විශේෂ සාපේක්ෂතාවාදය සහ සාමාන්‍ය සාපේක්ෂතාවාදය හැමෝටම තේරෙන විදියට

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,223
    6,112
    113
    canada
    මම මේ නූල දමන්න හිතුවේ ගොඩක් කල් ඉදන්. ටික ටික ඉඩ ලැබෙන විදියට update කරන්නම්.

    අපි ඉගෙනගත් සම්ප්‍රදායික විද්‍යාව

    අපි ඉස්කෝලේ ඉගෙන ගන්න physics අයිතිවෙන්නේ classical physics වලට. එකේ ආරම්භය අයිසැක් නිව්ටන් ගේ කාලයට විහිදෙනවා. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1643-1727. සාපේක්ෂතාවාදය සහ quantum physics කියන්නේ ලෝකෙම හෙල්ලපු මතවාද දෙකක්. නුතන විද්‍යාව කියන්නේ අපිට හුරුපුරුදු සම්ප්‍රදායික විද්‍යාවට වඩා වෙනස් පිස්සු හැදෙන science fiction එකක් වගේ දෙයක්. මුලින් විශේෂ සාපේක්ෂතාවාදය ගැන කතා කරමු.

    අපි ඉගෙනගත්ත දෙයක් තමයි සාපේක්ෂතාව. උදාහරනයක් ගත්තොත් වාහනයක් පැයට 100 km/h එලවනවා කියමු . තව එකෙක් 120 km/h ඒ දිශාවටම එලවනවා. එතකොට මුල් වාහනයට සාපේක්ෂව දෙවැනි වාහනය 20 km/h වේගෙන් යනවා (= 120-100). එක පැහැදිලිනේ.

    සම්ප්‍රදායික විද්‍යාවේ සිමාවන්

    නමුත් 19 ශතවර්ෂයේ මුල් කාලේ ප්‍රශ්නයක් අවා ආලෝකය ගැන. ආලෝකයේ වේගය C එහෙම නැතිනම් 299 792 458 m / s . අපි හිතමු කවුරු හරි ටෝර්ච් එකක් පත්තු කලා කියල. එතකොට ආලෝකය C වේගයෙන් ඉවතට යනවා. තව මනුස්සයෙක් ඒ දිශාවට C/2 වේගයෙන් යනවා කියමු. එහෙමනම් ටෝර්ච් එකේ ආලෝකය ඒ මනුස්සයාට සාපේක්ෂව C/2 යන්න ඕනේ නේද (= C-C/2)?. එහෙම වෙන්නේ නැහැ. අපි මොන වේගයෙන් ආලෝකය පසුපස ගියත්, අපිට සාපේක්ෂව ආලෝකයේ වේගය C මයි.

    ආලෝකයේ වේගය කොහේ ඉදන් මැන්නත් C මයි. මේක පැහැදිලි කරන්න කොහොමද? අයිස්ටයින් මේක ගැන ගොඩක් හිතුවා. අපි උදාහරණයක් ගමු.

    සරල උදාහරණයක්

    (AI generated)
    • අභ්‍යවකාශ යානයක් තුළ mirror දෙකක් තිබෙනවා.
    • Mirror අතර දුර = d
    • ආලෝක කිරණක් පහළ mirror එකෙන් ඉහළ mirror එකට ගිහින් ආපහු එනවා.

    (1) යානය ඇතුළේ ඉන්න කෙනාට:
    Mirror 1
    |
    |
    | d
    |
    *
    Mirror 2

    ආලෝකය සෘජුව ඉහළට සහ පහළට යනවා. ආලෝකය බිම ඉදන් උඩට ගතවන කාලය:

    t 1= d/C

    (2) දැන් යානය වමෙන් දකුණට වේගය V න් යනවා කියලා හිතමු. බිම මත ඉන්න නිරීක්ෂකයාට ආලෝකය සෘජුව ඉහළට යනවා වගේ නොපෙනේ. යානය ඉදිරියට ගමන් කරන නිසා ආලෝකය diagonal path එකක් අනුගමනය කරනවා.

