Online ක්‍රමයට ආදායම් උපයන අයගෙන් බදු අයකරන හැටි

dikmon

Well-known member
  • Apr 24, 2025
    488
    540
    93
    2025/2026 තක්සේරු වර්ෂයේ සිට සේවා අපනයනය මඟින් උපයන ආදායම බද්දට යටත් වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

    කෙසේවෙතත්, එම ආදායම සාමාන්‍ය ආදායම් බදු අනුපාත වන සියයට 18, 24, 30 සහ 36 යටතේ බදු අය නොකරන බව “අද දෙරණ BIG FOCUS" වැඩසටහන එක්වෙමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් හිරාන් මෙනේරිපිටිය මහතා සඳහන් කළේය.

    ඔහු පෙන්වා දෙන්නේ, ඩිජිටල් මාධ්‍ය හෝ වෙනත් ක්‍රමවේද ඔස්සේ සේවා අපනයනය කරමින් උපයන ආදායම සඳහා උපරිම වශයෙන් සියයට 15ක බද්දක් අදාළ වන බවය.

    ඒ අනුව, ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ආදායම් උපයන පුද්ගලයින් තමන් උපයන ආදායම ස්වතක්සේරු බදු වාර්තාව හරහා නිසි පරිදි ඉදිරිපත් කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

    සාමාන්‍ය ආදායම් මත අය කෙරෙන බදු අනුපාතවලට සාපේක්ෂව සේවා අපනයනයෙන් උපයන ආදායම සඳහා අදාළ වන්නේ අඩු බදු අනුපාතයක් බවත්, එම සියයට 15ක බද්ද ගෙවීම ඩිජිටල් මාධ්‍ය ඇතුළු විවිධ ක්‍රමවේද හරහා සේවා අපනයනයෙන් ආදායම් උපයන පුද්ගලයින්ගේ වගකීමක් බවත් හිරාන් මෙනේරිපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    දේශීය ආදායම් දොපාර්තමේන්තුවේ ජ්‍යෙෂඨ නියෝජ්‍ය කොමසාරිස් හිරාන් මෙනේරිපිටිය මහතා,

    "2025 - 2026 තක්සේරු වර්ෂයේ ඉඳලා සේවා අපනයනය මත උපනය ආදායම බද්දට යටත් වෙනවා, හැබැයි ඒක සාමන්‍ය අනුප්‍රමාණය යටතේ සීයයට 18, 24, 30, 36 දක්වා අනුපාතයට බද්දට යටත් වෙන්නේ නැහැ. ඩිජිටල් මාධ්‍යයෙන් හෝ වෙනත් ආකාරවලින් සේවා අපනයනය මත උපයන ආදායම මේ වෙනකොට උපරිම 15% බද්දට යටත් වෙන්නේ හැබැයි දැන් ඩිජිටල් මාධ්‍යයෙන් ආදායම් උපයන අය ඇත්තටම ඒ අයට වගකීමක් තියෙනව. ඒ ආකාරයෙන් උපන ආදායම ඒ අයගගේ ස්වතක්සේරු බදු වාර්තාව හරහා ඉදිරිපත් කරලා, ඒ අයට අනික් අයට සාපෙක්ෂව අඩු බදු ප්‍රමාණයක් තියෙන්නේ ඒ 15%ක බදු ප්‍රමාණය ගෙවීමේ වගකීම ඩිජිටල් මාධ්‍යය ක්‍රමවේදයන් හරහා ආදායම් උපයන අයට අදාළ වෙනවා. සහ ඒ අය ඒ සබන්ධයෙන් බදු ගෙවීමට බැඳී සිටිනවා."


    link: https://sinhala.adaderana.lk/news/230330
     

    ata loku banda

    Active member
  • Aug 30, 2021
    115
    154
    43
    මාකට්ප්ලේස් විකුනන අයද, ඩරාස් වගේ සයිට් වල රෙජිස්ට්‍ර වෙලා විකුනන අයද. දන්න අය පොඩ්ඩක් නෙවේ පුලුවන් හොදටම පැහැදිලි කරන්න