මහා වංශය ඇතුළු වංශකතාවල තියෙන්නේ 100% ක් ම ඇත්ත නෙවෙයි , ටිකක් පක්ෂක්ග්‍රාහී විදියට ලියලා තියෙන්නේ , පන්සලට පක්ෂනම් පිටු ගණනාවක් හොඳ කියනවා නැත්නම් චේදයක් දෙකකක් ලියලා වැඩේ ඉවරකරනවා
අර උන කටුවක් ඇනිලා මරුන සීතාවක රාජසිංහ රජතුමාගෙ මරණය ගැන රාජාවලිය කියලා තියෙන්නේ මුළු ලක්දිව එක්සේසත් කළ රාජසිංහ මහරජ මේ ආත්මයෙන් මිදී කෛලාශ ශක්‍ර භවනට ගිය සේක කියලා ඒත් මහා වංශය ඒක තියෙන්නෙ පාපතර දුෂ්ටයෙක් ලෝකෙන් සමු ගත්තා කියලා
පුළුවන් නම් මහාවංසයට අමතරව වෙන කොහෙහරි තියෙනවද කියලා හොයලා බලන්න ධාතුසේන රජතුමා හිටුවා පස් ගහපු කතාව (මම තේරෙන විදියට ඒක බොරු කතාවක්), දන්නා විදියට එහෙම නෑ , කාශ්ශ්යප එක්ක සන්ගයාට තිබුන අවුල නිසා තමයි කාශ්ශ්යප ගැන ගොඩක් වැරදි ලියලා තියෙන්නේ
උඹලා දන්නවද දන්නේ නෑ මහාවිහාරපාර්ශවයෙන් මහාවංසය ආරම්භ කරලා ලියනකොට අභයගිරිපාර්ශවයෙනුත් මහාවංසය වගේම එකක් ලියලා තියෙනවා උත්තර විහාර වංශය කියලා නමුත් දැන් එක හොයාගන්න නෑ කියනවා ,
මට නම් හිතෙන්නේ තමන්ගේ ලාභය වෙනුවෙන් ගනින්නාන්සේලා බොහෝ දේ වෙනස් කරලයි තියෙන්නේ කියලා , ඒත් මේ දේවල් මෙහෙම හරි සාකච්චා වෙන එක හොඳයි එතකොට සත්‍ය ටිකක් හෝ මතුකරගන්න පුළුවන් වේවි නේ
මේ සිද්ධියට ඍජුව සම්බන්ධ නොවුනත් මට වෙන කතාවක් කියන්න මතක් උනා,
මට නම් හිතෙන්නේ අපි ඉතිහාසයේ එක පැත්තක් විතරයි බලන්නේ කියලා , මොකද හැම සිද්ධියකටම දෙපැත්තක් තියෙනවා,
අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ එක්නෙලිගොඩ කියන්නේ පට්ට ද්‍රෝහියෙක් කියලා , ඒ උනාට එක්නැලි ගොඩ ගැන හොයලා බැලුවම ඒ කතාව සෑහෙන්න වෙනස්, එක්නැලිගොඩ ඉඳලා තියෙන්නේ සපරගමුවේ හිටපු ඇහැළේපොළ නිලමේගේ සේවකයෙක් විදිහට , ඇහැළේපොළ ඟේ සේවකයෙක් උන නිසා , රජා එක්නෙලිගොඩගේ ළඟම ඥාතීන් 70 ගාණක් අල්ලාගෙන උල තියලා මරලා තියෙනවා.
නිකමට හිතපන්කො අද උනත් හමුදාවක ඉහළ නිලධාරියෙක් මන්ගේ පහළ නිලධාරියාට දෙන නියෝගයක් ප්‍රශ්න කරන්නේ නැතුව ක්‍රියාත්මක කරන්න බැඳිලා ඉන්නව නෑ. ඒ වගේ තමයි ඉස්සරත් ඇහැළේපොළ කියන දේ ක්‍රියාත්මක කරන්න එක්නැලි ගොඩලා බැඳිලා ඉන්නවා. එහෙම නොවුනොත් උන්ගේ බෙල්ල තමයි යන්නේ, එහෙම නිසා ඇහැලේපොළ මොන පිස්සුව නැටුවත් එක්නෙලිගොඩ වගේ අයට කරබාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා
හිතපංකෝ අපේ ළඟම ඥාතීන් 70 විතර ගෙනල්ලා , ඉතාමත් කෘර වද දෙන ක්‍රමයක් වන උල තැබීමේ විදියට මරලා දැම්මොත් අපිට රජා ගැන ඇතිවන හැඟීම , අපි ඊට පස්සේ කවදාවත් රට ජාතියක් ගැන හිතනවද නෑනේ බං , අපිත් හිතන්නේ අපේ සනුහරේම නැති කරලා දාපු එකාගෙන් පලිගන්න විතරයි
මම කියපු කතාව නම් මම දැනගත්තේ , හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා දවසක් වැඩසටහනකදී කිවුව නිසා