මේකේ සමහර සාමාජිකයන්ගේ ඉල්ලීම පරිදි ඔන්න මම මේ ගැන කතා කරන්න වෙනම ත්‍රෙඩ් එකක් දැම්මා.
ගුරුවරු පාසල් ළමයින්ට කායිකව දඬුවම් කිරීම වැරදියි කියලයි මට නම් හිතන්නේ, මොකද ඒකෙන් ළමයාගේ ශරීරයට හානියක් ඇතිවෙනවා, මනසේ බයක් , කම්පනයක් ඇති වෙනවා. ගහල හෝ බය ගන්වලා අධ්‍යාපනය ලබා දෙන එක හරි ක්‍රමයක් නෙවෙයි. පාසල් දරුවන්ට කායික දඬුවම් දීම වර්තමානයේ බොහෝ රටවල නීතියෙන් තහනම් කරලා තියෙන දෙයක්. ළමයට කායික දඬුවම් කරන එකෙන් වෙන්නේ ගුරුවරයා කෙරෙහි ඇති ළමයාගේ විශ්වාසය හා ගෞරවය බිඳ වැටෙන එක.
දරුවන් හික්මවීම සඳහා කායික දඬුවම වෙනුවට ආදරය, විනය හා අවබෝධය මත පදනම් වූ ක්‍රම භාවිතා කිරීම වඩාත් සුදුසුයි