ප්ලාන්‍ටේෂන්, ටාස්ක්, ට්‍රේඩිං ආදී

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,234
    7,256
    113
    Back Bay-Beacon Hill, Boston
    From a FB post

    (ඉතා ම අමාරුවෙන් කේන්තිය පාලනය කරගෙන ලියන සටහනකි.. ප්ලාන්‍ටේෂන්, ටාස්ක්, ට්‍රේඩිං ආදී නානාප්‍රකාර වෙස්මුහුණු දරාගෙන, මිනිස්සුන්ගේ රීරිමාංස උරාබොන ලේ මාපිලුන් සහ ඒවාට ආ වඩන්නවුන් මෙහි කමෙන්‍ට් නොකිරීම ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයට ගුණදායක ය...)

    මා ඉතා හොඳින් දන්නා මහාචාර්යවරයෙක් අවුරුදු ගාණකට පස්සෙ ඊයෙ හවස මට හදිස්සියේ ම කතා කළා.. කෙටි සාද කතාලතාවක් අවසානයේ එතුමා මගෙන් අහන පළමු ප්‍රශ්නය ම අමුතු ප්‍රශ්නයක්:

    "පුතා මට අහවල් ක්‍රිකට් ක්‍රීඩකයාව සම්බන්ධ කරල දෙන්න පුළුවන් ද? අර කකුළුවො බිස්නස් එකක් කරන්නෙ?"

    මට ඒ ප්‍රශ්නයට කෙළින් ම "ඔව්" කියන්න පුළුවන්කම තිබුණා.. ඒත් ඒ ප්‍රශ්නෙ අමුත්ත නිසා මම එහෙම නොකියා ඒකට හේතුව ඇහුවා..

    "මේකයි පුතා සිද්ධිය.. මට දැන් මාස කීපෙකට කලින් මාර ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටියක් ආව.. අහවල් ක්‍රිකට් ක්‍රීඩකය තමා ඒකෙ ප්‍රධාන චරිතය.. එයා මුල් වෙලා තමයි කරන්නෙ.. මේක ට්‍රේඩිං ප්ලැට්ෆෝම් එකක්.. මම මුලින් දැම්මෙ ලක්ෂ 4යි.. මට සතියෙන් ලක්ෂයක් ප්‍රොෆිට් ආවා.. ඊට පස්සෙ එයාල ම කතා කරලා මට එයාලගෙ ගෝල්ඩ් පැකේජ් එක ගන්න යෝජනා කළා.. දැන් පහුගිය සති කීපයක් තිස්සෙ ලොස් විතරයි නේ පුතා.. ගණන් හදල බැලුවම වුණත් මෙහෙම එක දිගට ලොස් වෙන්න බෑනෙ... මේක ගැන මං අර ක්‍රීඩකයගෙන් අහන්න කියල මේ බැලුවෙ.."

    මෙතනින් එහාට කතාව හිතාගන්න අමාරු නෑ මං හිතන්නෙ.. ඉතා ම කෙටියෙන් කියනවා නම්, අදාළ ආචාර්යවරයා ජීවිත කාලයක් රස්සාව කරලා ඉතිරි වුණ EPF අරමුදලෙ සමස්ත මුදල හෙවත් ලක්ෂ 80කට අධික මුදලක්, අවස්ථා කීපෙකදි මේ ට්‍රේඩිං ස්කෑම් එකෙන් ඩැහැගෙන තියෙනව..

    මගෙ පළමු රාජකාරිය වුණේ, අදාළ ක්‍රීඩකයා මේකට කිසිසේත් සම්බන්ධ නැති බවත්, එය හුදෙක් ම AI ඇසුරෙන් හදපු ව්‍යාජ විඩියෝවක් බවත් පැහැදිලි කරල දෙන්න.. ඒකට මට පැයකට ආසන්න කාලයක් වියදම් කරන්න සිද්ධ වුණා.. හොඳ වෙලාවට 2025 මැයි මාසෙ සහ 2025 දෙසැම්බර් මාසෙ ආදී වශයෙන් අවස්ථා කීපෙකදී ම අදාළ ක්‍රීඩකයා තමන්ගෙ නම අවභාවිතා කරන මේ "දකුණු අප්‍රිකානු" ජාවාරම ගැන ප්‍රසිද්ධ නිවේදන කීපයක් පළ කරල තිබුණ..

    ඉන් පස්සෙ එන්නෙ මේ කතාවෙ ඛේදනීය ම ප්‍රශ්නය..

    "දැන් මට කවදාවත් ආපහු මගෙ සල්ලි ගන්න වෙන්නෙ නැද්ද පුතේ?"

    මේ ප්‍රශ්නෙට හරි උත්තර තියෙන්නෙ එකයි.. ඒ තමයි, "නෑ" කියන එක.. ඒත් මම ඒ උත්තරය දුන්නෙ නෑ.. දෙන්න හිතක් මට තිබුණෙ නෑ... ඒ නිසා ඒ වෙනුවට මම අදාළ සිද්ධිය ගැන පොලිස් පැමිණිල්ලක් දාන්න එතුමාව යොමු කෙරෙව්ව.. මගෙ මිත්‍රයෙක් හරහා නීති උපදෙස් ගන්නත් යොමු කෙරෙව්ව.. ඒත් ඉතිං ඔය සල්ලිවලින් එක සතයක් වත් එතුමට ආයෙ දකින්න වෙන්නෙ නෑ කියන එක, මේ ලියන මම වගේ ම මේක කියවන ඔබත් දන්නවා..

    මනුස්සයෙක් බඩගින්නට පාන්ගෙඩියක්, හාල් බෑග් එකක් හොරකම් කරන එක මට තේරුම් ගන්න පුළුවනි... දරුවගෙ උපන්දිනේට තෑග්ගක් දෙන්න ඕනකමට කඩේකින් බඩුවක් උස්සන එක මට තේරුම් ගන්න පුළුවනි... හොරකම නරක බව ඇත්ත වුණත්, ඒ හොරකම් පිටිපස්සෙ පවා මානුෂීය හේතු තියෙන්න පුළුවනි..

    ඒත් මේ වගේ මහාපරිමාණ වංචා පිටිපස්සෙ මානුෂීය හේතූන් නෑ.. උදාහරණයක් විදියට මම මේ කියන මහාචාර්යවරයා මේ වෙලාවෙ ඉන්නෙ ශරීරයෙ එක කකුලක් සහ එක අතක් අඩපණ වෙලා, ඇවිදගන්න බැරි ව.. එතුමා එක්ක වට්සැප් හරහා දිගට ම සංවාද කරපු අර හොර ජාවාරමේ නියෝජිතයාත් ඒ බව දන්නව.. මොකද එතුමා ඒක ඔහුට (හෝ ඇයට) කියලත් තියෙනව... තමන් මේ කඩාගන්න හදන්නෙ ජීවිත කාලයක් තිස්සෙ සරසවි ශිෂ්‍යශිෂ්‍යාවන්ට උගන්නලා අද වෙද්දි ගෙදරින් එළියට අඩියක් තියාගන්න බැරි වයස 70-80ක මනුස්සයෙකුගෙන් බව දැන දැන ම, දිගින් දිගට ම ඒ මනුස්සයාව අන්දවමින්, ඒ මනුස්සයව චේතනාන්විත ව සූරාකන මට්ටමේ අමානුෂික තුච්ඡ මනුස්සයෙක් ගැන මට පොඩි හෝ සහකම්පනයක්, අනුකම්පාවක් ඇති කරගන්න බෑ..

    මේ සතිඅන්තය වෙද්දි අදාළ මහාචාර්යවරයා පොලිස් පැමිණිල්ල කරාවි.. බොහෝ විට පොලිසියෙ ම ඉන්න එතුමාගෙ ම ගෝලයෙක් එතුමාගෙ නම දැකල අඳුනගෙන මේ පැමිණිල්ල බලාවි.. ඒ කොයි හැටි වෙතත් සතියක්, උපරිම දෙකක් තුළ, අර මනුස්සයා තමන්ගෙ ජීවිතේ මානසික ව වැටෙන්න පුළුවන් පහළ ම තැනට කඩාගෙන වැටේවි.. අපි කාටවත් ඒක නවත්වන්නත් බෑ, ඉන් එහාට මොනවා වේවි දැයි අපට හිතන්නත් බෑ...

    එක දෙයක් කියන්න ඕන.. මේ විදියට "Easy Investments" මුවාවෙන් මෙවැනි පාදඩ ආකාරයේ මුදල් වංචා කරන්නවුන්ට කිසිදු ආකාරයක කිසිදු සමාවක් නොලැබිය යුතුයි... එපමණයි..

    (සම්පූර්ණයෙන් ම සත්‍ය සිද්ධියකි... අදාළ පුද්ගලයා පෞද්ගලික ව හඳුනාගත හැකි ලක්ෂණ කීපයක් වෙනස් කර ඇත.. කරුණාකර අදාළ ආචාර්යවරයා හෝ වරිය කවුදැයි ඇසීමෙන් හෝ කමෙන්ටුවල අනුමාන කිරීමෙන් වළකින්න.. ඔබ හඹා යා යුත්තේ අදාළ ආචාර්යවරයා නොව මේ කියන කාලකන්නි ඉන්වෙස්ට්මන්ට් ගුබ්බෑයම ය.. ඒ කුමක් දැයි හඳුනාගැනීමට අවශ්‍ය අයෙකුට, ඒ සඳහා ඉඟි එකක් නොව තුනක් ම මේ සටහනේ ඇත.. මේ සේයාරුව ද එවැනි එක ඉඟියකි..)
    FB-IMG-1790280467304.jpg
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,166
    9,593
    113
    Iskole subjects walata aurudu keepekata hari me pyramid scheme gena...hema lamayektama uganwanna one..nathuwa hari yanne ne..
     
    • Like
    Reactions: ewijesekara

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,594
    78,028

    මචන් දැන් අවුරුදු කීපයක ඉඳන් පිරමිඩ් එක එක බිස්නස් විදියට එනවා. මුලින්ම ආවෙ මොනාහරි වැඩකට නැති බඩු ටිකක් හරි පැකේජ් ටිකක් හරි විකුනනවා කියලා. ඊටපාසෙ ආව ක්‍රිප්ටො වටේ හදපු පිරමිඩ්. mtfe එකෙන් ඒ බිස්නස් ඔක්කොම හේදිලා ගියාට පස්සෙ ඔන්න එනවා වගාව වටේ හදපු පිරමිඩ්.

    මිනිස්සු දැනගන්න ඕන දේ තමා වෙන උන්ට උන්ව බේරන්න බෑ හැමතිස්සෙම. උන් දැනගන්න ඕනා උන්ගෙ සල්ලි ආරක්ශා කරන්න. වැඩිපුර දෙනවා කියලා දැක්ක ගමන් පෙරේතයෝ වගේ තියෙන ඉඩමුත් විකුනලා සල්ලි දාල ඇරගත්තට පස්සෙ හෑලි ලියලා වැඩක් නෑනෙ බන්.

    නිකන් ඉඳලා සල්ලි හම්බකරන්න පුලුවන් කියලා එකක් නෑ. මිනිස්සු ඒක ඔලුවෙ තියාගත්තානම් ඔය ගොඩක් ප්‍රශ්න මගෑරගන්න පුලුවන්.
     
    • Like
    Reactions: ewijesekara