සීතාවක රාජසිංහ, එහෙමත් නැත්නම් ටිකිරි බණ්ඩාර කුමාරයා, පෘතුගීසීන්ට විරුද්ධව කරපු මහා යුද්ධය ගැන හරියටම තේරුම් ගන්න නම් ඉස්සෙල්ලම ඒ කාලේ ලංකාවේ තිබුණු දේශපාලන පිටිය තේරුම් ගන්න ඕනේ. මොකද රාජසිංහගේ කතාව පටන්ගන්නේ මුල්ලේරියාවෙන් නෙවෙයි.ඒකට අවුරුදු ගණනාවකට කලින් ඉඳන් ලංකාව ඇතුළේත්, ඉන්දියානු සාගරය පුරාත් ලොකු බල අරගලයක් පටන්ගෙන තිබුණා.
1500 ගණන් කියන්නේ අපේ ඉතිහාසයේ ඉතාම සංකීර්ණ කාලයක්. එක පැත්තකින් සිංහල රාජධානි එකිනෙකා එක්ක බලයට සටන් කරනවා. අනිත් පැත්තෙන් ඉන්දියානු සාගරයට අලුතින් ආපු යුරෝපීය බලයක් වන පෘතුගීසි අධිරාජ්‍යය මුහුදු වෙළඳාම තමන්ගේ අතට ගන්න උත්සාහ කරනවා. මේ දෙක එකට ගැටෙන තැනින් තමයි සීතාවකේ නැගීම පටන්ගන්නේ.
අද අපි ලංකාව කියන්නේ එක රටක් විදිහට හිතනවා හැබැයි 16 වන සියවසේ ලංකාව එහෙම නෙවෙයි, දිවයිනේ වෙන වෙනම බල කේන්ද්‍ර තිබුණා.
ප්‍රධාන වශයෙන්,
කෝට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
උඩරට රාජධානිය
යාපනය රාජධානිය
වගේ රාජ්‍ය සහ බල ප්‍රදේශ තිබුණා.
ඒවා අතර සටන්, විවාහ සන්ධාන, පාවාදීම්, රහස් ගිවිසුම්, විදේශීය හමුදා කැඳවීම් හැම දෙයක්ම සිද්ධ වුණා. ඒ නිසා මේ කතාව “සිංහලයෝ vs පෘතුගීසීන්” කියලා සරල දෙපැත්තකට බෙදන්න බෑ. සමහර සිංහල හමුදා පෘතුගීසීන් එක්ක සටන් කළා. තවත් සිංහල හමුදා පෘතුගීසීන් වෙනුවෙන් සටන් කළා. ඒ තමයි මේ කාලේ තිබුණු සැබෑ geopolitics.
පෘතුගීසීන් ලංකාවට එන්නේ ඇයි?
සාමාන්‍යයෙන් අපි ඉගෙනගන්නේ 1505දී ලොරෙන්සෝ ද අල්මේදා ලංකාවට ආවා කියලා. හැබැයි පෘතුගීසීන්ගේ ලංකාවට පැමිණීම තනි සිද්ධියක් විදිහට බලන්න බෑ. 1498දී වාස්කෝ ද ගාමා යුරෝපයේ ඉඳන් අප්‍රිකාව වටා ඉන්දියාවට යන මුහුදු මාර්ගය සාර්ථකව භාවිතා කළාට පස්සේ Portuguese Empire එකේ අරමුණ වුණේ ඉන්දියානු සාගරයේ වෙළඳාම පාලනය කිරීම. ඒ කාලේ යුරෝපයේ ඉතාම වටිනා භාණ්ඩයක් තමයි කුළුබඩු. විශේෂයෙන් ලංකාවේ කුරුඳු. ලංකාවේ කුරුඳු යුරෝපීය වෙළඳපොළේ අතිශය වටිනා භාණ්ඩයක්. ඒ නිසා පෘතුගීසීන්ට ලංකාව නිකම්ම දූපතක් නෙවෙයි, Indian Ocean trade network එකේ strategic location එකක්. ලංකාවේ වරායන් පාලනය කරන්න පුළුවන් නම්, කුරුඳු වෙළඳාමත් පාලනය කරන්න පුළුවන්. ඉන්දියාවේ බටහිර වෙරළත්, මලක්කා දෙසට යන නැව් මාර්ගත් සම්බන්ධ කරගන්නත් පුළුවන්. ඒ නිසා Portuguese interest එක මුලින්ම ආගම පැතිරවීම විතරක් නෙවෙයි. වෙළඳාම, මුහුදු බලය සහ දේශපාලන බලපෑමත් ඒකට ඇතුලත්.
කෝට්ටේ රාජධානිය.
