මොකටද මිතුරි♀️? අපි බොමු කොත්තමල්ලි! 😂

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,967
    10,424
    113
    🔴 මිතුරි පෙති හිගයක්
    පවුල් සෞඛ්‍යට දැඩි තර්ජනයක්
    අනපේක්ෂිත ගැබ්ගැනීම් සහ
    අනාරක්ෂිත ගබ්සා ඉහළ යාමේ අවදානමක්!

    ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මඟින් දිවයින පුරා බෙදාහරිනු ලබන ප්‍රධානතම වාණිජමය ගිලින උපත් පාලන පෙති වර්ගය වන 'මිතුරි' වෙළඳපොළ තුළ හිඟවීම හේතුවෙන් මෙරට පවුල් සෞඛ්‍ය සේවාවන්ට සහ ප්‍රජනක සෞඛ්‍ය කළමනාකරණයට දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

    දිවයින පුරා පෞද්ගලික ඖෂධසැල් සහ පවුල් සැලසුම් සායන වෙතින් මෙම පෙති නිසි පරිදි ලබා ගැනීමට නොහැකි වීම නිසා දිනපතා මෙම ඖෂධය මත පදනම් වන දහස් සංඛ්‍යාත කාන්තාවන් දැඩි අසහනකාරී තත්ත්වයකට පත්ව සිටිති. ගිලින පෙති භාවිත කිරීමේදී අඛණ්ඩතාව බිඳවැටීම නිසා අනපේක්ෂිත දරු ගැබ්ගැනීම් ඉහළ යාමේ සෘජු අවදානමක් නිර්මාණය වන අතර, එමඟින් සංකූලතා සහිත අනාරක්ෂිත ගබ්සාවන් සඳහා යොමුවීමේ ප්‍රවණතාව ද වැඩි විය හැකි බව සෞඛ්‍ය විචාරකයෝ පෙන්වා දෙති.

    තවද, පළමු දරු උපත පමා කිරීමට සහ දරුවන් අතර පරතරය පවත්වා ගැනීමට බලාපොරොත්තු වන යුවළයන්ට මෙය දැඩි බලපෑමක් එල්ල කරයි. මෙවැනි අත්‍යවශ්‍ය ප්‍රජනක සෞඛ්‍ය ඖෂධ හිඟයකට පිළියම් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අදාළ සෞඛ්‍ය බලධාරීන් පවුල් සෞඛ්‍ය කාර්යාංශය (FHB) සහ රජයේ සායන හරහා විකල්ප උපත් පාලන ක්‍රම සහ හෝමෝන පෙති නිසි පරිදි සැපයීමට වහා පියවර ගත යුතු බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයෝ වැඩිදුරටත් අවධාරණය කරති.

    Source: TTVNEWS
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,917
    50,249
    113
    සේදවත්ත
    ලදරු අනුපාත පහත වැටෙන නිසා පෙති, කොන්ඩම් ගේන එක ලංකාවට හිගයක් ඇති කරන්න ඕනේ . හොද තීරණයක් . ප්‍රොස්ටිනෝ නම් නතරම කරලා දාන්න ඕනේ .
     
    • Like
    Reactions: Tonto

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,153
    1
    52,371
    113
    ප*යාගල
    sorry.com
    hodaine yako sinhalu wadi wei ...
    Aswasuma

    maxresdefault.jpg
     
    • Sad
    Reactions: Bitter Truth

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,731
    10,351
    113
    🆙





    🤔💭 වැටුනු ජනගනය වර්දනය වීමේ වේගය යලි ඉහල දැමීමේ කූට උපක්‍රමයක් වගෙ (✿◕‿◕✿)
    ඒකට විතරක් නෙමෙයි හෝමෝන අක්‍රමිකතා තියන අයට periods වලදි අමාරුකම් එන අයටත් දෙනවා
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,715
    48,212
    113
    ඕවා IMF ගේම්..ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටක ජනගහනය වැඩි වුනහම තමයි ඒ රට ඕන ඕන වෙලාවට උන්ට බංකොලොත් කරන්න ලේසි..

    hodaine yako sinhalu wadi wei ...

    රටකට හිඟන්නෝ වැඩි වුනහම රටට හොඳ වෙන්නේ කොහොමද?ලංකාවේ වැඩියෙන්ම ළමයි හදන්නේ පාන් කියාගන්නවත් බැරි උන්..
     
    • Like
    Reactions: pramodh87

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,870
    17,092
    113
    lamai hadana eka hondai kiyana unge man ahanne?
    Umbala da lamainta kanna bonna andum beheth iskoleta awashya dewal transport entertainment walata wiyadam karanne?
    Umbalada lamainta assets aran denne?

    Ehema karanna bari un thama lamai hadanne natte? Saththu wage lamai hadala wadak na ban. Hadana eka hari harihaman widiyata haduwanan hari