මේ ඉන්නෙ දුප්පත් සිංහල ගොවියෙක්...
ඔහුගේ අතේ තියෙන්නෙ, කැති පාරවල් වලට කැපිල, බෙල්ල කඩා වැටිච්ච, වැලි පොලවෙ වැටිලා දරදඩු වෙලා ගිය ඔහුගේම ලෙයින් ජාතක උනු ඔහුගෙ පුතාගෙ මල සිරුර.
මේ තාත්තා හිටියෙ මුලතිව් දිස්ත්‍රික්කෙ, සෙට්ටිකුලමෙ පිහිටා තිබුනු "ඩොලර් ෆාම්" කියන ගොවි ගම්මානෙ.
එක්දාස් නවසිය අසූ හතරෙ නොවැම්බර් තිස් වෙනිද පාන්දර පහමාරට විතර මේ ගමේ ගොවියො ඇහැරුනේ වෙඩි සද්දෙට.
වෙඩි සද්දෙ තේරුම මොකක්ද කියල ගමේ අයට තේරෙන්න මහ ලොකු වෙලාවක් ගියේ නෑ.
ගමට කොටි ඇවිත්..!
ගමේ අය නිදි පැදුරෙන් නැගිට්ටෙ කැලේට දුවල පණ බේරගන්න. වැඩක් උනේ නෑ මොකද උන් ඒ වෙනකොටත් LTTE එක ගම වට කරල ඉවරයි.
ලේ පිපාසෙන් ඉන්න මේ ත්‍රාසවාදියො ගමේ මිනිස්සු එකින් එකා අල්ලගෙන කැති වලින් කපන ගමන් හිනා වෙවී මේ අහිංසකයන්ව ඝාතනයකරන්න පටන් ගත්ත.
උන්ගෙ ලේ පිපාසෙ අවසාන වෙනකොට ගමේ උන්නු අහිංසක සිංහල මිනිස්සු 33 දෙනෙක් ම්ලේච්ඡ විදියට උන් අතින් ඝාතනය වෙලා ඉවරයි.
ගමෙන් පිටට ගිහින් උන්නු තාත්ත කෙනෙක් ගමට එනකොට ත්‍රාසවාදී තිරිසනුන් අතින් මිය ගිය තමන්ගෙ දරුවගෙ දරඳඩු වෙලා ගිය සිරුර දකිනව.
ඔහු ඒ ළපටි ශරීරය තමන්ගෙ දෑතින් දරාගන්න වෙලාව තමයි ඔය පල්ලෙහා තියන ඡායාරූපයෙ තියෙන්නෙ.
එදාම, ඒ වෙලාවෙම,තවත් LTTE කන්ඩායමක් ඒ ගමට අල්ලපු ගමටත් පැන්න!
ඒ ගමේ නම "කෙන්ට් ෆාම්"
ඒකත් ගොවි ගම්මානයක්.
ඒ ගමෙන් මිනිස්සු විසි නව දෙනෙක් උන් කපල කොටල වද දීල මැරුව.
මලමිනී තැන තැන අතෑරල දැම්ම!
ඒ මල මිනී මැද බඩ දරු අම්මා කෙනෙක්ගෙ හිස තිබුනෙ ඇයගෙ මල කදට අඩි පහක් විතර ඈතින්!
මේ මිනිස්සුන්ගෙ මරණ ගැන ඊනියා මානවවාදීන් කතා කරන්නෑ. මොකද මේ මරණ වලට වගකියන්න ඕන ඔවුන් නිජබිම වෙනුවෙන් සටන් කරපු විමුක්තිකාමීන් හැටියට සමරන ම්ලේච්ඡ තිරිසනුන් නිසා.
දශක තුනකට එහා මේ රටේ තිබුණු යුද්දයේදි අසාධාරණයට ලක්වුනු සිංහල මිනිස්සුන්ගෙ කතාවෙන් ඉතාම අල්ප කොටසක් විතරයි මේ.
උතුරු නැගනහිර තමන්ගෙ ඉඩම් වලින් පළවා හැරුනු මිනිස්සු, ඒ මිනිස්සුන්ගෙ ආදිතමයින් ශිෂ්ටාචාරගත කරපු ප්‍රදේශ වල නටබුන් ගැන කතා කරන්න කවුරුත් නෑ.
තනි අතින් ගැහුවයි කියන අත්පුඩියෙ අනික් පැත්ත තමයි මේ
copied from - Dilshan Indeera