16 වන සියවස ආරම්භයේ ලංකාවේ ප්‍රධානම සිංහල රාජධානිය වුණේ කෝට්ටේ. එහි රජු වුණේ VI වන විජයබාහු. ඔහුට පුතුන් තුන්දෙනෙක් හිටියා.
බුවනෙකබාහු
රයිගම් බණ්ඩාර
මායාදුන්නේ
මෙතනින් තමයි ලංකාවේ දේශපාලනය සම්පූර්ණයෙන්ම වෙනස් කරන සිද්ධිය පටන්ගන්නේ.
විජයබා කොල්ලය – 1521
VI වන විජයබාහු රජු තමන්ගෙන් පස්සේ රජකම ලබාදෙන්න හිතාගෙන හිටියේ මේ පුතුන් තුන්දෙනාගෙන් කෙනෙක්ට නෙවෙයි කියලා කුමාරවරුන්ට ආරංචි වෙනවා. රජුගේ දෙවැනි බිසවට සම්බන්ධ දේවරාජ කුමාරයා රජකමට ගෙන එන්න සැලැස්මක් තියෙනවා කියලා ඔවුන් සැක කරනවා. මේකෙන් කුමාරවරු තුන්දෙනා දැඩිව කෝපයට පත්වෙනවා. අවසානයේ ඔවුන් තමන්ගේම පියා වන VI වන විජයබාහුට එරෙහිව කැරලි ගහනවා. ඒකෙ ප්‍රථිපලයක් විදිහට 1521දී රජු මරා දැමෙනවා. මේ සිද්ධිය තමයි ඉතිහාසයේ “විජයබා කොල්ලය” කියලා හඳුන්වන්නේ. මේක නිකම්ම palace coup එකක් නෙවෙයි. ලංකාවේ ඉදිරි අවුරුදු 70කට වැඩි දේශපාලන ඉතිහාසයම වෙනස් කරපු සිද්ධියක්.
විජයබා කොල්ලයෙන් පස්සේ කෝට්ටේ රාජධානියේ ප්‍රදේශ සහෝදරයන් තුන්දෙනා අතර බෙදෙනවා.
කෝට්ටේ - වැඩිමහල් සහෝදරයා වූ VII වන බුවනෙකබාහුට
රයිගම - රයිගම් බණ්ඩාරට
සීතාවක - බාල සොහොයුරා වූ මායාදුන්නේට
මේ වෙලාවේ සීතාවක නිකම්ම විශාල අධිරාජ්‍යයක් නෙවෙයි. හැබැයි ඉදිරි දශක කිහිපයේදී මේ සීතාවකම කෝට්ටේටත් පෘතුගීසීන්ටත් දැවැන්ත තර්ජනයක් වෙනවා.
මායාදුන්නේ ගැනත් ටිකක් කියන්න ඕනේ. මොකද රාජසිංහ හැදුණේ නිකම්ම random රජ පවුලක නෙවෙයි. ඔහුගේ පියා මායාදුන්නේ කියන්නේ ඒ කාලේ ලංකාවේ හිටපු ඉතාම දක්ෂ දේශපාලන නායකයන්ගෙන් කෙනෙක්. මායාදුන්නේට ලොකු ambition එකක් තිබුණා ඒ සීතාවක පුංචි රාජධානියක් විදිහට තියාගන්න එක නෙවෙයි, කෝට්ටේ බලය බිඳලා තමන්ගේ බලය පුළුල් කරන්න ඕන වෙනවා. මේ නිසා තමන්ගේම සහෝදරයා වූ බුවනෙකබාහුත් මායාදුන්නේ ගැන බය වෙන්න පටන් ගන්නවා.
බුවනෙකබාහුට තිබුණු ප්‍රශ්නය පැහැදිලියි. එක පැත්තකින් මායාදුන්නේ. අනිත් පැත්තෙන් රජකම ගැන අභ්‍යන්තර අර්බුද. ඒ නිසා ඔහුට ශක්තිමත් military ally කෙනෙක් අවශ්‍ය වුණා. ඒ වෙලාවේ කොළඹ ආසන්නයේ හිටපු පෘතුගීසීන්ටත් ලංකාවේ දේශපාලනයට ඇතුල්වෙන්න අවස්ථාවක් අවශ්‍ය වුණා. දෙපාර්ශ්වයටම එකිනෙකා ඕනේ වුණා. කෝට්ටේට Portuguese guns සහ soldiers ඕනේ ඒ වගේම Portugueseලාට Kotte political influence සහ cinnamon trade ඕනේ. ඒ නිසා ටිකෙන් ටික පෘතුගීසීන් කෝට්ටේ රාජධානියේ අභ්‍යන්තර දේශපාලනයේ කොටසක් වෙනවා.
