මේ කවුද..?

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    vTzHtJE.jpg


    මේ කවුද...?
    මොනවද එයාගෙ අතේ තියෙන්නෙ..?
    කියන්නං...
    දුක දරන්ට ඉවසන්ට බැරි කෙනෙක් ඉන්නව නං සමාවෙන්ට....
    ඒත් මේකත් ලියා තියන්ටම වෙනව.
    ........
    මේ ඉන්නෙ ගොවියෙක් ..
    දුප්පත් සිංහල ගොවියෙක්...
    එයාගෙ අතේ තියෙන්නෙ එයාගෙ පුතාගෙ දරදඩු වෙච්ච මල සිරුර..
    කැති පාරවල් වලට කැපිච්ච බෙල්ල කඩා වැටිච්ච, වැලි පොලවෙ වැටිලා දරදඩු වෙච්ච මල සිරුර ....
    මේ අසරණ දුප්පත් තාත්තා කොහොම දරා ගන්ට ඇතිද...?
    මේ තාත්තා හිටියෙ "ඩොලර් ෆාම්" කියන පුංචි ගොවිපල ගම්මානයෙ.
    ඒ ගම තිබුනෙ මුලතිව් දිස්ත්‍රික්කෙ සෙට්ටිකුලමෙ..
    මේ ගමේ හිටියෙ මේ ගොවිපොලේ වැඩ කරල එදා වේල හොයාගත්තු දුප්පත් අහිංසක ගොවියො...
    කරුමෙට උන් සිංහල උනා.
    එදා එක්දාස් නවසිය අසූ හතරෙ නොවැම්බර් තිස් වෙනිද...
    පාන්දර පහමාරට විතර...
    ගමේ ගොවියො ඇහැරුනේ කුකුලා අඩලන සද්දෙට නෙවෙයි...
    වෙඩි සද්දෙට....!
    වෙඩි සද්දෙ තේරුම මොකක්ද කියල ගමේ අය දන්නව.
    ගමට කොටි ඇවිත්..!
    ගමේ අය නිදි පැදුරෙන් නැගිට්ටෙ කැලේට දුවන්ට.
    වැඩක් උනේ නෑ...
    උන් ගම වට කරල...
    ලේ පිපාසෙන් ඉන්න මුරුගයො ටිකක් වගේ උන් ගමේ මිනිස්සුන්ව වට කරගත්ත..
    ගමේ මිනිස්සු එකින් එකා අල්ලගෙන කැති වලින් කපන ගමන් හිනා වෙවී මේ අහිංසකයන්ගෙ ලේ වලින් සෙල්ලම් කලා...
    ගමෙන් පිට උන්නු මේ තාත්තා ආපහු එනකොට එයාගෙ පුතා අර තිරිසනුන්ගෙ මන්න පාරකින් සදහටම ඇස් පියාගෙන.. සීතල වෙලා දරදඩු වෙලා ඉවරයි...
    එදා දවසට
    ඒ ගමේ මිනිස්සු...
    නිරායුධ සිංහල මිනිස්සු තිස් තුන් දෙනෙක්...
    උන් කපල කොටල වද දීල මැරුව...
    .............
    එදාම
    ඒ වෙලාවෙම
    උන්ගෙන් තවත් කන්ඩායමක්
    ඒ ගමට අල්ලපු ගමත් වට කරා....
    ඒ ගමේ නම "කෙන්ට් ෆාම්"
    ඒකත් ගොවිපල ගම්මානයක්.
    මේ වගේම දුප්පත් අහිංසක ගොවියො...
    සිංහල මිනිස්සු..
    ඒ ගමෙන් මිනිස්සු විසි නව දෙනෙක් උන් කපල කොටල වද දීල මැරුව...
    මල මිනී හැම තැනම විසිරිලා තිබුන....
    ඒ මල මිනී මැද
    බඩ දරු අම්මා කෙනෙක්ගෙ මල කදක්...
    මල කදට අඩි පහකට ඈතින් තමයි ඔලුව තිබුනෙ..
    උන් ඒ බඩ දරු අම්මගෙ බෙල්ල කපල ටික දුරක් බිම දිගේ ඇදගෙන ගිහින්..
    සේරම ඉවර වෙලා
    එදා දවාලෙ පොලිසියෙන් හමුදාවෙන් එනකොටත් ඒ මල සිරුරෙ කුස ගැහෙනවලු...
    ඒ කුස පලලා එලියට ගන්නකොටත් අර කිරිකැටියා පන පිටින්ලු....
    ......................
    මේ අසරනයින්ට ලෝකෙ වටේ ගිහින් ගතු කේලං කියලා තමන්ට වෙච්ච අසාධාරනේ කියා ගන්ට බෑ...
    එහෙම පුලුවන් කමක් තියෙන ඈයො අද මේ අසරනයින්ව කැති ගාපු උන්ට මානව හිමිකම් දෙන්ට පනත් සම්මත කරනව...!
     
    • Like
    Reactions: Beeper