Breaking News - වාහන මිලෙහි දැවැන්ත වෙනසක් , ඇතැම් ජනප්‍රිය වාහන මාදිලි රුපියල් ලක්ශ 45 දක්වා විශාල වෙනසක් , හැමෝගෙම වාහන හීන හැබෑවන ලකුනු 😍

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,347
    3,268
    113


    විසින් වාහන ආනයන බදු මත පනවා තිබූ සියයට 50ක අධිභාරය (Surcharge) ලබන දෙසැම්බර් 31 වනදා දක්වා දීර්ඝ කිරීමට ගත් තීරණයත් සමඟ මෙරට වාහන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
    ඒ අනුව ඇතැම් ජනප්‍රිය වාහන මාදිලිවල මිල රුපියල් ලක්ෂ 45ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    පසුගිය මැයි මස 15 වනදායින් පසුව විවෘත කරන ලද ණයවර ලිපි (LC) යටතේ ආනයනය කර මෙරටට ගෙන්වන ලද වාහන සඳහා මෙම ඉහළ බදු අනුපාතය බලපැවැත්වීම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත.

    අලෙවි නියෝජිතයන් පවසන්නේ වෙළඳපොළේ පවතින වාහන මිල ගණන් දැනටමත් සැලකිය යුතු ලෙස සංශෝධනය වී ඇති බවයි.

    ටොයෝටා ලෑන්ඩ් කෲසර් (Toyota Land Cruiser): රුපියල් ලක්ෂ 45කින් (මිලියන 4.5)
    ටොයෝටා ප්‍රාඩෝ (Toyota Prado): රුපියල් ලක්ෂ 25කින් (මිලියන 2.5)
    ඩබල් කැබ් රථ (Double-cabs): රුපියල් ලක්ෂ 20 - 25ත් අතර ප්‍රමාණයකින්
    හොන්ඩා වෙසල් (Honda Vezel): රුපියල් ලක්ෂ 9කින්
    ටොයෝටා Raize (Toyota Raize): රුපියල් ලක්ෂ 8කින්
    සුසුකි වැගන් ආර් (Suzuki Wagon R): රුපියල් ලක්ෂ 5කින්
    ටොයෝටා යාරිස් (Toyota Yaris): රුපියල් ලක්ෂ 5කින්
    BYD Atto 1 (විදුලි මෝටර් රථ): රුපියල් ලක්ෂ 10කින්
    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ (VIASL) සභාපති ප්‍රසාද් මානගේ මහතා සඳහන් කළේ, මෙම අධිභාරය දීර්ඝ නොකරනු ඇතැයි තමන් අපේක්ෂා කළද, එය තවදුරටත් ක්‍රියාත්මක වීම නිසා ප්‍රදර්ශනාගාර මිල ගණන් මෙලෙස ඉහළ ගොස් ඇති බවයි.

    දැනට වෙළඳපොළේ පවතින වාහනවලින් සියයට 90ක් පමණ මැයි 15ට පෙර විවෘත කළ ණයවර ලිපි යටතේ ගෙන්වූ ඒවා වුවද, නව බදු යටතේ ගෙන්වන වාහන තොග නිදහස් කර ගැනීම ආරම්භ වීමත් සමඟ මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව ඔහු පෙන්වා දෙයි.

    වාහන මිල ස්ථාවර කිරීම සඳහා නැවත නැවතත් අධිභාර පැනවීම වෙනුවට බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම, ණයවර ලිපි නියාමනය කිරීම සහ ස්ථාවර විනිමය අනුපාත හඳුන්වා දීම වැනි විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි රජය අවධානය යොමු කළ යුතු බව ද ප්‍රසාද් මානගේ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය

    copied from - News Alert LK
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,037
    15,541
    113
    New Zealand
    දුන්නයින් දුන්නේ නෑ මෙහෙම කතිරයක්.
    අපි නම් මාලිමාවට
    WP5XsE6.gif
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,347
    3,268
    113
    දුන්නයින් දුන්නේ නෑ මෙහෙම කතිරයක්.
    අපි නම් මාලිමාවට
    WP5XsE6.gif
    @scurvy කියන්නෙ රෙදි නැතුව මාලිමාවට කඩේ ගිය එකෙක් නෙද ?

    මේක කීයක් වෙයිද
    Millions or Lakhs?
    ලක්ශ බං , නලින්_හෑවගේ කියන කූපෝන් එක යූස් කරපං checkout එකෙදි
     
    • Haha
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,142
    1
    28,734
    113
    @scurvy කියන්නෙ රෙදි නැතුව මාලිමාවට කඩේ ගිය එකෙක් නෙද ?

    මේක කීයක් වෙයිද

    ලක්ශ බං , නලින්_හෑවගේ කියන කූපෝන් එක යූස් කරපං checkout එකෙදි
    "කොටහළු" කියන coupon එක use කරන්න බැරි වෙයිද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,926
    113
    හෙට අනිද්දා ගමේ පාරටත් AC බස් වැටෙන නිසා පුද්ගලික වාහන ඕනේ නෑ
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    තිබ්බ බද්දක් කල් ඉකුත් වෙනකාලේ වෙනස් කලාම කොහොමද බන් මිල වැඩිවෙන්නේ....
    බදු ප්‍රතිශතය වැඩිකරලද , කට්ටිය ෆොර්ම් කරන්න බොරුද
     
    • Like
    Reactions: Spiderman.Ayya