පොලිසිය වගේ කියල නම් හිතන්නවත් එපා. මොන දේ කිවුවත් සත පහකට ගණන් ගන් නෑ උන්... බබා හම්බෙනවා පෙනී පෙනී.. ගැට්ටෙන් ගියේ මම ,ෆොනේ එකේ තිබ්බ reservation details ,email ,අරව මේවා ඔක්කොම පෙන්නලා තමා මම පැන ගත්තේ.

    ඉතින් අපි ඊළඟ දවසේ ගියේ Batu Caves (හින්දු දේවස්ථානයක් ) . මේක අනිවාර්යයෙන්ම බලන්න යන්න ..

    29829161961_6ce9f2b367_c.jpg


    29877562596_9ab45a662a_c.jpg


    මේක විශාල හුණුගල් ගුහාවක් , ගුහාව ඇතුලේ හින්දු දේවස්ථානයක් තියෙනවා. අපි නම් ගියේ train එකේ .. එක්කනෙක්ට රිංගිට් 6 ගියේ .. taxi එකේ රිංගිට් 50-90 විතර වෙනවා.. අපි හිටපු තැන ඉඳල trains 2ක කට exchange වුනා ..

    29834916671_8da87a5c79_c.jpg


    29912651535_a935ed0ccc_n.jpg


    train එකේ යන එක තමයි ලේසිම සහ ලාබම විදිය. train station එකෙන් map එකක් ඉල්ලා ගන්න එතකොට ලේසි යන්න.. අනික ticket ගන්න ඕන machine එකෙන්. අවශ්‍ය destination එක select කරලා enter කලාම ගාන වැටෙනවා .. සල්ලි ටික machine එකට දාන්න විතරයි තියෙන්නේ .. balance එක හිටන් හම්බවෙනවා කිසි අවුලක් නෑ.. එද්දී අවේ බස් එකේ එකෙත් රිංගිට් 6 එක්කනෙක්ට KL Central වලට .. මෙහෙ ගිහින් එන්න ෆුල් day එකක් යනවා. ඔන්න map එක.


    ඔන්න ඉතින් දැන් KL Central වල ඇඳුම් කඩවල් අනන්මනම් බඩු එහෙම තියෙනවා.. ශෝප්පින්ග් කරන් එන්න පුළුවන් මේ හරියේ එද්දී

    29798739252_ebaf55156a_c.jpg


    29829221181_9ed2b9987b_c.jpg

    මේ ලගම තමා china town එකත් තියෙනේ,, එක තියෙන්නේ petaling ස්ට්‍රීට් එකේ.. මේකේ බඩු ලාබයි කිවුවට ඇහෙම ලාබයක් නෑ .. අනික කොලිටි බඩු මේකේ නෑ .. හදිස්සි වෙන්න එපා මෙතනින් බඩු ගන්න තව අඩු මුදලට සුපිරි බඩු, ඇඳුම් , සපත්තු , සෙරෙප්පු , බෑග්, වගේ දේවල් ගන්න ඕන තරම් තැන් තියෙනවා.

    ඔන්න ඉතින් ඊළඟ දවසේ අපි පිටත් වුනා Sunway Lagoon (තීම් පාර්ක්) එකට ..

    29286116093_7314d0fdeb_c.jpg


    29877473746_37080411de_c.jpg



    මේකට යනවා නම් පොඩි සිල්ක් ෂෝර්ට් / towel එහෙම අරන් යන්න නාන සීන් තියෙන නිසා .. මම මේකේ ticket බූක් කලේ online paypal එක හරහා .. අපි දාගත්ත date එකට one to one ticket ෆ්‍රී හම්බුනා . එක ticket එකක් රිංගිට් 150 (රුපියල් 5400 විතර ) මේ ගානට ticket 2ක් ෆ්‍රී හම්බුනා .. ඉතින් යන්න කලින් පොඩ්ඩක් ඉන්ටෙර්නෙට් එකේ sunway lagoon site එකේ check කරන්න මොනාද promotions තියෙන්නේ කියල.
    අපි ගියේ bus එකේ, මැලේසියාවෙ මේ බස් ඔක්කොම ෆුල් AC . bus route number එක 770 bus එක ගත්තේ KL Central Bus ස්ටෑන්ඩ් එකෙන් .. එක්කනෙක්ට රිංගිට් 3 යි ticket එක ..

    29798583402_dc4d1a19ae_c.jpg


    මේ bus වල conductors ලා නෑ .. driver ම තමා ticket issue කරන්නේ machine එකෙන්.. ගමනට ගතවෙන්නේ 45 minutes . Sunway Lagoon ඉස්සරහින්ම බහින්න පුළුවන් කිසිම අවුලක් නෑ .. train එකෙත් එන්න පුළුවන් ඕන නම්.

    මේකේ ඉතින් සෙල්ලම් කරලා ජෝගි නටල ඉවරවෙද්දි දවසම ගත වෙනවා .. * Sunway Lagoon එක open කරන්නේ 10am ට close කරන්නේ 6pm ට. අයෙමත් ඉතින් හොටෙල් එකට ආව හොඳ පන ගිහින්..

