😲🧠 'භින්නෝන්මාද' රෝගී තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයෙකු බාහිර ලෝකය අත්විඳින ආකාරය - "Schizophrenia simulator" 😑🧠

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    පුද්ගලයෙක්ගෙ සිතන පතන ආකාරය, පෞර්ෂය සහ චර්යා රටාවන් හාත්පසින්ම වෙනස් කරන්න හැකියාවක් තියෙන වගේම පුද්ගලයෙක්ව බාහිර ලෝකයේ තියෙන යතාර්ථයෙන් සම්පූර්ණයෙන්ම පාහේ බැහැර කරවන්න පුළුවන් දරුණු ගනයේ මානසික රෝගී තත්ත්වයක් විදිහට 'භින්නෝන්මාදය' එහෙමත් නැත්නම් කියන 'Schizophrenia' කියන මානසික රෝගී තත්ත්වය හදුන්වන්න පුළුවන්. මේ තියෙන වීඩියෝ එකෙන් පෙන්වන්නෙ මේ වගේ 'භින්නෝන්මාද' රෝගී තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයෙක් එදිනෙදා ජීවිතයෙදි බාහිර ලෝකය අත්විදින්නෙ කොයි ආකාරයෙන් ද කියන එකයි. 'Schizophrenia simulator" එකක් විදිහට හදුන්වලා දෙන මේ වීඩියෝ එක නිර්මාණය කරලා තියෙන්නෙ 'භින්නෝන්මාද' රෝගයෙන් පෙළෙන පුද්ගලයෙක් විසින්මයි. මේ පුද්ගලයා තමන්ට එදිනෙදා ජීවිතේදී බාහිර ලෝකය අත් විදින්න වෙන විදිහ ගැනයි, මේ රෝග තත්ත්වයේ ස්වභාවය ගැනයි දැනුවත් කරන අරමුණෙන් තමයි මේ 'simulator" එක නිර්මාණය කරලා තියෙන්නෙ. මේ විදිහට දවසෙන් වැඩිහරියක් ම ගෙවද්දි මොන වගේ තත්ත්වෙක ඒක අත්විදින කෙනා ඉන්නව ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. 😐😑😔

    හැබැයි විශේෂ දෙයක් කියන්න ඕන. 'භින්නෝන්මාද' රෝගයෙන් පෙළෙන පුද්ගලයන් අත්විදින රෝග ලක්ෂණ රෝගියාගෙන් රෝගියට වෙනස්වෙන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් පෙන්නන්නෙ මේ වීඩියෝ එක හදපු පුද්ගලයා එදිනෙදා අත්දකින දේවලුයි. 'භින්නෝන්මාද' පෙළෙන තවත් කෙනෙක් අහන දකින දේවල් මේ වීඩියෝ එක හදපු පුද්ගලයා අත්දකින දේට වඩා හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවන්.

    මේ වීඩියෝ එකෙන් කතා කරන්නෙ 'භින්නෝන්මාද' රෝගයෙන් පෙළෙන අය අත්දකින දේවල් පුද්ගලයගෙන් පුද්ගලයට කොහොම ද වෙනස් වෙන්නෙ කියන එක. මේ වීඩියෝ එකේ කතා කරන ගෑණු ළමයත් මේ රෝගෙන් පෙළෙන කෙනෙක්. මෙයා විදින අත්දැකීමුයි අනිත් අය අත්විදින අත්දැකීම් අතරෙයි තියෙන සමාන, අසමානකම් තමයි මෙයා මේකෙන් පැහැදිලි කරන්නෙ.

    අමතර කරුණක්

    'භින්නෝන්මාද' රෝගයෙ ස්වභාවෙ ගැන හොදින් පෙන්නන "A Beautiful Mind (2001)" කියන චිත්‍රපටිය හැමෝම වගේ බලලා ඇතිනෙ. ඒ වගේම මේ 'භින්නෝන්මාද' රෝගෙන් පෙළෙන කෙනෙක් ජීවිතේ අත්විදින හැටි පෙන්නනන තවත් හුගක් හොද චිත්‍රපටි 2 ක් විදිහට "David Cronenberg" අධ්‍යක්ෂණය කරපු 'Spider (2002)' කියන ච්ත්‍රපටියයි, "Jeff Nichols" අධ්‍යක්ෂණය කරපු "Take Shelter (2011)" චිත්‍රපටියයි විශේෂෙන් සදහන් කරන්න පුළුවන්. "Ralph Fiennes" ගෙයි,"Michael Shannon" ගෙයි විශිෂ්ට රංගනේකුත් කට්ටියට මේ චිත්‍රපටි දෙකෙන් බලාගන්න පුළුවන් වේවි. බලලා නැති අය අනිවා බලන්න. Highly recommended. :yes::)

    MV5BMjcwNTM4ZDMtYjg5Ny00MmM2LTliZDAtNzYzNDQzZTJkY2U5XkEyXkFqcGc@._V1_.jpg
    spider-1200-1200-675-675-crop-000000.jpg

    MV5BNzgzODA5MTU3MF5BMl5BanBnXkFtZTcwODY4MDEwNg@@._V1_FMjpg_UX1000_.jpg
    Take-Shelter.jpg
     
    Last edited:

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,627
    6,182

    TFS👍