🚨📢🔔⚠️20 වෙනි සංශෝධනය ජනමත විඡාරණයක්...22 වෙනි සංශෝධනය 3/2 ඇති..... හිටපු "ආනුර"

topkollek

Well-known member
  • May 22, 2014
    44,119
    1
    58,469
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනුර දැන් කරන්න යන වැඩේ නිසා අධිකරණයේ ස්වාධීනත්වය නැතිවෙන එක, තනි පක්ෂ පාලනයක් බිහිවෙන එක .... නෙවෙයි @Elakirihacker ට තියෙන වේදනාව.

    ඒ දවස්වල අනුර ගොටාබයට බැන්න එකයි @Elakirihacker ට තියෙන වේදනාව
     
    • Love
    Reactions: Elakirihacker

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    476
    473
    63
    අනුර දැන් කරන්න යන වැඩේ නිසා අධිකරණයේ ස්වාධීනත්වය නැතිවෙන එක, තනි පක්ෂ පාලනයක් බිහිවෙන එක .... නෙවෙයි @Elakirihacker ට තියෙන වේදනාව.

    ඒ දවස්වල අනුර ගොටාබයට බැන්න එකයි @Elakirihacker ට තියෙන වේදනාව
    ඒ සීන් එක දන්නේ කොහොමද ? ඉරාජ්ලා ඇරෙන්න 🐇
     
    • Haha
    Reactions: topkollek

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    476
    473
    63
    Admin note : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් මෙම ප්‍රකාශය පළ කරනු ලැබේ.


    1788602885763.png


    වසර දෙකක් පුරාවට ඔවුන් කියා සිටියේ අපට එරෙහිව ඔවුන් සතුව සාක්ෂි තිබෙන බවයි. සොරා ගත් මුදල් නැවත ලබා ගෙන සත්‍ය හෙළි කරන බවයි. මා සම්බන්ධව යම් සාක්ෂියක් පවතින්නේ නම්, සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයකට මුහුණ දීමට මම සූදානම්. කිසියම් වරදක් සිදු කර ඇත්නම් එයට අදාළ නීතිමය පසුබිම යටතේ කටයුතු කිරීමට මම සූදානම්. නීතියට මුවා වී වෛරී සහගත දේශපාලන පලි ගැනීම් සිදු නොවිය යුතු බව අවධාරණය කරමි. අද දිනයේ සැප්තැම්බර් 18 දක්වා මා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන තිබෙනවා. හෙට රජය බලයට පැමිණ වසර දෙකක් ගතවන මොහොතේ ජන හමු පැවැත්වීමට නියමිත අතර,ජනාධිපතිවරයා එහිදී ජනතාව අමතනු ඇත. වසර දෙකක පාලනයෙන් පසුව ජනතාව වෙනුවෙන් සැබැවින්ම ඉටු කළේ කුමක්දැයි බරපතල ගැටළු බොහෝමයක් මතු වී ඇති අවස්ථාවක, අද මේ සිදුවීම නොසලකා හැරීම අපහසු ය. එසේම, සැප්තැම්බර් 12 වනදා අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත අපගේ දැවැන්ත ජන රැළිය සඳහා දහස් ගණනින් ජනතාව එක්වීමට නියමිතය. මා හට බිය වීමට කිසිවක් නැත. සඟවා තැබීමට කිසිවක් නැත. මා සෑම මොහොතකම විශ්වාස කළ නිවැරදි දෑ වෙනුවෙන්ද, මා නියෝජනය කරන ජනතාව වෙනුවෙන් ද පෙනී සිටින අධිෂ්ඨානයෙන් මේ සියලු අභියෝගයන්ට මුහුණ දෙමි. මාගේ නිදහස අහිමි කළ හැක්කේ එක්තරා කාලයකට පමණි. නමුත් මාගේ හඬ, මාගේ විශ්වාසයන් හෝ මාගේ ආදරණීය මාතෘ භූමියේ ජනතාව වෙනුවෙන් මා කරන කැප කිරීම උදුරා ගත නොහැක. දේශපාලන බලය තාවකාලිකය. සත්‍ය සදාකාලිකය. මේ සියලු සිදුවීම් කුමක් උදෙසාද, කවදා කවුරුන් විසින් සිදු කළේද යන්න ඉතිහාසය සාක්ෂි දරනු ඇත. මේ සියල්ලටම මම නොබියව මුහුණ දෙමි. - නාමල් රාජපක්ෂ​