වරෙන් philosophical දෙයක් කතා කරන්න..

SIC

Well-known member
  • Dec 3, 2012
    10,716
    5,834
    113
    KALUTHARA
    Banaka ahuwa ara colors seen eka wage andayekge, aluthin hitanawa kiyala deyak na. Mokak hari matha padanmwa tama wenne kiyala.

    Etakota mewa dakalat natm kohomada hitane kiyala neda

    Api hinen dinosour dakkat
    Mkk dakkat at least film ekaka dakapu deyak or depend una deyak
     
    • Like
    Reactions: NRTG

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    4,004
    4,461
    113
    අපි ඉපදෙද්දි මුකුත් දන් නෑනෙ.. එහෙම බලද්දි අපි පුන්චිම කාලෙ කොහොම හරි අපි නොදන්න දෙයක් හිතල...
     
    • Like
    Reactions: NRTG

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,897
    2,305

    AdoMageHitha

    Junior member
  • Jul 26, 2026
    58
    40
    18
    කියන විදිහට බැලුවේ නැත්තම් හරි යන්නැහැ.

    රූපේ දැකලා, මේක මෙහෙම වෙනවා කියලා දන්න සංකල්ප අනුවනේ හිතෙන්නේ..

    එහෙම කියන්නත්,
    රූපෙම පැනවෙන්න පුලුවන්ද කියලා අහන්නේ.

    අපි සංකල්පිත මමෙක් හදන්, ඒක අත්දැකීම තුල හොයලා, අත්දැකීම තුල ඒක හම්බුන්නැති වුනහම, දැන් "මම" නැහැ කියලා හිතනවා.

    ඒක දෝසයි.

    මමත්වය = අත්දැකීම = ඇස

    කියලා අරගෙන බලන්න.
    ------ Post added on Sep 15, 2026 at 4:02 PM

    රූ*පේ*, අත්දැකී*මේ* foundation එක ප්‍රශ්න කරනවා නෙමෙයි.

    අත්දැකීම කියන තැනම මේ ප්‍රශ්න කරන්නේ.
    ------ Post added on Sep 15, 2026 at 4:04 PM
    අත්දැකීම කියන තැනම ප්‍රශ්න කරන්න නම්, ඒ ප්‍රශ්න කිරීම සිද්ධ වෙන්නේ 'අත්දැකීමකින් තොරව' කියලා ඔප්පු කරන්න පුළුවන්ද? තමන් කරන ප්‍රශ්න කිරීමත් අත්දැකීමක් නම්, අත්දැකීම නැති තැනක ඉඳන් අත්දැකීම ප්‍රශ්න කරන්නෙ කොහොමද?"
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,329
    12,232
    113
    "මේක ගැන මුකුත් දන්නැහැ.." කියලත් හිතන්න පුලුවන්. ඒත් දන්න දෙයක්. අදහසක්.

    මන් අහන්නේ "මේක", නැත්තම් "මොනවහරි" කියලම දැනගන්නේ කොහොමද කියලා ඇහේ perspective එකෙන්.
    මොනහුත්තක්ද මේ කියලා ඉතින් බලෙනවනේ නිකන්ම
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,897
    2,305
    113
    අත්දැකීම කියන තැනම ප්‍රශ්න කරන්න නම්, ඒ ප්‍රශ්න කිරීම සිද්ධ වෙන්නේ 'අත්දැකීමකින් තොරව' කියලා ඔප්පු කරන්න පුළුවන්ද? තමන් කරන ප්‍රශ්න කිරීමත් අත්දැකීමක් නම්, අත්දැකීම නැති තැනක ඉඳන් අත්දැකීම ප්‍රශ්න කරන්නෙ කොහොමද?"

    අනිවාරෙන්, ප්‍රශ්න කීරීම වෙන්න පුලුවන්ම අත්දැකීම ඇතුලෙමයි.

    අත්දැකීමක් නැති තැනක "ඉන්නවා" කියලා යොදන්නත් බැහැ නේද? අසංඛත ධාතුව නැත්තම් නිවන ඔතෙන්ට උදාහරණයක්.