    Mirror 1
    1789663263190.png

    Mirror 2


    ( V*t යානය ගමන් කල දුර මේ දිශාවට --> )

    බිම මත ඉන්න නිරීක්ෂකයාට පෙනේනේ ආලෝකය D දුරක් ගමන් කරනවා (D > d)

    t 2 = D/C

    D>d නිසා, t2 > t1 වෙන්න ඕනේ

    එනම් බිම මත observer ට spaceship එකේ clock එක slow වෙලා වගේ පේනවා. මේකම තමයි Time Dilation.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,223
    6,112
    113
    canada
    වටිනවා. හැබැයි තේරුනේ නෑ මට. 🤷‍♂️
    ආලෝකයේ වේගය සැමටම එකයි කියල සමිකරන වලින් සහ නිරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. එහෙමනම් කාලය වෙනස් වෙන්න ඕනේ නේද කියල තමයි අයිස්ටයින් තේරුම් ගත්තේ.

    කාලය = දුර/ වේගය

    අපි සරලව හිතුවොත්, යානය ඇතුළේ ඉන්න කෙනාට පේනවා ආලෝකය දර්පණ දෙක හරහා කෙලින්ම උඩ, යට යනවා. දර්පණ දෙක අතර දුර d කියල හිතමු. එතකොට එයට ගතවෙන කාලය

    t 1= d/C

    නිශ්චලව පොලවේ ඉන්න කෙනෙකුට පෙන්නේනේ, ආලෝකය උඩ, යට යනවා විතරක් නෙවි හරස් අටතත් ගමන් කරනවා (යානය ගමන් කරන නිසා) . එයට පේනවා ආලෝකය D දුරක් ගමන් කරනවා (පයිතගරස් ප්‍රමේය අනුව D^2 = d^2 + (Vt)^2). මේ දෙගොල්ලොටම කොහේ හිටියත් පෙන්නේ ආලෝකය ආලෝකයේ වේගයෙන් යන නිසා, පොලවේ ඉන්න කෙනෙකුට ගතවෙන කාලය

    t 2 = D/C

    මේ දෙක දිහා බැලුවම තේරෙන්නේ t2 >t1 කියල (D >d නිසා)






    /////////////////////////////////////////////

    මේක ටිකක් ගැබුරු කතාවක්

    ආලෝකයේ වේගය C එහෙම නැතිනම් 299 792 458 m / s කියන්නේ ආලෝකය සම්බන්ද දෙයක් නෙවි. එක අවකාශය සහ කාලය අතර තියෙන නියතයක්.

    අපි හිතමු ඔයා කම්මැලි වෙලාවක සැප පුටුවකට වෙලා coca cola එකක් බොනවා කියල. බොන්න පටන්ගන්න කොට වෙලාව උදේ 9.00 යි. බිල ඉවරවෙන කොට 9.10. ඒ කියන්නේ විනාඩි දහයක් ගතවෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයා කාලය හරහා විනාඩි 10 ගමන් කරල තියනවා. අවකාශය හරහා ඔයා ගමන් කරන්නේ නැහැ. මොකද පුටුවේ වාඩිවෙලා නිශ්චලව ඉන්න නිසා.

    විනාඩි, තත්පර, පැය කියන්නේ මොනවද? මිනිස්සු හදාගත්ත දේවල්. උදාහරනෙකට දවසක් 24 කට බෙදල එකක් පැයක් කියල කියනවා. එහෙමනම් අපි ඇත්තටම කාලය හරහා ගමන් කරන වේගය මොකද්ද?

    අයිස්ටයින් පෙන්නලා දුන්න අපි නිකම්ම හිටියත් කාලය හරහා C වලින් යනවා කියල !!!!!. තව කිව්වා,

    කාලය තුලින් ගමන් කරන වේගය + අවකාශය තුලින් ගමන් කරන වේගය = C
    ..........................................
    (1) අපි ගත්ත සැප පුටුවකට වෙලා ඉන්න උදාහරණය අනුව,

    කාලය තුලින් ගමන් කරන වේගය (=C) + අවකාශය තුලින් ගමන් කරන වේගය (=0) = C
    C + 0 = C
    .............................................
    (2) කවුරුහරි ආලෝකයේ වේගයෙන් යනව නම්
    කාලය තුලින් ගමන් කරන වේගය (=0) + අවකාශය තුලින් ගමන් කරන වේගය (=C) = C
    0 + C = C

    කාලය තුලින් ගමන් කරන වේගය බින්දුව වෙන්න ඕනේ !
    .............................................

    ඒ කියන්නේ ලෝකේ තියෙන හැම වස්තුවක්ම (අපි ඇතුළු) හැම වෙලේම ආලෝකයේ වේගය C වලින් ගමන් කරනවා (කාලය තුලින් හෝ අවකාශය තුලින් හෝ දෙකම තුලින්) !!!!!!!!!!!!!!!!!!!!!!!!
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,223
    6,112
    113
    canada
    දැක්කද මේ වගේ අද්‍යාපණික දේවල් වලට කිරියේ තැනක් නෑ දැන්. 🤷🏻‍♂️
    thank you. එක නම් ඇත්ත

    කාල තරණය ගැන පොඩි කතාබහක්

    අපිට ලගම තරුවට (Proxima Centauri) දුර ආලෝක වර්ෂ 4.246 (40.2 trillion km). ආලෝක වර්ෂයක් කියන්නේ ආලෝකය අවුරුද්දකදී ගමන් කරන දුර (9.46*10^12 km).

    අපි හිතමු කවුරු හරි යානයක් හදල ආලෝකය වේගයට ඉතාම ආසන්නයව යන්න පුළුවන්. එතකොට එයට අවුරුදු 4.2 විතර යනවා යන්න. මගේ ප්‍රශ්නය තමයි ඒ ගමනට (9.46*10^12 km ) කොච්චර බඩු ගෙනියන්න ඕනෙද ? (හාල්, පොල්, තේ කොළ, ලුණු ??????????) .

    |
    |
    |
    |
    \/
    උත්තරය තමයි -> කහට කෝප්පයක් විතරක් ඇති !!!!!!. ඇයි ?

    ආලෝකයේ වේගයට ඉතාම අසන්න වේගයෙන් යනකොට, එයාගේ කාලය ගතවෙන්නේ බොහොම සෙමින්. කහට කෝප්පය බිල ඉවරවෙන්නත් ඉස්සෙලා එය Proxima Centauri වලට යනවා. යානයේ ඉන්න එයාට අමුත්තක් පෙන්නේ නැහැ. ඔරලෝසුව වෙනදා විදියටම වැඩ කරනවා. ශරීරයේ හෘද ස්පන්දනය ඇතුළු සියල්ල පොලවේ හිටිය වගේ. වෙනසක් නැහැ. එයට සාපේක්ෂව කිසිම අමුත්තක් නැහැ. කහට කෝප්පය උගුරු දෙකක් බොනකොට පොලවේ ඉදන් Proxima Centauri වලට ගිහිල්ල ඉවරයි !!!!!!!.

    හැබැයි පොලවේ ඉන්න කෙනෙකුට පේනවා ගගනගාමිය අවුරුදු 4.2 ගිය කියල. එයා අපහු හැරිලා අවොත් ඒ වේගයෙන්ම, පොලවේ ඉන්න එක්කෙනාට අවුරුදු 8.4 ගිහිල්ල වයසට. ගගනගාමියට විනාඩි කිහිපයක් විතරයි වයසට ගිහිල්ල තියෙන්නේ.

    මේක interstellar movie එකේ අන්තිමට පෙන්නන දෙයක්. මතකද ?


     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,394
    1
    13,352
    113
    Gotham City
    ඔව්වා සේරම නිර්මාණය කරපු දැනුම .
    අවකාශ කාලය කියන දේ අපි හදාගත්ත එකක් .
    අපෙ සංස්කෘතිය අනුව නම් කාලය කියන්නෙ වෙනස් වන දේ සදහා කරපු පැනවීමක් .
    බටහිර විද්‍යාවේ නම් එහෙම නෙමෙ ,
    ඒක වෙනම මානයක් විදියට ගන්නවා,
    ඒකත් එක්කනෙ ඔය ටයිම් ට්‍රැවල් කන්සෙප්ට්ස් එන්නෙ .
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,948
    1
    63,236
    113
    Mother Earth
    ආලෝකයේ වේගයට ඉතාම අසන්න වේගයෙන් යනකොට, එයාගේ කාලය ගතවෙන්නේ බොහොම සෙමින්. කහට කෝප්පය බිල ඉවරවෙන්නත් ඉස්සෙලා එය Proxima Centauri වලට යනවා.
    මට මේ සීන් එක ටිකක් පැටලුණා. ජෙමිනිගෙන් ඇහුවා. පහළ තියෙන ටික තව කාට හරි ප්‍රයෝජනවත් වෙයි තේරුම් ගන්න. 🤷‍♂️

    Yes, from the perspective of an observer staying behind on Earth, it would take approximately 4.24 to 4.25 years for a object traveling at the speed of light to reach Proxima Centauri.
    However, your question brings up a fascinating nuance in physics involving time dilation (from Einstein's theory of Special Relativity). Here is how it breaks down depending on who is measuring the time:
    • For people on Earth: Because Proxima Centauri is 4.25 light-years away, and light travels at exactly 1 light-year per year, Earth observers will watch your spacecraft take 4.25 years to get there.
    • For you inside the spacecraft: As an object moves closer to the speed of light, time slows down for it relative to the outside world. If you could hypothetically travel at exactly the speed of light, zero time would pass for you. You would experience the journey as instantaneous. If you were traveling just a fraction under the speed of light (e.g., 99.9%), only a few weeks or months would pass for you, even though Earth watched you travel for 4.25 years.
    (Note: In reality, any object with mass cannot actually reach the exact speed of light, but we can get very close!)
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,223
    6,112
    113
    canada
    ඔව්වා සේරම නිර්මාණය කරපු දැනුම .
    අවකාශ කාලය කියන දේ අපි හදාගත්ත එකක් .
    අපෙ සංස්කෘතිය අනුව නම් කාලය කියන්නෙ වෙනස් වන දේ සදහා කරපු පැනවීමක් .
    බටහිර විද්‍යාවේ නම් එහෙම නෙමෙ ,
    ඒක වෙනම මානයක් විදියට ගන්නවා,
    ඒකත් එක්කනෙ ඔය ටයිම් ට්‍රැවල් කන්සෙප්ට්ස් එන්නෙ .
    ඔව් එක ඇත්ත. බටහිර විද්‍යාවේ කරන්නේ අපිට පෙනෙන දේ විස්තර කරන්න theory එකක්. theory දිගින දිගටම අබියෝගයට ලක් කරනවා එක නිවැරදිතාවය බලන්න.

    මට මේ සීන් එක ටිකක් පැටලුණා. ජෙමිනිගෙන් ඇහුවා. පහළ තියෙන ටික තව කාට හරි ප්‍රයෝජනවත් වෙයි තේරුම් ගන්න. 🤷‍♂️

    Yes, from the perspective of an observer staying behind on Earth, it would take approximately 4.24 to 4.25 years for a object traveling at the speed of light to reach Proxima Centauri.
    However, your question brings up a fascinating nuance in physics involving time dilation (from Einstein's theory of Special Relativity). Here is how it breaks down depending on who is measuring the time:
    • For people on Earth: Because Proxima Centauri is 4.25 light-years away, and light travels at exactly 1 light-year per year, Earth observers will watch your spacecraft take 4.25 years to get there.
    • For you inside the spacecraft: As an object moves closer to the speed of light, time slows down for it relative to the outside world. If you could hypothetically travel at exactly the speed of light, zero time would pass for you. You would experience the journey as instantaneous. If you were traveling just a fraction under the speed of light (e.g., 99.9%), only a few weeks or months would pass for you, even though Earth watched you travel for 4.25 years.
    (Note: In reality, any object with mass cannot actually reach the exact speed of light, but we can get very close!)

    මේක හරියටම හරි.

    මේවා දැක්කහම හිතෙනවා අපි මෙච්චර කල් ඉගෙන ගත්ත දේවල් physics මොනවද කියල. මමත් සැහෙන youtube බල බල තමයි ටිකක් හරි මතුපිටින් තේරුම් ගත්තේ

    ගොඩක් දෙනෙක් ආලෝකයේ වේගයට ආසන්නව යනකොට කාලය හෙමින් යනවා කියල දැනගෙන හිටියට, හරියටම මොකද්ද වෙන්න කියන එක තේරුම් ගන්නේ නැහැ
    ------ Post added on Sep 21, 2026 at 8:06 PM
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    575
    585
    93
    Habarana
    ආලෝකයෙ වේගය විස්වය විසින්ම ලොක් කරලා තියෙන්නෙ, ටයිම්.ට්‍රැවල් කියන දේ කරන්න පුලුවන් උනොත් මුලු සිස්ටම් එකම අඥ්ඥකොරොස්!
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,223
    6,112
    113
    canada
    ආලෝකයෙ වේගය විස්වය විසින්ම ලොක් කරලා තියෙන්නෙ, ටයිම්.ට්‍රැවල් කියන දේ කරන්න පුලුවන් උනොත් මුලු සිස්ටම් එකම අඥ්ඥකොරොස්!
    විශේෂ සාපේක්ෂතාවාදය අනුව ආලෝකයේ වේගයට වඩා වැඩියෙන් ගියොත්, causality (හේතුව සහ පලය) කියන දේ බිදෙනවා. උදාහරණයක් විදියට අපි හිතමු කවුරු හරි වෙඩි තියල අනිත් එක්කෙනා මැරෙනවා කියල වෙඩිල්ල වැදිලා.
    නිරීක්ෂකයෙක් ආලෝකයේ වේගයට වඩා ගියොත්, එයට පේනවා වෙඩි තියන්න කලින් අනිත් එක්කෙනා මැරෙනවා කියල. මේකේ වෙන්න බැහැනේ. (මේක මට හරියට තේරෙන්නේ නැහැ)

