බෙන්තොටදී ගුවන්ගතවූ හම්බ පැරා යන්ත්‍රයක් මුහුදට!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,434
    14,379
    113
    පෘථිවිය
    බෙන්තොට සංචාරක කලාපයේ ගුවන් දසුන් නැරඹීම සඳහා භාවිතා කරන කුඩා පැරා මෝටර් යානයක් මුහුදට කඩා වැටීමෙන් එහි ගමන් කළ 31 හැවිරිදි ලෙබනන් ජාතික කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (29) පස්වරු 4.00 ට පමණ මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇත්තේ බෙන්තොට වෙරළ තීරයේ සිට මීටර් 600 ක් පමණ දුරින් වූ මුහුදු සීමාවේ

    අනතුර සිදු වන අවස්ථාවේදී යානය පැදවූ කොලොම්බියානු ජාතික මනිල් ඊබ්‍රහිම් නැමැති නියමුවා වහාම මුහුදට පැන ගොඩබිම දෙසට පිහිනා ඒමෙන් තම දිවිය බේරාගෙන ඇත.

    අතුරුදන්ව සිටි විදේශික කාන්තාවගේ සිරුර පැය එකහමාරකට පමණ පසුව සොයා ගැනීමට හැකි වී තිබේ

    ලංකාවේ විවිධ ස්ථානවල මෙවැනි ගුවන් ගමන් තිබෙන අතර මේ කිසිවක් කිසිම අනුමැතියක් හෝ කිසිම ආරක්ෂක නීතියක් අනුගමනය කරමින් ක්‍රියාත්මක නොවේ .

    රටේ ප්‍රධානියා වහාම වගකීම භාරගෙන මෙවැනි හම්බ වැඩ නිසි ලෙස සියලු ආරක්ෂක කටයුතු සහිතව පවත්වාගෙන යනවාදැයි බැලිය යුතුය .

    පගාවක් ලබාදී තමන්ගේ ඕනෑම දෙයක් මුහුදු තිරයේ කඳුකරයේ කිරීමට ආණ්ඩුව අවසර දෙනවාද

    ඊළඟට වෙන්නේ අර දිය ඇලි ළඟ කඹයක් කඩාගෙන කාවහරි වැටිලා මැරෙන එක

    කිසිම දෙයක් බලන්නේ නැහැ
    අඩුගානේ ආණ්ඩුවේ පුද්ගලයෙක් ගේ සේවය අනිවාරයෙන් ගන්න ඕන කියල නීතියක් දාන්න ඕන.
    හැම මාසෙකම පරික්ෂා කරලා සහතිකයක් දෙන්න ඕන

    මුන් නිකන් රනිල්ගේ පාරේ යනවා
    මුකුත් දෙයක් කරන්නේ නැහැ බස් විතරයි අලුතින් ගෙනාපු දෙයකට තියෙන්නේ



     
    • Haha
    Reactions: Naughtykolla48