කනෙක්ෂන් ඕන බන්. මෙහෙත් බැංකු රක්සා කරන කෙල්ලන් හැම දෙනාගේම මවුපියවරු බර සල්ලිකාරයෝ. දුප්පත් පවුලක එකෙක් බැංකු රස්සාවක් කරන්න තේරිලා ඉන්නවා මම දැකලත් නැහැ අහලත් නැහැ.
බැංකු වල මහ හිඟන පඩි බන්
සල්ලිකාරයො නං ඕකට යන්න හේතුවක් නැහැ
බැංකු ජොබ් වල වාසි තියෙන්නෙ අනිවා ගෙයක් හදලා වාහනයක් ගන්න පුලුවන්. මොකද මැරෙනකල් ගෙවන්න (පෙන්ශන් කාලෙදිත් කැපෙන විදියට හදලා) හවුසින් ලෝන් එකයි කාර් ලෝන් එකයි ගන්න පුලුවන්
ලංකාවෙ හැටියට ගෙයක් හදලා වාහනයක් ගත්තම ෆුල් සක්සස් කෙනෙක් කියලානේ හිතන්නෙ
අනික බැංකු ජොබ් ඉතිං ෆුල් ශුවර් ජොබ්. ජොබ් එක හම්බුනා කියන්නෙ ලංකාව තියනකල් ජොබ තියනවා ඒව තමයි වාසි
ඒ ඇරෙන්න ඕකෙ වෙන කිසිම ලාබයක් හරි පඩියක් හරි තියන ජොබ් එකක් නෙමෙයි
ප්රයිවෙට් හරි ආණ්ඩුවෙ හරි බැංකු වල පොඩි පොඩි වැඩ කරන්න school leavers ලා කියලා ගන්නවා. A/L කරලා ගෙදර ඉන්න කාලෙ හරි කැම්පස් යන්න කලින් හරි යන්න පුලුවන්
බැංකුවට ගිහින් පොඩ්ඩක් කතා කරත් මේ වගේ එකක් සෙට් කරගන්න පුලුවන්
මාස 6ක් වගේ ආතල් එකට බැංකුවෙ පොඩි පොඩි වැඩ කරන්න පුලුවන් පොඩි පඩියකුත් ගෙවනවා
හැබැයි ස්තිර බැංකු ජොබක් එහෙම සෙට් වෙන්නෙ නැහැ