    ඔන්න ඉතින් ඊළඟ දවසේ shopping තමා ඉතින්. මට නම් සෙට් වෙච්ච සුපිරිම ශෝපින්ග් mall එකක් තමා berjaya times square

    29292687633_3622a5df73_c.jpg


    එක අපි හිටපු හොටෙල් Jalan Pudu ස්ට්‍රීට් එකේ ඉඳන් 1.5km විතර පයින් යන දුර.. මේකේ shops තියෙනවා 3000ක් විතර .. ඕන තරම් බඩු ජාති තියෙනවා ගන්න අඩු මුදලට සුපිරි බඩු, ඇඳුම් , සපත්තු , සෙරෙප්පු , බෑග්, ෆෝන්, covers , ඔරලෝසු , perfumes තව එකී නොකී බොහෝ දේවල් තියෙනවා. t -shirt එහෙම රිංගිට් 6-20 තියෙනවා.

    දැන් shopping time එක නේ Suriya klcc කියල petrons twin tower එක ගව තියෙනවා .. මේකේ තියෙන්නේ ඔක්කොම branded බඩු.. Ex : GUCCI , loui vuitton , Adidas , Nike ඔය වගේ ඒවා තමා.

    29291145464_1bc693acb3_n.jpg


    29798850112_afcfbcf8ef_c.jpg


    තව තැනක් තමා ඉතින් ටොපි , චොකලට් එහෙම ගන්න හොද තැනක් Mydin Shopping mall එක.. මේකෙත් ඇඳුම් , perfumes වගේ බඩු ජාති ගොඩක් තියෙනවා ..

    29805585832_a118e40b4a_n.jpg


    29805610122_2421560217_n.jpg


    තව KL Central Market වගේ තැනුත් තියෙනවා .

    තව computers , notebooks , phones එහෙම ගන්න නම් මේ තැනට යන්න Plaza Low Yat .. හැබැයි ශ්‍රී ලංකාවේ unity plaza එකෙනුත් ගන්න පුළුවන් මීට අඩුවෙන්.

    29912476675_fddcb19530_c.jpg"


    මට යන්න බැරි වුනා genting highland (cable cars සමග උස කඳු වැටියක අත්දැකීමක් ) & langkawi island
    genting highland වල cable cars වල repair එකක් නිසා ගියේ නෑ..

    ඔන්න ඉතින් ලංකාවට එන දවස රෑ 10.25 ට flight එක තිබ්බේ .. KLIA airport එකට අවේ පෙර පරිදිම airport shuttle Bus එකේ . රිංගිට් 12 එක්කනෙක්ට .

    29884527816_85226ca04e_c.jpg

    අපි පිටත් වුනා හොටෙල් එකෙන් හවස 7ta .. kuala lumpur ඉඳන් පැය 1.30 විතර time යනවා KLIA Airport එකට යන්න . හවස 5 ඉඳන් 7.45 විතර වෙනකන් ටිකක් ලොකු traffic එකක් තියෙනවා kuala lumpur වල. ඉතින් ටිකක් කලින් පිටත් වුනොත් හොඳයි.
    flight එකට boarding වෙද්දී ඔබගේ සියලු අංග උපාංග check කරන නිසා perfume , lighters , cigarette , බිම බෝතල් , වතුර බෝතල් , luggage bags වලට දැමීමට වග බලාගන්න.

    ඉතින් ශ්‍රී ලංකාවට ආවා දෙයියනේ කියල රෑ 11.25pm ට ..

    duty free එකෙන් bottles ගන්න පුළුවන් 1ka passport එකට 2.5ltr but KLIA airport akenuth මම bottles 2ක් ගත්ත නිසා, ඔක්කොම 5ක් ගෙනවා.
    ඕක තමයි ඉතින් ගමනේ විස්තරේ ..

    තවත් සවාරියකින් හමුවෙමු ...
    හැමෝටම එහෙනම් ජය වේවා .. සුබ ගමන් !!!

    NOW MUCH BETTER:love:
     

    Investor

    Active member
  • Aug 8, 2017
    142
    54
    28
    Kuala වල රෑට ඇවිදිනවනම් ඉතින් Bukit Bintang තමයි....මම ගිය April 06 වෙනිදා ඉඳන් 10 වෙනිද වෙනකම් Kuala වල ඉඳල ආවෙ....Genting Theme parks නම් මේ දවස් වල වහල ...Cable Car වැඩ ...2019 ජනවාරි Open කරනවලු. යන්වනම් කැමති අයට package එකක් සෙට් කරල දෙන්නම්...ඕන අය PM එකක් දාන්න ...
     

    Investor

    Active member
  • Aug 8, 2017
    142
    54
    28
    Patta

    Machan Train walin baha baha transit wena eka awul ne
    Waradin nadda


    එහෙම අවුලක් නෑ...Map එක බලලා නගින්න , බහින්න ඕන තැන් මතක තිය ගත්තනම් වරදින්නෙ නෑ...නැත්නම් ඉතින් Taxi පිහිට තමයි...පොඩි දුරකටත් රුපියල්වලින් 400ක් අඩුම යනවා...ගොඩක් Taxi ලඟ දුවද්දි Meter Off කරනවා