Portuguese military technology
මේකත් වැදගත්. පෘතුගීසීන් ඒ කාලේ ලංකාවට ගෙනාවේ වෙනස්ම යුධ තාක්ෂණයක්. ඔවුන්ට තිබුණා,
1. matchlock muskets
2. cannon
3. කුඩා field artillery
4. fortification technology
5. මුහුදු යුධ නැව්
හැබැයි මෙතන වැදගත් correction එකක් තියෙනවා. සිංහල හමුදාවට ගිනිඅවි ගැන කිසිම දැනුමක් තිබුණේ නෑ කියන එක වැරදියි. සීතාවක හමුදාවත් පසුව muskets සහ කුඩා cannon විශාල ප්‍රමාණයකින් භාවිතා කළා. ඉතිහාසඥ C. R. de Silvaගේ පර්යේෂණ අනුව සීතාවක හමුදාව විශාල එකක් වගේම muskets සහ small cannon වලින්ද හොඳට සන්නද්ධ වෙලා තිබුණා. නමුත් Portugueseලාට siege warfare සහ heavy artillery ගැන වැඩි පළපුරුද්දක් තිබුණා. මේ වෙනස පසුව කොළඹ අල්ලගන්න යනකොට රාජසිංහට ලොකු ප්‍රශ්නයක් වෙනවා.
පෘතුගීසීන්ගේ ලොකුම advantage එක තුවක්කු විතරක් නෙවෙයි ඒ ඔවුන්ගේ නාවික බලය. මේක ඉදිරියට රාජසිංහගේ කතාවේ ඉතාම වැදගත් වෙනවා. සීතාවක හමුදාවට ගොඩබිමේදී Portuguese army එක පරාජය කරන්න පුළුවන්. හැබැයි Portuguese ships නවත්තන්න එක වෙනම ප්‍රශ්නයක්. Goa වලින් soldiers ගේන්න පුළුවන්. ආයුධ ගේන්න පුළුවන්. වෙඩි බෙහෙත් ගේන්න පුළුවන්. ආහාර ගේන්න පුළුවන්. කොළඹ වටලා තිබුණත් මුහුදෙන් reinforcement දෙන්න පුළුවන්. මේ Portuguese naval advantage එක පසුව රාජසිංහගේ ලොකුම headache එකක් වෙනවා. හැබැයි Portuguese Empire එකට මුළු Indian Ocean එකම නිදහසේ පාලනය කරන්න ලැබුණේ නෑ.
ඉන්දියාවේ Calicut ප්‍රදේශයේ පාලකයා වූ Zamorin, Portuguese බලයට දැඩිව විරුද්ධ වුණා. Zamorinගේ නාවික සටන්වල විශාල කාර්යභාරයක් කළේ Malabar Coast එකේ මුස්ලිම් නාවික කණ්ඩායම්. විශේෂයෙන් පසුව ප්‍රසිද්ධ වෙන Marakkar නාවික සම්ප්‍රදාය. Portugueseලා Arabian Sea සහ Malabar trade routes තමන්ගේ පාලනයට ගන්න උත්සාහ කළ නිසා Calicut සහ Portuguese අතර දීර්ඝ යුද්ධයක් තිබුණා. ඒ කියන්නේ, මායාදුන්නේට Portugueseලා එක්ක සටන් කරන්න international ally කෙනෙක් හොයාගන්න තිබුණා. මායාදුන්නේ Calicut Zamorinගෙන් උදව් ඉල්ලනවා. Zamorinගේ පැත්තෙන් නාවික සහ military support ලංකාවට එනවා. මේක ඉතාම interesting alliance එකක්. එක පැත්තකින් සීතාවක සිංහල බෞද්ධ රාජධානියක්. අනිත් පැත්තෙන්, Calicut කියන්නේ දකුණු ඉන්දියානු හින්දු පාලනයක්, එහෙත් මුස්ලිම් නාවික හමුදා ප්‍රබලයි හැබැයි දෙපාර්ශ්වයටම එකම සතුරෙක් හිටියා.
ඒ නිසා religion එකට වඩා geopolitics වැදගත් වුණා. "මගේ සතුරාගේ සතුරා මගේ මිතුරා” කියන logic එක ඒ කාලෙත් තිබුණා. සීතාවකට Calicutගෙන් ලැබුණු හමුදා විශේෂඥතාව විශේෂයෙන් 1530 ගණන්වල වැදගත් වූ බව පසුව කරන ලද ඉතිහාස පර්යේෂණවලත් සඳහන් වෙනවා.
