කළණ ගුණසේකර කලාකරුවා විවාහ වී ඇති බව සැලවන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ගේ පුත්‍රයාගේ දියණිය සමඟයි.
මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ජනතා විමුක්ති පෙරමුණේ කුප්‍රකට තුවක්කු කරුවා වු ලයනල් රණසිංහ විසින් 1989 මාර්තු මස 8 වන දින ඝාතණය කරන ලදී.
මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර විවාහ වී සිටියේ සුප්‍රකට විජේවර්ධන පවුලේ ඩී.ඩබ්. විජේවර්ධනගේ දියණියක සමඟයි. එනම් උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජේවර්ධන ද ඩී.ඩබ්. විජේවර්ධනගේ පුත්‍රයෙකි.
ඩී.ඩබ්. විජේවර්ධනත්, රනිල් වික්‍රමසිංහ ගේ මවගේ පියා වූ ඩී.ආර්. විජේවර්ධනත් (ලේක් හවුස් නිර්මාතෘ), ජේ.ආර්. ජයවර්ධන ගේ මව වූ හෙලන් විජේවර්ධනත් එක් කුස උපන් සොහොයුරු සොහොයුරියෝය.
මේ විජේවර්ධන පවුල බණ්ඩාරනායක පවුලට අමතරව ලංකාවේ බලවත්ම ප්‍රභූ පවුල ලෙස සැලකිය හැක.
අවසාන වශයෙන් කළණ ගුණසේකර කලාකරුවාට වාසනාවත් විවාහ දිවියකට සුබ පතමි.
(copied)
Last edited:
