තමන්ටම කියලා V2Ray server එකක් (guide, ටිකක් දිගයි)

hu KANNA

Well-known member
  • Dec 8, 2025
    493
    632
    93
    මෙලෝ දෙයක් තෙරුන් නෑ, උඩට
    පොඩ්ඩක් කියවලා බලපන්, මෙකේ පුලුවන් තරම් සරල කරලා තියෙන්නෙ. ඕනෙනම් මේ පොස්ට් එකෙ ලින්ක් එක gemini හරි grok එකට දාලා උබට තෙරෙන විදියට කියලා දෙන්න කියපන්. බයියා 😂
     
    • Sad
    Reactions: Inigo Montoya

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,030
    11,619
    113
    නයිස් වෙසාවෝ නයිස්
    දැන් නොහුකා කියපන් ඔය එක එක උන් කොහොමද අන්ලිමිටඩ් දෙන්නේ පැකේජ් නැතුව
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    493
    632
    93
    නයිස් වෙසාවෝ නයිස්
    දැන් නොහුකා කියපන් ඔය එක එක උන් කොහොමද අන්ලිමිටඩ් දෙන්නේ පැකේජ් නැතුව
    zero rated domains වලින්, එහෙම ඒව දැන් නැතිම තරම්, උන් ඔය වැඩේ කරන්න ගිහින්ම තමා නැති උනේ, තියෙන ඒවත් තියෙන්නෙ 100mb ගියාට පස්සෙ slow වෙන්න. පැකේජ් එකක් දාලා v2ray tunnel කර ගන්න තමා දැන් පුලුවන්, අනිත් කැටයම් දැන් බැ.
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,030
    11,619
    113
    zero rated domains වලින්, එහෙම ඒව දැන් නැතිම තරම්, උන් ඔය වැඩේ කරන්න ගිහින්ම තමා නැති උනේ, තියෙන ඒවත් තියෙන්නෙ 100mb ගියාට පස්සෙ slow වෙන්න. පැකේජ් එකක් දාලා v2ray tunnel කර ගන්න තමා දැන් පුලුවන්, අනිත් කැටයම් දැන් බැ.
    ai ban ithin ISP la zero rated domain thiyaganne . oya 0 rated kiyanne ISP la e site walata yana traffic eka usage ekata gnn ganne na kiyana eka neda
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    493
    632
    93
    ai ban ithin ISP la zero rated domain thiyaganne . oya 0 rated kiyanne ISP la e site walata yana traffic eka usage ekata gnn ganne na kiyana eka neda
    ඔව් ඔව් ගොඩක් වෙලාවට zero rated කරලා තියෙන්නෙ උන්ගෙ app එක, එතකොට මනුස්සයෙක්ට ඩේටා නැති උනත් ඇප් එකට ගිහින් ඩේටා හරි රිලෝඩ් එකක් හරි දාගන්න පුලුවන් වෙන්න.
     
    • Like
    Reactions: wissnshaftler

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    493
    632
    93
    මට කියපන් script eke sni hide krna widiya.
    මොන? config එකේද? එහෙම කරන්න එක එක ඇප් එකට encrypt කරන්න පුලුවන්, උදාහරනෙකට netmod ඇප් එකට config එකට දාලා ආයේ කොපි කරන්න පුලුවන් netmod එකට විතරක් වැඩ කරන විදියට ඒක ලොක් කරලා. මම use කරන්නෙ Happ එකේ ඔක්කොම control කරන්නෙ server එකෙන්,
    1790173799760.png

    server එකේ subscription settings වල ඔය ඉරක් ගහල තියෙන එක ඔන් කරාම, අපි දෙන ලින්ක් එක පවිච්චි කරන එකාට බලන්නත් බැ වෙනස් කරන්නත් බැ
     
    • Like
    Reactions: wissnshaftler

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,016
    17,079
    113
    Colombo
    මොන? config එකේද? එහෙම කරන්න එක එක ඇප් එකට encrypt කරන්න පුලුවන්, උදාහරනෙකට netmod ඇප් එකට config එකට දාලා ආයේ කොපි කරන්න පුලුවන් netmod එකට විතරක් වැඩ කරන විදියට ඒක ලොක් කරලා. මම use කරන්නෙ Happ එකේ ඔක්කොම control කරන්නෙ server එකෙන්,
    View attachment 270259
    server එකේ subscription settings වල ඔය ඉරක් ගහල තියෙන එක ඔන් කරාම, අපි දෙන ලින්ක් එක පවිච්චි කරන එකාට බලන්නත් බැ වෙනස් කරන්නත් බැ
    3X-UI use krnne.
    ohoma feture ekk nane.
     

    Podda97

    Junior member
  • Mar 20, 2026
    51
    43
    18
    මෙ Guide එකෙ තියෙන්න තමන්ටම කියල V2Ray server එකක් හදා ගන්න විදිය. නිකන්(free) හදා ගන්න විදියක් නෙමෙ මේක, එහෙම බලාපොරොත්තු වෙන්වනම් මේක කියවලා බොරුවට කාලෙ නාස්ති කරගන්න එපා. ඉස්සරහට යන්න කලින් මම ඉල්ලන දෙයක් තමා, මේක කියවලා උබ පාවිච්චි කරන ගමන් තව කොල්ලෙක්ට පිරිවැය බෙදාගැනීමක(cost sharing) අරමුනින් විකුනුවට කමක් නැ, හැබැයි ලාභ(profit) අරමුනින් විකුනන්න එපා, එහෙම කරොත් උබටත් හෙන ගහලා මේක කියලා දුන්න මටත් හෙන ගහන්න ඕනෙ. (ඔයා මේක ඇත්තටම හදන්න බලාපොරොත්තු වෙනවනම්, මුලින්ම එක සැරයක් කියවලා, දෙවෙනි සැරේ කියවන ගමන් හදන්න)

    V2Ray කිව්ව ගමන් දන්න උන් දන්නවා අපි කතා කරන්න යන්නෙ app-specific data plans bypass කරන විදියක් ගැන කියලා. එ කියන්නෙ ඔය SLT හරි Dialog ලගේ meet/video conferencing (ZOOM) වගේ පැකේජ් දාලා නෝමල් එදිනෙදා බ්‍රව්සින්/ඩව්න්ලෝඩින් වලට පාවිච්චි කරන එක. ඒත් කවුරුත් කතා කරන්නෙ නැති දෙයක් තාමා security පැත්ත, V2Ray වලින් අපේ internet දත්ත(internet traffic) හොඳටම සංකේතනය(encrypt) කරන නිසා, ISP ලටවත් වෙන කාටවත් අපේ data බලන්න බැහැ. ඒ වගේම public wifi පාවිච්චි කරද්දී, data leak වෙන එක නවත්තගන්නත් මේකෙන් ලොකු ආරක්ෂාවක් ලැබෙනවා.

    මුලින්ම ඕනෙ දේවල්(prerequisites):
    • VPS එකක්
    • domain එකක්
    • pc එකක් (පෝන් වලින් අමාරුයි වැඩේ)
    • සාමාන්‍ය හෝ ඊට චූට්ටක් වැඩි පරිගනක දැනුමක්
    VPS (~$5/month)
    VPS එක් අනිවාරයයෙන් අවශ්‍යද? ඔව්, VPS එකක් නැතුව මෙ ලබ්බ කරන්න බැ. මම recommend කරන cloud provider තමා linode (https://www.linode.com), උන්ගෙ අඩුම VPS එක ඩොලර් 5, 1TB network traffic එකක් free ලැබෙනව, free ලිමිට් එකෙන් එහා ට ගියොත් GB එක ගානෙ චාර්ජ් වෙනව, ජීබී 1 කට ඩොලර් 0.005 ඒ කියන්නෙ 1TB එකකට ඩොලර් 5. හැබැයි VPS එකක් free ගන්න විදියකුත් තියෙනව. ඒ තමා oracle cloud එකේ දෙන always free instances.
    ඔයා linode vps එකක් ගන්නවනම් ඊලග topic එකට යන්න.
    oracle vps
    එකක් ගන්න එක ටිකක් අමාරු වැඩක්, ඔයා මුලින්ම account එකක් හදන්න credit card එකක් ඕනෙ. debit card වලිනුත් පුලුවන්, හැබැයි උන් ඩොලර් 100 (රුපියල් 33000 විතර) ගන්නව debit card verify කරන්න, උන් අනිවාරෙන් ආයෙ ඒක දානවා, හැබැයි සමහර වෙලා වට දවඩස් 1 ඉදලා 15 දකවා ගන්නව. account හදනකොට බලන්නම ඕනෙ දෙයක් තමා region එක, account region Europe දාලා උබට singapore vps හදන්න බැ, ඒ හින්දා singapore region ම දාන්න ඕනෙ. account එක හදපුවාම පහල interface එක පෙන්නනව.
    View attachment 270167View attachment 270168
    උඩ ඉරක් ගහලා පෙන්නලා තියෙන search bar එකට ගිහින් upgrade කියලා search කරාම එනවා upgrade and manage payments, එතන button එකක් තියෙන්න ඕනෙ upgrade to PAYG කියල හරි upgrade to pay as you go (මම හරි කියලා දැම්මෙ මට ඒක පෙන්නන්නෙ නැ, මොකද මගෙ account එක already upgraded), ඒක click කරලා card details එහෙම දාලා පුරවන්න ඕනෙ, ඔන්න ඔතනදි තාමා මුන් ඩොලර් 100 කපා ගන්නෙ, උන ආයෙ දෙනව බය වෙන්නෙ එපා.

    Domain (~$1/year)
    Domain එක් අනිවාරයයෙන් අවශ්‍යද? මට අනුව නම් අවශ්‍යයි, උබේ data මොකෙක් හරි ගනියි කියලා බය වෙන්න ඕනෙ නැ මේ මෙතඩ් එකෙන්. ඔය telegram group වල දෙන config වල allow insecure කියන එක enable කරලා තියෙන්නෙ, config එකේම insecure=1 කියල එවන්නෙ, මේ config එක connect වෙන්නෙ ඇත්ත server එකටද කියල බලන්න tls certificate බලන්නෙ නැ, එතකොට MITM attack වලට අහුවෙන්න පුලුවන් ඔයාලත්, එ හින්ද ඔය නිකන් දෙන config පාවිච්චි කරන්නෙ නැති තරමට හොදයි.
    දන්න එකෙක් බලයි, ඩොලර් එකට domain දෙන්නෙ කව්ද huකන්නො කියලා. ඔව් අවුරුද්දට ඩොලර් එකට ටොප් ලෙවල් ඩොමේන් ගන්න පුලුවන්. මේකයි ක්‍රමේ, එවට කියන්නෙ 1111B class domain, මේ අඩු ගාන්ට දෙන්නෙ, එ ඩොමේන් එකේ නම්බර් විතරයි තියෙන්න පුලුවන් සහ ඒක xyz tld එකෙන් හම්බ වෙන්නෙ. ගන්න ක්‍රමේ මේකයි, ඔයා cloudflare dashboard එකට ලොග් වෙන්න ඕනෙ, අර oracle වගේ නටන්න ඕනෙ නැ, google account එකෙන් කෙලින්ම ලොග් වෙන්න පුලුවන්, credit card එක ඕනෙ ඉතින් සල්ලි දීලනෙ ඩොමේන් එක ගන්නෙ. ලොග් උනා පස්සෙ මෙහෙම තමා තියෙන්නෙ:
    View attachment 270174View attachment 270175
    domain column එක expand කරාම් එනවා registrations කියලා, මම ඉරක් ගහල තියෙන්නෙ. එ page එකට ගියාම පෙන්නනව "search for a domain name" කියල, එතන තමා අපේ ඩොමේන් එක ගහන්න ඕනෙ, මේකයි කරන්න තියෙන්නෙ, ඩෝමේන් එක අර අඩු ගානට ගන්න නම්, ඩෝමේන් එකෙ තියෙන්න ඕනෙ ඉලක්කන් 6 ඉදලා 9 ක් තියෙන නම් බරයක්, උදා = 690069000, ඒකට අගට .xyz ගහලා search කරන්න. unavailable කියල ආවොත් වෙන නම්බරයක් ගහලා search කරන්න. එන එකක් buy කරන්න. ඒක ගත්තට පස්සෙ auto ම cloudflare name servers වැටිලා dashboard එකට එයි.

    SSH key එකක් හදා ගමු
    මොක්කද මේ ssh key කියන්නෙ? ඒකෙන් කරන්නෙ පාස්වර්ඩ් එකක් නැතුව ආරක්ශිතව අපේ server එකට connect වෙන්න පුලුවන් කරන එක. මේකට ඔයාට putty(https://putty.org/index.html) කියල සොෆ්ට්වෙයා එකක් ඕනෙ, google කරලා ඒක download කරලා install කර ගන්න. ඊට පස්සෙ, ඔයා windows search වල puttygen කියල search කරන්න.
    View attachment 270176View attachment 270177View attachment 270178
    ඊට පස්සෙ ඔය දෙවෙනියට තියෙන ඉමේජ් එකේ තියෙන generate button එක click කරලා, එ ඉමේජ් එකේම රවුම් කරලා තියෙන තැන උබෙ mouse cursor එක කරකවන්න, මෙකෙන් වෙන්නෙ mouse movements අනුව random ssh key දෙකක්(public, private) generate වෙන එක. ඒක ලෝඩ් වෙල ඉවර වෙනකම් ඉදපුවාම public key එක ඒ සුදු කොටුවෙ පෙන්නනවා, ඒක ඊට පස්සෙ notepad එකට කොපි කර ගන්න, එතන පහල passphrase එකකුත් දාලා එකත් කොපි කර ගන්න.
    View attachment 270179View attachment 270180
    ඊට පස්සෙ conversions tab එකේ Export OpenSSH key කියන එක click කරලා, private key එකට file name එකක් දාලා මතක තැනක save කරන්න.(මම නම් සෙව් කරේ documents වල). ඊට පස්සෙ puttygen එක close කරන්න, හැබැයි notepad එක open එකේ තියා ගන්න.

    VPS එක setup කර ගමු
    මම දැනට linode එකේ vps එකක් හදා ගන්න හැටි කියලා දෙන්නම්, oracle එකේ පොඩ්ඩක් සංකීරනයි වැඩේ සහ මම මේක ටයිප් කරනකොට වෙලාව දැන් පාන්දර 2 යි, oracle එකේ හදාගන්න විදිය මෙ post එකේම පස්සෙ දාන්නම්. ඔයා linode එකට ලොග් උනාම පේන්නෙ පහල තියෙන විදියට:
    View attachment 270182
    එතන create linode button එක click කරන්න, ඊට පස්සෙ එනව ඔයාට vps එක හදන්න. මේකෙ පිංතූර 10යි දාන්න දෙන්නෙ, මම ඉතුරු ටික කොමෙන්ට් එකක් විදියට දාන්නම්
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    493
    632
    93
    3X-UI v2.8.8
    xray version- v26.1.18
    අම්මො ටිකක් පරනයි නෙ, දැන් තියෙන්නෙ v3.8.5, update කරන්න කලින් release note එක කියවන්න, අවුල් යන්න බැරි නැ

    PS: මම දැන් බැලුව subscription වල තාම hide server settings feature එක හරියට වැඩ නැ. ඉස්සරහට implement කරයි.
     
    • Like
    Reactions: rukshrulz