    අත්දැකීම කියන්නෙම interpretation එකක්. යතාර්ථය වෙනම තියෙනවා, ඒක වෙනම අපි interpret කරගන්නවා නෙමෙයි. අපි, යතාර්ථය, interpretation.. ඇතුළු සියල්ලම interpretation එක තුලම ගොඩනැගෙන සංකල්ප.

    ඉතින්, මේ interpretation එකට වටිනාකමක්, හරයක් තියෙනවද?

    මොනහුත්තක්ද මේ කියලා ඉතින් බලෙනවනේ නිකන්ම

    බුලත් තියෙනවා, නැහැ කියලනම් තේරෙන්නේ වැඩේ අවුල්. බුලත් කියන තැනම අදහසක් එන්නම බැහැ කියලා පෙනෙයි හරියට බැලුවොත්.

    අපි ඉපදෙද්දි මුකුත් දන් නෑනෙ.. එහෙම බලද්දි අපි පුන්චිම කාලෙ කොහොම හරි අපි නොදන්න දෙයක් හිතල...

    "ඉපදෙනවා"
    "ජීවත් වෙනවා"
    "පුචි කාලයක් තිබ්බා"
    "පුංචි කාලේ හිටියා"
    "අපි ඉපදෙද්දී මුකුත් දන් නෑනෙ.. එහෙම බලද්දි අපි පුන්චිම කාලේ කොහොම හරි අපි නොදන්න දෙයක් හිතලා.."

    කියලා දැනගත්තේ කොහොමඳ අත්දැකීමෙන්?
     
    Last edited:

    AdoMageHitha

    Junior member
  • Jul 26, 2026
    58
    40
    18
    අනිවාරෙන්, ප්‍රශ්න කීරීම වෙන්න පුලුවන්ම අත්දැකීම ඇතුලෙමයි.

    අත්දැකීමක් නැති තැනක "ඉන්නවා" කියලා යොදන්නත් බැහැ නේද? අසංඛත ධාතුව නැත්තම් නිවන ඔතෙන්ට උදාහරණයක්.

    අත්දැකීම කියන්නෙම interpretation එකක්. යතාර්ථය වෙනම තියෙනවා, ඒක වෙනම අපි interpret කරගන්නවා නෙමෙයි. අපි, යතාර්ථය, interpretation.. ඇතුළු සියල්ලම interpretation එක තුලම ගොඩනැගෙන සංකල්ප.

    ඉතින්, මේ interpretation එකට වටිනාකමක්, හරයක් තියෙනවද?
    සියල්ල interpretation එකක් නම් සහ ඒකට කිසිම හරයක් නැත්නම්, උඹ ඔය අහපු ප්‍රශ්නෙත් කිසිම හරයක් නැති නිකන්ම නිකන් interpretation එකක් විතරයි. අනික උඹට interpretation නැති තැනක ඉඳන් ඔය ප්‍රශ්නෙ අහන්න බැරි තාක් කල්, උඹත් හිරවෙලා ඉන්නේ උඹම හරයක් නෑ කියපු අත්දැකීම ඇතුළේ විතරයි!
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,897
    2,305
    113
    සියල්ල interpretation එකක් නම් සහ ඒකට කිසිම හරයක් නැත්නම්, උඹ ඔය අහපු ප්‍රශ්නෙත් කිසිම හරයක් නැති නිකන්ම නිකන් interpretation එකක් විතරයි.

    අනිවාරෙන්. අත්දැකීම මට්ටමෙන්ම හරයක්, සාරවත් බවක් නැහැ කියලා පෙන්නන්න තමයි මේක ලිව්වේ. ඉතින් මේක කියවන අත්දැකීම ගත්තොත් ඒකෙත් characteristic එකක් තමයි අසාරවත් බව. අනාත්ම සංඤාව කියන්නත් පුලුවන් මේකට.

    ඉතින් අත්දැකීම මම, මගේද? මම, මගේ කියලා ගන්න සුදුසුද?

    උඹත් හිරවෙලා ඉන්නේ උඹම හරයක් නෑ කියපු අත්දැකීම ඇතුළේ විතරයි!

    සංකල්ප සංකල්ප විදිහට දැක්කනම්,
    මම අත්දැකීමක් ඇතුලේ හිර වීම/ නොවීමත් තව සංකල්පයක් විතරයි ;)
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,661
    199,890
    113
    Colombo, Sri Lanka
    200.gif
     
    • Haha
    Reactions: ewijesekara

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,408
    2,290
    113
    අත්දැකීම කියන තැනම ප්‍රශ්න කරන්න නම්, ඒ ප්‍රශ්න කිරීම සිද්ධ වෙන්නේ 'අත්දැකීමකින් තොරව' කියලා ඔප්පු කරන්න පුළුවන්ද? තමන් කරන ප්‍රශ්න කිරීමත් අත්දැකීමක් නම්, අත්දැකීම නැති තැනක ඉඳන් අත්දැකීම ප්‍රශ්න කරන්නෙ කොහොමද?"

    අත්දැකීමකින් තොරව අත්දැකීමක් ප්‍රශ්නකරන්න බැන්...නැතිතම් ප්‍රශ්න කරන්න දෙයක් නැතිව යනවනෙ..ඒත් අත්දකීම ප්‍රශ්න කරද්දි...තවත් අත්දකීමක් තුලින් ප්‍රශ්න කරන්නම අවශ්ය නැ...

    පෘතක්ජන අත්දකීම ගොඩනැගෙන්නෙ විපල්ලාස් උන සන්නාව උඩ.....විපස්සනාවෙදි ඒක ප්‍රශ්න වෙන්නෙ ආයෙත් විපල්ලස උන සන්නාවකින් නෙවේ... ප්‍රජ්නා චයිතසිකය තුලින්...

    විපස්සනාවකින් තොරව කල්පනා කරල ගොඩදාගන්න හදනවනම් වෙන්නෙම, විපල්ලාස උන සන්නාවක් (අත්දකීමක්), තවත් විපල්ලාස උන සන්නවකින්ම් අල්ලන හදන වැඩක් නැති උත්සාහය..
     
    • Like
    Reactions: NRTG

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    4,004
    4,461
    113
    "ඉපදෙනවා"
    "ජීවත් වෙනවා"
    "පුචි කාලයක් තිබ්බා"
    "පුංචි කාලේ හිටියා"
    "අපි ඉපදෙද්දී මුකුත් දන් නෑනෙ.. එහෙම බලද්දි අපි පුන්චිම කාලේ කොහොම හරි අපි නොදන්න දෙයක් හිතලා.."

    කියලා දැනගත්තේ කොහොමඳ අත්දැකීමෙන්?
    අපි ඉපනුන නිසානෙ මෙහෙම ඉන්නෙ.. common sense
    පොඩි කාලයක් තිබ්බා - ඒ කාලෙ ගත්ත ෆොටෝ තියෙනව. ඉපදෙන හැමෝම ලමා අවදියක් ගෙවනව කියන එක common sense again

    ඉපදෙද්දි මුකුත් දන් නෑ කියන එක මතක තියෙන්න විදියක් නෑ මොකද "මතකය" හැදෙන්නෙ දන්න දේවල් ආස්‍රයෙන්.. දන් නැති කාලෙ ඒව තමා මතක නැත්තෙ
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,897
    2,305
    113
    අපි ඉපනුන නිසානෙ මෙහෙම ඉන්නෙ.. common sense

    අපි පැත්තකින් තියමු. ඔයා ගන්න. අත්දැකීමේ මූලයම (පෙනීම, ඇසීම, දැනීම) බලන්න, මම කියලා කියන්න පුලුවන් මොකක්ද?
     
    • Like
    Reactions: NRTG

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,884
    2,575
    113
    කිසිදා නොදන්නා දෙයක් සිතන්න බැහැ, මොකද සිතීම හැමවිටම යැපෙන්නේ මතකය සහ පෙර සකස් කළ සංකල්ප මත. සිතීමට පුළුවන් "අත්දැකීම" කියන සංකල්පය ගැන විග්‍රහ කරන්න විතරයි. නමුත් ඒ මොහොතේ සැබැවින්ම සිදුවන ඒ ප්‍රකට වීම (Pure Awareness / Luminous nature), කිසිදු සිතුවිල්ලකට හෝ දැනුමකට හසු කරගන්න බැහැ.

    එකම දේ, මේ වගේ සිතුවිලි එදිනෙදා ජීවිතයත් එක්ක පටලවා නොගෙන, දාර්ශනික කුතුහලයක් සහ ප්‍රඥාවක් විදිහට පාවිච්චි කරන්න දැනගන්න ඕනේ. නැත්නම් "කිසිම දෙයක් ඇත්ත නෙමෙයි නම් මම මොකටද ජීවත් වෙන්නේ?" වගේ හිස් බවකට (nihilism) වැටෙන්න ඉඩ තියෙනවා.

    සංකල්පීයව හෝ න්‍යායිකව ඕනෑම මාන ගණනක් ගොඩනැගිය හැකියි.

    • නූතන භෞතික විද්‍යාවේ (M-Theory) විශ්වයේ සියලු බලවේග එක් කිරීමට ගණිතමය වශයෙන් මාන 11ක් (අවකාශ මාන 10ක් සහ කාල මාන 1ක්) උපකල්පනය කරයි.
    • බොසොනික් ස්ට්‍රිං න්‍යාය (Bosonic String Theory) වැනි සමහර න්‍යායවල මාන 26ක් දක්වා ගණිතමය වශයෙන් පෙන්වා දෙයි. එසේම ගණිතයේදී අනන්ත මාන ($n$-dimensional or infinite-dimensional Hilbert space) ගැන කතා කරයි.

    මාන 11ක් තිබුණත්, මාන 100ක් හැදුවත්, ඒ සියල්ල මනස විසින් තනන තවත් සංකල්පීය පලංචි පමණි. මූලික foundation එකම හිස් (void/empty) නම්, ඒ මත ගොඩනඟන මාන ගණන 11ද, 100ද යන්නෙන් කිසිදු වෙනසක් සිදු නොවේ.
    මාන 11ක් යනු අත්දැකීමක් සීමා කිරීමට මනස හදන "උපරිම කොටුව" වන අතර, ඒ කොටුවෙන් එහා කිසිදු මානයක් නැති තැන ඉතිරි වන්නේ කිසිදු මානයකට හසු නොවන හුදු ප්‍රකට වීම පමණි.
     
    • Like
    Reactions: NRTG

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,223
    7,245
    113
    Back Bay-Beacon Hill, Boston
    කෝ බොල පලංචිය? පලංචිය රුපේට දාලා ආයි ඒ අයි එකට අදින්න කියපං! ඇත්තමයි මල පනිනවා දැන් .. පැය බාගෙයක් විතර ඔය පලංචිය හෙව්වා පින්තූරේ! :mad:
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,897
    2,305
    113
    කෝ බොල පලංචිය? පලංචිය රුපේට දාලා ආයි ඒ අයි එකට අදින්න කියපං! ඇත්තමයි මල පනිනවා දැන් .. පැය බාගෙයක් විතර ඔය පලංචිය හෙව්වා පින්තූරේ! :mad:

    අත්දැකීම විතරයි තියෙන්නේ කිව්වහම කෙනෙක්ට ඒක සත්‍ය වෙන්න පුලුවන් නිසා ඒකට පලංචිය කිව්වේ.
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,949
    2
    2,277
    113
    On a Cloud
    සියලුම දෙයින් බැහැර වූ වියුක්ත වූ යමක් තියෙන්න පුළුවන් ද?
    තිබුණා කියලා හිතුවොත් ඒක සංසංදනය කරන්නේ මොකක් එක්කද?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,897
    2,305
    113
    සියලුම දෙයින් බැහැර වූ වියුක්ත වූ යමක් තියෙන්න පුළුවන් ද?

    නිවන/ අසංකතය

    හැබැයි සියලු දෙයින් වියුක්ත වූ *තව එකක්* නෙමෙයි ඒ. හිස් බව ගැන අපි සංකල්පයකින් තේරුම් ගන්න යන එකම නොහිස් බවක්.

    තිබුණා කියලා හිතුවොත් ඒක සංසංදනය කරන්නේ මොකක් එක්කද?

    සංඛතය එක්ක (සසර)