ඊට පස්සේ අවුරුදු ගණනාවක් පුරා ලංකාවේ වෙන්නේ එකම pattern එකක්. මායාදුන්නේ කෝට්ටේට පහර දෙනවා. කෝට්ටේ Portuguese උදව් ඉල්ලනවා. Portuguese හමුදා එනවා. සීතාවක පසුබසිනවා. නැවත හමුදා එකතු කරනවා. නැවත attack කරනවා. මේක එක battle එකකින් තීරණය වෙච්ච යුද්ධයක් නෙවෙයි. දශක ගණනක් දිග ඇදුණු power struggle එකක්.
ධර්මපාලගේ පැමිණීම
බුවනෙකබාහු රජුට තමන්ගේම පුතෙක් නොතිබුණු නිසා ඔහුගේ මුණුබුරා වූ ධර්මපාල උරුමක්කාරයා බවට පත් කරනවා. බුවනෙකබාහුට ලොකු ප්‍රශ්නයක් තිබුණා තමන් මියගියාට පස්සේ මායාදුන්නේ කෝට්ටේ අල්ලගන්න පුළුවන්. ඒ නිසා ධර්මපාලගේ රජකම Portuguese protection එක යටතේ තහවුරු කරගන්න ඔහු උත්සාහ කරනවා. මෙතනින් Portuguese influence එක තවත් වැඩි වෙනවා. පසුව ධර්මපාල කතෝලික ආගම වැළඳගන්නවා සහ ඔහුට Portuguese Christian name එකක් ලැබෙනවා දොන් ජුවං ධර්මපාල කියලා හැබැයි මේක නිකම්ම රජෙක් ආගම මාරු කළ එකක් විතරක් නෙවෙයි. කෝට්ටේ රාජධානියේ legitimacy එක ගැන විශාල ප්‍රශ්නයක් ඇති කරන සිද්ධියක්. බෞද්ධ රජකම, දළදා වහන්සේ සහ සිංහල රාජ්‍ය සම්ප්‍රදාය අතර ඉතා ගැඹුරු සම්බන්ධයක් තිබුණු නිසා Catholic ruler කෙනෙක් වීම විශාල දේශපාලන ප්‍රතිවිපාක ඇති කළා. මේ තත්ත්වය මායාදුන්නේ සහ පසුව රාජසිංහ තමන්ගේ political legitimacy වැඩි කරගන්නත් භාවිතා කරනවා.
ධර්මපාලගේ කතාවේ තවත් controversialම කොටස තමයි ඔහු Portuguese Crown එකට තමන්ගේ රාජධානියේ උරුමය පවරන්න කටයුතු කිරීම. ඒ කියන්නේ ඔහුගේ මරණයෙන් පස්සේ කෝට්ටේ Portuguese Crown එකට යන්න නීතිමය පදනමක් නිර්මාණය කරනවා. මේක පසුව Portugueseලා ලංකාවේ තමන්ගේ පාලනය නීතිමය ලෙස justify කරන්න භාවිතා කරන වැදගත් දෙයක්. ඒත් practical reality එක වෙනස්. කඩදාසියක කෝට්ටේ Portuguese Crown එකට දුන්නා කියලා මුළු රටම Portugueseලාගේ වුණේ නෑ. ඒකට ඉස්සෙල්ලා සීතාවකත්, පසුව උඩරටත්, පරම්පරා ගණනක් සටන් කළා.
කෝට්ටේ Portuguese puppet එකක්ද?
කෝට්ටේ සම්පූර්ණ Portuguese puppet state එකක් කියන එක ටිකක් simple වැඩී. මුල් කාලේ Bhuvanekabahu Portugueseලා භාවිතා කළේ තමන්ගේම political survival එකට. Portugueseලාත් Bhuvanekabahu භාවිතා කළේ තමන්ගේ trade සහ political interests වලට. ඒ කියන්නේ දෙපැත්තම එකිනෙකා use කළා. හැබැයි කාලයත් එක්ක Portuguese military protection මත Kotte dependence එක වැඩි වෙනවා. විශේෂයෙන් Dharmapalaගේ කාලයේදී Portuguese influence එක ඉතාම බලවත් වෙනවා.
මේ වෙනකොට මායාදුන්නේට situation එක පැහැදිලියි. Kotte Portuguese protection එකට යනවා. Portuguese influence එක වැඩි වෙනවා. Catholic missionaries වැඩි වෙනවා. Cinnamon trade එකේ Portuguese influence එක තවත් ගැඹුරු වෙනවා. මායාදුන්නේ මේකට විරුද්ධව සීතාවක alternative power centre එකක් හදනවා. කෝට්ටේ Portugueseලාට ආසන්න වෙන තරමට දේශීය විරුද්ධ Portuguese බලවේග සීතාවක වටා එකතු වෙන්න පටන් ගන්නවා.
Last edited:
