පන්නල මොකක්ද මේ සිද්දිය? අන නොතකා දාවනය කියල තියෙන්නෙ. ගෑනු දෙන්නෙක් ඉන්නෙ පිටිපස්සෙ.

shenat

Well-known member
  • May 13, 2007
    58,998
    87,592
    113
    ආශ්චර්යමත් රටක
    පෝස්ට් එකේ කොමෙන්ට් වල තියෙනවා අණ නොතකා ධාවනය කරපු එකක් පස්සෙන් ගිහින් අල්ලලා කියලා. කුඩු ඩීල් කරන උන්/ කුඩ්ඩො ගිහින් තියෙනව කියලා. කුඩු හොයාගෙන කාර් එකේ.
     
    • Wow
    Reactions: pathaleiretta

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,321
    1,029
    113
    එකම පවුලේ වෙන්න බෑ. එහෙමනම් ගෑනි යන්නේ ඉස්සරහ. කුඩ්ඩගේ ඩ්‍රයිවර් එලවන්නේ. කුඩ්ඩාගේ ගෑනි ළමය පිටිපස්සේ
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,673
    8,251
    113


    පන්නල දී අත්අඩංගුවට ගත් සැප රියේ තිබී
    හෙරොයින් හා ලක්ෂ ගණනක මුදල් හමුවෙයි
    ගිරිඋල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
    පොලිසියට ලද තොරතුරකට අනුව ඊයේ (22) උදෑසන ගිරිඋල්ල නගරයේ සිට පන්නල දෙසට ගමන් කළ සැකකටයුතු මෝටර් රථයක් පසුපස හඹා ගොස් පන්නල නගරයේදී එය නවතා පරීක්ෂා කිරීමට නිලධාරීන් උත්සාහ කර තිබෙනවා.
    එහිදී පොලිස් අණ නොතකා මෝටර් රථය ධාවනය කිරීමට උත්සාහ කර ඇති අතර, පොලිස් නිලධාරීන්ට අනතුරක් සිදුවිය හැකි ආකාරයෙන් රථය ධාවනය කිරීමට උත්සාහ කිරීමේදී එහි පසුපස රෝදයකට වෙඩි තබා තිබුණා.
    ඉන් පසුව මෝටර් රථයේ දොර අගුළු විවෘත නොකිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් එහි ඉදිරිපස වම්පස දොරේ වීදුරුව කඩා සැකකරුවන් තිදෙනා පිටතට ගෙන පරීක්ෂාවට ලක් කර තිබුණා
    එහිදී මෝටර් රථය තුළ තිබී හෙරොයින් ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 260ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 924,770ක මුදලක් සොයාගෙන ගැනීමට පොලිසියට හැකි වී ඇති බව සඳහන්.
    අත්අඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, සැකකාරියන් දෙදෙනා අවුරුදු 39 සහ 16 වයස්වල පසුවන නෙළුම්දෙණිය ප්‍රදේශයේ තාවකාලික පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරනවා.
    සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත ඔවුන් පදිංචිව සිටි නිවස පරීක්ෂා කිරීමේදී තවත් හෙරොයින් ග්‍රෑම් 62ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 1,680,000ක මුදලක්, මත්ද්‍රව්‍ය ඇසුරුම් සඳහා භාවිත කළ බෝතල් මූඩි 500ක්, විනිවිද පෙනෙන බට රෝලක් සහ ප්ලාස්ටික් නල 2,235ක් සොයාගෙන තිබෙනවා.
    සිද්ධිය සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.


    ------ Post added on Sep 23, 2026 at 3:22 PM