අද හවස පොඩි පාටියක් තියෙනව. ඉතිං යාළුවො ටිකතු වෙලා පොඩ්ඩක් බීලා, දුමක් දාල සින්දුවක් කියල නටන්න හිටියෙ. මං නං ඔය ජරාවල් දෙක කටේවත් තියන්නෙ නැහැ. ඉතිං මේකයි සිද්දිය මං දැන් පැයකට විතර කලින් ළග යාලුවෙක්ගෙ ගෙදරට ගියා Darbuka එකක් ඉල්ලං එන්න. Darbuka එක අයිති යාළුවා රට ඉන්නෙ. ඉතිං පොරගෙ මල්ලි ඒකෙ කේසින් එක කොහෙද දන්නෙ නැල්ලු. හොයල හොයල නැති තැන පොඩි දුරක් නිසා මම කිවුවා අවුලක් නෑ කවරේ නැතුව අරං යන්නං කියල. පාරට ආවම ලාවට පිනි වැටෙන්න ගත්ත.
ගෙදර තියෙන්නේ බස් හෝල්ට් තුනක් විතර ඈතින්. බස් හෝල්ට් එකට ලං වෙද්දී බස් එකක් ආවා. පින්නත් වැඩි වෙලා වහින්න වගේ යන නිසා මමත් දුවල ගිහිං නගින්න හැදුවා. එතකොට කොන්දා බැන්නනෙ බස් එකේ සින්දු කියන්න දෙන්න බැහැ/ මේ ඔෆිස් ටයිම් එකෙ සෙනගත් වැඩි උබල එනව ඒ අස්සේ රබන් ගහන්න/ මිනිස්සුන්ට පාඩුවේ කනක් ඇහිලා ගෙදර යන්නත් නැහැ මේ වගෙ කාලකන්නි නිසා කියල. ඊට පස්සෙ පොර බැන්නා අත පය හතර හොඳට තියෙනවානෙ බස් වල සින්දු කියල හිගා කන වෙලේ කුලියක් මලියක් කරගෙන සාදරනව ජිවත් වෙයන් කියල.
බස් එකේ මිනිස්ස්සුයි පාරේ යන මිනිස්සුයි බස් එකට නගින බහින මිනිස්සුයි මං දිහා පල් ලුක් එකක් දැම්ම. මං ලැජ්ජාවටම මොනවත් නොකිය මාරුවෙල ගෙදර ආවා පයින්ම තෙමිගෙන. ගෙදර ඇවිත් බාත්රුම් එකට ගියා තෙමිච්ච රෙදි ටික ගලවල නාගන්න, දන්නෙම නැතුව මට ඇඩුන.
ඇයි බං එහෙම මිනිසුන්ට බනින්නෙ කිසි දෙයක් හිතන්නෙ බලන්නෙ නැතුව.