    විශේෂ සාපේක්ෂතාවාදය විශ්වයේ ප්‍රසාරණය (අවකාශ සහ කාලය ප්‍රසාරණය) සලකන්නේ නැහැ.
    අපි සාමාන්‍ය සපෙක්ෂතවාදයට ගියොත්, වස්තුවලට වේග සිමා තිබුනූත් අවකාශ සහ කාලයට වේග සීමාවක් නැහැ. විශ්වයේ ප්‍රසාරණය නිසා සමහර තාරකා ආලෝකයේ වේගයට වඩා වැඩියෙන් අපෙන් ඉවතට ඇදිල යනවා. ඕක හරියට බැලුමක් පුම්බනකොට එකේ මතුපිට තැන් දෙක අතර දුර ඉබේම වැඩි වෙනවා වගේ. විශේෂ සාපේක්ෂතාවාදය ගැන අපි පස්සේ කතා කරමු.

    https://www.scientificamerican.com/...ecede-from-us-faster-than-the-speed-of-light/
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,223
    6,112
    113
    canada
    සාමාන්‍ය සපෙක්ෂතවාදය සාරාංශයක් විදියට

    සපෙක්ෂතවාදයට පදනම් වුනේ ආලෝකයේ වේගය කවුරු මැන්නත් එකම අගයක් වීම. මේක පරීක්ෂණ රාශියකින් ඔප්පු වුන දෙයක්.

    මේක ගැන කතා කරන කොට ප්‍රදාන කරුණු 4 තියෙනවා

    (1) Spacetime (අවකාශය සහ කාලය)= අපි කාලය සහ අවකශය දෙකක් විදියට සලකන්නේ. කාලය තත්පර වලින් සහ අවකශය මීටර් වලින් මනින්න පුළුවන්. අවකශයට මාන 3 තියෙනවා. (3D නේ) සපෙක්ෂතවාදය අනුව කාලය සහ අවකශය එකිනෙක මත රදා පවතින දෙයක් !!!!!. ඒ නිසා මේ දෙකම එකතු කරලා අවකාශය සහ කාලය කියන මාන 4 තියෙන තනි දෙයක්/ සංකල්පයක් විදියට සලකන්නේ.

    (2) Time Dilation= කවුරුහරි ගමන් කරනවා නම් එයට කාලය ගතවෙන්නේ සෙමින් බව (නිශ්චලව ඉන්න අයෙකුට සාපේක්ෂව). මේ ගැන අපි කතා කරා.

    (3) Mass-Energy Equivalence = මේ කියන්නේ ස්කන්දය (M) සහ ශක්තිය (E) අතර සම්බන්දය (E = M*C^2). පරමාණු බෝම්බයෙක් විශාල විනශයක් කරන්න පුළුවන් මේ නිසා. C^2 කියන්නේ විශාල ගනනක්.

    (4) Length Contraction= වස්තුන්වල දිග අඩුවෙනවා වගේ පේනවා වේගයෙන් යනකොට. මේ ගැන අපි පසුව කතා කරමු
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,413
    2,797
    113
    මොන හරියද තේරුම් නැත්තේ ?
    ඒ කියන්නේ ලෝකේ තියෙන හැම වස්තුවක්ම (අපි ඇතුළු) හැම වෙලේම ආලෝකයේ වේගය C වලින් ගමන් කරනවා (කාලය තුලින් හෝ අවකාශය තුලින් හෝ දෙකම තුලින්) !!!!!!!!!!!!!!!!!!!!!!!!